සිල්ලර වෙළෙඳසැලක් පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට සිදුවිය.
එය වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා කුලියට දීමට වෙළෙඳසැල් හිමියා බලාපොරොත්තුව සිටින අතරවාරයේ කොත්තු රොටී පිළියෙල කර අලෙවි කරන්නෙක් එම වෙළෙඳසැල කුලියට ගැනීමට ඉදිරිපත් විය.
සුභ නැකතක් බලා වෙළෙඳසැල විවෘත කෙරුණු අතර එහි ඉදිරිපිට නාම පුවරුවක් ද සවි කෙරුණි.
“කොත්තුවක් කමු - තුට්ටුවක් දෙමු” යනුවෙන් නාම පුවරුවේ සඳහන් කර තිබුණේ අඩු මිලට කොත්තු අලෙවි කරන බව හැඟවීමටය.
වෙළෙඳසැල කුලියට ගත් පුද්ගලයා කොත්තු පිළියෙල කිරීම සිදු කළ අතර මුදල් ගනුදෙනු බාරව සිටියේ ඔහුගේ තරුණ බිරියය.
නාම පුවරුව සවි කිරීමෙන් පසු කොත්තු කෑමට පැමිණෙන පිරිස එකා දෙන්නා වැඩිවෙන්නට පටන් ගත්තේය.
දින කීපයක් ගත වූ පසු කොත්තු කෑමට පැමිණ සිටි පිරිස අතරේ වෙරිමත් වූ තරුණයෙක් ද විය. ඔහු මේසයක් මත කොත්තුවක් තබාගෙන පුටුවක වාඩි වී හනික එය කන්නට පටන් ගත්තේය.
කොත්තු කෑම අවසන් වීමත් සමගම හනික කැෂියර් කූඩුව වෙත ගිය වෙරිමත් වූ තරුණයා එහි සිටි කාන්තාවගේ මුහුණට තම මුහුණ ළං කර හාදුවක් දුන්නේය.
එයින් ලැජ්ජාවට හා කෝපයට පත් වූ කාන්තාව මහ හයියෙන් තම සැමියාට කෑ ගසා ඒ බව පැවසූවාය. කෝපයට පත් සැමියා වහාම එතැනට පැමිණ තරුණයාට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය.
“මොකද යකෝ තෝ මට ගහන්නේ? ගිහින් බලාපිය අරහෙ බෝඞ් එකේ මොනවද ලියලා තියෙන්නෙ කියලා” වෙරිමත් වූ තරුණයා කෑගසන්නට විය.
ඒ ඇසූ කොත්තු පිළියෙල කරන්නා වහාම ගොස් නාම පුවරුව දෙස බැලීය. එහි සඳහන්ව තිබූ “තුට්ටුවක්” යන වචනය වැසී යන සේ “තොත්තුවක්” යනුවෙන් ලියූ කඩදාසි කැබැල්ලක් අලවා තිබුණු අයුරු දුටුවේය.
ඒ අනුව නාමපුවරුවෙන් කියැවුණේ “කොත්තුවක් කමු - තොත්තුවක් දෙමු” යනුවෙනි.
(වත්තල විශේෂ හෙන්රි නිමල් පෙරේරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද තියෙන්නේ ඒ කඩේ? බෝඩ් ලෑල්ල එහෙමම තියෙනවද? කැෂියර් මාරු කරලා නැහැ නේද? (නි)
තොත්තු දෙන්න ගොහින් පත්තු බඳින්න වුණේ නැතෙයි? (නි)
කොත්තු කෑවා ,ගුටිත් කෑවා. දැන් මට සනීපයි. (නි)
අනේ ඉක්මනට ලිපිනය පළකරන්න මේ කඩේ. දුවලා ගිහින් කොත්තුවක් කන්න (නි)
පිස්සු නැත්නම් ෂෝක් (නි)
නියම කතාවක් (නි)
රසවත් කථාවක්. අහන්න අහන්න ආසයි. (නි)
ඇති ඔයින් ගියා.(හේ)