IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කඩෙන් කන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන

රියැදුරකු දුර ගමනක් ගොස් නිවෙස බලා එමින් සිටියදී අතර මගදී ගත් බත් පාර්සලය නිවසේදී දිග හරිද්දී කොත්තු රොටියක් වී තිබෙනු දැක මවිතයට පත්වීමේ සිද්ධියක්ද අසන්නට ලැබුණි.

පවුලේ අවශ්‍යතාවක් සඳහා මොහු දුර ප්‍රදේශයකට තම වාහනයෙන් ගොස් එන අතරමගදී බිරිය කතාකර ප්‍රයිඞ්රයිස් පාර්සලයක් ගෙන එන ලෙස කියා ඇත. ඒ අනුව පාර අයිනේ තිබූ තැනකින් ඔහු ඉහළ මිළකට බත් පාර්සලයක් ලබාගෙන තිබේ. දැකුම්කළු පෙට්ටියක දමා දුන් බත් පාර්සලය ගෙදර අය ඉදිරියේ කෑමට දිග හරිද්දී ඒ තුල කොත්තු රොටියක් තිබෙනු දැක කෝපයට පත්වූ ඔහු එහි තිබූ දුරකථන අංකයට සිදුවූ වැරැද්ද කියා ඇත. අනෙක් කෙලවරින් කතා කළ හෝටල් සේවකයා අනේ මහත්තයෝ වැරදීමකින් වෙච්ච වැඩක්. තරහ නැතිව ආපසු ගේන්න අලුත් බත් පාර්සල් දෙන්නම් යැයි කියූ විට මම දැන් ඉන්නේ හැතැප්ම දහයක් විතර ඈත. ආපසු එන්න යන වියදමට බත් පාර්ස් දහයක් ගන්න පුළුවන්. මේ වගේ වැඩ මීට පස්සේ කරන්න එපා කියා නිහඬ වී ඇත. කඩෙන් කන්න පුරුදු වුණාට මේකත් හොඳ දඬුවමක්ද කියා පසුව කොත්තු රොටිය කෑමට ගෙන තිබේ.



අදහස් (0)

කඩෙන් කන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන

සේනක Friday, 05 February 2016 07:43 AM

මෙලනි දුල්මිගේ අවතාරේද.....? (බ)

:       0       0

දුල්මි Tuesday, 02 February 2016 11:00 AM

මම මේ කල්පනා කරන්නේ හින්දි සහ කොරියන් මේ පුවතට සම්බන්ධ වුනේ කොහොමද කියලා. (කෞ)

:       0       0

මලික් Tuesday, 02 February 2016 10:58 AM

පිටබැද්දර උන්නැහේ ආයෙත් පටන් ගත්තා වගේ. මොකටද මෙතන බවලතුන් ගැන කියවෙන දේවල් වලට ඔච්චර කුලප්පු වෙන්නේ. (කෞ)

:       0       0

ටිකිරි Tuesday, 02 February 2016 04:47 PM

කෑම පැකට් එක අතපසුවීමකින් මාරුවෙන්න ඇති (නි)

:       0       0

ආනන්ද ආර්. Tuesday, 02 February 2016 05:09 PM

දැන් කොත්තු රොටියයි බත් පාර්සලුයි පැත්තක තියලා කට්ටියම අපේ ජායාව කන්නද සූදානම? (නි)

:       0       0

ලතා Wednesday, 03 February 2016 02:00 PM

කරවල පුච්චලා හදන සම්බෝලේ නම් ඉතින් කියල වැඩක් නැහැ කටට කෙලත් ආවා., නමුත් කනගාටුයි කියන්නත් දැන් තියෙන කරවලත් එකයි උම්බලකඩත් එකයි මෙලෝ රහක් නැහැ (බ)

:       0       0

වසනා Tuesday, 02 February 2016 07:12 AM

ආදර්ශයක් ගත හැකි කතාවක්. (ර)

:       0       0

මෙලනි Thursday, 04 February 2016 11:28 AM

ජයාගේ බිරිඳ රුපවාහිනිය නරඹන එක වැරද්දක්ද ජයා.? ඔයා මෙතන මුළු දවසම ප්‍රතිචාර ලියන බවලතුන් එක්ක වෙට්ටු දාන වෙලාවේ ඒ අහිංසක මනුස්සයාට කරන්න දෙයක් තියෙන්න එපාය ! (බ)

:       0       0

මර්වින් Tuesday, 02 February 2016 11:27 AM

මේ වගේ සිද්ධි හැම තැනම වෙනවා. ඕක පොඩි දෙයක්.(හේ)

