තම එකම මිනිබිරිය සමග කටුමැටි ගෙයක ජීවත් වූ මිත්තණියකි. ඇය සතුන්ට බෙහෙවින් ආදරය කළාය. බලූ බළල් සතුන්ට අමතරව ගෙදර කුකුළකු ද ඇති කළේ ආසාවෙනි. හොඳින් වැඞී සිටි මේ කුකුළා පසුගියදා කිසිවකු විසින් සොරකම්කර තිබූ අතර ඒ ගැන තොරතුරු සොයාගත් ඇය පොලිසියට පැමිණිලි කිරීමෙන් නතර නොවී අධිකරණයට ද ගියාය. නඩුවට නීතිඥයකු පෙනී සිටිය යුතු හෙයින් ලියන මහත්තයකුට මේ ගැන කී විට ඔහු කීවේ නීතිඥ ගාස්තු ගෙවිය යුතු බවකි. ඇය රුපියල් සියයේ කොළයක් ඔහුට දිගු කළ විට ලියන මහත්තයා උපහාසයෙන් කීවේ ”එහෙම මදි ඇන්ටි බරට ගෙවන්න වේවි” කියාය. ගෙදර ගිය ඇය පසුවදා කාර්යාලයට ගොස් ”එහෙම නං කිලෝ දෙකකට ගණන් බලන්නැයි” ලියන මහත්තයාට කීවිට ඔහු අන්දුන් කුන්දුන් වී ඒ ගැන විමසීය. පෙරදින බරට ගෙවන්නැයි කී නිසා මිනිබිරිය ගෙන් කුකුළාගේ බර දළ වශයෙන් අසාගෙන ආ බව ඇය කී විට ලියන මහත්තයාට දෙවියන් සිහිවුණා ලූ.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුකුළාගේ බරට නීතිඥ ගාස්තුව ගෙවන්න ගිහින්