IMG-LOGO

කඩාගත් මාලය කෙස් වැටියෙන් මතුවෙලා

තම අසල්වැසියකු විසින් පහරදී තුවාල සිදුකොට ගෙල පැලඳි රන් පවුමක මාලයක් කඩා ගත්තැයි පොලිසියට පැමිණිලි කරන්නට ආ කාන්තාවකගේ කෙස් වල්ලෙන් නැති වූ මාලය මතුවූ සිද්ධියක් අරණායක පොලිසියෙන් වාර්තා විය.

අරනායක වී මල්ලවත්තේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාවට පහරදී මංකොල්ල කෑමේ සිද්ධිය පිළිබඳව අරණායක පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේ ඇගේ හැසිරීම පිළිබඳව සැක පහළ කළ පොලිස් නිලධාරීන්, කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලවා ඇය පරික්ෂාවට ලක් කිරීමේදී නැති වූ බව කියන රන් මාලය ඇගේ කොණ්ඩයේ සඟවා ගෙන තිබී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බොරු පැමිණිල්ලක් කොට පොලිසිය නොමඟ යැවීමට තැත් කළ එම කාන්තාව බැඳුම්කරයක් මත මුදා හරින ලද අතර නඩු පැවරීම සඳහා ලබන 31 වෙනිදා මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අරණායක පොලිසිය කටයුතු යොදා ඇත.

අරණායක වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන කොඩිකාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක. කේ.ජී. අභයකීර්ති, සැරයන් (22943) හරිස්චන්ද්‍ර, පොලිස් කොස්තාපල්වරුන් වන (35754) මුණසිංහ, (51215) රණසිංහ, (56991) වේරකේ, කාන්තා සැරයන්වරුන් වන (3967) අධිකාරී, (6001) චතුරිකා යන මහත්ම මහත්මීන් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

(මාවනැල්ල - සමන් විජය බංඩාර) 



අදහස් (0)

කඩාගත් මාලය කෙස් වැටියෙන් මතුවෙලා

රාධා Thursday, 26 January 2017 02:15 PM

මහා මෝඩ කාන්තාවක්නේ (නි)

:       0       0

අරවින්ද Wednesday, 25 January 2017 03:10 PM

පොලිසියේ උපායශීලී නුවණ අගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site