පසුදින තම ආයතනයේ පැවැත්වෙන විශේෂ ඇගයීම් පරීක්ෂණයක් සඳහා නාම පුවරුවක් සකස් කිරීමට අවශ්‍ය රෙදි කැබැල්ලක් සැපයීම භාරගත් එම ආයතනයේ කනිෂ්ඨ සේවකයකු ආයතනය අසල නිවසක රෙදි වැලක වනා තිබූ කාන්තා යට සායක් රැගෙන විත් එය ආයතන ප්‍රධානියා අත තැබීමේ පුවතක් ලංකාදීපයට වාර්තාවේ.
එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය ප්‍රදේශයේ එක්තරා ආයතනයකි. පසුදිනෙක එම ආයතනය පරීක්ෂා කිරීම සඳහා ඉහළ නිලධාරින් පිරිසක් පැමිණෙන බව දැනුම් දීම නිසා ආයතනයට රැස්වූ එහි ප්‍රධානියා ඇතුළු කීප දෙනෙකු කාර්යාලයේ අඩු පාඩු සකස් කරන්නට පටන් ගත්තේ අදාළ නිලධාරින්ගෙන් ආයතනයට ඉහළ ගුණාත්මක බවක් ලබාගන්නා අටියෙනි.
මැදියම් රැය ආසන්න වෙද්දී එහි බොහෝ වෙනස්කම් කළ පිරිසට එහි බිත්තියක තිබූ අබලන් නාම පුවරුවක්ද වෙනස් කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනුනත් ඊට අවශ්‍ය රෙදි කැබැල්ලක් සොයා ගැනීම විශාල ගැටලුවක් විය.
ඒ වනවිටත් ප්‍රදේශයේ රෙදි කඩ සියල්ලද වසා දමා තිබූ බැවින් රෙදි කැබැල්ලක් සොයා ගැනීම පිළිබඳ ආයතන ප්‍රධානියා ඇතුළු පිරිස දහ අතේ කල්පනා කරන්නට වූහ.
පිරිස පත්ව සිටින අපහසුතාව තේරුම් ගත් ඔවුන් සමග සිටි ආයතනයේ මුරකරුට ගණ දෙවි නුවණ පහළ වන්නට විය.
“සර් මං සුටුස් ගාල එන්නම්” කියමින් විදුලි පන්දමක්ද රැගෙන ආයතනයෙන් ගිය ඔහු තවත් විනාඩි කීපයක් ගත වෙද්දි ආයතන ප්‍රධානියා ඉදිරියේ පෙනී සිටියේ වර්ණ කීපයකින් යුත් කාන්තා යට සායවල් කීපයක්ද සමගිනි.
“සර් මම මේව ඊයේ හවස වැඩට එද්දී දැක්කේ. මේ නිල් පාට එක අලුත්ම එකක්, වැඬේට මරු” කියමින් මුරකරු තමන් රැගෙන ආ විකල්ප රෙදි කැබැල්ල වර්ණනා කළේ ආයතන ප්‍රධානියාගෙන් ඇති තරම් ලකුණු ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
සිදුවූයේ අනෙකකි. රෙදි කැබැල්ල දකිත්ම යක්ෂාවේෂ වූ ආයතන ප්‍රධානියාට මුවින් පිටවූ වචන කීපයක්ම පාලනය කර ගන්නට පවා නොහැකි වූයේ ඒ තරමටම ඔහුගේ කේන්තිය ඉහ වහා ගොස් තිබූ නිසාවෙනි.
“මෝඩ යක්කුත් එක්ක වැඩ කරන්න ගියාම ඔහොම තමා” යැයි කියමින් නිලධාරියා ආයතනයෙන් පිටව ගියේ පසුදින පාන්දර පැමිණ ඉතිරි කොටස් නිම කරමු යැයි එහි සිටියවුන්ට යෝජනා කරමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන විදියට ලොක්කගේ ගෙදර රෙදි වැලේ ඒවා වගේ.....මුරකාරයා ගෙනත් තියෙන්නේ....(බ)
ලොක්කගේ වැඩ දන්නා කණිෂ්ඨ සේවකයා ලොක්කට ගැළපෙන ඇඳුමක් ගෙනවිත් දුන්නා වෙන්නත් බැරිද? (නි)
මේක නිකන් හිනා යන්න ගොතපු කතාවක් වගේ මට හැගෙන්නේ. (අ)
ලොක්කගේ ගෙදර කෙනෙකුගේ වෙන්න බැරිද එය එකපාරටම හඳුනාගත්තේ (හේ)
කාන්තා යට ඇඳුමක් කියන්නේ තරහා යන දෙයක්යෑ? (නි)
ලැජ්ජාවේ බෑ.(හේ)
මුරකරු වැඩකරුවා! මුවින් බැනලා නිකන් හිටියා ඇති අතපය විසි නොකර (නි)
මම හිතන්නේ ලොක්කට ඊටත් වඩා අඩු ඇඳුමක් දුන්නනම් හොඳයි (බ)
හිරා හිනා යන්න නම් කිති කවා ගන්න වෙනවා (බ)
හරියට හරි. නැණවත් මුරකරු (හේ)
ලොක්කා ඒවා දැකලම නැතුව ඇති. නැත්නම් ඔච්චර තරහ යාවිද. (නි)
ඇති මෙහෙම එකක් ගෙනාවා! වෙන දෙයක් ගෙනාවා නම් ලොක්කාගෙන් ගුටිත් කයි (නි)