IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කතට හදි කරන්න හැදුවාට පොල්කටු හැන්දෙන් ගහලා

(තිහගොඩ - උපසේන ලියනගම)
එක්දරු පියකු වූ ඔහු මතට මෙන්ම කතට ද ලොබ බැඳි සල්ලාලයකු බවට ප‍්‍රකටය. පසුගියදා ඔහු පොලිසියට දිව ගියේ කාන්තාවක් තමාට පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. කමීසය ගලවා පිට පෙන්වූ විට රත් පැහැගත් පහරවල් ද එහි විය. ‘‘ඔය ගෑනු එක්කෙනා කුකුල්ලූ හදනවා. උන් මගේ ඉඩම වනසන බව කියන්න ගියාම මට පොල්ලකින් තඩි බෑවා’’ පැමිණිල්ලේ ලියැවිණි.


විත්තිකාරිය වහාම කැඳවිය. ‘‘මගේ මහත්තය කොළඹ ඉන්නේ. දරුවො ඉස්කෝලෙ ගිහින්. එදා කුස්සියට ඇවිත් අරියාදු කරන්න හදන කොට අතට අහුවුණේ පොල්කටු හැන්ද. මම ගහපු එක ඇත්ත. ඒත් මේ පොල්කටු හැඳි මිටෙන්’’ කී ඇය බෑගයෙන් හැන්දක් අතට ගෙන ‘‘ඔය පාරවල්වලට මේක තියල බලන්න. හරියට ගැලපේවි’’ කීවාය. පැමිණිලිකරුට කට උත්තර නැති විය.


ඔහුගේ පැටිකිරිය දත් පොලිස් නිලධාරියා ‘‘ගෙවල්වල කුස්සිවලට රිංගන්නෙ නැතුව දැං ඉතිං ඔය තුවාලවලට තෙල් ටිකක් ගා ගන්නවා’’ කීවාලූ. ගාලූ පුරවරයේ ගංගා නිම්නයකින් ඇසුණු පුවතකි.



අදහස් (0)

කතට හදි කරන්න හැදුවාට පොල්කටු හැන්දෙන් ගහලා

ධනුක Tuesday, 13 January 2015 11:28 AM

හරි නම් ගමේ වටේ තමන්ගේ පිට ප්‍රදර්ශනය කරවමින් සංචාරය කරවන්න ඕන මේ කල නොහොබිනා වැඩේට. (ස)

:       0       0

ඒකනායක Wednesday, 14 January 2015 12:31 PM

රුවන්, මෝඩයෙක් නොවී බුද්ධිමත්ව හිතන්න (නි)

:       0       0

සමන්තලාල් Thursday, 15 January 2015 02:20 PM

හැම කාන්තාවකටම වගේ තිබෙන හොඳම ආයුධය තමයි ඔය හදි කරන්න හදනවා කියන කතාව (නි)

:       0       0

රුවන් Tuesday, 13 January 2015 11:55 AM

හේමන්ත ,ඉදිරියට තියෙන්නේ ටයර් යුගයක්ද? ඈත අතීතයේ වගේ........(අ).

:       0       0

රුවන් Tuesday, 13 January 2015 12:00 PM

හේමන්ත,,,, අපිට අතීතය මතකයි....(අ)

:       0       0

රංග තේනුවර Saturday, 24 January 2015 03:57 AM

ඇත්තටම ඒ මනුෂ්‍යයා කුකුල්ලුන්ගේ ප්‍රශ්ණයක් කියන්න ගියාද දන්නේ නෑ නේ? (නදී)

:       0       0

සරත් Tuesday, 13 January 2015 03:03 PM

රුවන්, බුද්ධිමත්ව හිතන්න. (අ)

:       0       0

රුවන් Tuesday, 13 January 2015 08:23 AM

අපරාදේ හැන්දෙන් බෙදුවේ දෙන්නතිබුනේ මෝල්ගහකින්. ආපහු අනුන්ගේ ගෑනු දිහා නොබලන්නම.......(ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 13 January 2015 09:09 AM

මහත්තයත් නැතුව තනියෙන් ඉන්න නිසා මේ මනුස්සයට කාන්තාව ගැන දුක හිතෙන්න ඇති , ඕකට ඉතින් ගහන්න ඕනද අප්පා ? (බ)

:       0       0

නන්දලාල් Thursday, 15 January 2015 08:45 PM

පොල්කටු හැන්දෙන් වැදිලා ඉවර උනා ඇති. ඒ වෙනුවට පොල් ගෙඩිය ඔලුවට වැදුන නම් මිනිහා කුස්සියේම මලා (නදී)

:       0       0

අගෝරිස් Wednesday, 14 January 2015 04:24 AM

පොල්කටු හැන්දෙන් ගහන්න තිබ්බෙ පිටට නෙවෙයි. එතකොට පොලිසි එන්න ඕන නැහැ ගෙදර ගෑනිම නඩු අහල එල්ලුම්ගස් යවයි (නදී)

:       0       0

මීතොට Wednesday, 14 January 2015 04:51 AM

අපේ ගෑනිට අහු උනා නම් ඕකව අල්ලලා මරනවා (නදී)

:       0       0

අනුරාධ Tuesday, 13 January 2015 11:07 AM

මේ වගේ අය ගස් බදින්න ඕනේ. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 13 January 2015 11:23 AM

අනුරාධ, අපි ගස් බඳින යුගය අවසන් කළා. දැන් වරදට නීතිය ක්‍රියාවේ යොදවනවා. වෙනස....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site