වෙළෙඳ සැලක දොරකට අගුලූ දැමීම සඳහා ඉබ්බෙකු සොයා ගෙන එන ලෙස එහි සේවකයකුට දැන්වීමෙන් පසුව එම සේවකයා අසල තිබූ පොකුණක් පීරා සෙවීමේ පුවතක් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය. රට අභ්‍යන්තර එක්තරා කඳුකර නගරයට ආසන්න කුඩා ගම් පෙදෙසකි. එහි ඇත්තේ කුඩා ප‍්‍රමාණයේ වෙළෙඳසැල් දෙක තුනක් පමණි. ඒවාද එතරම් ශක්තිමත්ව ඉදි කළ ඒවා නොවේ. දිනක් එක් වෙළෙඳසැලක හිමිකරු එම වෙළෙඳසැලේ පසුපස දොර සකස් කිරීමට උත්සාහ කළේය. ඒ සඳහා අලූතින් ඉබ්බෙකු දැමීමට අවශ්‍ය වූ බැවින් ඔහු යටතේ සේවය කළ සේවකයාට කතා කර ඉක්මනින් ඉබ්බෙකු සොයා ගෙන එන ලෙස දැන්වීය. සේවකයා ද එක හුස්මට දිව ගිය අතර සෑහෙන වේලාවක් ගියත් ඔහු නොපැමිධෑම ගැන වෙළෙඳසැලේ හිමිකරු විපරම් කරමින් සිටියේය.
මේ අතර වෙළෙඳසැලට පැමිණි පුද්ගලයකු ”මුදලාලි මොකද ගෝලයා පොකුණ පීරන්නේ” යැයි ඇසීය. මෙම කතාවත් සමග වෙළෙඳසැලේ හිමිකරුට සිදුව ඇති දෑ අවබෝධ විය. බොහෝ වේලාවකට පසු පැමිණි සේවකයාගෙන් ”කෝ ඉබ්බා” යැයි ඇසීය. ”අනේ මුදලාලි මුළු පොකුණෙම හෙව්වා එක ඉබ්බෙක්වත් සොයා ගන්න බැරි වුණානේ” යැයි කීය. වෙළෙඳසැලේ හිමිකරුට පමණක් නොව අසල සිටි අයටත් සිනහව පාලනය කර ගත නොහැකි වූ අතර පසුව වෙළෙඳසැලේ හිමිකරු දියේ ඉන්න ඉබ්බයි දොරට දාන ඉබ්බයි අතර වෙනස පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි කදුකර පෙදෙසක ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර වටිනවාද? හවසට ගිහින් මේ වගේ කඩෙකින් තේ එකක් එහෙම බීලා ඉන්න ජීවිතේ සරලයි තෘප්තිමත්.(රේ)
අනේ පවු අසරණයා! (නි)
නියම ගෝලයා! (නි)
ලතා, ඔයා හරි. දැන් කාලේ ලංකාවේ ඔහොම මෝඩ මිනිසුන් නැහැ. (නි)
මේ ක ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක් වගේ (අ)
මේ මනුස්සය ඉන්න ගම කොහෙද?අපේ තියනවා ස්වෙච්චා සංවිධානයක් අපිට පුළුවනි මෙවන් අයට උපකාර කරන්න.(ම)
කඳුකර පෙදෙසකනම් ඉතින් අහන්නත් දෙයක් නැහැ ඒගොල්ලන්ගේ ලෝකේ කඳුකරේ විතරයි (ම)
මට හරියට හිනා ගියා අනේ... (ර)
අයියෝ පවු කොල්ලා.(හේ)
මමත් ලතාගේ අදහසට එකඟයි (නි)
මට හරියට හිනාගියා (නි)
මෙච්චර මෝඩ වුණහම මදෑ... (නි)
දැන් මෙතන මෝඩය මුදලාලිද ගෝලයද. තමන් ළඟ වැඩ කරන ගෝලයාගේ බුද්දි මට්ටම නොදන්නා හෝ එසේ දැනගන වැඩ පවරන මුදලාලි මමනම් හිතන්නේ ගෝලයට වැඩ මෝඩයි. (අ)