කුණකටුවකු සැඟවී සිටි හිස් වැස්මක් දමාගෙන බදුල්ලේ සිට මීගහකිවුලට පැමිණි තරුණයෙකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තාවේ.
අදාළ තරුණයාගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගහකිවුල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කළේය. රැකියාවට පැමිණියේ යතුරුපැදියෙනි. පසුගිය දිනෙක ද කඩිමුඩියේම හිස්වැසුම දමාගත් ඔහු යතුරුපැදියෙන් වැඩට එන්නට පිටත් වුනේය.
මීගහකිවුල නගරය ආසන්න වෙද්දී හිස්වැස්මේ ඇතුළත කිසියම් දෙයක් දඟලන්නාක් මෙන් ඔහුට දැනුනි. එහෙත් ඒ ගැන තැකීමක් නොකළ ඔහු සේවා ස්ථානයටම පැමිණියේ ඒ වනවිටත් සේවයට පැමිණිය යුතු වේලාව ආසන්නව තිබූ නිසාය.
ගමන නිමාකොට හිස්වැස්ම ගලවා හිසෙන් ඉවත්කරනවාත් සමගම හිස්වැස්මෙන් එළියට පැන්නේ අඩි එකහමාරක් පමණ දිගැති කුණකටුවෙකි.
හිස්වැස්මටත් හිසටත් හිරවීම නිසා කුණකටුවා දැඟලුවත් වාසනාවකට මෙන් ඌ දෂ්ඨ කර නොතිබිණි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් ගියා! (නි)
මා පාසල් යන අවදියේ කුණ කටුවෙක් මට දෂ්ට කළා කකුලට මා මහත් දුක් වේදනා වින්ද , අවසානයේදී කකුලේ අස්ථි පවා එලියට පෙනුන, උග්‍ර විෂ නිසා මස් දියවෙමින් යනවා ,,යන්තමින් කකුල නොකපා බේරුනේ දොස්තර මහතුන්ට පින්සිදු වන්නටය් ,,(බ)
ලංකාවේ සර්පයන් හඳුනා ගැනීම විවාදාත්මක දෙයක්. සමහර වෙදැදුරන් විසින් ලෙඩාට නොයෙකුත් බෙහෙත් නස්න කිරීම නම් විවාදාත්මක හා අනතුරුදායක වන්නේය. මක්නිසාද යත් එවැනි බෙහෙත් ජීවානුහරනය නොකර ඇති බැවිනි
මෙවැනි කතාවක් සති කිහිපයකට පෙරත් මෙහි පලවී තිබුණා නේද ? ඒ කුණකටුව වෙන්න ඇති තවමත් තොප්පි දමා ගෙන ඉන්නේ !!!!! (බ)
මේ අයගේ වාසනාව තමයි.(හේ)
මාර ප්‍රශ්නයක් තමයි.(හේ)
අපේ කුණකටුවා දිගටම වැඩ වාගේ. (අ)