IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කතගේ ගෙට රිංගන්න හැදූ එක්දරු පියා තාප්පෙන් වැටී කකුල කඩාගෙන

(හලාවත - ඔගස්ටින් ප්‍රනාන්දු)
සැමියා රට සිටින බිරියකගේ නිවෙසට රිංගීමට මැදියම් රාත්‍රියේදී තාප්පයට නැග්ග පුද්ගලයකු ඉන් වැටී බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුවතකි.
නිවෙසකට ඇතුළු වීමට තාප්පයකින් පැන්න අයකු තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම නිවෙස කරා ඒ මැදියම් රාත්‍රියේදීම ගිය විට එම නිවසේ තාප්පය අසල පුද්ගලයකු වැටී සිටිනු දැක ඇත.


ඔහු තාප්පයෙන් බිමට පැනීම නිසා කකුලක් කැඩී බරපතළ තුවාල ලබා සිටි නිසා වහාම ඔහු පොලිස් ස්ථානය කරා ගෙනැවිත් කටඋත්තර ලබාගෙන රෝහල් ගත කළ බව කියති. තුවාලකරු තිස් වියේ පසුවන එක්දරු පියෙකි. 


එම නිවසේ පදිංචි කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක් සඳහා ගොස් සිටි අතර ඇය තමා සමග ඇසුරක් පවත්වාගෙන ගිය බවත් මෙදින රාත්‍රි ඇගේ ආරාධනය අනුව තමා එම නිවෙසට ඇතුළු වීම පිණිස තාප්පයට නැග බිමට පැන්න නමුත් පය පැටලී තමා බිමට වැටී තුවාල ලද බවත් ඔහු සඳහන් කර ඇත.


තුවාලකරු එසේ කීවත් එම නිවසේ පදිංචි කාන්තාව එම කතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් තමා තුවාලකරු නොදන්නා අතර කෑගසන ශබ්දය ඇසී බැලූ විට ඔහු තම වත්තේ තාප්පය අසල වැටී සිටිනු දැක බියට පත්ව කෑගැසූ බවත් පසුව අසල්වාසීන් පැමිණ පොලිසිය ගෙන්වා ගත් බවත් කියා තිබිණි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

කතගේ ගෙට රිංගන්න හැදූ එක්දරු පියා තාප්පෙන් වැටී කකුල කඩාගෙන

ලක්සිරි Thursday, 26 May 2016 02:15 PM

වෙච්ච දෙයක්.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 25 May 2016 03:44 PM

කුමක්ද මෙහි ඇත්ත කතාව.(හේ)

:       0       0

ගොඩ්ෆි Friday, 27 May 2016 09:29 AM

මෙහි අදහස් දමා ඇති සැමට නිසි අවබෝධයක් නැතිබව හැඟී ගියේය. අඹ ගෙඩියක් වුණත් ගේට්ටුවෙන් ඇතුළු වී ගහෙන් කඩා කනවට වඩා, හොරෙන් අැතුලු වී කෑම රසය. රසේ වෙනස තේරුම් ගැනීම ඔබ සතුය. මොහු පැමිණ ඇත්තේ ආරාධනා පතේ සඳහන් පරිදි වෙන්නට බැරිද ? ලිවීමට ඇත්තේ ‘අප නොදන්නා චෙස්‘ කියාය.... (නි)

:       0       0

තරුෂි Thursday, 26 May 2016 04:26 PM

හරියට තාප්පෙන්වත් පැනගන්න බැරි කෙනෙක් ගැන ඉතින් වෙන මොන කතාද? (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 25 May 2016 05:16 AM

ඕනෑ වැරදි වැඩක් කරලා කියන්නේ “ඕක තමා කියන්නේ අපි නොදන්නා ගැණු මායම්“ කියලා. (නි)

:       0       0

පුෂ්පකුමාර Thursday, 26 May 2016 07:15 PM

වෙන්නප්පුවේ අය නම් පැත්ත පළාතේ වැද්දගන්න එපා. ඔය පළාතේ අය ළඟින් ගියොත් ඇහැක් නැහැ. (නි)

:       0       0

ධම්ම Thursday, 26 May 2016 07:29 AM

අසල්වාසීන් දන්නවා ඇති සම්පූර්ණ කතාව.(බ)

:       0       0

රොෂාන් Thursday, 26 May 2016 09:08 PM

කාන්තාවගේ සැමියා විදේශගතවෙලා ඉන්න එකේ, මේකා තාප්පෙට නැගලා කකුලත් කඩා ගත්තයි කියන්නේ අනිවාර්යයෙන් ගාල්ල මාතර පැත්තේ කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

රවිඳු Friday, 27 May 2016 01:02 PM

හරියට හරි රොෂාන්, අනිවාර්යයෙන් ඔය මිනිහා ගාල්ල මාතර පැත්තෙන් හලාවතට ගොඩබැහැපු කෙනෙක් තමයි. ඔවුන් ගිය තැන හත්පොළේ ගා ගන්නවා. (නි)

:       0       0

ගාල්ලගේ Friday, 27 May 2016 01:05 AM

බමුණුගේ කතාව ඇත්ත. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 27 May 2016 02:38 PM

ස්වාමියා රට ගිය ඇත්තන්ගෙන් විදේශ විනිමය රටට ලැබෙන අතරම වක්‍රාකාරව අසල්වැසියන්ට සුඛ සේවාවන්ද සැපයෙනවා වගේ පෙනෙන්නේ. කෙසේ වෙතත් කවුරු කවුරුත් උස පැනීම පුරුදු වුනොත් හොඳයි.(බ)

