IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොණ්ඩය කැපුවාට අමුතු ගාස්තුවක්

නගරයේ කොණ්ඩා කැපීමේ ස්ථානයකට (බාබර් සාප්පුවකට) ගොස් තම කොණ්ඩය කපාගත් ගම්බද ප්‍රදේශයක වයෝවෘද්ධ පුද්ගලයකු කොණ්ඩා කැපීමේ ගාස්තුව වශයෙන් පොළොස් ගෙඩි දෙකක් හා දෙහිගෙඩි කීපයක් කරණවෑමියා අත තැබීමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය. 

සිද්ධිය මෙසේය.


එය නගරයේ බාබර් සාප්පුවකි. පසුගිය දිනෙක මල්ලක්ද රැගෙන එයට ගොඩවූ වයෝවෘද්ධ පුද්ගලයකු තම කොණ්ඩය කපා දෙන්නැයි එහි සිටි කරණවෑමියාගෙන් ඉල්ලා සිටියේ එහි තිබූ අසුනක හරිබරි ගැහී වාඩි වෙමිනි.


කරණවෑමියාද සිය කාරිය මැනවින් ඉටුකළේ ඔහුගේ ආ ගිය තොරතුරු පිළිබඳව ද විමසමිනි. කෙසේ වෙතත් කොණ්ඩය කැපීමෙන් පසුව සිය අසුනින් නැගිටගත් එම පුද්ගලයා කොණ්ඩය කැපීමේ ගාස්තුව වෙනුවට මල්ලට අත දමා එළියට ගත් පොළොස් ගෙඩි දෙකක් හා දෙහි ගෙඩි කීපයක් කරනවෑමියා අත තැබුවේ ඔහු අන්ද මන්ද කරමිනි.


“අනේ පුතේ මට සල්ලි නැහැ. දැනට ඕක තියාගනින්. මම ආයෙ එන දවසක කෙහෙල් මුව දෙකක් ගෙනත් දෙන්නම්. මම මේ පොළට හැමදාම එනවා” කරන්නට අන් යමක් නැතිව දුටු කරණවෑමියාද පොළොස් ගෙඩි දෙක හා දෙහි ගෙඩි කීපය පසෙකින් තැබුවේ වයෝවෘද්ධ පුද්ගලයාට පිටව යන්නට දොර විවෘත කර දෙමිනි.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

කොණ්ඩය කැපුවාට අමුතු ගාස්තුවක්

පද්මිනී Sunday, 21 August 2016 04:55 AM

පොලොස් ගෙඩි දෙකට ගැලපෙන්නේ හොදට පැහුණු පොල් ගෙඩි දෙකක්. හරිම වටිනා හුවමාරුවක්.(රේ)

:       0       0

අනිල් Thursday, 18 August 2016 06:00 AM

සමහරවිට නියමිත මුදලට වඩා වටිනවා ඇති .ඉස්සර කාලේ ගනු දෙනු කලේ භාණ්ඩ හුවමාරුවෙන්. මේ මනුස්සයා එක යුගයක් පන්නලා කෙලින්ම මේ යුගයට ඇවිත් වගේ.(හේ)

:       0       0

ඩෙරිික් Thursday, 18 August 2016 02:01 PM

සිංහල මිනිසා බාර ගනී. මම නම් අසරණ මනුස්සයන්ට පොලොස් ටිකක් දීලා දානවා (බ)

:       0       0

ශාන්ත Thursday, 18 August 2016 03:25 PM

මගේ යාලුවෙකුට ටැක්සියේ ගාස්තුව වෙනුවෙන් අලුත් මාළු වලින් ගෙවාල තිබුනා. මේක වුනේ ලංකාවේ නොවෙයි. විනෝදයට මාළු අල්ලන ගිය කෙනාට මාළු ගොඩක් ලැබිලා ගෙදර ශීතකරණයේ ඉඩ මදි නිසා ඉතුරු මාළු දීලා තියෙන්නේ. මීටරේ ගැන වගේ කීප ගුණයක් වෙනවා ඒ මාළු ටිකට (හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 18 August 2016 07:11 AM

කොණ්ඩ කපන්න රුපියල් 150ක් කියමුකෝ. පොළොස් ගෙඩි 2 කම රුපියල් 200ක් වටියි. දෙහි මිල ගැන ඔබ සියලු දෙනාම දන්නවා ඇති නේද. කරණවෑමියාට කිසිම පාඩුවක් නැහැ. මොකද කෘමිනාශක නොමැති හොඳ ආහාරයක් ලැබිලා (නි)

:       0       0

නිරුල් Thursday, 18 August 2016 07:26 AM

දෙපාරක් කොණ්ඩය කපාගන්න පුළුවන් මේ ගාස්තුවෙන් (නි)

:       0       0

මොහොමඩ් Thursday, 18 August 2016 07:51 AM

සල්ලි වලට වැඩිය මේවා වටිනවා (නි)

:       0       0

අතුල Thursday, 18 August 2016 07:44 PM

කරණවෑමියාට සල්ලි ගත්තට වඩා වාසියි (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 18 August 2016 07:38 PM

පොළොස් කියන්නේ නියම කෑමක්. හැබැයි මේක හරියට හදන්නට දැනගෙන සිටිය යුතුයි. පොළොස් ගෙඩි දෙක පාඩුවක් වන්නේ නැහැ (නි)

:       0       0

ජීවන් Thursday, 18 August 2016 10:21 AM

මාරයිනේ.(හේ)

:       0       0

රවන් Thursday, 18 August 2016 10:43 AM

මුදල් වලට වඩා මේවා කොච්චර අගේද? (ර)

:       0       0

ශ්‍රියානි Thursday, 18 August 2016 10:41 AM

අසරණ වයසක මනුස්සයෙක් නිසා නිහඩව පොලොස් දෙහි බාරගන්න ඇති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site