IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කඩෙන් ගත් රතු කැකුළු ගෙදර ගෙනයද්දී සුදු වෙලා

වෙළෙඳ පොළෙන් මිලට ගත් රතු කැකුළු හාල් ගෙදරදී සෝදා ගරද්දී සුදු කැකුළු හාල් වීමේ සිද්ධියක්  කොළඹට ආසන්න ප‍්‍රාදේශයකින් වාර්තාවෙයි.

 නිවසේ අය පුරුද්දක් ලෙස රතුකැකුළු බත් නිතර ආහාරයට ගෙන ඇත. මේ නිසා දිනක් නිවැසි කාන්තාව  අසල පිහිටි නගරයට ගොස් රතු හාල් මිලට ගෙන ඒවා නිවසේදී සෝදන්නට පටන් ගත් විට හාල් ක‍්‍රමයෙන් සුදුපාටට හැරෙන්නට වීම නිසා එය අතර මඟ නවතා හාල් මිලට ගත් තැනට ගොස් ඒ ගැන විමසා ඇත. මොනව කරන්නද නෝනා මමත් ලොරිවලින් තමයි හාල් ගන්නේ.  වංචනිකයකුට අපි අහුවුණා කියලා මටත් තේරෙනවා. අනික්  දවසේ ආවම හොඳ හාල් දෙන්නම්. කියා වෙළෙන්දා ඊට පිළිතුරු ලෙස කියා ඇත.

මෙහෙම අයටත් හරියානවානේ කියමින් දෙස් දෙවොල් තබමින් නිවෙසට පැමිණි  කාන්තාව අදට විතරක් සුදු බත් කමුයි නිවසේ අයට පවසා නිහඬ වී ඇත. සුදුහාල් රතු කරන ඩයි වලින් අපට ලෙඩ හැදේවි හැබැයි ඩයි දාන මිනිහා නම් කෙළින්ම අවීචියේ ලෝදිය බෝවි යි,  ඇය කියාගෙන ගියාය.



අදහස් (0)

කඩෙන් ගත් රතු කැකුළු ගෙදර ගෙනයද්දී සුදු වෙලා

කුමාර Saturday, 18 January 2014 12:31 PM

පාරි‍භෝගික සේවා අධකරියට අමතර පැමිණිලි අවශ්‍ය නැත මෙම දැන්වීම මගින් හොයාගෙන ගොස් වැටලීම් කරන්න.(අ)

:       0       0

ශාන්ති Friday, 17 January 2014 02:08 AM

ඉතින් බලන්ඩ මිනිස්සුන්ට කන්ඩ දෙන්නේ තනිකරම විෂ නේද ? (නදී)

:       0       0

සේන Saturday, 18 January 2014 02:21 PM

මේ එක සිදුවීමක් පමණි අපි කඩවලින් කොච්චර ජරාව මිලදී ගන්නවද කව්ද දන්නේ? පාරිභෝගික අදිකාරිය මීට වඩා විමසිලිමත් විය යුතුයි.(නදී)

:       0       0

රවින් Thursday, 16 January 2014 11:17 AM

මේ හොරකම් කරන්නේ ඔබේ වටිනා ජීවිතයි, වටිනාම ධනය වන නිරෝගීකමයි. වහාම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න. මෙවැනි වංචනිකයන්ගෙන් සියලු වැසියන් බේරාගෙන ඔබෙන් රටට වැඩක් සිදුකරන්න, මේ පින මහත්ඵලයි මහානිසංසයි. (දී)

:       0       0

ලාල් කැන්ඩි Friday, 17 January 2014 03:18 AM

අර හාල් විකුනපු අවජාතකය වගේ අවජාතකයෙක් මගේ නමින් අදහස් දාලා. (.2014-01-16 14;35;21 දාලා තියෙන අදහස මගේ නෙවෙයි ).(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 17 January 2014 06:21 AM

කන බොන දේටත් වංචා කරනවා කියන්නේ තව මොනාද අපේ රටේ වෙන්න තියෙන්නේ.(දිල්)

:       0       0

පහන් Thursday, 16 January 2014 01:20 PM

මීට අවුරුදු 10 විතර කලින් මම දැක්ක මුදලාලි කෙනෙක් ලීටරේ බීම බෝතලෙන් බඩී බෝතල් වලට පුරවනවා .මම ඇහුව මොකද මේ කරන්නේ කියල .මේ විදිහට ලාබයි කිව්වා . (දී)

:       0       0

සෑම් Friday, 17 January 2014 09:16 AM

අධික ලෝභයට කැම වලට වස විස එකතු කිරීමෙන් පාරිභෝගිකයන් මරණ වැඩ කරන්නේ (අ)

:       0       0

සමන් Friday, 17 January 2014 10:06 AM

ළඟ පාත පොළක් තියෙනව නම් හාල් ගන්න එතනට යන්න. ගමෙන් කොටාගෙන ආපු හාල් ටිකක් තියාගෙන ඉන්න අහිංසක ගෑනු මිනිස්සු කීප දෙනෙක් ඇති. ඒ අයගෙන් හාල් ගන්න. මමනම් එහෙමයි කරන්නෙ. කවදාවත් වංචා කරන්නෙ නැහැ (දිල්)

:       0       0

අකිල Thursday, 16 January 2014 02:35 PM

වහාම පාරිබෝගික සේවා අධිකරියට පැමිණිලි කරන්න. (ත)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 18 January 2014 09:00 PM

කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැගෙනු. මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු. උවමනා තැනට සුදුසු භාෂාව බාවිතා කිරීම වරදක් නොවෙයි. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Thursday, 16 January 2014 02:51 PM

මිරිස් වලට ගඩොල් කුඩු කරලා කොච්චරවත් දානවා.(නදී)

:       0       0

සරත් Thursday, 16 January 2014 04:09 PM

මෙවන් වෙළෙදුන් අත්අඩංගුවට ගන්න ඕනේ (දී)

:       0       0

ශාන්ති Friday, 17 January 2014 06:10 PM

ඔය මිනිස්සු කවදාහරි ඔය කරන අපරාද ගෙවනවා.(නදී)

:       0       0

ගමයා Thursday, 16 January 2014 06:05 PM

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය තියෙන්නේ ඕවා කියන් තමයි (අ).

:       0       0

ලාල් කැන්ඩි Saturday, 18 January 2014 08:49 AM

ඉහත 2014-01-17 03:18:35 මගේ නොවේ, මම ඔය වගේ නරක භාෂාව කතා කරන්නේ නැති බව පාටකයෝ දන්නවා.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 January 2014 08:21 PM

ගාල්ලේ ප්‍රදාන පෙලේ වෙළද ආයතනයක්. අපිටත් මේ වැඩේම වුනා. මැනේජර් හෙමිහිට මාරුවෙලා ගියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site