මහනුවරට නුදුරු එක්තරා ප‍්‍රදේශයක පෙරහරක් පැවැත්වුණ දිනයකි. මේ සඳහා රටේ විවිධ පෙදෙස්වලින් විවිධාකාර පුද්ගලයෝ පැමිණියහ. එසේ පැමිණි එක්තරා පුද්ගලයකු පෙරහර පසෙක දමා අසල තිබූ පුංචි තේ කඩයකට ගොඩ වුණේ, කඬේ කාන්තාව දෙස ද හොරැහින් බලමිනි. කාන්තාව හැර කඬේ වෙනත් කිසිවකු නොවූයෙන් ඔහු කඩ හිමි කාන්තාවගේ රූසිරි නෙත් සිත් පුරා වින්දේය. ඇයගේ රුවින් ඔහු මුසපත්ව සිටියේය. එහෙයින්ම ඔහුට දැනුණේ අප‍්‍රමාණ ලෝභකමකි. ඇයගේ ඉඟි බිඟි ආලවන්තකම්වල හැටියට ඇය තමන්ට කැමතිය. එහි නම් කිසිම සැකයක් නැත. ඊළඟ වතාවේ ඇය ළඟට එන විට ඔහු පුංචියට තම අදහස ඇයට කීවේය. ”ඔයාව හම්බවෙන්න බැරිද?” ඇය බියෙන් වටපිට බලා හිස සැලූවේ ”පුළුවන්” යැයි හැගෙන අයුරිනි. ”කොහේදි ද?” ඔහු ඇසුවේය. ඊට පිළිතුරු දීම වෙනුවට ඇය කළේ එතැනට නුදුරුව ඇති නවාතැන්පලක් (ගෙස්ට් හවුස්) දෙස බලා දෑසින් එය දැක්වීමයි. ඔහුට දැනුණේ අපමණ සතුටකි. කොයි වෙලාවේ කොතැනක හමුවිය හැකිදැයි ඇයගෙන් විමසූ විට ඇය ඒ මොහොතේම හෝ එන්නට කැමැත්ත පළ කළාය. ”ඔව් ඔයා ගිහින් විනාඩි දහයකින් විතර මං එන්නං ගිහින් මට ෆෝන් කරලා කාමරේ නොම්රේ කියන්නැයි” ඇය ඔහුට ජංගම දුරකථන අංකය ද දුන්නාය. ඔහු ඇය කී විදිහටම ගෙස්ට් හවුසියට ගොස් කාමරයක් වෙන්කරවා ගෙන මධුවිතෙන් සප්පායම්වී මග බලා සිටියේ, තව ටික වේලාවකින් කාමරයට එන ඇයගේ රුව සිතින් දකිමිනි. විනාඩි දහය, පහළොවක් විය ඔහුගේ ඉවසීම ද කෙටි විය. නැවත නැවත ඔහු ඇයට ජංගම දුරකථනයෙන් කතා කළේය. කඬේ සෙනග බවත් ඉක්මනින් එන බවත් එවිට ඇය කීවාය. නමුත් විනාඩි විස්සක් යන්නට පෙර කාමරයේ දොරට තට්ටු කරනු ඇසුනෙන් ඔහු සතුටු විය. ඔහු දොර ඇරියේය. පුදුමයකි. කාමරයට ආවේ කාන්තාවක් නොව මහනුවර පොලිස් හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් පිරිසකි. පොලිස් නිලධාරීහු බීමතින් සිටි පුද්ගලයා කැඳවාගෙන ගියහ. ඒ වනවිට එතැනට රැස්වූ විශාල පිරිස කඩ හිමි කාන්තාවට මේ පිළිබඳව බෙහෙවින් ප‍්‍රශංසා කළේ අන් කිසිවක් නිසා නොව මේ අපූරු අනංගයා ශ‍්‍රමණවේශධාරියකු බැවිනි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට පඩි ගෙවනවා. වාහනවලට තෙල් ගහන්නේ මහජනතාවගේ සල්ලි වලින් (ස)
නුවර ගිහාම අපිත් මේවට අහුවෙන්න කලින් කඩේ නම කියනවද ??
මෙතන මේ වරද හාමුදුරු කෙනෙක් කරපු එකයි නරක
හාමුදුරුවරුන් ටත් කසදයක්බදල පස්ස මහණකම දුන්නනම් හරි
කොහොමද ටිකිරි මොළේ?
උඹ නාඩන් උඹ නාඩන් උබට ඕව හොද පාඩම්
මමත් ගාල්ලෙ කොලුවා එක්ක එකගයි..
