රාත්‍රියේ නිවෙසක පිටුපස සැඟවී සිට එම නිවසේ කාන්තාව දෙස බැල්ම හෙලීමට ගිය පුද්ගලයෙකු පය ලිස්සා ගොස් එම නිවසේම ළිඳට ඇද වැටීමට පත්ව නිවැසියන් අතට හසුවී එම පුද්ගලයා ලවා රාත්‍රීයේම ළිඳ ඉසීම සිදු කර සුද්ධ පවිත්‍ර කර ගැනීමේ සිද්ධියක් අලව්ව සහ පොල්ගහවෙල නගර අතර පිහිටි ගම්මානයකින් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
කාන්තාවන්ට බැල්ම හෙලන මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ බින්න පවුල් ක්‍රමයට ජීවත් වන්නෙකි. කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත මොහු සති කීපයකට පසු නිවාඩු ලැබ නිවසට පැමිණෙන අතර එම ගමේ සහ අවට ගම්මානයේ නිවෙස්වල වෙසෙන කාන්තාවන්ට බැල්ම හෙලමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස සැඟවී බලා සිටීම පුරුද්දක් කර ගත්තෙකි.
දිනක් ඔහු රාත්‍රියේ නිවසක පිටුපස සැඟවී සිටීමට පැමිණියේ නිවසේ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් බලා සිටිනු රිසියෙනි. නිවසේ පිටුපස දෙසින් ඇසුණු විශාල ශබ්දයෙන් කලබලයට පත්වූ එම නිවසේ නිවැසියන් ඒ පිළිබඳව සොයා බැලීමේ අරමුණින් නිවස පිටුපස සෝදිසි කළද කිසිදු හෝඩුවාවක් එම ශබ්දය පිළිබඳ සොයා ගැනීමට නොහැකි විණි.
තවදුරටත් විදුලි පන්දම් එළියෙන් අවට සෝදිසි කරමින් සිටි නිවසේ ගෘහ මූලිකයාට ළිඳට උඩින් කොළ රොඩු වැටීම වැළැක්වීමට තමා විසින් දමා තිබූ මදුරු දැල සහ ලී කිහිපය නොමැති බව දැක ඔහු එයට කුමක් සිදු වූයේ දැයි සොයාබැලීම සිදුකළ විට ළිඳට එල්ල කර විදුලිපන්දම් එළියෙන් දුටුවේ මදුරු දැලත් සමඟ ළිඳට වැටී සිටින පුද්ගලයෙකි.
සිද්ධිය පිළිබඳ කරුණු වටහා ගත් ගෘහ මූලිකයා නිවෙස් හිමියන් හා අසල්වැසියන්ටද ඒ පිළිබඳව දන්වා ළිඳේ සිටි පුද්ගලයා ගොඩට ගෙන අද උඹට යස පාඩමක් උගන්වන්නම් යැයි පවසමින් ඔහුට පැන යාමට නොදී රඳවාගෙන එම පුද්ගලයා ලවා ළිඳ වතුර බාල්දියකින් ඇදීමට නියෝග කර එය අවසන් වූ පසු ළිඳේ මඩ අද්දවා ළිඳ පිරිසිදු කරගෙන ඇත.
ළිඳ පිරිසිදු කරන අතර අසල්වාසීන්ගේ දැනුම්වත් කිරීමෙන් එම රාත්‍රියේ සිද්ධිය දැක ගැනීමට ගමේ වැසියන් අඩකටත් වැඩි පිරිසක් එම නිවසට පැමිණ සිටි අතර ළිඳ පිරිසිදු කර අවසන් වන විට මධ්‍යම රාත්‍රියද ඉකුත්ව ගොස් තිබුණි.
ළිඳට ඇද වැටී එම නිවසේ කාන්තාවට බැල්ම දැමීමට පැමිණ ළිඳට ඇද වැටී ළිඳ ශුද්ධ පවිත්‍ර කළ අවසන් කළ පුද්ගලයා තවදුරටත් ගමේ රැඳී නොසිට පසුදා උදෑසන ගමෙන් පිටත්වන බසයෙන් කොළොම්පුර බලා පිටත්ව ගිය බවට එම බසයෙන් නගරය කරා ගිය ගම්වැසියෝ පැවසූහ.
(අලව්ව - ජයන්ත කුමාර දිසානායක)
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතට බැල්ම හෙළා ළිඳත් ඉහින්න වෙලා