බසයක ගමන් කරමින් සිටියදී කාන්තාවකට හේත්තුවී ඇයට තමා සමග පිටකොටුවේ ඇවිදීමට එන්නැයි කී මැදිවියේ පුද්ගලයෙකු තරුණයන් දෙදෙනෙකුගෙන් හොඳ හැටි ගුටි කෑමේ සිද්ධියක් ඉකුත්දා පිටකොටුවේ බස් රථයකදී දකින්නට ලැබිණි.
සරමක් හා කමිසයකින් සැරසී බස් රථයේ ඉදිරි පෙළ අසුනක වාඩිවී සිටි මැදිවියේ පුද්ගලයාගේ දකුණු පසින් මැදිවියේ කාන්තාවක වාඩිවී සිටියාය. ඔහු වරින් වර ඇය සමග බලෙන්ම වාගේ කතා බහ කරමින් ඇයගේ සිරුරටද හේත්තු වන්නට පටන් ගත්තේය. එය කාන්තාවට නුරුස්සන දෙයක් බවට පත්වී තිබුණු බව ඇයගේ හැසිරීමෙන් දකින්නට විය.
බසය පිටකොටුවට ළඟාවත්ම ඔයා යන්නේ කොහාටදැයි ඔහු ඇයගෙන් විමසූ විට බඩු වගයක් ගන්න පිටකොටුවට යනවා යැයි ඇය පැවසුවාය. මමත් ඉන්නේ පිටකොටුවේ මට කොටුවත් එකයි පිටකොටුවත් එකයි. ඕනෑම කඩයක් අඳුනනවා තනියම යන්න එපා. මේවගේ ඉන්න එවුන් එච්චර හොඳ නැහැ. අද ගෑනියකට තනියම ඇවිදින්න පුළුවන්ද.
බය නැතුව එන්න මාත් එක්ක. ඕනෑම තැනකට යමු මම උදවු කරන්නම්කෝ, යැයි කියමින් ඔහු ඇයට තවත් ළංවිය. මෙතෙක් ඉවසාගෙන සිටි ඇය වහා නැගිට මේ මිනිහා මට ඉන්න දෙන්නේ නැහැ. අනෙකුත් මගීන්ට ඇසෙන සේ පැවසුවාය.
වහා එතැනට පැමිණි තරුණයන් දෙදෙනෙකුට කාන්තාව තමනට මෙතෙක් වේලා සිදුවූ හිරිහැර පැවැසුවාය. තරුණයන් දෙදෙනා කාන්තාවට හිරිහැර කළ පුද්ගලයාට දෝෂාරෝපණ කරද්දී ඔහුද මහා හඬින් කෑ ගසමින් මම ඒ ගෑනිට මොකුත් කළේ නැහැ ඕයි. කියමින් ගෝරනාඩු කරන්නට විය.
තරුණයෝද ඔහුට හොඳ පහර කීපයක් එල්ල කළහ. එයිනුත් නොසැලූණු ඔහු හරි මම බලා ගන්නම් මගෙත් කොල්ලෙක් හමුදාවේ ඉන්නේ යයි දොඩවමින් හිස්ව තිබූ වෙනත් අසුනකින් වාඩිවී ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ අර ඉන්දියාවේ වගේ",කාන්තාවන්ට පමණයි"කියලා බස් එකේ කොටසක් වෙන් කරගන්න එක.එවිට මම හිතන්නේ මේ වාගේ නැහැදිච්ච මිනිසුන්ගෙන් බේරිලා අපේ කාන්තා පරපුරට නිවී සැනසිල්ලේ තමන්ගේ ගමන් බිමන් යන්න හැකි වේවි කියලා.ඒත් ........ඒක එහෙම අපේ රටේ වෙයිද.....? (අ)
ඒකනන් හොද වැඩෙි දෙන්න ඕනේ දත් සෙටි එක බඩට යන්න (බ)
යස වැඩේ ඉල ඇට කුඩුවෙන්නයි ගහන්න තිබුණෙ. (අ)
ජනිත්, ඉතින් එම නිදහස නැතිකළේ කව්ද? ඒකට වගකියන්න ඕනේ කව්ද? මේ සේරම උනේ 77 න් පස්සේ. (ර)