ගනුන්ව තේරුම් ගන්න බෑ හලෝ , උන් තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා
මෙය පැහැදිලි කුමන්ත්‍රණයක් ...මුදලට ගිජු භික්ෂුන් සමාජය ඉදිරියේ මෙලෙස හැසිරවීම අන්‍යාගමික කුමන්ත්‍රණයක් .. පසුගිය දිනෙක එක භික්ෂුවක් තම චීවරයට උඩින් කමිසයක් ඇඳ සිය බිරිය හමුවීමට ගොස් ගැමියන්ට අසු වීමද එවැන්නක්... මෙම කාන්තාව සහ චීවර ධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගන ගොස් ප්‍රශ්න කලයුතුයි
අනිවාර්යෙන්ම අක්කට හිතැති කෙනෙක් නුවර පොලීසියේ ඉන්න ඕන කිව්වා පමණින් ඉක්මනට මෙහෙම ඇවිත් action එකක් ගන්න. අපි නොදන්නා නුවර පොලීසිය...
හොද වැඩේ රට විනාස කරන අයට (දී)
සාශසන විනාශ කරන අයට (ත)
සාසනේ කනවා නේද ?
අයියෝ සාසනේ..................
සාදු සාදු සාදු.....
මේකියන විදිහට මෙයාට ඒවාට වලට ගිහිලත් පුරුදු ඈති . නැතිනම් මේවගේ කියයිද ?
හූ.. හූ...
ගෑණුන් හරියට හිටිය නම් පිරිමි නොමග යන්නේ නැහැ
කරපු වැඩේ ගැන පැහැදීමක් නැහැ.. මොකද කඩේට එන අයට ඉගි බිගි පාන හැටියට ඒ අය වැරදියට තේරැම් ගන්නවා.. කෙලින්ම කිව්වනම් පිස්සු නැතිව යනවා හලෝ කියලා ඉවරයිනේ.. හදිසි ඇමතුම් අංශයේන ගෙන්නවන්න නම් මීට ලොකු දෙයක් වෙන්න ඕන..
මම කීයටවත් හිතන්නේ නැහැ මේ ප්‍රවෘත්තිය සත්‍යයක් කියලා. මොකද මම දන්නවා අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා හරිම සිල්වත් කියලා
මෑන්ට තිබුනෙ වෙන දවසක ඔය වැඩේ කරන්නනේ
මෙම නුවණැති කාන්තාව විසින් ඉගැන්වූ පාඩම රටේ අනිත් කාන්තාවන්ටත් හොද ආදර්ශයක් ලැබෙනවා.. මෙවැනි පහත් වැඩ අඩුවෙන්නත් මෙය බලපානවා.. ඔබට ස්තුතියි කළ වැඩේට..
පොඩි කඩේ හිටිය නගේ නුඹට සිත බැදුනා මගේ.... ඔතන පිරිමි මුදලාලි කෙනෙක් හිටියනම් ඔය වැඩේ වෙන්නෙ නැහැනෙ..
කාන්තාව වෙළද භාණ්ඩයක් උනාම මේවගේ දේවල් සිදුවෙන්න පුළුවං...
කාලයයි නිදුකාණෙනේ.. වඩිනු මැන බුදු පියාණෙනි බෞද්ධ ශාසනය නැතිකරන්න දෙන්න එපා මේවගේ දුෂ්ශීලයන්ට...
මේවා දැකල කලකිරෙනවා නේ....?
පේනවනේ නුවර අක්කලා.නියමයි අක්කා නියමයි
අනේ සාදු.
හෙළ උරුමයේ මන්ත්‍රි හාමුදුරුවන් දෑන්වත් තේරුම්ගෙන දේශපාලනයෙන් ඉවත් වී බුදුසසුන හා රට ජාතිය බේරා ගෑනීමට මහා සග රුවන සමග එක්ව කටයුතු කරන්න.
මේ වගේ තැනකට යන්න කියලා ටෙලිෆෝන් නම්බර් එකත් දුන්නම මොන මිනිහද අනේ නොයන්නේ. (ස)
කාන්තාවක් හිනා වුණු පළියට, කතා කළ පළියට ඒ කාන්තාව බිලි ගන්න බලන් ඉන්න අනංගයින්ට හොද පාඩම්
වෙන්න බැරි වැඩක් !!!
මේකෙ හැටියටනම් වැරද්ද කාන්තාවගේ...
වෙන්න බැරි කතාවක්..!!
මේක විශ්වාාස කරන්න ටිකක් අමාරු කතාවක්...
වෙන්න බැරි සිද්ධියක්.
වෙන්න බැරි කතාවක්.
අක්ක හැදිච්ච කෙනෙක්නම් ඔයවගේ කතාවක් කියන්නේ නැ මූනට තමන්ගේ අකමැත්ත කියනවා මිසක්
පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් අල්ලං යන්න මෙයා කරපු වරද මොකක්ද ?????
