IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කඩේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක්

තම සිල්ලර බඩු සාප්පුවට පැමිණ අශෝභන ලෙස හැසිරෙන පාරිභෝගිකයකුට අපූරු දඬුවමක් දුන් මුදලාලි කෙනකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ මැණික්වලට ප‍්‍රකට ප‍්‍රදේශයකිනි.
මේ පාරිභෝගිකයාගේ අශෝභන ක‍්‍රියාව වූයේ බඩු වට්ටෝරුවක් ඉදිරිපත් කොට එය කිරා දෙනතුරු අසලවූ පරිප්පු, මුංඇට, කඩල ගෝනි අසල රැඳී සිට එයින් ඇටයෙන් ඇටය කටට දමා සැපීමයි. මින් විශාල හානියක් නොවුණත් මුදලාලි මෙය රිස්සුවේ නැත.
පසුගිය දා මුදලාලි ඔහුට 2013 වසර සඳහා දිනපොතක් පරිත්‍යාග කළේය. දැඩි සතුටකින් එය භාරගෙන ගෙදර ගොස් පිටු පෙළරන විට ජනවාරි 01 යටතේ මුදලාලි ලියූ වගන්තියක් එහි විය.
එය කියවූ පාරිභෝගිකයාට දෙවියන් සිහි විය. එහි ලියා තිබුණේ, ”අද සිට කඩවලට ගියවිට මුංඇට, පරිප්පු, කඩල වැනි ධාන්‍ය වර්ග අමුවෙන් නොකෑමට තීරණය කළෙමි.” කියාය.
දැන් ඔහු ඒ සාප්පුව පැත්ත පළාතේවත් යන්නේ නැතිලූ.



අදහස් (0)

කඩේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක්

සිල්වා තබුක් Tuesday, 29 January 2013 02:35 PM

කපටි අයට තමයි මේ වගේ අදහස් ගලා එන්නේ.. බඩු කිරන විට මුදලාි ලා පාරිභෝගිකයාගෙන් කොයිතරම් දුරට හම්බකරගෙන ඇත්ද?(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 29 January 2013 03:17 PM

මම බඩුගන්න කඩේ මුදලාලිනම් මාසෙකට අවශ්‍ය බඩු වට්ටෝරුව ගත්තාම අඩුම ගානේ බිස්කට් එකක් නැත්නම් කේක් එකක්වත් දෙනවා.. එක එක්කෙනාගේ ව්‍යාපාරික උගුල් තමයි..!(නු)

:       0       0

මාරසිංහ Wednesday, 30 January 2013 12:15 AM

මේක අහිතකින් කරන දෙයක් නම් නෙමෙයි.. ඒත්...?(නු)

:       0       0

වරුණ Tuesday, 29 January 2013 10:27 AM

ඕක අහිතකින් කරන දෙයක් නෙමෙයි.. ඒත් සමහරු තත්ත්වය බලන්නත් ඇටයක් දෙකක් කනවා.. ඇටයක් කෑවා කියලා ලාබෙ නැතිවෙන්නේ නැහැනේ..!(නු)

:       0       0

සමන්තා Wednesday, 30 January 2013 12:16 AM

මේවායේ මොන තරම් ජරාව තියෙනවාද? අපි ගෙදර ගෙනල්ලා උයන්න සෝදපුවාම තමයි දකින්නෙ තියෙන කුණු දූවිලි...?(නු)

:       0       0

මාරසිංහ Wednesday, 30 January 2013 12:16 AM

තැන තැන තියෙන ඒවා කටේ දාගන්න හොදයි..!ඕක අහිතකින් කරන දෙයක් නෙමෙයි.(නු)

:       0       0

බන්දුරත්න Tuesday, 05 February 2013 05:44 PM

ගණුදෙණුකරුවන්ව සාදරයෙන් පිළිගන්න ඕනෑ කාලේ මුදලාලි කළේ මෝඩ වැඩක්. (නි)

