වෙළෙඳ පොළෙන් මිලට ගත් රතු කැකුළු හාල් ගෙදරදී සෝදා ගරද්දී සුදු කැකුළු හාල් වීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රාදේශයකින් වාර්තාවෙයි.
නිවසේ අය පුරුද්දක් ලෙස රතුකැකුළු බත් නිතර ආහාරයට ගෙන ඇත. මේ නිසා දිනක් නිවැසි කාන්තාව අසල පිහිටි නගරයට ගොස් රතු හාල් මිලට ගෙන ඒවා නිවසේදී සෝදන්නට පටන් ගත් විට හාල් ක‍්‍රමයෙන් සුදුපාටට හැරෙන්නට වීම නිසා එය අතර මඟ නවතා හාල් මිලට ගත් තැනට ගොස් ඒ ගැන විමසා ඇත. මොනව කරන්නද නෝනා මමත් ලොරිවලින් තමයි හාල් ගන්නේ. වංචනිකයකුට අපි අහුවුණා කියලා මටත් තේරෙනවා. අනික් දවසේ ආවම හොඳ හාල් දෙන්නම්. කියා වෙළෙන්දා ඊට පිළිතුරු ලෙස කියා ඇත.
මෙහෙම අයටත් හරියානවානේ කියමින් දෙස් දෙවොල් තබමින් නිවෙසට පැමිණි කාන්තාව අදට විතරක් සුදු බත් කමුයි නිවසේ අයට පවසා නිහඬ වී ඇත. සුදුහාල් රතු කරන ඩයි වලින් අපට ලෙඩ හැදේවි හැබැයි ඩයි දාන මිනිහා නම් කෙළින්ම අවීචියේ ලෝදිය බෝවි යි, ඇය කියාගෙන ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගික සේවා අධකරියට අමතර පැමිණිලි අවශ්‍ය නැත මෙම දැන්වීම මගින් හොයාගෙන ගොස් වැටලීම් කරන්න.(අ)
ඉතින් බලන්ඩ මිනිස්සුන්ට කන්ඩ දෙන්නේ තනිකරම විෂ නේද ? (නදී)
මේ එක සිදුවීමක් පමණි අපි කඩවලින් කොච්චර ජරාව මිලදී ගන්නවද කව්ද දන්නේ? පාරිභෝගික අදිකාරිය මීට වඩා විමසිලිමත් විය යුතුයි.(නදී)
මේ හොරකම් කරන්නේ ඔබේ වටිනා ජීවිතයි, වටිනාම ධනය වන නිරෝගීකමයි. වහාම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න. මෙවැනි වංචනිකයන්ගෙන් සියලු වැසියන් බේරාගෙන ඔබෙන් රටට වැඩක් සිදුකරන්න, මේ පින මහත්ඵලයි මහානිසංසයි. (දී)
අර හාල් විකුනපු අවජාතකය වගේ අවජාතකයෙක් මගේ නමින් අදහස් දාලා. (.2014-01-16 14;35;21 දාලා තියෙන අදහස මගේ නෙවෙයි ).(නදී)
කන බොන දේටත් වංචා කරනවා කියන්නේ තව මොනාද අපේ රටේ වෙන්න තියෙන්නේ.(දිල්)
මීට අවුරුදු 10 විතර කලින් මම දැක්ක මුදලාලි කෙනෙක් ලීටරේ බීම බෝතලෙන් බඩී බෝතල් වලට පුරවනවා .මම ඇහුව මොකද මේ කරන්නේ කියල .මේ විදිහට ලාබයි කිව්වා . (දී)
අධික ලෝභයට කැම වලට වස විස එකතු කිරීමෙන් පාරිභෝගිකයන් මරණ වැඩ කරන්නේ (අ)
ළඟ පාත පොළක් තියෙනව නම් හාල් ගන්න එතනට යන්න. ගමෙන් කොටාගෙන ආපු හාල් ටිකක් තියාගෙන ඉන්න අහිංසක ගෑනු මිනිස්සු කීප දෙනෙක් ඇති. ඒ අයගෙන් හාල් ගන්න. මමනම් එහෙමයි කරන්නෙ. කවදාවත් වංචා කරන්නෙ නැහැ (දිල්)
වහාම පාරිබෝගික සේවා අධිකරියට පැමිණිලි කරන්න. (ත)
කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැගෙනු. මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු. උවමනා තැනට සුදුසු භාෂාව බාවිතා කිරීම වරදක් නොවෙයි. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න.(නදී)
මිරිස් වලට ගඩොල් කුඩු කරලා කොච්චරවත් දානවා.(නදී)
මෙවන් වෙළෙදුන් අත්අඩංගුවට ගන්න ඕනේ (දී)
ඔය මිනිස්සු කවදාහරි ඔය කරන අපරාද ගෙවනවා.(නදී)
පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය තියෙන්නේ ඕවා කියන් තමයි (අ).
ඉහත 2014-01-17 03:18:35 මගේ නොවේ, මම ඔය වගේ නරක භාෂාව කතා කරන්නේ නැති බව පාටකයෝ දන්නවා.(නදී)
ගාල්ලේ ප්‍රදාන පෙලේ වෙළද ආයතනයක්. අපිටත් මේ වැඩේම වුනා. මැනේජර් හෙමිහිට මාරුවෙලා ගියා.(නදී)