IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කුණකටුවෙක් හිසෙන් අරන් වැඩටත් ගිහින්

කුණකටුවකු  සැඟවී සිටි හිස් වැස්මක් දමාගෙන බදුල්ලේ සිට මීගහකිවුලට පැමිණි තරුණයෙකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තාවේ.


 අදාළ තරුණයාගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.


  බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගහකිවුල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කළේය. රැකියාවට පැමිණියේ යතුරුපැදියෙනි. පසුගිය දිනෙක ද කඩිමුඩියේම හිස්වැසුම දමාගත් ඔහු යතුරුපැදියෙන්  වැඩට එන්නට පිටත් වුනේය.


මීගහකිවුල නගරය ආසන්න වෙද්දී  හිස්වැස්මේ ඇතුළත කිසියම් දෙයක් දඟලන්නාක් මෙන් ඔහුට දැනුනි. එහෙත් ඒ ගැන තැකීමක් නොකළ ඔහු සේවා ස්ථානයටම පැමිණියේ ඒ වනවිටත් සේවයට පැමිණිය යුතු වේලාව ආසන්නව තිබූ නිසාය.


 ගමන නිමාකොට හිස්වැස්ම ගලවා හිසෙන් ඉවත්කරනවාත් සමගම  හිස්වැස්මෙන් එළියට පැන්නේ අඩි එකහමාරක් පමණ දිගැති කුණකටුවෙකි.


හිස්වැස්මටත් හිසටත් හිරවීම නිසා කුණකටුවා දැඟලුවත් වාසනාවකට මෙන් ඌ දෂ්ඨ කර නොතිබිණි.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

කුණකටුවෙක් හිසෙන් අරන් වැඩටත් ගිහින්

උපාලි Monday, 17 October 2016 08:29 AM

ඇති ඔයින් ගියා! (නි)

:       0       0

ලංකා Sunday, 16 October 2016 02:44 PM

මා පාසල් යන අවදියේ කුණ කටුවෙක් මට දෂ්ට කළා කකුලට මා මහත් දුක් වේදනා වින්ද , අවසානයේදී කකුලේ අස්ථි පවා එලියට පෙනුන, උග්‍ර විෂ නිසා මස් දියවෙමින් යනවා ,,යන්තමින් කකුල නොකපා බේරුනේ දොස්තර මහතුන්ට පින්සිදු වන්නටය් ,,(බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 18 October 2016 03:22 AM

ලංකාවේ සර්පයන් හඳුනා ගැනීම විවාදාත්මක දෙයක්. සමහර වෙදැදුරන් විසින් ලෙඩාට නොයෙකුත් බෙහෙත් නස්න කිරීම නම් විවාදාත්මක හා අනතුරුදායක වන්නේය. මක්නිසාද යත් එවැනි බෙහෙත් ජීවානුහරනය නොකර ඇති බැවිනි

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 16 October 2016 07:37 AM

මෙවැනි කතාවක් සති කිහිපයකට පෙරත් මෙහි පලවී තිබුණා නේද ? ඒ කුණකටුව වෙන්න ඇති තවමත් තොප්පි දමා ගෙන ඉන්නේ !!!!! (බ)

:       0       0

රන්ජිත් Sunday, 16 October 2016 08:00 AM

මේ අයගේ වාසනාව තමයි.(හේ)

:       0       0

තුසිත Saturday, 15 October 2016 07:04 AM

මාර ප්‍රශ්නයක් තමයි.(හේ)

:       0       0

අරුන් Sunday, 16 October 2016 12:30 PM

අපේ කුණකටුවා දිගටම වැඩ වාගේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1329 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site