:       0       0

ඉනෝකා Tuesday, 02 February 2016 07:29 AM

බත් පාර්සලය, ගෙදර අය ඉදිරිපිට දිග අරින කොට, ගෙදර කට්ටිය කාලා තියෙන්නේ මොනවාද....? දක්ෂ ගෘහනියකට ෆරයිඩ්රයිස් එකක් හදන එක මහා ලොකු වැඩක් නොවෙයි. දුර ප්‍රදේශයකට ගොස් ගෙදර එන සැමියාට කඩෙන් බත් එකක් ගේන්න කීවේ ඇයිද දන්නේ නැහැ. බිරිඳ ටීවී බල බල ඉන්න ඇති මයේ හිතේ. (ර)

:       0       0

චින්තක Tuesday, 02 February 2016 05:25 PM

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය, සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය (නි)

:       0       0

මේනක Tuesday, 02 February 2016 11:24 AM

වැරදිලා දෙන්න ඇත්තේ.(හේ)

:       0       0

කාන්ති Tuesday, 02 February 2016 11:30 AM

මහත්තුරුන්ට කඩ කෑම ගිල්ලවලා ලෙඩ හැදුනාම තමයි කොත්තු බාස්ගේ මුතුන් මිත්තන් මතක් කරන්නේ. (ර)

:       0       0

ඉනෝකා-එංගලන්තය Sunday, 07 February 2016 07:41 AM

ඉනෝකා නමින් ලියා ඇති අනෙක් ඉනෝකාට,විදේශ ගතව ඉන්න අයට පමණක් නොව,හැම කෙනෙකුටම ගුණයෙන් පිරි පෝෂණයෙන් පිරි ආහාර තමයි වැදගත් වෙන්නේ.මෙයින් පෙනෙන්නේ ඔබේ සහ මගේ අදහස් එකක් නොවන බව.එකම නමින් ලියා මෙය බලන අයව පටලන්නෙ නැතුව වෙනින් නමකින් අදහස් දක්වන්න.(බ)

:       0       0

තුෂාරී Tuesday, 02 February 2016 11:54 AM

පිටබැද්දර ජයාගේ කතාවට තනියම හිනාවෙලා පිට උගුරේත් යන්න ගියා.කව්රු මොනවා කීවත් ජයා නැත්නම් ගතියක් නැහැ. (බ)

:       0       0

නිලූ Tuesday, 02 February 2016 08:18 AM

සමහර උදවිය ඉන්නවා ගෙදරින් ඇරුණුකොට පිටින් කෑම බීම ගන්න කැමති නැති.වැරදීම් කාට වුනත් වෙනවානේ. කොත්තු රොටියත් නරකම නැහැ ඉතින්. අනිත් අය කෙල ගිලිමින් බලාගෙන ඉන්න ඇති. (බ)

:       0       0

කේ. ක්‍රිශාන්ත Tuesday, 02 February 2016 08:33 PM

වික්‍රම, ජයා අක්කා බල කරවල පුච්චලා ජයා හදන තාලේ කටගැස්ම එක්කද ඔයාලට බත් දුන්නේ? අනේ! කියනකොටත් කටට කෙළ උනනවා. මේවා කන්න ඉතින් ලංකාවටම යන්න ඕනෑ. අපි මෙහෙ ඉන්න ෆ්ලැට් එකේ කරවල පිච්චුවොත් අල්ලපු ගෙදර ඉන්න සුද්දා පොලීසියට කියන්නත් බැරි නැහැ. (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Sunday, 07 February 2016 09:18 AM

ඉනෝකා නමින් පරස්පර අදහස් ලිවූ ඔබ කව්ද කියා මම දනිමි.අදහස් කියවන පාඨකයන් අතර මාව අප්‍රසාදයට පත් කිරීම ඔබේ අරමුණ බවද මම දනිමි.නමුත් මා නොසැලී එසැනට ලියමි.කියවමි.ලංකාදීපයට සුබ පතමි. (බ)

:       0       0

රාධා Wednesday, 03 February 2016 12:21 AM

දොළදුකක් ඇතිවුණාද දන්නේ නැහැ කඩේ කෑම කන්න? නැත්නම් පිටිකළ පොල්කිරි ඉවර ඇති (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 03 February 2016 12:35 AM

ඉතින් කොත්තු නරකද බත් වලට වඩා? (නි)

