(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ වෙරළාසන්න මාර්ගයේ අගනුවර බලා යන බස් රථයකි. එහි වාඩිවී සිටි මගියකු එක්වරම නැගී සිට ‘පත්තෑයෙක්, පත්තෑයෙක්’ කියා තමා ඇඳ සිටි සරමට තට්ටුවක් දැම්මේ කලබලයෙනි. කොන්දොස්තර වහා එතැනට ආවේය. රියැදුරා බසය මාර්ගයේ පසෙකට ගෙන නතර කළේය.
එහෙත් පත්තෑයකු සිටින බවට ලකුණක්වත් නැත. ‘මගේ කකුල පහුරු ගෑවා’ මගියා කීවේ සිය පාදයේ ඉහළ කොටස අතාගාමිනි.
ඔහු අසලම වාඩිවී සිටි තරුණයා සිය කලිසමට අත දමා ජංගම දුරකතනය ගත්තේ සිනාසෙමිනි. ‘මම කෝල් එකේ සංඥාවක් එන කොට දැන ගන්න වයිබ්‍රේෂන් (කම්පන දෙදරීම් සංඥාව) දමල තිබුණේ මගේ කකුලට තෙරපිලා හිටපු නිසා ඒක දෙදරණ කොට කකුල පහුරු ගෑවා කියලා හිතන්න ඇති. දැන් කෝල් එකක් ආවා’ ඔහු පැවසීය.
මගීහු එකිනෙකා දෙස බැලූහ. සිනාසුනහ. මගියා යළි අසුන් ගත්තේ ළඟ සිටි තරුණයා දෙස රවා බලමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් වල යනකොට පත්තෑයාගේ චරිතය මමත් රඟපාලා තියෙනවා.
දකිනකොටම මට හිතුනේ කවුරු හරි හුරලා කියලයි.