කාන්තාවක් කියන්නේ ඕනැම පිරිමියෙකුට හා කියන්න මැවිලා තිබෙන භාණ්ඩයක් කියලානේ මේ සමහරු හිතන්නේ. (අ)
ඇයි නෝනේ නොදන්නා අයත් එක්ක කතාවට ගියේ? පාඩුවේ ගියා නම් ඉවරනේ. (නි)
හොඳ වැඩේ ගහපු එකනම්. ගහලා පොලිසියට දෙන්න තිබුනේ.ගැහැණුන්ට අපහාස කරන්නෙත් පිරිමි, ගැහැණුන්ට කරදර කරන්නෙත් පිරිමි. අනේ මන්දා, මේ එරික්ලා වගේ මිනිස්සු කවදා හැදෙයිද කියලා. (නි)
කපන්න තිබුනේ මිනිහගේ කට නැවත ඔය වගේ දෙයක් කරන්න බැරිවෙන්න (නි)
අනේ දෙවියනේ!මේ මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ?කාන්තාවකටවත් තනිපංගලමේ ගමනක් බිමනක් යන්න දෙන්නේ නැත්තේ ඇයි? (නි)
මේ කතාවේ සරමකින් සැරසී සිටිය පුද්ගලයෙකුගේ කතාව කියවනවිට මට කලකට ඉහත සිදු වුණ දෙයක් මතක් වුණා. නුවර සිට මාතලේ දක්වා ධාවනයවූ සෙනඟ පිරි ලංගම බස් රථයක සිටගෙන ගමන් කරපු මගීන් දෙදෙනෙක් අතර රන්ඩුවකි. එක්කෙනෙක් සරම් කාරයෙක්. අනිකා කලිසම් කාරයෙක්.සරම ඇඳී පුද්ගලයා අහනවා අනෙකාගෙන් "තමුසේ කලිසමකුත් ඇඳගෙනද ඕයි .මෙහෙම කරන්නේ" කියලා.කලිසම ඇඳී පුද්ගලයා අහනවා "තමුසේ සරමක් ඇඳගෙනද මෙහෙම කතා කරන්නේ" කියලා.සන්ඩුව මොකටද දන්නේ නැති වුණාත් මට මේක මතක් වෙද්දී තාම හිනා. (අ)
වීරයෝ ඕනේ තරම් , ඔය ගහපු දෙන්නට නම් ඇවිදින්න යන්න බැරිවුනාට ඊර්ශ්‍යාව ඇති. (ස)
තරුණ දරුවන් දෙදෙනාට ගොඩක් ස්තුතියි. මේ වගේ දේවලට සමහරු මැදිහත් වෙන්නේ නැහැ. අහක බලා ගෙන යනවා. ඒක නිසා බස්වල ගමන් ගන්න කාන්තාවන්ට මෙවැනි හිරිහැර වල අඩුවීමක් වෙන්නේ නැහැ. මෙහෙම ඉදිරිපත් වන දරුවන් කාන්තාවන්ට ලොකු ආරක්ෂාවක්. නැවතත් එම දරුවන්ට ස්තුතියි. (බ)
කාන්තා හිංසනය පිටු දකිමු. (ර)
පුදුම මිනිස්සු තමා. (අ)
වරද ඔහුගේ වුණත් නිතිය අතට ගන්න එකනම් වැරදියි, කරන්න තිබුණේ පොලොසියට බාර දෙන්නයි (අ)
ළමා අපචාර කාන්තාවන් දුශන කිරීම් ..අපේ සමාජය ගොඩක් පිරිහිලා ...මේකට හොදම විසදුම ගම වල ජනතව එකතු වෙන එක .....මම දන්නා තරමින් අපේ ගමේ ඔය වගේ නරක වැඩක් කරලා බේරෙන්න බැරි බව ගමේ ඉන්න කසිප්පු කාරයත් දන්නවා....ඒ නිසා ගමේ තරුණියකට කාන්තාවකට තනියම පාරේ යන්න වාතාවරණයක් හැදිලා තියෙනවා .(හේ)
සමහර මිනිස්සුන්ට ගුටි කාලත් ලැජ්ජ නැහැ (බ)