IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කකුල පහුරු ගාලා බසයේ ජංජාලයක්

(තිහගොඩ  උපසේන ලියනගම)

දකුණු පළාතේ වෙරළාසන්න මාර්ගයේ අගනුවර බලා යන බස් රථයකි. එහි වාඩිවී සිටි මගියකු එක්වරම නැගී සිට ‘පත්තෑයෙක්, පත්තෑයෙක්’ කියා තමා ඇඳ සිටි සරමට තට්ටුවක් දැම්මේ කලබලයෙනි. කොන්දොස්තර වහා එතැනට ආවේය. රියැදුරා බසය  මාර්ගයේ පසෙකට ගෙන නතර කළේය.

එහෙත් පත්තෑයකු සිටින බවට ලකුණක්වත් නැත. ‘මගේ කකුල පහුරු ගෑවා’ මගියා කීවේ සිය පාදයේ ඉහළ කොටස අතාගාමිනි.

ඔහු අසලම වාඩිවී සිටි තරුණයා සිය කලිසමට අත දමා ජංගම දුරකතනය ගත්තේ සිනාසෙමිනි. ‘මම කෝල් එකේ සංඥාවක් එන කොට දැන ගන්න වයිබ්‍රේෂන් (කම්පන දෙදරීම් සංඥාව) දමල තිබුණේ මගේ කකුලට තෙරපිලා හිටපු නිසා ඒක දෙදරණ කොට කකුල පහුරු ගෑවා කියලා හිතන්න ඇති. දැන් කෝල් එකක් ආවා’ ඔහු පැවසීය.

මගීහු එකිනෙකා දෙස බැලූහ. සිනාසුනහ. මගියා යළි අසුන් ගත්තේ ළඟ සිටි තරුණයා දෙස රවා බලමින්ලූ.



අදහස් (2)

කකුල පහුරු ගාලා බසයේ ජංජාලයක්

රිතික් Friday, 13 October 2017 12:01 PM

බස් වල යනකොට පත්තෑයාගේ චරිතය මමත් රඟපාලා තියෙනවා.

:       238       132

Janahitha Monday, 16 October 2017 07:05 PM

දකිනකොටම මට හිතුනේ කවුරු හරි හුරලා කියලයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site