සිය නිවස ඉදිරිපිට අඹ ගසෙන් ඉදුණු අඹගෙඩි දෙකක් කඩාගත් තරුණයන් පිරිසකට පරුෂ වචනයෙන් බැණ වැදී අපහාස කළ කාන්තාවකට එම තරුණයන් පිරිස අපූරු පාඩමක් උගන්වා ඇත.
වාර්තාවන්නේ වයඹ පළාතේ කුඩා නගරයකිනි. එම පුවත සැකෙවින් මෙසේයි.

ඇය අවුරුදු 55ක පමණ අවිවාහක කාන්තාවකි. කලක් විදේශ රටක ගෘහ සේවයේ යෙදී සිට දිවයිනට පැමිණි ඇය රැකියාව ලෙස කළේ කාන්තා ඇඳුම් මැසීමය. ඊට අමතරව ළමා ඇඳුම් මසා රෙදිපිළි සාප්පුවලට අලෙවි කිරීමෙන්ද ඇය අමතර ආදායමක් උපයා ගත්තාය.
කොරෝනා වසංගතය නිසා මුඛ ආවරණ සඳහාද හොඳ ඉල්ලුමක් පැවතීම නිසා ඇය උසස් ප්‍රමිතියකින් යුත් මුඛ ආවරණ මසා අලෙවි කිරීමටද මෑතකදී යොමුවූ අතර නිවස ඉදිරිපිට ‘‘මුඛ ආවරණ විකිණීමට ඇත’’ යනුවෙන් දැන්වීම් පුවරුවක් සවිකර මුඛ ආවරණ අලෙවි කිරීම සිදුකළාය. ඉතා ඉහළ මට්ටමකින් මුඛ ආවරණ නිර්මාණය කිරීම නිසා එම කාන්තාව මසන ලද මුඛ ආවරණ සඳහා හොඳ ඉල්ලුමක් ලැබිණි.
පසුගිය දිනෙක සිය ගෙවත්තේ ප්‍රධාන මාර්ගයට නැමී තිබුණ අඹ ගසකින් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් පිරිසක් අඹ ගෙඩි 2ක් කඩාගත් අතර ඇය මෙම තරුණයින්ට එම ක්‍රියාවට තදින් බැන වැදුනාය.
මාර්ගයේ ගමන් කළ අන් අයටද ඇසෙන ලෙස සිදුකළ මෙම අපහාසය එම තරුණයින් පිරිසට මහත් සිත් තැවුලකට හේතු වූ අතර කාන්තාවට කිසිවක් නොකියා කඩාගත් අඹගෙඩි දෙකද ගෙවත්තට විස්කර එම තරුණයින් පිරිස එම ස්ථානයෙන් පිටව ගියේ ඔවුන්ට අපහාස කළ කාන්තාවටද හොඳ පාඩමක් උගන්වන්නට සිතා ගනිමිනි.
මෙම සිද්ධිය සිදුවූ දිනට පසුදින සවස් යාමයේ ඇයට දුරකථන ඇමතුමක් ලැබුණේ ඇගේ නිවසට කිලෝමීටරයක පමණ දුරකින් වූ නිවසක ජීවත්වන ඇගේ නැන්දා කෙනෙකුගෙනි.
‘‘දුවේ ඔයාලගේ ගෙදර ඉස්සරහ තියෙන දැන්වීමක් ගැන කියලා ගමේ හුඟක් අය හිනාවෙනවා. මම දවල් අපේ ගේ ළඟ කඩයට ගිය වෙලාවෙත් මිනිස්සු දෙන්නෙක් ඒ ගැන කියලා හිනාවුණා මහ හයියෙන්. මොකක්ද කියලා බලන්න ඒක.
සිය මැහුම් කටයුතු සඳහා උදව් කරන තරුණියද සමග නිවස ඉදිරිපිට මාර්ගය වෙත ගිය කාන්තාවට දක්නට ලැබුණේ සවිකර තිබූ ‘‘මුඛ ආවරණ විකිනීමට ඇත’’ ලෙස වූ දැන්වීම් පුවරුවේ ‘‘මුඛ’’ යන වචනය ඉදිරියෙන් නොමැකෙන තීන්තයෙන් ‘‘අධෝ’’ යන අකුරු දෙක ලියා ඇති අයුරුය.
(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ලිපිය හොරකමට උදව්දීමක් කියා සිතෙනවා. අනුන්ගේ දෙයක් හොරෙන් කැඩුවාම, දොස්කිව්වම හොරකම වරදක් ලෙස නොපිළිගෙන ඇත්ත පහදාදුන් කෙනාටම කරදර කිරීම හරිද? සමහර විට අඹ ගෙඩි දෙක අහලා කඩාගත්තා නම් වැරදිද?
මේ ලිපිය ලියලා තියෙන්නේ අනුන්ගේ වතුවල ගහලා ගෙඩියක් තියාගන්න දෙන්නේ නැති ගස් පාළුවන්ටම කත්අදින අයෙක්ද? ඒ කාන්තාව කාටවත් අත නොපා තමන්ගේ වීර්යයෙන් ව්‍යාපාරයක් කරලා ජීවත් වෙනවා. මෙතන ඇයගේ පුද්ගලික තොරතුරුත් දාලා හොරාට ගස් ගෙඩි කඩපු අය මහාවීර ක්‍රියාවක් කළා වගේ දාලා...