IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොන්දොස්තර මගියාට ලජ්ජාව උගන්වලා

(මනෝජ් හර්ෂක)
අංක 101 බස් මාර්ගයේ කොටුව සිට මොරටුව බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකි. සතියේ දිනයක් හේතුවෙන් එම බස් රථයේ මගීන්ගෙන් නම් අඩුවක් නොවීය. කොටුව දුම්රිය ස්ථානයේ සිට මගියෙක් දුවවිත් බස් රථයට ගොඩවුණේ ඉක්මනින්ම තම කාර්යාලයට යාමේ අරමුණෙනි.


ඉතාමත් අපහසුවෙන් බස් රථය තුළට නැග ඇතුළට රිංගා ගත් මගියාවෙත පැමිණි බසයේ කොන්දොස්තරවරයා ටිකට්පතක් ලබා ගන්නා ලෙස කීවේය. කොළඹ කොටුවේ සිට කොල්ලුපිටියට ටිකට් පතක් ලබා දෙන්න යැයි ඉල්ලමින් රුපියල් 12.00 ක මුදලක් කොන්දොස්තරවරයා අත තැබුවේ නියමිත රුපියල් 13.00 ක ගාස්තුව දීමට රුපියලක් නොවූ නිසාය.


රුපියලක් අඩු බව දැන ගත් කොන්දොස්තරවරයා ඉතා ආවේගශීලීව මගියාගෙන් රුපියලක් ලබා දෙන්නැයි කීවේය. මගියාට දීමට රුපියලක මුදලක් නොවූ හෙයින් ඔහු රුපියල් දෙකක මුදලක් ලබා දුන්නේ ආපසු ඉතිරි රුපියල තමාට ලබාදේවි යැයි සිතාය.


නියමිත බස් නැවතුමෙන් මගියා බැස යාමට සැරසෙන විට ඉතිරි රුපියල පිළිබඳව මගියා කොන්දොස්තරවරයාට උස් හඬින් සිහිපත් කළේය. එවිට ඔහු කියා සිටියේ ඉතිරි රුපියලක් ඉල්ලන්න ලැජ්ජා නැද්ද මහත්තයෝ යනුවෙනි.


මෙය බස් ගාස්තු සංශෝධන වීමට පෙර සිදුවූවකි.

 



අදහස් (1)

කොන්දොස්තර මගියාට ලජ්ජාව උගන්වලා

Bamunuarachchi Sunday, 03 June 2018 08:07 AM

හැබැයි 174 මාර්ගයේ ඉන්න කොන්දොස්තරවරු ඔහොම කරන්නේ වත් කියන්නේ වත් නැත. රුපියලකට ඔවුන් බාල්දු වන්නේ වත් අපිව බාල්දු කරන්නේ නැතිබවත් කිවයුතුය

:       157       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site