පාසල් සේවා බස් රථයක රියැදුරකු වූ ඔහු පසුගියදා පාසල් දරුවන් පාසලෙන් ගෙන ඒම ප‍්‍රමාදවීම නිසා තරමක වේගයෙන් වෑන් රථය පදවාගෙන ගිය අතර මාර්ග නීති නොතකා යන ආකාරය නගරයේ සිටි පොලිස් නිලධාරියකුගේ උකුසු ඇසට ලක්විය.
වහාම රථය නතර කිරීමට සංඥා කළ ඔහු දඩ කොළයක් ලියා දුන්නේය. වරද පිළිබඳව ලජ්ජාවට පත් රියැදුරු දඩ කොළය සාක්කුවේ දමා ගත්තේ පසුදාම පොලීසියට ගොස් දඩය ගෙවීමටය. ගෙදර විත් දඩ කොළය දෙස බැලූ ඔහුට තරු පෙණින. එහි වූයේ ආරක්ෂිත හිස් වැසුම පළඳා නොසිටීම නිසා දඩ ගසන බවකි.
පසුවදා මේ පිළිබඳව අදාළ පොලීසියට දැන්වූ විට දඩ කොළය ලියූ නිලධාරියා ලකුණු කරන කොට මට කොටුව පැටලිලා කියා තම කනගාටුව පළ කොට සුළු දඩයක් ගසා ඔහු නිදහස් කළාලූ. සබරගමුව පළාතෙන් ඇසුණු පුවතකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ලොක්කෝ හිටගෙන ප්‍රසිද්ධියේ මුත්‍රා කරනකොට සොක්කෝ කොටු පැන පැන මුත්‍රා කරනෙක අරුමයක්ය? (අ)
පොලිස්සිය මෙහෙම හැංගිලා හරි දඩ කොළ දෙන හින්දා තමයි අනතුරු ටිකක් හරි අඩු නැත්නම් රියදුරුට ඕන විදිහට වාහන ධාවනය කරනවනේ. (හේ)
යතුරුපැදියක් බලපත්‍ර නැතුව පදවාගෙන ගියොත් නඩු වැටෙන්නේ ආසන පටි රහිතව පැදවීමට හා බස් රථයක් වේගයෙන් ගියහොත් නඩු වැටෙන්නේ හිස් වැසුමක් රහිතව පැදවීමට. පුදුම දඩ කොල ලිවීමක්. (නි)
කෙසේ හෝ පොලිස් නිලධාරියා තමන්ගේ වරද පිළිගෙන තම කණගාටුව ප්‍රකාශ කළ එක හොඳයි. (නි)
මේ රියදුරු මහතාට දඩ කොලය දුන්නාම ලැජ්ජා හිතුනලු. අපිට නම් තරහා යනවා. හරිම විනීත රියදුරෙක් (නි)
ලංකාවේ පොලිසිය දැනටම ආශ්චර්යයට ළඟාවෙලා වගෙයි. යතුරුපැදි වල සීට්බෙල්ට් නොදැම්මාට දඩ ගහනවා. වෑන් රියදුරන් හෙල්මට් නොදැම්මාට දඩ ගහනවා. ඒ අතරේ දේශපාලන මැරයෝ පොලිස් පොඩ්ඩන්ට ගහනවා. (නි)
මේක තමයි ආශ්චර්යය! (නි)
පොලිසියෙන් බැරි එකාව අල්ලලා දඩගහලා හිරේට යවනවා. පුලුවන් එකාට ආචාර සමාචාර දක්වලා හතරට පහට නැවිලා හොඳමයි සර් කියලා යවනවා. (නි)
පොලිස් ලොක්කෙක් ගුටි කෑවේ නැහැ නේද තවම හැබැටම. (අ)
කලිනුත් අපිට මෙවැනි දෙයක් ඇසුනා, උසාවියකින් දඩ ගෙවන්න ගිය පුද්ගලයෙකුගෙන් .(හේ)
ඇත්තට ඇයි මේ පොලිස් නිලධාරීන් හැංගිලා ඉඳල වැරදි කරන අයව අල්ලන්නේ ? හරිනම් කරන්න ඕනා පෙන්න ඉඳල වැරදි නොකරන තැනට රියදුරන් පත්කිරීම නේද ? (හේ)
කීයක් හරි දුන්නනම් වැඩේ කෙරනවනේ.(හේ)
රාළහාමිත් මනුස්සයෙක්නේ. වැරැද්දක් සිද්ධවෙන්න ඇති. හරියට අපි කතාකරන්නේ අපේ අතින් වැරදි සිදුවන්නේ නැහැ වාගේ. (නි)
ඔහොම වැරදීම් වෙන්න පුලුවන්නේ! (නි)
ගණන් ගන්න එපා මේ ශ්‍රී ලංකා පොලිසිය (නදී)