(කලවාන:- උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)
තම බිරිය විසින් වැල්පෙනෙල ගෙනෙන්නට කියූ විට කරවිල කොළ රැගෙන ගොස් බිරියගෙන් බැණුම් ඇසූ පුවතක් මොරපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු දිනපතා මත්පැන් පානය කරන පුද්ගලයෙකි. මොහුගේ මත්පැන් පානය නිසා ගෙදර බොහෝ අගහිඟකම් පැවතුනි. බිරිය විසින් එදා වේල සොයා ගැනීම සඳහා කොළ කැඳ ව්‍යාපාරයක් පටන් ගෙන තිබේ. දිනපතා විවිධ වාර්ගවල කොළ කැඳ සාදන අතර, මෙදින ඇයට වැල්පෙනෙල කැඳ ඕඩරයක් ලැබී ඇත. ඇය දිනය පුරා වැල්පෙනෙල සෙව්වත් හමුවී නොමැත. පසුව සැමියා ඉදිරිපත්ව තමා වැල්පෙනෙල දන්නා තැනක් තිබෙන බවත් මුදල් දුන් විට ගෙන ආ හැකි බවත් බිරියට පවසා ඇත.
අවිශ්වාසයෙන් වුවද මොහු ගැන විශ්වාසය තැබූ බිරිය මොහුට මුදල් දී ඇත. විගසට මත්පැනින් සූර්වූ ඔහු අසල තිබූ කොටුවට පැන කරවිල වැල් උදුරා පෝර උරයකට දමාගෙන ගොස් වහලය මතට හලා ඇත්තේ නැවුම් බවක් ලබා ගැනීමටය.
උදෑසන අවදි වූ බිරිය කැඳ සෑදීමට සිතා කොළ ගැනීමට ගොස් බැලීමේදී කරවිල වැල් දැක යකා ආරූඪ වී ඇත. අද දිනයේ කැඳ ඕඩරයෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුවන බව දැනගත් ඇය තමන් අසන බැණුම් පරිද්දෙන්ම සැමියාට බැණ වැදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුෂාරි කැඳ කඩයක්ද කරන්නේ. දිලිප් නිකම් ඉන්දිදීත් ඉන්නේ කැඳ බීල වගේ නිසා ගෙදර උන්දෑ එතරම් තැකීමක් නැතුව ඇති. අනික ඉතින් බුදුසරණ පත්තරයක් බලල කොත්තමල්ලි ටිකක් බීල ඉන්න ඕන කාලේ වැල් පෙනෙල කැඳ බීල වැඩක් තියනවද ? (නදී)
මදැයි ......දිලිප්ට පව් කියලා කොළ කැඳ කෝප්පයක් දෙන්න හිතලා අහගත්ත දේවල්. එ්කනේ කියන්නේ හවුලේ කැඳත් එපා කියලා. මහින්ද,කැඳ කඩයක් කරන්න ඕනෑය අහල පහල අසරනයෙකුට කැඳ ටිකක් දෙන්න. ඒවා කොහොම උනත් දිලිප් අාවේ නැහැනේ මාව බේරා ගන්න. (නදී)
මත්පැන් වලින් ජීවිතය විනාශ වෙනවා. ඒ මදිවට විකෘතියෙන් වැඩ කරනවා. මේ සිද්දිය පොඩි වුනාට ජීවිත ගණනක විනාසයක් වෙන්න තිබුනා. ඔහු විස සහිත කොළ වර්ගයක් ගෙනත් තිබුනොත් සිහිබුද්දිය ඇතිව වැඩ කලොත් අපේ මේ රට ගොඩක් දියුනුවෙයි (නදී)
අනේ රූපවතියෝ, මෙච්චරට වයසට ගිහිනුත් මොකද මේ ? (නදී)
ඒකට මගේ උන්දෑ? පෙනෙල කොළ ගෙනල්ලා දුන්නත් කැඳ හදලා දෙන්නෙ නැහැ (නි)
අපේ නෝනා නම් එහෙම නැහැ (නි)
කතාවක් තියනවා නේද මිනිහාගේ පඩියයි ගැහැණියගේ වයසයි අහන්න එපා කියලා.ගැහැණු කවදාද ඇත්ත වයස කිවුවේ රූපවතියෝ....? (නි)
තුෂාරි අනේ මටත් ආසයි ඔයාගෙ අතින් හදන වැල්පෙනෙල කැද බොන්න. (නදී)
අවරුදු 37ත් වයසක්යෑ පිටබැද්දර ජයා අයියේ ඔන්න මේ සුප් කෝප්පෙත් බීලා දාපන්..? (බ)