:       0       0

පහන් Tuesday, 29 January 2013 10:40 AM

ඕක මමත් කරලා තියනවා මටනම් කවුරුවත් දිනපොතක් දුන්නේ නැහැ හරිම අසාධාරනයි .කොහෙද ඔය කඩේ තියෙන්නේ ?(නු)

:       0       0

නාමල් Tuesday, 29 January 2013 11:02 AM

පාඩුව මුදලියාටමයි මුදලියා මෝඩයි (ස)

:       0       0

රම්‍යා Wednesday, 30 January 2013 02:10 AM

තමන්ගේ ගනුදෙනු කරුවෙක් පරිප්පු ඇටයක් කෑවට මොකද වෙන්නේ..!(නු)

:       0       0

මාලින්ක Saturday, 02 February 2013 05:33 PM

ඕක ඉතින් පත්තරේ දාන්න තරමි දෙයක්ද?(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 04:43 PM

මුදලාලිගේ බුද්ධිමත් ක්‍රියාවක්.. අගය කළ යුතුයි..!(නු)

:       0       0

ඉසාම් Tuesday, 29 January 2013 11:37 AM

මටත් කඩයකට ගිහාම ඔය පුරුද්ද නවත්වන්න බෑ (ස)

:       0       0

ඩයස් Wednesday, 30 January 2013 05:57 AM

මේකනේ තත්ත්වය, එකාතකින් හොදයි ඕපදූප කියනවාට වෑඩිය මොනවා හරි හපන එක. ඒත් මුදලාලිට තිබුනා එලගිතෙල් පාන්කඩ කීපයක් පොගවලා තබලා ,පිරිසිදු එලගිතෙල් මෙය කන්න එපා . කියල පුංචි බෝඩ් කෑල්ලක් ගව්වානම් බඩුම තමා..ඈට කන්නේ නෑ ඒකම කනවා.අපේ අයගේ හෑටිනේ. තීන්ත වේලිලා නෑත කියලා විහිලුවටහරි බෝඩ්ඩෙකක් එල්ලන්න ,කීදෙනෙක් වේලිලාද කියලා අල්ලලා බලනවාද? (අ)

:       0       0

රොෂාන් Tuesday, 29 January 2013 05:03 PM

මුදලාලිට කරන්න තිබුනෙ බඩු කිරන ගමන් ටිකක් අඩුවෙන් කිරන්න. එතකොට කාපු ඒවාගේ මුදල ලැබෙනවානේ.. අපරාදෙ දැං මුදලාලිට ගණුදෙනුකරුවෙක් අඩුවුණා.!(නු)

:       0       0

දමිත් Thursday, 31 January 2013 04:01 PM

අන්න වැඩ (දී)

:       0       0

සරත් Tuesday, 29 January 2013 11:52 AM

මමත් ඔය දේම කරනවා .ආයෙනම් දින පොතක් නොලැබුණත් වැරදි දේ කරන්නේ නෑ (ස)

:       0       0

දීපා Tuesday, 29 January 2013 12:00 PM

තැන තැන තියෙන දේවල් කටේ දැමීම නරක පුරුද්දක්. ඒවා නැවැත්විය යුතුයි, හිතන්න ඔබේ බත් පතේ බත් ඇටේ ඇටේ කව්රුහරි ඇවිත් කටේ දානකොට කන්න හිතෙනවද? .(ස)

:       0       0

ජයතිස්ස Wednesday, 30 January 2013 09:01 AM

පාඩුව මුදලාලිටමයි. ඒ හැටි ගණන් ගත යුතු දෙයක් නෙමෙයි මේක (ස)

:       0       0

තිසල් Wednesday, 30 January 2013 10:18 PM

හාපෝ! මාත් කාලා තියෙනවා ඕනෑතරම්. (නි)

