තම ආයතන ප්‍රධානියා අලුතින් මිලදීගත් නවීන පන්නයේ මෝටර් රථය වටා කොල අතු හා ඉටි රෙදි එල්ලා ආතල් එකක් ගත් එම ආයතනයේ සේවක පිරිසක් පිළිබද පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු තම ආයතනයේ සේවකයින් සමග මිතුරෙකුසේ රාජකාරි කරන බෙහෙවින්ම සුහදශිලී ආයතන ප්‍රධානියෙකි. තමුන් සමග සේවය කරන උපාධිධාරියාගේ සිට කම්කරුවා දක්වාම කුලුපගව කටයුතු කරන ඔහුට ඔවුන්ගෙන්ද හිමිවූයේද අපූරු ලෙන්ගතු බවකි..
පසුගිය දිනෙක ඔහු කලක් තිස්සේ ඉතිරිකරගත් මුදල් හා බැංකු ණයකින් ලබා ගත් මුදලකින් නවීන පන්නයේ මෝටර් රථයක් මිලදීගත් අතර එය පසුදිනම ආයතනය වෙත රැගෙන ඒමටද අමතක නොකළේය.
මෝටර් රථය තම ආයතනය ඉදිරිපස නතර කළ හෙතෙම දෛනික කටයුතු සඳහා තම කාර්යාල කාමරයට ගියේ ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාටද තම අලුත් මෝටර් රථය පෙන්වමිනි.
කෙසේ වෙතත් පැය කීපයකට පසු කිසියම් අවශ්‍යතාවක් සඳහා කාර්යාලයෙන් පිටතට පැමිණි ඔහුට දක්නට ලැබුණේ තම අලුත්ම මෝටර් රථය වැසෙන තරමට එය වටා කොළ අතු, ඉටිරෙදි කැබැලි, විවිධ වැකි ලියූ පයිල් කවර හා ටින් කැබලි එල්ලා ඇති අයුරුය.
තමන් දුටු දර්ශනයෙන් මුවඟට මද සිනහවක් නංවාගත් හෙතෙම එහි සිටි ආරක්ෂක නිලධාරියාගේද සහාය ඇතිව පරිස්සමින් සියලු_ සැරසිලි ඉවත් කොට මෝටර් රථය පණ ගන්වාගෙන ආයතනයෙන් පිටව ගියේ “මේක සරසපු උන්ට කියපං ඕක පේස් බුක් එහෙම දාන්න එපා කියලා” යනුවෙන් පවසමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආයතන ප්‍රධානියාට වැඩ ටික කරගෙන යාමට අනික් අයගෙන් සපෝර්ට් එක ලැබෙනවා ඇති. ආයතන ප්‍රධානියෙකු හැටියට ලැබියයුතු දෙයත් එකයි (නි)
පේනවා නේද වැඩ? ඕනවට වැඩිය කුළුපගවීමේදී තමන් අපහසුවට පත්වෙන හැටි. සේවකයෝ දැනගන්න ඕනෑ තම ඉහළ නිලධාරියාගේ තත්වය රකින්න. මෙයට හේතුව දැනුමේ අඩුපාඩුවක් වෙන්න ඕනෑ. ඔයිට වැඩිය හොඳ නැද්ද කේක් එකක් ගෙන්නාගෙන කවුරුත් එක්ක එකතු වෙලා භුක්තිති වින්ඳා නම්. එය ඔය විහිලුවට වැඩ විනෝදකාමියිනේ. (නි)
අහිංසක විහිළුවක්. සුන්දර ලොක්කෙක් (නි)
මෙතන වෙලා තියෙන්නෙ සම්පූර්ණයෙන් විහිළුවක් විතරයි. ආයතන ප්‍රධානියා බුද්ධිමත්ව අවබෝධයෙන් කටයුතු කරලා තියනවා. හැබැයි මේ කුළුපග බව රාජකාරියට බාධාවක් නොවන පරිදි කළමණාකරණය කර ගත යුතු බවයි මේ සිද්ධියේ හැඟෙන පණිවුඩය. (බ)
වෙලාවට ජනහිත වගේ බොස් කෙනෙක් නොවුණේ (නි)
ඇත්ත කෝසල, මම බොස් වෙලා ඉන්න කාලේ කාටවත් මම හිරිහැර කළේ නැහැ වගේම කවුරුත් එක්ක හොඳින් හිටියා. ඔය වාගේ කටයුතු කළෙත් නැහැ. එහෙම වුණා නම් මට රාජකාරිය කරගන්න අමාරුවෙනවා. හැබැයි මෙහෙම වුණ නිසා මගේ ලොක්කෝ මට නොයෙකුත් වද දුන්නේ වැඩ පැහැර හැරලා නොවෙයි, මගේ ගෝලයින්ට අනවශ්‍ය හිරිහැර නොකළාටයි. මගේ පැත්තයි, ඒ ගොල්ලන්ගේ පැත්තයි, ලොක්කන්ගේ පැත්තයි, රාජකාරියේ පැත්තයි ඔක්කොම සමබරව ගෙනිච්චා (නි)
වෙලාවට ජනහිත වගේ අය බොස් කෙනෙක් නොවුණේ (නි)
ජනහිත හරි. ලංකාවේ රථවාහන මිලත් එක්ක බැලුවම කවුරුවත් කැමති නැහැ තමන්ගේ අලුත්ම වාහනයට මෙහෙම කරනවට. වඩා යහපත් සහ ශිලාචාර වෙන්නේ කේක් එකක් කපනවා වගේ දෙයක්. ලොක්කා වෙනුවෙන් මේ වගේ දෙයක් ටිකක් ගෝත්‍රික වගේ (නි)
උදෙන්ම දුටු මේ පුවත නිසා දවසම හොඳ වෙයි (නි)
කාර් එකට හානියක් නොවුණා නම් ඉතින් කමක් නැහැ. ආයතන ප්‍රධානියා තනතුරෙන් ඔලුව උදුම්මාගත් කෙනෙක් නොවන බවයි පෙනෙන්නේ. එහෙම අයට ආයතනයක් පවත්වාගෙන යාම හරිම පහසුයි. (නි)
පුදුමාකාර මානසිකත්වයක් තියෙන්නේ මේ මිනිසුන්ට (නි)