(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
විදේශ රටක සේවය කොට විවාහය සඳහා සිය රට පැමිණි තරුණියකට තම දිගු වරලස හදිසියේ අහිමිවීම නිසා විවාහය දෙදරා ගිය පුවතක් කන්ද උඩරටට නුදුරු ගම්මානකින් වාර්තා විය.
මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස වසර තුනක් පමණ සේවය කළ ඇය හරිහම්බ කරගත් දෑ සමගින් සිය රට පැමිණියේ තම වැඩිමහල් සොයුරිය විසින් යෝජනාවක් අනුව කතිකා කර ගත් තරුණයකු සමග ඉක්මන් විවාහයක් කර ගැනීම සඳහාය.
තම අනාගත සිහින කුමාරයාගේ ඥාතීන් තමන්ව බැලීමට ඊට ආසන්න දිනයක තම වැඩිමහල් සොයුරියගේ නිවසට පැමිණීමට නියමිතව තිබූ නිසා ඇය ද ඊට සූදානම්ව ඇගේ සොයුරියගේ නිවසට පැමිණියේ දහසකුත් එකක් ප්‍රාර්ථනා මධ්‍යයේය.
එසේ පැමිණි ඇය තම සොයුරියගේ සිඟිති දියණියන් දෙදෙනා සමග නිවසේ වූ ඇඳක කෙළිදෙලෙන් සිටියදී ඇයටද හොරා ඇයට නින්ද ගොස් ඇත්තේ මේ දිනවල පවතින වියළි කාලගුණයද සමගින් වූ තෙහෙට්ටුව ද නිසාය.
ඇගේ නින්දයාම නිසා පාළුවක් දැනී ඇති සිඟිති දියණියන් දෙදෙනා එම පාළුව අකාමකා දැමීමට නිවසේ වූ පනාවක් හා කතුරක් ගෙන ඇඳ මතම පුංචි පහේ සැලුන් එකක් දමා ඇත්තේ ඇගේ දිගු වරලස කීතු කීතුවලට කපා දමමිනි.
පසුව ටික වේලාවකින් අවදිව බලන විට තමන්ගේ වරලසට සිදුවී ඇති දෙය දැක ලැජ්ජාවට පත්වූ ඇය විවාහය පසෙක දමා මේ වන විට නිවසින් හෝ එළියට ඒමට නොහැකිව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි උන් දෙන්නා මරු වැඩේනේ කරලා තියෙන්නේ...
දැන් ඉතින් මොනවා කරන්නද..? අලුත් මෝස්තරයකට කොණ්ඩය කපාගෙන ,ආපු වැඩේ කරගන්න තියෙන්නේ.
දැන් මේ කතාවේ කොහේද මංගල්‍යය කඩාකප්පල් වෙච්ච බවක් කියන්නේ?
හොඳ වෙලාවට කොණ්ඩේ විතරක් කපල බේරුනේ.