කුණකටුවකු සැඟවී සිටි හිස් වැස්මක් දමාගෙන බදුල්ලේ සිට මීගහකිවුලට පැමිණි තරුණයෙකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තාවේ.
අදාළ තරුණයාගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගහකිවුල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කළේය. රැකියාවට පැමිණියේ යතුරුපැදියෙනි. පසුගිය දිනෙක ද කඩිමුඩියේම හිස්වැසුම දමාගත් ඔහු යතුරුපැදියෙන් වැඩට එන්නට පිටත් වුනේය.
මීගහකිවුල නගරය ආසන්න වෙද්දී හිස්වැස්මේ ඇතුළත කිසියම් දෙයක් දඟලන්නාක් මෙන් ඔහුට දැනුනි. එහෙත් ඒ ගැන තැකීමක් නොකළ ඔහු සේවා ස්ථානයටම පැමිණියේ ඒ වනවිටත් සේවයට පැමිණිය යුතු වේලාව ආසන්නව තිබූ නිසාය.
ගමන නිමාකොට හිස්වැස්ම ගලවා හිසෙන් ඉවත්කරනවාත් සමගම හිස්වැස්මෙන් එළියට පැන්නේ අඩි එකහමාරක් පමණ දිගැති කුණකටුවෙකි.
හිස්වැස්මටත් හිසටත් හිරවීම නිසා කුණකටුවා දැඟලුවත් වාසනාවකට මෙන් ඌ දෂ්ඨ කර නොතිබිණි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුනකටුවගෙන් බේරුනත් පොලිසියෙන් බේරෙන්න බෑ.(හේ)
මෙයා අමතර "මගියෙක්" සමඟ වැඩට ගියේ යතුරුපැදියකින් නම්, එයා පැළඳගෙන ගියේ සාමාන්‍ය හිසවැසුමක් වෙන්න බැහැ. එය හෙල්මට් එකක් වෙන්න පුළුවන්. තිරිසන් සතෙක් වුණත් එම කුණකටුවා රියදුරාට දෂ්ඨ නොකළේ, උගේ ගමන අපේ බස් එකකින් යනවාට වඩා ඉක්මනින් කරගන්නට ලැබුන නිසාද දන්නේ නැහැ. ඉදිරියේදී වුණත් තොප්පි දමාගෙන ගමන් යන අය මෙවැනි ටිකට් නැතුව ගමන් කරන මගීන්ගෙන් පරෙස්සම් වෙන්න (නි)
අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන කනවෝ, කනවෝ කියනවට වැඩිය වෙනසක් වුණා එහෙනම් (නි)
ඔන්න එකත් හරි, රුපවති නගා බය කාටද කියල දැන් දැනගත්ත , මම හිතුවේ මහත්තයට විතරයි බය කියල . දැන් බලපුවම බය නැත්තේම ඒ මනුසයටනේ (බ)
දෂ්ඨ කරා නම් කුනකටුවගේ අවසානේ තමයි...(හේ)
කකුල් දෙකේ සර්පයන්ගෙන් තමයි ප්‍රවේශම් වියයුත්තේ. (නි)
සර්පයෙක් වුවත් කරදරයක් කළේ නැත්නම් අනතුරක් නැහැ (බ)
පව් උගේ පවුලයි ළමයි ටිකයි. දැන් හොයනවා ඇති කොහේද ගියේ කියලා.
නන්දලාල්, ඔබ ප්‍රංශයේ ඉන්න මන්දබුද්ධිකයෙක්ද? කිව්වොත් කියන්නේ මෝඩ කතාවක්.
අම්මපා! මේ ඇහුවමයි අහක යන නයි තොප්පියේ අස්සේ දාගත්තා කියලා. මොනවා වුණත් පුදුම වාසනාවන්ත මනුස්සයෙක් (නි)
පුදුමයි බේරුණා.(හේ)
බුදුඅම්මෝ! මගේ ඇඟ හිරිවැටුනා කතාව ඇහුවහම. මම ජීවිතේටම අකමැති සර්පයින්ටයි, පණුවෝ, දලඹුවන්ටයි පමණයි (නි)