රැකියාවක නියුතු ඔහු විවාහකයෙකි. ඔහුගේ එක් විනෝදාංශයක් වූයේ කාන්තාවන්ට දුරකථනයෙන් ඇමැතීමයි. දිනක් ඔහු දුම්රිය මැදිරියක ලියා තිබූ දුරකථන අංකයකට ඇමැතීය. ‘‘කොහෙන්ද ඔයාට මේ නොම්මරේ”. කාන්තාවක් එහා කොනෙන් ඇසුවාය. ‘‘මේකෙන් ‘මිස් කෝල්’ එකක් තිබුණා. ඔහු පැවසීය.
කෙසේ හෝ දෙදෙනා අතර සම්බන්ධතාවක් ගොඩ නැගිණි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත් සැමියා අතහැර ගොස් ඇති බවත් රැකියාවක් කරන බවත් ඔහු හෙළි කර ගත්තේය. දින කිහිපයකින් ඔහු හෝටලයකට ගොස් කතා කිරීමට ඇයව එකඟ කර ගත්තේය.
‘‘මේ දවස්වල මගේ අතේ සල්ලිත් නැහැ. ඔයාට පුළුවන්ද කාමර කුලිය රුපියල් දාහක් අරන් එන්න. මම පඩි අරන් ඔයාට ඒක දෙන්නම්.” ඇය කැමැති වූවාය. තම සුපුරුදු හෝටලයට ගොස් පැය කිහිපයක් එහි ගත කර ඇයගෙන් රුපියල් දාහක් ලබාගෙන එළියට වී සිටින ලෙස ඇයට පැවසුවේ හෝටලයේ සේවකයන් ඇය දකීවි යැයි පවසමිනි. ඔහු කාමර කුලිය වශයෙන් රුපියල් පන්සීයක් ගෙවා ඉතිරි මුදල තම සාක්කුවට දමා ගත්තේය.
ටික වේලාවකින් කාන්තාව ඇමතුමක් දෙමින් ‘‘ඔයා කොහෙද? පරෙස්සමෙන් යන්න’’ යැයි කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට හිනාවෙනවද? අඩනවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
චන්ද්‍රිකා, කවුද දන්නේ එයාගේ ටෙලිෆෝන් නොම්මරේ වෙන කෙනෙක් ලිවුවද කියලා. ඔයාගේ නොම්මරේ කවුරු හරි කොහේ හරි ලියලා , කොහොමද රැට මිස් කෝල්ස් ආවොත්? (නි)
මිනිහා පිරිසිදු හිඟන්නෙක් (ස)
එක්තරා මානසික රෝගියෙක් දිගින් දිගටම හැමදේටම දකුණට පහර ගසමින් අදහස් දක්වනු පෙනේ. මෙහි අවසානයක් තිබිය යුතුය. (නි)
කිසිම කෙනෙක් මේ කතාව තවම හරියට තේරුම් අරගෙන නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සල්ලි අරගන්නේ සාමාන්‍යයෙන් ගැහැණුනේ.... (නි)
බොරු...බෝරු (ස)
නාලකට මොකද වෙලා තියෙන්නේ (ස)
පිස්සු නැත්නම් ෂෝක් නේද? (නි)
දකුණ හෑල්ලු කරන්න අවශ්‍ය නැහැ. මේක අපේ ලංකාව. (නි)
මනුෂ්‍යයින්ට උතුර දකුණ මාරුවෙන වෙලාවල් තියෙනවා. සොරි කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)
මේක නම් දෙයියෝ සාක්කියක්. (නි)
අප්පුහාමි, හිනා නොයනවා නම් හිනායන විදියට මොනවාහරි කරගන්නවා. (නි)
500 ට තියෙන කාමර කොහෙද තියෙන්නේ ?? නුවරද ??? (ස)
මම දකුණේ නෙමෙයි නුවර (ස)
මේක අන්දරේගේ කතාවක් වගේනේ (ස)
සුදේශ්, නුවර මානසික රෝහලක් තියෙනව නේද? (ස)
ඔන්න වැඩ (දී)
සුදේශ්, ඒ තමුන්ගේ කවුරුවත් නෙමෙයිද? (නි)
දැන් මොකටද මේකේ හිනායන්නේ? (නි)
මේ අප්පුහාමි, හිනායන්නෙ නැත්නම් කිති කවා ගන්නවා. (නි)
ඕචචර දගලන්නෙ නැතුව ඉතුරු පන්සීය හරි ඉල්ලා ගත්තා නම් හරිනේ. (නි)
අප්පුහාමිට හිනානොයන එකට ඇයි හිල්මිට තරහා ගියේ? (නි)
කාන්තාව සතුටු වෙන්න ඕනේ 1000 ගත්තේ නැති එකට (දී)
රුපියල් 1000 නැතිවුණත් මොකෝ? කාන්තාව සතුටින් ගෙදර ගියානේ. (නි)
ජංගම දුරකතනයේ අංකය තැන් තැන් වල ලියන්නේ මොන විදියේ කාන්තාවන්දැයි ඔබ දන්නවා ඇත. (නි)
ඒ කාන්තාව මන්දබුද්ධිකදැයි සැකයි. (නි)
ඒ දුරකතන අංකය සොයාගන්න ක්‍රමයක් නැද්ද? (නි)
මෙහි දක්වා ඇති සමහර අදහස් දුටු විට අපේ සමාජයේ ඇති බංකොළොත්භාවය මනාව පිළිබිඹු වේ. (නි)
කොහොමද දකුණේ අයගේ මොළේ? (නි)
දැන් ජාතිවාදයයි යුද්දයයි ඉවරයි , ඊලඟට පළාත් වාදය පටන්ගනීවි වගේ (ස)
තුන් සැරයක් කියෙවුවා. මට නම් හිනා යන කෑල්ල හොයාගන්න බැරි වුණා. (නි)
මොන කෝච්චියේද ඔය නොම්මරේ තියෙන්නේ? මටත් කියන්නකෝ. (නි)
තමන්ගේ දුරකතන අංකය තැන් තැන් වල ලියන අය ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න ඕනෑ. (නි)
අනේ අම්මපා මගේ කට... (නි)
දැන් ඒ පුරුෂයා කොහෙද දන්නෙ නැහැ ඉන්නේ? (නි)
ඉතාම හොදයි.,!(නු)
අයියෝ සල්ලි! (නි)
මෙම කාන්තාව දකුණේද? (නි)
ඊසාම් ඹබ නිවැරදියි (ස)
කොහෙද අප්පා මේ 500 ට තියෙන කාමර තියන්නේ? (නි)
වැදගත් මහත්මයෙකු යැයි සිතා ඇසුරු කිරීමට උත්සාහ කරපු කාන්තාව රවට්ටපු කෙනා, ඒ ගැන ලජ්ජා විය යුතුයි.
කාන්තාව සුදේශ්ගේ නෑයෙක්ද?(නු)
ඇයි සුදේශ්ට මේ කාන්තාව විශ්වාස කරන්න ඕන ද?(නු)