(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි ශාස්ත්‍රකියන දේවාලයකදී එහි කපුවාගේ අත්ඔරලෝසුව සොරාගෙන ගොස් තිබූ සිද්ධියක් අසන්නට ලැබිණි.

සිද්ධිය මෙසේය.
එය නිතර ජනයාගෙන් පිරි දේවාලයකි. වෙනදා මෙන් එදින ද ශාස්ත්‍ර බැලීම ඇතුළු පුද පූජා පැවැත්වීම සඳහා පැමිණි අයගෙන් දේවාල බිම පිරී තිබී ඇත. පැමිණි පිළිවෙළට පිරිස තම තමන්ගේ අවශ්‍යතා කපු මහතුන්ට කියමින් සිටියහ.
තව දේවාලයක පිරිසක් නැති වූ දේ සොයා දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරන්නට වූහ. දහවල් වනතෙක් පැවැති දේවාල කටයුතු අවසන් කළ කපු මහතුන් මදකට විවේක ගැනීම සඳහා සූදානම් වී ඇත. ඒ නිසා පැමිණි අයත් ඊළඟ වාරය එනතෙක් දේවාල බිමේ කොටසකට වී සිට ඇත.
ඒ අතරේ කපුවකු පිරිසට කතා කරමින් “බලන්න මෙතන මගේ ගලවල තියපු අත් ඔරලෝසුව අරන් ගිහින්නේ” මටත් මේක තෑග්ගකට ලැබුණු එකක්. ඒ නිසා මට වටිනවා. ගත්ත කෙනෙක් මෙතනින්ම තියන්න යැයි කියා ඇත.
පසුව එහි සිටි කාන්තාවක් “බලන්න මේ මිනිස්සු කරන කැත වැඩ. මේක ගන්නවා දෙයියන්ටවත් පෙනුණේ නැද්ද? කපු මහත්තයෝ බලන්න සීසීටීවී එකෙන් හොරා අල්ලගන්න පුළුවන්” යැයි කියා ඇත.
මෙතන කලිනුත් ඔය වගේ හොරකම් වුණා. ගැට කපන්නන්ගෙන් පරිස්සම් වෙන්න කියලා බෝඞ් එකකුත් ගහලා තියනවා නේද? යැයි කියා ඇත.
කෙසේ වෙතත් හවස්වෙන තුරුම ඔරලෝසුව තිබූ තැනට ගෙනැවිත් තිබුණේ නැතිලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති වූ දේ සොයා දෙන දෙවියන්ට ඕකත් මහ කජ්ජක්ද?
කපුවාගේ ගෝලයෙක් තමා ඔරලෝසුව හොරකම් කරන්න ඇත්තේ. කන්නලවුවෙන් පසු ආපසු ලැබෙයි . රැස්වී සිටින සියලු දෙනාම සාදුකාරයක් දෙන්න
පුදුමය එ්ක නෙවෙයි, අපේ මිනිස්සුන්ට ඇස් තිබිලත් නොපෙනෙන එක තමයි ලංකාවේ හේනේ.. මේ නැති වුණු ඔරලෝසුව හොයාගන්න කැපුවට බැරිනම් අනිත් අයගේ ඉදිරිය ගැන කියන්නේ කොහොමද? ඔතන උන්නු කිසිකෙනෙකුට කොඳු නාරටියක් තිබිලා නැහැ. කපුවාගෙන් අහන්න.. ඉතින් කොහෙද සිරිලංකාව දියුණු කරන්නේ? කවදා අපේ හරක්ට ඇස් අැරෙයිද දෙවියනේ.?
මෙහිදී ජනතාව රැවටෙන අවස්ථාවන් ගැන කෙටියෙන් යමක් පැවසීම වටී. මෙම ශාස්ත්‍ර කියන තැන්වල සුළු බූත බලවේගයන් ඇත. සමහර දෙනා රැවටෙන්නේ ඒ ගැන වැඩිදුර නොසිතීමෙනි. දිනක් ප්‍රසිද්ධ මෙවැනි තැනකට මා ගියේ කිසිවෙකුටත් නොදැනෙන පරිදි කාසියක් මේසේ රෙද්ද යටින් තබායි. මා එතනට ගියවිට එය එසේම පැවසීමෙන් මා මවිත වූයෙමි. පවුලේ ගණන, රැකියා විස්තර ආදී සියල්ලම හරියටම කියැවුනි. ඊළඟට කියැවුනේ අල්ලපු ගෙදරින් කොඩිවිනයක් කර තිබෙන බව හා එය කැපීමට කලයුතු දේත්ය. සෑමතැනම බූතයන් සිටිනා බව බුද්ධ වචනයයි. අප නිවසේ සිටි බූතයෙකු මේ සියල්ල එතන සිටින පේන කියන භුතයාට පැවසීම නිසා මෙය සිදුවිණි. කොඩිවින කතාවෙන් සිදුකරනුයේ තම නෑයාට ගනුදෙනුවක් සොයාදීම මිස වෙනකක් නොවේ. බොහෝ තැන්වල මිනිසුන් රැවටෙනුයේ මේ ආකාරයටය. මේවා දෙවියන්ගේ වැඩ නොවේ. ඒ නිසා මේ දෙස සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුය. බෝධි පුජා, දේව පූජාවලින් සෙත සලසන සිල්වතුන්ද ඇත. ඒ කවුරුන්දැයි හරිහැටි විමසා අවබෝධ කරගත යුතුය. හොරුන්ට නොරැවටෙන්න.