IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෝච්චියේ යන ගමන් පරිප්පු හොදිත් නාගෙන

(චාමිනි වික්‍රමසිංහ)
එය බදුල්ලේ සිට කොළඹ බලා දිවෙන ශීඝ්‍රගාමී දුම්රියකි. ජනේලය ආසන්න අසුනක සිටියේ මැදි වියේ යුවළක්ය.


ඔවුනොවුන් කතා බහ කරමින් සිටියදීම සැමියා නින්දට වැටුණු අතර බිරිය ජනේලයෙන් පිටත බලාගෙන අවට සිරි නරඹමින් සිටියාය. සුළු මොහොතකින් නිදාහුන් සැමියා එක්වරම අවදි වූයේ බිරියගේ කෑ ගැසීමත් මගීන්ගේ සිනා හඬත් මධ්‍යයේය.


ඔවුන් දිවා ආහාරය සඳහා ගෙනැවිත් තිබු ඉඳිආප්ප හා පරිප්පු පාර්සල තබා තිබුණේ දුම්රියේ රාක්කයක් මතය. 


හදිසියේ එම පාර්සලය ලිහි ඉඳිආප්ප හා පරිප්පු හොදි අඹු සැමියන්ගේ ඔළුවට හා ඇඟට වැටුණේ දුම්රියේ සිටි මගීන්ද සිනහ ගන්වමින්ය.
මගීන්ගේ සිනාවට කෝපයට පත් වූ කාන්තාව මිනිස්සුන්ට කරදරයක් වෙනකන්ද බලන් ඉන්නේ හිනාවෙන්න යනුවෙන් බැණ වැදුනාය.



අදහස් (3)

කෝච්චියේ යන ගමන් පරිප්පු හොදිත් නාගෙන

Thusee Wednesday, 16 May 2018 09:07 AM

බස්වල, කෝච්චිවල ගමන් යනකොටත් ගෙවල්වල කනවා වාගේ හොදි භාජන උස්සන් යන්න ඕනෙද? දුර ගමන් යනකොට ගෙනියන්න, හොඳම ආහාරය තමයි සැන්විච්. ලෙහෙසියි, පහසුයි, කාටවත් කරදරයකුත් නැහැ. ඔය පරිප්පු හොද්ද අසල හිටපු අනිකුත් මගීන්ගේ ඇඟට හැලුනොත් හිනාකනවා. කෙසේ වුනත් දෙන්නට හොඳ පරිප්පුවක් තමයි කන්න වෙන්නේ.

:       29       62

pakeer Sunday, 20 May 2018 02:35 AM

මේක ලංකාව. අපේ එවුන්ට බත්, ඉඳි ආප්ප, රොටි, පරිප්පු මාළු ඇඹුල් තියල්, පොලොස් මේවා තමයි රජ බොජුන්.

:       25       103

saman Wednesday, 23 May 2018 02:01 AM

දිවා ආහාරය සඳහා ඉඳිආප්ප හා පරිප්පු....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site