තුෂාරි, අනේ මටත් ආසයි ඔයාගෙ අතින් හදන කැඳ බොන්න. (නි)
කාලින සැමියෙක්.තමාගේ සහ බිරිදගේ අවශ්‍ය තත්ත්වයන් දෙකම ඉතාමත් නිවැරදිව කර තිබෙනවා.මෙතැනදී බිරිදගේ නොහැකියාව තමයි පෙන්නේ.(ම)
වසර ගණනාවකට පෙර ලංකාවේ මා සේවය කළ ආයතනයේ මිතුරෙකුට නිතර හැදෙන සෙම අමාරුවට "කෙම් ප්‍රතිකාරයක් " ලෙස 'කතා නොකර' සස්සඳ මුලක් කන්න කියා වැඩිහිටි සේවකයෙක් උපදෙස් දුන්නා . මිතුරා සස්සඳ අඳුරන්නේ නැති නිසා මම ඔහුත් සමග සස්සඳ වැලක් ඇතැයි කියූ තැනකට ගොස් සොයා බැලූ මුත් සස්සඳ එතන නොතිබූ බැවින් මම ඔහුට 'පෝටා ' වැලක් පෙන්නුවා. ඉතුරු හරිය කියන්න ඕනෑ නැහැනේ . (ම)
මදැයි,... දිලිප්ට කැඳ කෝප්පයක් දෙන්න ගිහිල්ලා අහගත්ත දේවල්. එ්කනේ කියන්නේ හවුලේ කැඳත් එපා කියලා. (නදී)
ගොඩ කලකින් ලස්සන සන්වාදයක් යනවා සතුටු වැඩි කමට ලියන්න හිතුනේ (නදී)
කොත්තමල්ලි වාගේම අපේ රටේ වැවෙන කරපිංචා කොළ කැඳ කෙතරම් රසවත්ද?කොතරම් ගුණද?අධික කොලොස්ටරෝල්,අධික රුදිර පීඩනයට මහඟ බෙහෙතකි.පිට රටක ජීවත් වුණත් අපි නම් මෙවැනි කොළ කැඳ ඉඳලා හිටලා හරි හදාගෙන බොනවා. (අ)
ජොනි,මට පෙනෙන හැටියට නම් බිරිඳගේ නොවෙයි සැමියාගේ නොහැකියාව. මිනිහා මත්පැනට ඇබ්බැහි වූ නිසාත්,නිවසට ආදායම් මාර්ගයක් නොමැති නිසාත්, දිවිපෙවත රැකගන්න , එදාවේල සොයාගන්න බිරිඳ කරන්නට යෙදුන පිරිසිදු ව්‍යාපාරය කඩාකප්පල් කරපු පාපතර බේබද්දෙක් (නි)
දිලිප්, මටත් ඔය සන්තාසියමයි අපේ ගෙදර උන්දැ අසාවට "සව් කන්ජී" ටිකක් හදලා දෙන්නේ නැහැ. වැඩිය පැණි රස හොඳ නැහැල්ලු. අපේ සීයා හොඳ වැඩ කාරයෙක්. එයාගෙන් අහගෙන මම අපේ එක්කෙනාට කුද ගහගන්න කියලා සව් කැඳ ටික මමම හදා ගන්නවා. (නදී) .
කවුද මේ රූපවතී? (නි)
අනේ ඉතින් සැමියට පොඩ්ඩක් වරදින්න ඇති (නි)
අයියෝ තුෂාරි! (නි)
වැල් පෙනෙල කැඳ බීවම ලැබෙන වාසිය මොකක්ද කියල ඕනෑම කෙනෙක් දන්නවා. කරවිල කොළ කැඳ රුධිරගත දියවැඩියාවට හොඳයි. (බ)
කොහොඹ හොඳදේට වෙදවරු ගනින්නා. කරවිල අමපලක් ලෙස ගෙන උයන්නා. අන්දෙරේගේ කවි මතක්වෙනවා. (නි)
කාලෙකින් ආවේ. කට්ටියගේ කතා දැකලා යන්න හිතකුත් නැහැ. "පහන්" මොකද නැත්තේ. (නි)
මට පෙනෙන හැටියට අපේ තුෂාරිට වැඩියෙන් වැල්පෙනෙල කැඳ පෙවිලා වගෙයි (නි)
රූපවතී,අනේ වාසනාවන්!! .... (නි)
නන්දන,ඔයාට වැල් පෙනෙල කැඳ දෙන එක නම් එතරම් ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි කැඳ හදන්න වැඩියෙන්ම උනන්දු උනේ නම් අපේ ආච්චී අම්මයි. මොකද අපේ සීයට උදේ පාන්දරිම නැගිටලා ආච්චි කැඳ හදනවා. මාත් ඉතින් පව් කියලා උදව් කරනවා. අනේ නන්දනට වල්පෙනෙල කැඳ දුන්නා කියලා වෙන කව්රුත් නම් ඉල්ලන එපා හොඳේ. අහු උනොත් මට ආච්චිගෙන් කනේ පාරක් තමයි කන්න වෙන්නේ. (නදී)
