නගරයේ කොණ්ඩා කැපීමේ ස්ථානයකට (බාබර් සාප්පුවකට) ගොස් තම කොණ්ඩය කපාගත් ගම්බද ප්‍රදේශයක වයෝවෘද්ධ පුද්ගලයකු කොණ්ඩා කැපීමේ ගාස්තුව වශයෙන් පොළොස් ගෙඩි දෙකක් හා දෙහිගෙඩි කීපයක් කරණවෑමියා අත තැබීමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
එය නගරයේ බාබර් සාප්පුවකි. පසුගිය දිනෙක මල්ලක්ද රැගෙන එයට ගොඩවූ වයෝවෘද්ධ පුද්ගලයකු තම කොණ්ඩය කපා දෙන්නැයි එහි සිටි කරණවෑමියාගෙන් ඉල්ලා සිටියේ එහි තිබූ අසුනක හරිබරි ගැහී වාඩි වෙමිනි.
කරණවෑමියාද සිය කාරිය මැනවින් ඉටුකළේ ඔහුගේ ආ ගිය තොරතුරු පිළිබඳව ද විමසමිනි. කෙසේ වෙතත් කොණ්ඩය කැපීමෙන් පසුව සිය අසුනින් නැගිටගත් එම පුද්ගලයා කොණ්ඩය කැපීමේ ගාස්තුව වෙනුවට මල්ලට අත දමා එළියට ගත් පොළොස් ගෙඩි දෙකක් හා දෙහි ගෙඩි කීපයක් කරනවෑමියා අත තැබුවේ ඔහු අන්ද මන්ද කරමිනි.
“අනේ පුතේ මට සල්ලි නැහැ. දැනට ඕක තියාගනින්. මම ආයෙ එන දවසක කෙහෙල් මුව දෙකක් ගෙනත් දෙන්නම්. මම මේ පොළට හැමදාම එනවා” කරන්නට අන් යමක් නැතිව දුටු කරණවෑමියාද පොළොස් ගෙඩි දෙක හා දෙහි ගෙඩි කීපය පසෙකින් තැබුවේ වයෝවෘද්ධ පුද්ගලයාට පිටව යන්නට දොර විවෘත කර දෙමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලොස් ගෙඩි දෙකට ගැලපෙන්නේ හොදට පැහුණු පොල් ගෙඩි දෙකක්. හරිම වටිනා හුවමාරුවක්.(රේ)
සමහරවිට නියමිත මුදලට වඩා වටිනවා ඇති .ඉස්සර කාලේ ගනු දෙනු කලේ භාණ්ඩ හුවමාරුවෙන්. මේ මනුස්සයා එක යුගයක් පන්නලා කෙලින්ම මේ යුගයට ඇවිත් වගේ.(හේ)
සිංහල මිනිසා බාර ගනී. මම නම් අසරණ මනුස්සයන්ට පොලොස් ටිකක් දීලා දානවා (බ)
මගේ යාලුවෙකුට ටැක්සියේ ගාස්තුව වෙනුවෙන් අලුත් මාළු වලින් ගෙවාල තිබුනා. මේක වුනේ ලංකාවේ නොවෙයි. විනෝදයට මාළු අල්ලන ගිය කෙනාට මාළු ගොඩක් ලැබිලා ගෙදර ශීතකරණයේ ඉඩ මදි නිසා ඉතුරු මාළු දීලා තියෙන්නේ. මීටරේ ගැන වගේ කීප ගුණයක් වෙනවා ඒ මාළු ටිකට (හේ)
කොණ්ඩ කපන්න රුපියල් 150ක් කියමුකෝ. පොළොස් ගෙඩි 2 කම රුපියල් 200ක් වටියි. දෙහි මිල ගැන ඔබ සියලු දෙනාම දන්නවා ඇති නේද. කරණවෑමියාට කිසිම පාඩුවක් නැහැ. මොකද කෘමිනාශක නොමැති හොඳ ආහාරයක් ලැබිලා (නි)
දෙපාරක් කොණ්ඩය කපාගන්න පුළුවන් මේ ගාස්තුවෙන් (නි)
සල්ලි වලට වැඩිය මේවා වටිනවා (නි)
කරණවෑමියාට සල්ලි ගත්තට වඩා වාසියි (නි)
පොළොස් කියන්නේ නියම කෑමක්. හැබැයි මේක හරියට හදන්නට දැනගෙන සිටිය යුතුයි. පොළොස් ගෙඩි දෙක පාඩුවක් වන්නේ නැහැ (නි)
මාරයිනේ.(හේ)
මුදල් වලට වඩා මේවා කොච්චර අගේද? (ර)
අසරණ වයසක මනුස්සයෙක් නිසා නිහඩව පොලොස් දෙහි බාරගන්න ඇති. (ර)