:       0       0

සුජාන් Wednesday, 03 February 2016 12:35 AM

කොත්තු තැටියේ ලගින සත්තු ගැන දන්නා කෙනෙක් නම් ඔය ජරාව කටේ තියන එකක් නැහැ. ගෙදරින් හදන සම්බෝලයයි බතුයි හොඳයි ඊට වඩා. (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 02 February 2016 09:21 AM

සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය, කියලා කන්නයි තියෙන්නේ.... (ර)

:       0       0

බෙනට් Wednesday, 03 February 2016 01:34 AM

මොනවට කඩෙන් කන්න යනවද? (නි)

:       0       0

ඉනෝකා Saturday, 06 February 2016 05:42 PM

මම නම් ඉතාම පෝෂ්‍යදායි ආහාරපාන තමයි මගේ පවුලේ අයට දෙන්නේ. විදේශගතව ඉන්න අපිට ගුණයයි පෝෂණයයි තමයි වැදගත්ම. ඒ නිසා වැඩි මිලක් ගෙවා හෝ ඉස්තරම් ආහාර මිලදී ගැනීමට මම පසුබටවන්නේ නැහැ (නි)

:       0       0

මධු Tuesday, 02 February 2016 01:26 PM

ජයාලගේ ගෙදර වෙන දෙවල් තමයි ඔය එළියට එන්නේ. (බ)

:       0       0

ජෙගන් Wednesday, 03 February 2016 02:29 AM

පුච්චපු බල කරවල එක්ක බත් කටක් කන්න තියෙනවා නම් කොච්චර අගේද? (නි)

:       0       0

ඉනෝකා Thursday, 04 February 2016 07:39 AM

සමන්,ඔයාට මගේ කට බලාගන්න නම් එංගලන්තයටම එන්න වෙනවා,මටත් ආසයි කව්ද මේ හැම වේලේම මාත් එක්ක එල්ලෙන්න ඉන්න සමන් කව්ද කියලා බලාගන්න. (බ)

:       0       0

ඉනෝකා Thursday, 04 February 2016 08:42 AM

සමන්ගේ බිරිඳත් සමන්ට කඩෙන් කන්න කියා, ටී.වී බල, බල ඉන්නවා වෙන්න ඇති මයේ හිතේ,ඒකයි මගේ ප්‍රතිචාරයට ඩෝන් ගිහිල්ලා තියෙන්නේ. (බ)

:       0       0

වික්‍රම Tuesday, 02 February 2016 02:27 PM

ජයාලගේ ගෙදර කොයි වෙලෙත් කෑම බීම වරදින්නෙ නෑ.පිටින් කට්ටියක් ආවත් හදිස්සියෙ, අක්කා අඩුම ගානේ බල කරවල කෑල්ලක් පුච්චලා දෙහි දාලා බත් දෙනවා. (බ)

:       0       0

තුෂාර Tuesday, 02 February 2016 02:37 PM

තේ එක බොමින් ,පිටබැද්දර ජයාගේ කතාවට ,තනියම හිනා වෙන්න ගිහින් පිටඋගුරෙත් ගිහිල්ලයි නැවතුනේ ඕන්.මේ තීරුව කලඑළි වෙන්න නම් ජයා ඉන්නම ඕන ,කව්රු මොනවා කීවත්. (බ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Tuesday, 02 February 2016 02:54 PM

සද්ද බද්ද දාලා දවසේ ඉතුරු හරිය (බ)

:       0       0

සමන් Wednesday, 03 February 2016 12:29 PM

ඉනෝකා, ඔයාගේ කට තමයි කට. (නි)

:       0       0

සරසි Wednesday, 03 February 2016 12:37 PM

සමහර හාමිනේලා උදෙන් නැගිටලා ගෙදර උදවියට බත් ටිකක් උයලා දෙන්න වස කම්මැලියි. අන්තිමේ හෝටල් කැන්ටින් හිමියන් පොහොසත් වෙනවා. නැත්නම් ගෙදරින් රහට උයාගෙන එන කාර්යාල හිතවතියකගේ බත් එකට සැමියා කිට්ටු වෙනවා. දෙවැනි වැඩේ සිදුවුණාම තමයි ගෙදර උයන්න මතක් වෙන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 02 February 2016 10:33 AM

දෙකක් නැහැ කුණු හින්දි එකක් නැත්නම් මෙලෝ රහක් නැති කොරියන් එකක් බලන්න ඇති , අනේ මෙහෙමත් උන්දලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 320 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 627 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 304 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 807 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 891 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 699 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 840 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site