කරපු වැඩේ නම් හොදයි. (ස)
මේ වගේ පුවත් පත්තරේ දමන්න එපා....
මමත් ගාල්ලෙ කෙලුවා එක්ක එකගයි.. මේ පුවත බලන අයට තේරෙන විදිහයට මේ කාන්තාවගෙ කැමැත්ත ඇතුවයි මේ වැඩේ වෙලා තියෙන්නෙ.. මේකෙ සම්පූර්ණම නොමග යැවීමක්.. බලහත්කාරකමක් නෙමෙයිනෙ.. පොලිසි යන්න තරම් හේතුවක් නෙමෙයි.. කාන්තාව තමයි පොලිසි ගෙනියන්න ඕන මිනිස්සු රවට්ටනවාට..
වැඩේ කෙතයි කඩේ කෙල්ලගේ වරද
පොලීසියට වෙන වැඩ නැද්ද. මේවගේ දේවල්වලට යන්න. (ස)
මාමාගේ කතාවත් හරි තමා...
නැන්දම්මා හිනාවෙලා කතාකළාම කෙනෙක් යෝජනාවක් ගෙනාවොත් මොකක් වෙයිද දන්නේ නෑ
මමත් ඔබහ එකයි මාමේ, මෙයාට තිබුනේ ඒ වෙලාවේම එම පුද්ගලයා දිහා රවල බලන්න, දන්නා මායම් 64 ම දමල මිනිස්සුන්ව රවටන්න හදනවා, අනික ශ්‍රමණධාරියකු මත්පැන් ඉල්ලුවහම ගෙස්ට් හවුස් එකේ අයට නොදී ඉන්න තිබුන, පොලිසියත් අල්ලයි මේවගේ සිල්ලර වැඩ කරන අයව, පොලිසිය ලගදීම මිනිස්සුන්ව කපල කොටලා මරනවා, යකඩ විකුනපු අය ප්‍රසිද්දියේ හැසිරෙනවා වරෙන්තු තිබියදී ඒ ව අල්ලන්න බැහැ මෙයාලට, මේ කාන්තාවට තමයි නඩු දමන්න ඕන මිනිසුන්ව මුළා කරනවට.
දෙන්නම වැරදියි
ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ
බැල්මත්ලට හොද පාඩම් .
අනේ .අනේ .හිරලුවෝ ...දෙන්නම් ජම්බු කියලද .හිටියේ ?
මේ ගැහැණිය කපටි ගැහැණු මායම් 64 දමා අසරණ ස්වාමීන් වහන්සේව පොළඹවාගෙන යම්කිසි ආශාවක් තෘප්තිමත් කරගැනීමට උත්සාහ කර අවසානයේදී එය වැරදි ඇගේ සැමියා හට දැන ගැනීමට ලැබීම නිසා ඇයට ගැලවීමට ස්වාමීන් වහන්සේව පාවා දී ඇතිබව මට සිතේ. මේ කාන්තාව පව්කාරියකි.ඇය අසරණ ස්වාමීන් වහන්සේව වරදට පොළඹවා පසුව සියළු වරද උන්වහන්සේගේ පිට පටවා ඇය ගැලවී හොඳ නමද ආරක්ෂා කරගැනීමට සමත්ව තිබේ.මම හිතන්නේ සම්පූර්ණ වරද මේ කාන්තාවගේ.මමත් යුවතියක්.ඒත් මම කපටි නැහැ.මම නම් මෙහෙම ස්වාමීන් වහන්සේ නමකට දොස් අහන්න ඉඩ තියන්නේ නැහැ. අනිත මෙහෙම දෙයක් වුනා නම් මම මේ විදිහට ස්වාමීන් වහන්සේගේ නම කැත කරන්නේ නැහැ මට මොනවා වුනත් මම ඉවසනවා.කවුරු වුනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නේ.මම හරිම ශ්‍රද්ධාවන්ත බෞද්ධ කුල කාන්තාවක් විදිහට ස්වාමීන් වහන්සේලාව ලඟින් ඇසුරු කරන්න හරිම කැමතියි.මොකද ස්වාමීන් වහන්සේලා ත්‍රිවිධ රත්නයට අයිති වෙන නිසාය.
හාමුදුරු වෙසින් ඉන්නා පුද්ගලයෙක්ද?? මීට පෙර පුවත්පත්වල වාර්තාවුණ සිදුවීම්වලද මෙවැනි පුද්ගලයන් සිටිය හැක... බෞද්ධයනි අවදිවන්න... නිකරුනේ උතුම්වූ සංඝයාට අපහස කිරීමෙන් වලකින්න...