IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුණු කන්දක් විළිලා ඔප්පුවක් වදලා

 නිවසේ තිබී අස්ථාන ගතවූ වටිනා ලියවිලි අඩංගු  කවරයක් සොයා ප්‍රදේශයේ කසළ කන්දක් ළඟට ගිය අයෙකුට එය සොයාගැනීමට රුපියල් පන්දාහක් වැයවූ සිද්ධියක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


 අලුත් අවුරුද්දට නිවස ශුද්ධ පවිත්‍ර  කිරීමේ අරමුණින් ගෙහිමියා තවත් අයකුගේ සහය ඇතිව නිවස ශුද්ධ පවිත්‍ර කර ඇත. ඒ අතරේ නිවසේ තිබූ අවශ්‍ය නොවන පොත් හා ලිපි ලේඛන කඩදාසි ලොකු මල්ලකට දමා ඒවා කසළ ගෙනියන ලොරියකට බාර දී ඇත.


 දින කීපයකට පසු ගෙහිමියා නිවසේ තිබූ ඉඩම් ඔප්පු  නැතිවී ඒවා සොයනවිට බිරිය කියා ඇත්තේ අනුමානයක් නෑ කුණු ගොඩට ගිහිල්ලා ඇති කල්පනා කර බලන්න කියාය. සමහර විට වැරදිලා විසිකලාද දන්නේ නෑ. කොයි එකටක් මම ගිහින් බලන්නම් කියා කසළ  කන්ද තිබෙන තැනට ගොස් ඇත.


කසළ කන්ද තිබෙන තැනට ගිය ගෙහිමියා එහි සිටි අයකුට කතා කර සිදුවූ ඇබැද්දිය කියා ඔහු සමග එක්ව  නැතිවූ කවරය සොයා ඇත.


 මහත්තයා දවස ගානේ මෙහෙම කඩදාසි කොච්චර කුණු එනවද? සොයන එක ලෙහෙසි නෑ මට කවරයෙ හැඩරුව කියන්න මම හොයලා තියන්නම් මම මේකේ කඩදාසි එකතු කරනවා. සමහරවිට බැරිවෙන එකක් නෑ.


 හැන්දෑවනතුරුම හෙව්වත් නැතිවූ කවරය සොයාගැනීම අසිරු වූ නිසා ඔහු කසළ කන්දේ සිටි පුද්ගලයාට එය සෙවීම බාරදී නිවසට පැමිණ පසුදා උදේම එහි ගොස් නැවත ඒ ගැන විමසා තිබේ.


 මහත්තයෝ කවරයක් හම්බ වුනා මේකද කියලා බලන්න. අනේ ඔව් බොහොම ස්තුතියි. මෙන්න රුපියල් පන්දාහක්ම තියෙනවා. ඔයා මේ මට කළේ ලොකු උදව්වක්.  කියා එය සොයාදුන් පුද්ගලයාට කියා පිටව ගොස් ඇත්තේ අමතක නොවන පාඩමක්ද ඉගෙන ගෙනය.  


(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)

 



අදහස් (0)

කුණු කන්දක් විළිලා ඔප්පුවක් වදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site