කාන්තාවන්ට නිරුවත පෙන්වමින් හා හිරිහැර කරමින් දින ගණනාවක් තිස්සේ බදුල්ල දියනාවල ප‍්‍රදේශයේ සැරිසැරූ බව කියන පුද්ගලයෙක් ප‍්‍රදේශයේ කාන්තාවන් විසින් අල්ලා දෑත් දෙපා බැඳ ඊයේ (03) බදුල්ල පොලිසියට බාර දුන් පුවතක් දියනාවලින් වාර්තා වේ.
සැකකරු බදුල්ල කොහොනාවල කන්දේගෙදර මාර්ගයේ දියනාවලට නුදුරු ලඳුකැලෑ ප‍්‍රදේශයක සැඟ වී සිටිමින් පාරේ යන එන ගැහැණුන්ට නිරුවත පෙන්වතියි කියති.
මෙම පාළු ස්ථානයට පහලින් පිහිටි අතහැර දමා ඇති නිවසක රැුඳී සිටිමින් ද ඔහු අශිලාචාර ලෙස හැසිරෙතියි කියති.
අත්අඩංගුවට පත්වූ සැකකරු බදුල්ල වේවැස්ස වත්තේ පදිංචි කරුවකු බවත් ඔහුට විරුද්ධව කාන්තාවන් කීපදෙනෙක්ම ඊයේ (03) පැමිණිලි ඉදිරිපත් කළ බවත් බදුල්ල පොලිසිය පවසයි.
සැකකරුට අයත් යතුරු පැදියක් ද එම ස්ථානයේ තිබී බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලූ ඔබ හරි.මොහු මානසික රෝගියෙක්.වෛද්‍ය ප්‍රතිකාර කිරිම වැදගත්. (දී)
ඔහොම ලෙඩ්ඩු ඉන්නවා මේ සමාජයේ (දී)
අපේ ගෙවල් ළඟ මිනිහෙක් හත් අට දවසක්ම මේ වැඩේ කරනවා.(අ)
මම ඉස්කෝලේ යන කාලෙත් මෙහෙම මිනිහෙක් හිටිය.අපේ අක්ක තව අක්කා කෙනෙක් එක්ක ඒ මිනිහව අල්ලලා ගස් බන්දා ඒ මිනිහ එතකොටත් හිටියේ ඇඳුම් නැතිව (අ)
මෙය මානසික (DISORDER) අක්‍රමිකතාවකි. (EXHIBITIONISM-ප්‍රදර්ශන කාමුකත්වය). මානසික රෝගවලට ප්‍රතිකාර කරන දොස්තර කෙනෙකුට පෙන්වා ප්‍රතිකාර කලයුතුයි. (ස)
පියුමි ..ඒ හත්..අට ..වතාවේම ..බලාගෙනද හිට්යේ..? මට පියුමි ගැන හරි දුකායි. (ස)
මානසික රෝගීන් (දී)
මෙවන් රෝගීන්ට අනුකම්පා කරන්න. වැඩිහිටියන් මාර්ගයෙන් වෛද්‍ය සායනයකට යොමු කිරීමට කටයුතු කරන්න. (ස)
කතුන් කලේ හොද දෙයක් මානසික රෝගියෙක් නිසා සමාවදී කරුනු පහාදා දෙන්න (දී)
මෙයා ඇත්තම මානසික රෝගියෙක්. මේ වගේ තව සිය දහස් ගණනක් ලංකාවේ ඉන්නවා (දී)
අහන්නත් පුදුම දෙයක්. (නදී)
හොද මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන්න (දී)
නැවත මෙවන් හිරිකිත වැඩ නොකරන්න දඩුවමක් දෙන්න ඕනේ (දී)
මානසිකත්වයකින් පෙළෙන නිසා එවැනි තත්වයකට පෙළමී ඇති බැවින්, දඩුවමි කිරීම වගේම ප්‍රතිකාර කිරීමත් වැදගත් (දී)
මිනිස්සුන්ට තියෙන්නේ මාර අසහන (දී)
මෙහෙම දේවල් මානසික ලෙඩ්ඩු කියලා අතාරින්ඩ හොද නෑ. මේ වගේ පහත් මිනිස්සුන්ට නැවත මේ වගේ දෙයක් නොකරන්නත් මෙහෙම දේවල් කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් දැනෙන්ඩ පාඩමක් උගන්නන්ඩ කියලා තමයි මම අපේ නීතිය කරන මහත්වරුන්ගෙන් ඉල්ලා හිටින්නේ. (නදී)
මානසික රෝගියෙක්.අගය කලයුතු කතුන්.වැරැද්ද තේරුම් කරදී ප්‍රතිකාර කිරීම වැදගත් මේ රෝගියාට. (දී)
හොඳ කාන්තාවන් පිරිසක් වැදගත් දෙයක් තමයි කරලා තියෙන්නේ (අ)
මේක මානසික ලෙඩක් මම අහලා තියෙන විදිහට නම්.ඒ මනුස්සයට අනුකම්පා කරලා මානසික රෝහලකට ඇතුලත් කරන්න ඕනේ.ඒ වගේම ඒකට විරුද්ද වෙලා ක්‍රියා කරපු අයගේ ශක්තිය අගය කල යුතුයි. (අ)
මුළු රටටම නිරුවත පෙන්වන පාලක නඩය කිසිම චකිතයකින් තොරව ඒ වැඩය දිගටම කරගෙන යනවා. වෙනස බදුල්ලේ මානසික රෝගියෙක් වස්ත්‍ර නැතිව ඒ දෙය කිරීමත්, අපේ නඩය නිරෝගී කියමින් වස්ත්‍ර ඇඳගෙනම ඒ වැඩය කිරීමයි. (අ)