:       0       0

මනෝරි Wednesday, 25 May 2016 07:59 AM

කාන්තාව මේ මනුස්සයා දන්නෙත් නැහැලු. හැබැයි මිනිහා දන්නවා ස්වාමි පුරුෂයා විදේශ රැකියාවකට ගිහිල්ලා කියලා. කවුද හරි වෙන්න පුළුවන්? පොඩි සැකයක් හිතට එනවා. (නි)

:       0       0

සමන්ති Thursday, 26 May 2016 12:50 AM

එම කාන්තාව මෙයාට ඔලිම්පික් යවන්න පුලුවන්ද කියලා බලන්න ඇති (නි)

:       0       0

අජිත් Saturday, 04 June 2016 09:31 AM

නැහැ අනේ තියෙන හදිස්සියට තමයි වැටිලා තියෙන්නේ. (නි)

:       0       0

පිටිගල Thursday, 26 May 2016 09:30 AM

හැබෑවටම එන්න කිව්වා නම් තාප්පයෙන් පනින්නේ මොකටද?මොහු හදන්නේ යන යකා කොරහත් බිඳගෙනම යන්නයි (නි)

:       0       0

සිසිර Wednesday, 25 May 2016 09:00 AM

දැන් සනීපවෙලා ගෙදර යන්නේ කොහොමද? (නි)

:       0       0

ඩිලාන් Thursday, 26 May 2016 01:38 AM

බමුණු, අද ඉන්න කාන්තාවෝ අපේ කාලේ වගේ නෙමෙයි. කට්ටයි. ඔයා කෝකටත් තාප්පෙන්ම එන්න කිව්වද දන්නේ නැහැනේ. එතකොට එයා බේරිලානේ (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 26 May 2016 09:55 AM

ඇත්ත දැනගන්න පොලිසියටම යන්න වෙයි. මහා හොරෙක් වහාම මතක හිටින දඩුවමක් දියයුතුයි. (බ)

:       0       0

රොහාන් Friday, 27 May 2016 07:51 PM

දැන් මෙතන කවුරු ඇත්ත කියනවද කියලා මටත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 25 May 2016 09:28 AM

අසල් වැසියාට ප්‍රේම කරන්නට යන්ට ඇතයි සිතමි (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 25 May 2016 09:39 AM

මනුස්සයත් රටනම් , තව මිනිහෙක් තාප්පෙන් පනින්න ගිහින් පාත් වුනානම් කාන්තාව මොනවා කිවත් අපිටත් ඉතින් බලන්න වෙන්නේනම් වපර ඇහෙන තමා (බ)

:       0       0

දිනේෂ් Saturday, 28 May 2016 01:01 AM

මේ මිනිහා නිසා ඇත්ත හොරෙකුටවත් තාපයකින් පැනලා ගෙයකට ගියා කියන්න බැහැනේ අහුවුණ වෙලාවකට. පොලිසියෙනුයි උසාවියෙනුයි අහයි ගෙදර කාන්තාව ආරාධනා කළාද කියලා. (නි)

:       0       0

ප්‍රීති Thursday, 26 May 2016 10:52 AM

අනේ, බණ්ඩාර අපේ රටේ පිරිමි අඳින්නේ චිත්තද? ඔතන වෙලා තියෙන්නේ රෑට කොටු පනින්න ගිහින් වූ පොඩි වැරදීමක්. දැන් ඉතින් වැඩේ අතේ මාට්ටු. ඔබලාට සතුටුයිද දැන්....(අ)

:       0       0

දසුන් Saturday, 28 May 2016 02:47 AM

මෙයාට මීටපස්සෙවත් කවුරුහරි ඉනිමඟක් දුන්නොත් හොඳයි නේද? (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Wednesday, 25 May 2016 11:37 AM

මේක වෙන්නප්පුව පැත්තේ එකක්ද (බ)

:       0       0

දම්මි Friday, 27 May 2016 07:24 AM

තාප්පය බැඳි පෙදරේරුවා වහාම අත්අඩංගුවට ගන්න (නි)

:       0       0

ටිකිරි Friday, 27 May 2016 07:34 AM

මෙයා හෙට්ටිපොල පැත්තේ කෙනෙක් වෙන්න බැරිද? (නි)

:       0       0

බමුණු Wednesday, 25 May 2016 12:59 PM

කාන්තාව මෙයාට එන්න කීවානම් තාප්පයෙන් පනින්නේ මොකටද ඉස්සර ගේට්ටුවෙන්ම යනවනේ. මේකාගේ බොරු. ඔයවගේ වැඩ නොකරපු අයට කියන්න හොඳයි ඔය බොරු. නේද අනේ (බ)

:       0       0

දිනේෂ් Wednesday, 25 May 2016 02:22 AM

කවුරු ඇත්ත කියනවාද දන්නේ නැහැ. ඒ වුණත් සැමියා ගෙදර නැති කාන්තාවක් ආරාධනා කළා නම් ඇය ගේට්ටුව ඇරලා තියාවි නේද? තාප්ප උඩින් රිංගන්න ඉඩක් තියාවිද කියන සැකය මතුවෙනවා. (නි)

:       0       0

චතුරි Wednesday, 25 May 2016 02:28 AM

සැමියා රට නම් බිරිඳත් කැමති නම් තාප්පයෙන් පනින්න උවමනා නැහැ. දොර ඇරලා ගන්නවනේ. මේ පිරිමියා කියන්නේ බොරු (නි)

:       0       0

පීරිස් Wednesday, 25 May 2016 02:58 AM

කාන්තාව හඳුනනවා නම් තාප්පෙට නගින්න ඕනෑ නැහැනේ. කෙළින්ම දොරගාවට යන්න තිබුනානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 348 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 647 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 321 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 811 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 894 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 702 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 855 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 214 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1262 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site