පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවයට අයත් බසය පසුගියදා මරදාන බස් නැවතුම්පොළේ නැවැත්වීය. ”පුංචි බොරැල්ල, බොරැල්ල, නාරාහේන්පිට, කොන්දොස්තර යටිගිරියෙන් කෑ ගැසීය.” බසයට ගොඩවීමට පැමිණි මඟීන්ට, ”සල්ලි දීලා නඟින්න යැයි ඔහු පැවැසුවේ ආඥාදායකුගේ විලාශයෙනි.”
පිටුපස දොර අසළ රැඳී සිටි කොන්දොස්තර මුදල් රැගෙන සෑම මඟියකුටම ටිකට්පතක් නිකුත් කළේය. බසය පිටත්වන විට පැමිණි හෙතෙම ඉදිරිපස දොරින් ගොඩවූ මඟීන්ගෙන්ද මුදල් අය කරගෙන ටිකට් පතක් නිකුත් කිරීමට තරම් කාරුණික විය. බසය බොරැල්ලට ළඟාවී නැවත ධාවනය ආරම්භ වූ අවස්ථාවේදී ”කට්ටිය ඔක්කොම ටිකට් ළඟ තියාගන්න” දැන් ටිකට් චෙක් කරන්නැයි හදන්නේ යනුවෙන් බසය තුළින් හඬක් ඇසිණි. ටිකට් පරීක්ෂකවරුන් පැමිණ ඇතැයි සිතූ මඟීහු තම ටිකට්පත් අතට ගත්හ. ටිකට් පත් පරීක්ෂා කරමින් පැමිණෙන බසයේ කොන්දොස්තර දුටු ඔවුහු මවිතයට පත්වූහ. ”කෝ අම්මේ ටිකට් එක” කොන්දොස්තර වැඩිහිටි කාන්තාවකගෙන් විමසීය. ඇය ටිකට් පත පෙන්වන ලද අතර පාසල් ළමයකු වෙත පැමිණි හෙතෙම ඔහුගේ ටිකට් පතද පරීක්ෂා කර බැලීය. කොන්දොස්තර තමාට සැක හිතෙන අයවලූන්ගේ පමණක් ප‍්‍රවේශපත‍්‍ර පරීක්ෂා කිරීමට පටන් ගත්තේ ටිකට් පරීක්ෂකයකු ටිකට් පරීක්ෂා කරන පරිද්දෙනි. ”මෙයා නම් මං හිතන්නේ ගිය ආත්මේ ටිකට් චෙකර් කෙනෙක් වෙන්නැති” රියදුරා ඔහු අසල රැඳී සිටි මගියකුට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට උපාලි මේ මිනිහව දේශීය ආදායම් එකට නොගත්තේ. නැත්නම් මිනිහ හිරේ. රුපියල් කොටි ගානක් අතුරුදහන් වෙලා කියාල.(නදී)
එකත් එකටම බස් එකේ හිමිකරු එයා වෙන්න ඇති කියලා මට හිතෙනවා (නි)
බුදු බව අත් වෙනවා මේ කොන්දොස්තරට (නි)
වැඩියෙන්ම ඉන්නේ ටිකට් නොදී සල්ලි අරන් යටි මඩි ගහන අයනේ.(නදී)
හොද පුතෙක්. තමන්ගේ රාජකාරිය හරියට කරලා. සමහරවිට කාට හරි ටිකට් දෙන්න අමතක වුනා නම් වරද ඔහුටම පවරන්න බැරිකමක් නැහැ. පුතේ සුබ අනාගතයක්! (නි)
බස් හිමිකරු බස් එකේ සියලු වගකීම් පවරන්නේ කොන්දොස්තරට නේ? ඒනිසා හවසට ලොක්කට අදායම් පෙන්නන්න ඕනා කොන්දොස්තර මිසක් රියදුරු නෙවෙයි. දවසෙම බස් එක රියදුරු පැදෙව්වත් රියදුරුව මෙහෙයවන්නෙත් කොන්දොස්තරම තමා. නැත්තම් ඩ්‍රය්වර් ගේ ජොබ් එක ගහල යවන්නත් කොන්දොස්තරට පුළුවන්.(නදී)
ටිකට් දුන්න නම් ඒක බලන්න ඒයාට අයිතියක් තියනවා, ගොඩක් වෙලාවට වෙන්නේ ඕකේ අනිත් පැත්ත, ටිකටුත් නෑ ඉතුරුත් නෑ.(නදී)
ඔහු නිවැරදියි මම හිතන්නේ. තමන්ගෙ රාජකාරිය අකුරටම කරලා (නි)
නියම මහත්මයෙක්. (නි)
තම රාජකාරිය හරියට කරන කෙනක්. ඇත්තටම පෞද්ගලික බස්වල හොරෙන් යන්න බැහැ. සීයක් නැග්ගත් සල්ලි ගන්නවා. ඒකට ලංගම බස්වල කෝචිචියේ වැඩි හරිය හොරෙන් යන්නේ. ඉතින් කෝමද ලාබ ලබන්නේ.(නදී)
රැකියාවට ගරු කරන මහත්මෙයක්.(නදී)
අනේ මම දන්නේ නැහැ මේක හරිද වැරදිද කියන්න. කොටසක් හොරෙන් යනවා කොටසක් සල්ලි දීලා යනවා. පෞද්ගලික බස් කාරයන්ට අවශ්‍ය සේවයට වඩා තමන්ගේ මුදල් වැඩියෙන් හම්බ කර ගන්න. කොහොම වුනත් මේ කොන්දොස්තරලට ආචාර ධර්ම ගැන නම් හැගිමක් ඉගෙනීමක් නැහැ කොහෙත්ම (නි)
හැමෝම ගත්තේ කොල්ලගේ පැත්ත. රියදුරා පවු නේද? (නි)
සැබෑ දක්ෂයෙක්. සුබ අනාගතයක් තියේවි.(නදී)
බස් එක මගේ නම් මම මිනිහව මැනේජර් කරනවා. මම ඊට වැඩිය ලොකු තැනක හිටියා නම් මෙයාව දේශීය ආදායම් එකේ ලොකු ලොක්කෙක් හැටියට පත් කරනවා. (නි)
බස් එකට නැග්ගම ඉතුරු සල්ලිවත් හරියට නොදෙන රටේ මෙවන් මහත්තුරු තව බිහිවේවා!(නදී)
ඇත්තටම ඔහු දක්ෂ කෙනක්. (නි)
බස් එකකට නැග්ගම ඉතුරු සල්ලි වත් හරියට නොදෙන අපේ රටේ මෙවන් මහත්මයන් තව බිහිවේවා .(නදී)
මොලේ තියන කොල්ලෙක් දිගටම කරගෙන යමු හොරෙන් යන මගීන් ට හොද වැඩේ.(නදී)
ප්‍රස්නයක් නැහැ. කොල්ලා දක්ෂයා (නි)
ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ පුදුම මිනිස්සු . මුදලට ටිකට් පත නිකුත් නොකළත් වැරදියි. නිකුත් කළත් වැරදියි. හොද කොන්දොස්තර වරයෙක්. ඔහොම යමු. ඔබට ජය ! (නි)