(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
ලොරි රථ රියැදුරන් අතර ජනපි‍්‍රය ආපනශාලාවක නිතරම සිදුවන කෑම හොරකමක් අල්ලන්න ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කරන්නට ගිය එම ආපනශාලාවේ හිමිකරුවාට වූ ඇබැද්දියක් පසුගියදා වයඹ පළාතේ නගරයකින් වාර්තා විය.
මෙම ආපනශාලාව උදේ සවස නිතරම ජනයාගෙන් පිරී තිබෙන්නක් වූයේ මෙය කාලයක සිටම හොඳින් පවත්වාගෙන ආපු නිසාය. මුදලාලි මහත්මයත් කඬේට එන සියලූම දෙනාට හොඳින් සලකයි.
එත් ටික දවසක ඉඳලා හවසට ලාභ පාඩු බලපු මුදලාලි මහත්මයාට ආදායමේ පොඩි අඩුවීමක් නිසා එය සොයා බැලූවත් හොයා ගන්න බැරුව ගිය නිසා ඔහුගේ හිතවතකු දීපු උපදෙසක් මත කඬේ සියලූම පැති පේන විදියට බර ගාණක් වියදම් කර ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ.
දින කිහිපයකට පසුව එම දර්ශන තමන්ගේ බිරිය හා නිරීක්‍ෂණය කරද්දී දිනපතා එහි එන පූස් තඩියෝ කීප දෙනෙක් බේකරි නිෂ්පාදන හොරා ගෙන යන ආකාරය දිස් වීමෙන් හොරු අල්ලාගත් නිසා මුදලාලි සතුටට පත්වෙලා සිටියත් ඉදිරි දර්ශනවලදී කඬේට එන රුව ඇති ළඳුන්ට මුදලාලි නොමිලයේම බඩු දෙන ආකාරයද බිරිය දැකගත් නිසා මුදලාලිට දෙවියෝ බුදුන් සිහිවුණාලූ.
මුදලාලි බිරිය තම හිතවතුන්ට පවසා ඇත්තේ කඬේ හොරුන් කෙසේ වෙතත් අලූත් කැමරාව නිසා තම සැමියාගේ හොරකම් අල්ලගන්න නම් පුලූවන්වුණ බවය. එදා සිට ගෙදරට වී සිටින මුදලාලි අලූත් කැමරාවක් නිසා තමන්ටවුණ වියෝව ගැන කල්පනා කරමින් ඉන්නවලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ශෝක් මුදලාලි -වැඩේ ජෝන් බාස් (අ)
මුදලාලි හත් පොලේම ගාගන... උඹ නාඩන්..... උඹ නාඩන්, උඹට ඕව හොඳ පාඩම්.... කිවලු. (නදී)
මේවත් විහිළුද ? තනි අැහට අැඩෙනවා (නදී)
ලදුන්ට මුදලාලි නොමිලයේ බඩු දීල කොයිතරම් ලොකු පිනක් ද කරගත්තේ. ආයිමත් ඔය වාගේ පින් වැඩ කරගන්න කවදා ලැබේවිදෝ කියල කල්පනා කර කර ඉන්නවා ඇති. (නදී)
ඔය කැමරාව නිසා බඩට වැදුනේ "දන්සැල්" කන්න ආපු අර අහිංසක කෙල්ලන්ට නේ. මුදලාලි දැන් ගෙදරට වෙලා ඉන්න නිසා ඉස්සර වගේ ලමිස්සියන්ට දන්දීලා පින් ලබාගන්න බැරි නිසා...."තමන්ටවුණ වියෝව ගැන කල්පනා කරමින් ඉන්නවලූ." (නදී)
මේ කියන්නේ මහ බැංකුවේ බිල් පත් බිස්නස් එක ගැන. (බ)
එ්ක තමයි කියන්නේ මේක හරියට වීදුරු ගෙවල් වල ඉදන් රෙදි ගැලෙව්වා වගේ වැඩක් කියලා. (නදී)
හොර ගෑණු ඉන්නවා නම් නියමයි (නදී)
මුදලාලිට දැන්නම් හිතෙනවා ඇති මීට හොඳයි හක්ක පටස් එකක් කෑවනම් කියල නේද ? (බ)
බලාගෙන යනකොට හොර පූසෝ විතරක් නෙමෙයි හොර පුසියෝත් ඉඳලා තියෙනවා !(නදී)
මුදලාලි ගා ගත්තේ හත් පොලේ විතරයි. කුමාරි නම් මීට පෙර ඉදන් දහ අට පොලේම ගා ගත්තා (නදී)