(බදුල්ලේ පාලිත ආරියවංශ)
හෙරොයින් සමග පොලිසියට කොටුවී පොලිස් කූඩුවේ සිටි මිතුරා බලන්නට කුඩු රැගෙන පැමිණි තරුණයකු කොටුවූයේ පොලීසිය තුළදීමය.

හෙරොයින් මිලිග්‍රෑම්ස් 96 ක් සමග තරුණයකු අත්අඩංගුවට ගෙන තිබුණේ බදුල්ල වෙලේකඬේ ප්‍රදේශයේදීය.
බදුල්ල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.පී. ගාල්ලගේ මහතාට ලැබුණ තොරතුරක් මත අත්අඩංගුවට ගත් 25 හැවිරිදි සැකකරු පොලිස් කූඩුවේ සිටියදී සැකකරුගේ මිතුරෙකු ඔහුට කෑම පාර්සලයක් ගෙන ආවේය.
සර් මේක මම කූඩුවේ ඉන්න මගේ යාලුවට දෙන්නද?
ඔහු එම ස්ථානයේ සේවයේ සිටි පොලිස් නිලධාරියෙකුගෙන් ඉතා අහිංසක ලෙස විමසා අවසර ගෙන කෑම පැකට්ටුව දීමට සූදානම් වන අවස්ථාවේ පොලිස් නිලධාරියාගේ උකුසු ඇස්දෙක ඒ දෙස යොමු වූයේය.
කෑම පාර්සලය සමග යමක් දෙනු දුටු පොලිස් නිලධාරියා වහාම ඔහු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 50 ක් සොයාගැනීමට පොලිස් නිලධාරියා සමත්විය. එම සැකකරු 24 වන වියේ පසුවන්නෙකි.
සැකකරුවන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd