රජයේ රෝහල්වල පස්වරු හය දක්වා රෝගීන් පරීක්‍ෂා කරනු ලබන අතර දිනක් රෝගියෙක් තම කොන්දේ අමාරුවට ප‍්‍රතිකාර ගැනීම සඳහා සතියේ දිනක සවස පහයි තිහට පමණ රෝහලට ගියේය.
නම හා වයස පවසා තුණ්ඩුවක් ලබාගත් ඔහු රෝගීන් පරීක්‍ෂා කරන ස්ථානයට ගියවිට රෝගීන් කිසිවකුත් දක්නට නොලැබුණි. සාත්තු සේවිකාවක් රෝගියාට වෛද්‍යවරුන් සිටිනා කාමරය පෙන්නුවාය. කාමරය තුළට පිවිසි රෝගියාට මේස දෙකක වාඩිවි සිටි වෛද්‍යවරියන් දෙදෙනකු අල්ලාප සල්ලාපයේ යේදී සිටිනු දක්නට ලැබුණි.
වෙනත් රෝගීන් නොමැති නිසා තම අසනීපයත් බාධාවකින් තොරව පැවසිය හැකි යැයි සිතමින් රෝගියා සතුටට පත්විය. වෛද්‍යවරියක් වාඩිවෙන්න යැයි අතින් සංඥා කළවිට ඔහු වාඩි වු අතර මොකක්ද අමාරුව වෛද්‍යවරිය ඇසුවාය. නෝනා මගේ කොන්ද කකියනවා යැයි පැවසු රෝගියා තම කොන්ද පෙන්නුවත් වෛද්‍යවරිය බෙහෙත් ලියා අවසන්කර තිබුණි. තුවාලෙටත් බෙහෙත් දාගන්න වෛද්‍යවරිය පැවසුවාය. මොන තුවාලෙටද? රෝගියා විමතියෙන් ඇසූ අතර ඔය අතේ තියෙන්නේ වෛද්‍ය වරිය කුඩා ප්ලාස්ටරයකින් ආවරණය කරන ලද රෝගියාගේ දකුණුත පෙන්නුවාය.
ඒක සනීප වෙච්ච එකක් යැයි පැවසූ රෝගියා බෙහෙත් තුණ්ඩුවද රැගෙන කාමරයෙන් පිටතට පැමිණියේ කලකිරුණු සිතකිනි. කොළඹට නුදුරු රෝහලකින් මෙය අසන්නට ලැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලඟදි අරාබියේ මුස්ලිම් මිනිස්සු කාගේද කොන්දට විද්දලු එන්නතක්... ඒ අයගෙන් ඒක ඉල්ලගත්තොත් හොඳ නැත්ද? (නි)
පය බරවායට පිටිකරට බෙහෙත් බැන්දා කියලා පැරණි කියමනක් තියෙනවා. (නි)
ලංකාවේ දොස්තරලා ඔහොම තමයි. පඩිය විතරයි බලන්නේ. (ත)
විනෝද සාමය වැඩ සටහනට කියපු කතා වස්තුව (ස)
කලබලයද , නොදැනුවත් කමද (දී)
මම කවදාවත් රජයේ රෝහල් වලට යන්නෙම නැහැ. (නි)
මේ රටත් යන්නේ කොන්දේ අමාරුවට තුවාල බෙහෙත් දමන වැඩ තමයි.. (ස)
මම නම් නෝනගේ මොලේට අංගොඩට ගිහින් බෙහෙත් ගන්න තුන්ඩුවක් දීලා එනවා (නි)
මොකක්ද මේකේ තියෙන වරඳ ? ඒ දොස්තර කොන්දේ අමාරුවට බෙහෙත් දීල. අතේ තුවාලයක් දැකල එක ගැනත් අහල. ඇත්තෙන්ම එහෙම අහපු එක ගැන ස්තුතිවන්ත විය යුතුයි රෝගියා කිව්දේ පමණක් නොවෙය, දොස්තර දුටු අනිත් දේ ගැනත් විමසිලි වන්තවීම ගැන . (අ)
නිකන් දෙන බෙහෙත් වලටයි ප්‍රතිකාර කරන දොස්තරලාටයි අවනම්බු කරන්න හොද නැහැ (නි)
ආණ්ඩුවේ ගොඩක් දොස්තරලා ඔහොම තමයි. දොරින් ඇතුළු වෙද්දිම තුණ්ඩුව ලියලත් ඉවරයි. (නි)
මාතර හිටපු ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ කෙනෙක් වෙන්න ඇති.(නදී)
කොන්දේ අමාරුවක් නිසා හොදට ගියා. අභ්‍යන්තරයේ උනානම්.(නදී)
කොන්ද පන නැති දොස්තර කෙනෙක්.(නදී)
වැඩ බැරි අය කොචර ඉන්නවද ?(නදී)
අයියෝ සල්ලි (දී)
මෙයාලට මුල මතක නැහැ.(නදී)
ගොඩක් රජයේ දොස්තරලා ඔහොම තමයි ඉඳගන්න කොට බෙහෙත් තුණ්ඩුව ලියල ඉවරයි.. (ස)
රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න අපි යන්නේ මර බයෙන්. සුළු සේවකයාගේ සිට දොස්තර මහතා දක්වාම ඉන්නේ අපිව මරාගෙන කන්න වාගේ (කණගාටුයි, හොද අය තරහ වෙන්න එපා, සුළුතරයක් වන පාපතරයන් නිසයි මෙහෙම ලිවුවේ) කවදාවත් ප්‍රෙෂර් නම් චෙක් කරගන්න එපා. බය වුණාම ප්‍රෙෂර් වැඩිවෙනවා (නි)
පවූ අනේ දොස්ටර නෝනා කොන්ද විතරක් නෙවෙයි අතේ තුවාලෙත් බලල නේ බේත දුන්නේ. ඔයා හරි නරකයි මාමී.(නදී)