:       0       0

හිරාන් Thursday, 31 January 2013 12:10 PM

අපෝ ඔහොමනම් කඩ කරන්න හම්බවෙන්න නෑ වැඩි දවසක් මේ ලංකාවේ. වහන්න තමයි වෙන්නේ මිනිස්සු නැති වුණාම (ස)

:       0       0

ශ්‍රී නාත් Tuesday, 29 January 2013 12:55 PM

"කඬේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක්..." ඉතිං ඔකේ ඇති වැරැද්ද මොකක්ද්ද...? (නු)

:       0       0

දෝහා Wednesday, 30 January 2013 10:01 AM

අනේ මොනවද අප්පා මේ? (නි)

:       0       0

ලලිත් Wednesday, 30 January 2013 03:15 PM

ඕක සාමාන්‍ය දෙයක්....මිනිස්සුන්ට අත නොතබන දුරින් ලීපටියකින් ආවරණය කර බඩු තිබ්බානම් අර පාරිභෝගිකයා අදත් කඩේට එනවා. මෝඩ මුදලාලි (ස)

:       0       0

ඩෑම් Wednesday, 30 January 2013 10:02 AM

මේක අද ඊයේ වෙච්ච දෙයක් නොවුණු නිසා මුදලාලිට තරහා යන්න ඇති. (නි)

:       0       0

ඩෑම් Wednesday, 30 January 2013 10:06 AM

ඒ මුදලාලිට තිබුණේ එන පිරිසට පරීක්ෂා කර බලන්න සාම්පල් ටිකක් වෙන වෙනම තියන්න. (නි)

:       0       0

දෝහා Wednesday, 30 January 2013 10:09 AM

අපෝ! ඔය වගේ කස්ටමර්ස්ලා නැතිවෙන තරමට හොදයි. (නි)

:       0       0

වරුණ Tuesday, 29 January 2013 01:41 PM

ඒක ඇත්ිත දීපා තැන තැන තියෙන ඒවා කටේ දාගන්න හොද නැහැ..? කවුරුවත් අනුන්ගේ කෑම එකට අත දානවා මම දැකලා නැහැ..!(නු)

:       0       0

ලියනගේ Monday, 04 February 2013 06:53 AM

ඔය වගේ තීක්ෂණ වැඩ කරන එක හරිම හොදයි. (නි)

:       0       0

එම්.වී.එස් ද කොස්තා Tuesday, 29 January 2013 01:48 PM

මරු වැඩේ මටත් දින පොත්ක නැහැ තමා. ඔය කඩේ කොහෙද තියෙන්නෙ..(නු)

:       0       0

දිසානායක Wednesday, 30 January 2013 04:44 PM

පාඩුව මුදලාලිට ..මුදලාලි වැඩ කරලා තියෙන්නේ හරියට මුදලාලිගේ අත පය කෑවා වගේනේ (ස)

:       0       0

ආනන්ද Tuesday, 29 January 2013 08:26 PM

අනේ මෝඩ මුදලාලි, සුපුරුදු පාරිභෝගිකයෙක් අහිමි කරගත්තා නේද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 29 January 2013 02:12 PM

මේ මුදලාලි දෙයක් හරියට කරන්න දන්නේ නැහැ.. ඒ කරපු වැඩෙන් එයා අර මනුෂ්‍යයාගේ පෞර්ෂත්වයට හාකියක් කරලා.. ඔවැනි දේකින් එයාට පාඩමක් උගන්වන්න බැහැ... කරන් තිබුණෙ කරුනාකර ඔය වැඩේ නවත්තන්න කියලා කියන්න විතරයි.. ඇයි මුදලාලිට කතා කරලා කියන්න බැරි ඕක නවත්තන්න කියලා.. වැඩි වැඩ කරන්නේ නැතිව.. හරි දේ කලානම් දෙදෙනාටම සුවදායක අවසානයක් දකින්න තිබුණා..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 29 January 2013 09:07 PM

මම දැකලා තියෙනවා කඩේට ගිහිං හාල්මැස්සො කන අය.. සමන්තුරේ පැත්තේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site