(චාමිනි වික්‍රමසිංහ)
එය බදුල්ලේ සිට කොළඹ බලා දිවෙන ශීඝ්‍රගාමී දුම්රියකි. ජනේලය ආසන්න අසුනක සිටියේ මැදි වියේ යුවළක්ය.

ඔවුනොවුන් කතා බහ කරමින් සිටියදීම සැමියා නින්දට වැටුණු අතර බිරිය ජනේලයෙන් පිටත බලාගෙන අවට සිරි නරඹමින් සිටියාය. සුළු මොහොතකින් නිදාහුන් සැමියා එක්වරම අවදි වූයේ බිරියගේ කෑ ගැසීමත් මගීන්ගේ සිනා හඬත් මධ්‍යයේය.
ඔවුන් දිවා ආහාරය සඳහා ගෙනැවිත් තිබු ඉඳිආප්ප හා පරිප්පු පාර්සල තබා තිබුණේ දුම්රියේ රාක්කයක් මතය.
හදිසියේ එම පාර්සලය ලිහි ඉඳිආප්ප හා පරිප්පු හොදි අඹු සැමියන්ගේ ඔළුවට හා ඇඟට වැටුණේ දුම්රියේ සිටි මගීන්ද සිනහ ගන්වමින්ය.
මගීන්ගේ සිනාවට කෝපයට පත් වූ කාන්තාව මිනිස්සුන්ට කරදරයක් වෙනකන්ද බලන් ඉන්නේ හිනාවෙන්න යනුවෙන් බැණ වැදුනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්වල, කෝච්චිවල ගමන් යනකොටත් ගෙවල්වල කනවා වාගේ හොදි භාජන උස්සන් යන්න ඕනෙද? දුර ගමන් යනකොට ගෙනියන්න, හොඳම ආහාරය තමයි සැන්විච්. ලෙහෙසියි, පහසුයි, කාටවත් කරදරයකුත් නැහැ. ඔය පරිප්පු හොද්ද අසල හිටපු අනිකුත් මගීන්ගේ ඇඟට හැලුනොත් හිනාකනවා. කෙසේ වුනත් දෙන්නට හොඳ පරිප්පුවක් තමයි කන්න වෙන්නේ.
මේක ලංකාව. අපේ එවුන්ට බත්, ඉඳි ආප්ප, රොටි, පරිප්පු මාළු ඇඹුල් තියල්, පොලොස් මේවා තමයි රජ බොජුන්.
දිවා ආහාරය සඳහා ඉඳිආප්ප හා පරිප්පු....