අනේ ..අනේ..! තුෂාරි බළලත් එක්කම මල්ල කැඳ හැළියට වැටිලා නේද? (නි)
අනේ සමන්ත, මොනවටද කැළේ දුවන්නේ වැල්පෙනෙල හොයන්න? මම නම් ලේසියට වැල්පෙනල ටැබ්ලට් එක ගන්නයි කියන්නේ. ළිපගිනි මොළවන්න ඕනෑත් නැහැ. කාලයත් ඉතිරියි. (නි)
රුපවති අක්කා තුශාරිට අනම් මනම් කිව්වාට බලන්න තිබුනා ලංකාවේ හිටියා නම් වැල් පෙනෙල් ගාලවල් සොයමින් හතර වටේ දුවන හැටි. (නදී)
රූපවතිව වැල්පෙනෙල මතක් කරලා අවුස්සා ගත්තා නම් දැන් කට්ටිය කැඳ හදලා දෙන එකයි ඇත්තේ. (නි)
වැල්පෙනෙල ගිතෙලින් මලවා කෑමත්, කැඳ සාදා බීමත් අතර ලොකු වෙනසක් තියෙනවා. දෙක පටලවා ගන්න එපා. (නදී)
ඇයි ටී සුනිල් ..?ඔයාගේ නෝනා ඔයාට වයස අඩුවෙන් කියලද එක්කන් ගියේ කච්චේරියට යන්න කලින්..? මොනවටද බොරුවට අඩු වයස කියන්නේ..?(අ)
මදැයි,.....දිලිප්ට පව් කියලා වල්පෙනෙල කොළ කෝප්පයක් දෙන්න ගිහිල්ලා අහගත්ත දේවල්.... ඒකනේ කියන්නේ හවුලේ කැඳත් එපා කියලා. රුපවතී,මම ඕවා හැදුවාට අනිත් අයට දෙනවා මිසක් මම බොන්නේ නැහැ. (නදී)
පව් දිලීප්. ළඟ පාතක හිටියානම් මම හදන පෙනෙල කොළ කැඳ වලින් ටිකක් දෙන්න තිබුනා. (නදී)
තනිකඩව ඉන්න අපිට මොන වැල්පෙනෙල කොළ කැඳද? ඕවා බොන්නේ ඇවිදින්නවත් බැරුව ඉන්න ලෙඩ්ඩු නේ. රෑට ඉතුරුවෙන හීල් බත් ටිකට වතුර දාලා උදේ පාන්දරින්ම අම්මා හදලා දෙන දිය බත් කෝප්පය ඔයිට වැඩිය හොඳා අපට. (නදී)
හෙඩ්ලයින් එක දැක්ක ගමන් මට හිතුනේ 20 000 ගන්න වයිෆ් මහත්තයට වැල්පෙනෙල කැඳවත් පොවලා ? (නදී)
වැල් පෙනෙල සාකා .. ගිතෙලින් මලවලා කා ..ගැහැණු නොපතපු එකා .... ගැහැණු දාහක් පතයි එ්කා ....... කියලයි පුරාන ඉරිසින්නාන්සේලා කියල තියෙන්නේ , එ්ත් මෝඩකමට බෙහෙත් නැති නිසා මේ මෝඩ මිනිහ සල්ලි දීල බීල තියෙන්නේ වස , මදිවට නෝනවත් ගොනාට අන්දවන්න ලෑස්ති වෙලා . අම්මප මේ වගේ මිනිස්සු නිසා පිරිමින්ගේ පිරිම් කමත් ගහල යනවා (බ)
කොත්තමල්ලි ලාබ නිසා ඔසුපැන් වලින් රට පොහොසත් (බ)
මහින්ද අර ඔයා ඇත්ත කතාව කිව්වේ ඔයාගේ අදහසත් එක්කයි (නදී)
ඔන්න..... කට්ටිය තුෂාරිගේ කැඳ හැලියට අත තියලා මං නරක මිනිහා කියලා එහෙම කියන්න එපා.සොරි,තුෂාරි හදිසි වැඩ වගයක් තිබුනා එකයි පමා වුනේ. (බ)
පිටබැද්දර ජයා,ඔය රූපවතී කියන වැල්පෙනෙල ටැබ්ලට් එක හදන්නෙම රූපවතී වාගේ වයසට ගිය අයට කියා ඔබ දන්නේ නැද්ද?ඔය කරවිල කොළ ගෙනල්ලා බැනුම් අහපු මිනිහා මීට පස්සේ බිරිඳ දෙන සල්ලි වලින් ඔය රූපවතී කියපු පෙත්ත හොයාගෙන යයිද දන්නේ නැහැ. (නි)
කොත්තමල්ලි තම්බල දිනපතා බොනවනම් වකුගඩු පවිත්‍ර වෙනවා. නිරෝගීව සිටීමට පුළුවන් බෙහෙතක් තමයි කොත්තමල්ලි.(ම)
තුෂාරි, දිලිප්ගේ නෝනා එයාට පෙනෙල කොළ නොදෙන හේතුවක් ඇති (නදී)