IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කොඩිවිනය කපන්න සොහොනට යද්දී යකැදුරු පිස්සු නටලා

(තිහගොඩ - උපසේන ලියනගේ)

තමා විසින් පරීක්‍ෂා කළ පේනයකට අනුව ස්ථීරවම නිවෙසට කොඩිවිනයක් කර ඇති බව දැනගෙන එය කැපීමට එම නිවෙසට ගිය යකැදුරකු ගෙහිමියා හා එක්ව කළ අපූරු කටයුත්තක් පිළිබඳව පසුගියදා දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබිණ.

මේ යකැදුරා කොඩිවිනය කැපීමට නම් තමා සකස් කළ පූජා කට්ටලයක් සොහොනකදී ජීවම් කිරීටම අවශ්‍ය බව ගෙහිමියාට කියා තිබේ. නිවසේ සිට සොහොන් බිම දක්වාම දුම්මල වරම් ගයමින් නට නටා යායුතු බව පැවසූ ඔහු තමාගේ කකුලේ ආබාධයක් නිසා පයින් යා නොහැකි නිසා වාහනයක් සපයන ලෙස කියා තිබේ. ගෙහිමියා අසල්වැසි හිතවතකුගේ වෑන් රථයක් මේ සඳහා සූදානම් කළ අතර ඉන් ගමන ආරම්භ කරත්ම එතුළට නැගගත් යකැදුරා දුම්මල වරම් ගයමින් නටන්නට පටන්ගෙන තිබේ.

මෙය දුටු වෑන් රථයේ රියැදුරාට දෙවියන් සිහිවී ‘‘ ඕක ඇතුළේ ඔය වැඬේ නම් කරන්න එපා.’’ කියා ඔහු බිමට බැස්සවූ අතර මන්තර ගුරුකම් ලත්තැනම ලොප්වුණාලූ.



අදහස් (0)

කොඩිවිනය කපන්න සොහොනට යද්දී යකැදුරු පිස්සු නටලා

දුමින්ද Wednesday, 01 April 2015 04:35 AM

මෝහය තරම් නොමැත අඳුරක් (බ)

:       0       0

ලක්මාලි Tuesday, 31 March 2015 05:34 PM

ඇත්තටම පහන්ගේ ප්‍රතිචාරය හාස්‍ය වුණත් වැදගත් පණිවුඩයක්. මිනිසා විසින් මිනිසාට කරන පහත්ම දේ රැවටීමයි. (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 01 April 2015 08:53 AM

යකකු පෙරේතයකු වන්නේත් දෙවියකු මනුස්සයකු වන්නේත් මිනිසා විසින් කරනා ක්‍රියා අනුව බව බුදු දහමේත් වෙනත් සමහර ආගම් වලත් . විදුවතුන් පවා පවසා තිබියදී , මේවා පසු පස යන්නේ මොලය නොදියුණු යතාර්ථය නොදත් කොටසක් (බ),

:       0       0

චාමර Wednesday, 01 April 2015 09:46 AM

මෙවැනි මිථ්‍යා විශ්වාස පසුපස හඹා යන මිනිසුන් තවමත් මෙරටෙහි ජීවත් වීමෙන් පෙනී යන්නේ සමහරුන්ගේ ආකල්පමය වශයෙන් ඇති දුර්වලතාවයි. නැතහොත් මෝඩ කමයි. මෙවැනි මෝහයෙන් මත් වූ ඇතැමුන් සිදුකල දෑ නිසා සමහරු තම ජීවිතවලින් පවා වන්දි ගෙවූ සිදුවීම් ගැන මෑතකදී අසන්නට ලැබුණි. බුදු දහමට අනුව නිවැරදි ලෙස ජීවත් වීමට සැවොම අදිටන් කර ගනිමු. (ර)

:       0       0

ජයනාත් Tuesday, 31 March 2015 08:50 PM

බලන් කඩතුරා හැර දෑසේ! (නි)

:       0       0

පහන් Tuesday, 31 March 2015 08:41 AM

යකදුරෙක් දවසක් ගෙදරක කට්ටඩි කමක් කරන්න ආවලු .හුනියම කටින් ගොඩගන්න පොරොන්දු උනාලු ලොකු ගානකට .මෙන්න මිනිහ ගුරුකම කරන්න කලින් දවසේ මහ රෑ ඇවිල්ල ගෙදර කට්ටියට හොරෙන් මොකද්ද වලලන්න .මේක දැකල ගෙදර හිටපු කොලුවෙක් වලලනකල් ඉඳල එක අයින් කරලා අසුචි පොට්ටනියක් එතන වලලුවලු .කට්ටඩිය නියමිත දවසේ ඇවිල්ල දුම්මල වරම අරගෙන අර තැනට අවේසෙන් දුවල අහනවලු අතින්ද කටින්ද කියල .කොල්ලෝ සෙට් එක කිව්වලු කටින් කටින් කියල .කට්ටඩිය හුනියම ගොඩ අරන් වචනයක් වත් කතා නොකර ගේ පැත්තට ගියාලු . (ස)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 31 March 2015 11:20 PM

යකැදුරාව කරේ තියාගෙන ගෙහිමියාට තිබුනේ නට නටා යන්න. එතකොට ඔය ප්‍රශ්නය විස‍ඳෙනවනේ. (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Tuesday, 31 March 2015 12:27 PM

මේ යකදුරන්ට සහ උන් පසු පස යන සේරටම පුන්නක්කු පොවා ගත්තම ඔය කොඩි වින ඔක්කොම පහ වෙනවා (බ)

:       0       0

සමන්ති Tuesday, 31 March 2015 01:33 PM

එෆ් එම නාලිකාවලට අරක්ගත් කට්ටආඬි පිරිසකගේ වැඩක් වගෙයි පෙන්නේ . (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 511 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site