(ඉෂානි හංසිකා අමරදිවාකර)
තනුජා- නිර්මලා මට කොත්තු කන්න ආසාවක් තියෙනවා. දන්නේ නැද්ද කොත්තු හදන හොඳ තැනක්.
නිර්මලා- අහා... අපි නම් ගන්න තැනක් තියෙනවා. එතන කොත්තුත් රසයි පිරිසිදුයි. ගෙදරට ගෙනල්ලත් දෙනවා.
තනුජා- කොහෙද අප්පේ ඒ.?

නිර්මලා- තැනක් තියෙනවා. මං ෆෝන් නම්බර් එක දෙන්නම්. කතා කරල බලන්නකො.
මෙම සංවාදය සිදුවන්නේ කාර්යාලයක කාන්තාවන් දෙදෙනකු අතරය.
නිර්මලා දිනපතා කොත්තු ඇනවුම් කරනුයේ කඳාන පැත්තේ තරුණ හෝටල් හිමියෙකුගෙනි. ඔහු අපූරු සේවාවක් තම පාරිභෝගිකයන්ට සපයයි. ඒ, ඇනවුම සඳහා කොත්තු සපයා නිවෙස්වලටම සපයනුයේ ප්‍රවාහන ගාස්තු අය නොකරමිනි. මෙසේ ඔහු සිදුකරනුයේ තම පාරිභෝගිකයින්ට තිබෙන අමුතු ආකාරයේ ලෙන්ගතුකමකට විය හැකිය. නැතිනම් එයට හේතුව දන්නේ ඔහුමය.
පසුදින සවස තනුජා කොත්තු කෑමේ ආසාව ඇතිව හෝටල් හිමියාට දුරකතන ඇමතුමක් දී කොත්තු ඇනවුම් කළාය. ඇමතුම දී පැයකට පසුව නිර්මලා කී පරිදිම තරුණයා තම ත්‍රිරෝද රථයෙන්ම කොත්තු ගෙනැවිත් දුන්නේය.
ඔහු කොත්තු ලබාදී ටික වේලාවක් තනුජා සමග කතාවට වැටුණේය. තරුණයා කතා කර කර සිටිනවා හැර යන පාටක් නොපෙනුණි. තනුජාට මෙය වදයක් විය. තම ස්වාමි පුරුෂයාද නිවසේ නොසිටි නිසා ඇයට බියද දැනුණි. තරුණයා විවිධ මාතෘකා ගෙනෙමින් තනුජා සමග කතාව දිග හරියි. ඒ අතර ඔහු තම ත්‍රිරෝද රථයේ පෙට්‍රල් නොමැති බව බව පවසමින් රැඳීමට උත්සාහ කරයි. මෙසේ පැයක් පමණ හිඳ ගිය පසුව තනුජාට මහත් සහනයක් දැනුණි.
දින දෙකකට පමණ පසුව හෝටල් හිමි තරුණයාගෙන් තනුජාට දුරකතන පණිවුඩද ලැබෙන්නට විය. ඒ තමා සපයන කොත්තුවේ ගුණ දොස් අසන්නටය. ටික වේලාවක් යන විට එවන පණිවුඩ අතර තොත්තුද එවන්නට විය.
පසුදිනම තනුජා කාර්යාලයේදී මේ සිද්ධිය නිර්මලාට කීවාය. නිර්මලා ද පැවසුවේ තරුණයා පිළිබඳ එවන් ආරංචි ඇයටද ලැබී ඇති බවයි.
පසුව සොයා බලන විට නිවෙස්වල පුරුෂයන් නොමැති අවස්ථාවල නිවෙස්වලට ගොස් කොත්තු සපයා කාන්තාවන් දැලේ දා ගැනීමට විවිධ උපාය යොදන බවත් කාන්තාවන්ට කොත්තු සමග තොත්තු දී ගුටි කා පැන ආ අවස්ථා ආරංචි වී ඇත.
ඔහු සපයන සේවාව නම් අගය කළ යුතුය. ඒ අතර සිදුවන ඔහුගේ මෙම ක්‍රියාව නම් නුසුදුසුය. ඒ නිසා කාන්තාවන් ඔහුගෙන් තොත්තු නැතිව කොත්තු පමණක් ඇනවුම් කරන බව සැළයි.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතුන්ට තොත්තු දෙන කොත්තු මුදලාලි