IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


එළදෙනට පිහියෙන් ඇන්න ‘හරකෙක්’

(කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත)
සිය වෙළෙඳසලේ එල්ලා තිබූ කෙසෙල් කැනක කෙසෙල් ගෙඩි දෙකක් කෑ එළදෙනෙකුට පිහි පහරවල් දෙකක් ඇන තුවාල සිදුකළ පළතුරු වෙළෙන්ඳකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ.


 හේ පළතුරු වෙළෙන්දා මෙන් ජීවත්වූ අයෙකි. ඔහු සිය වෙළෙඳසලේ කෙසෙල් කැන් එල්ලා තැබුවේය. එළදෙනක එම කැනෙන්  ගෙඩි දෙකක් කනවා දුටු ඔහුට මාරාවේශ ආවේය. ඔහු හනිකට කෙසෙල් කැන් කැපීමට තිබූ පිහිය ගෙන එළදෙණ කෑ කෙසෙල් ගෙඩි ගණනට සතාට පිහියෙන් ඇන්නේය.


එළදෙන කෑ කෙසෙල් ගෙඩි ගණන දෙකකි. ඔහුද එළදෙනට ඇන්න පිහි පහරවල් ගණන දෙකකි. ඔහුගෙන්  පිහිපහරකෑ එළදෙන මරළතෝනි දීගෙන එතනින් එහාට  මෙහාට වේගයෙන් දිවගියේ පිහිපහර ඇනීමෙන්වූ වේදනාව දරා ගැනීමට නොහැකිවය.


 මේ එළදෙන ලේ පෙරාගෙන එහාට මෙහාට යනු දුටු අය මේ පිළිබඳව විමසිලිමත් වුහ. අවසානයේදී ඇයට සිදුවූ දේ දැනගත් විට බොහෝ අය පළතුරු  වෙළෙන්දාට  පහර දෙන්නට තැත් කළේ මේ තිරිසනාට කළ තිරිසන් කි‍්‍රයාවට පාඩමක් උගැන්වීමටය. තිරිසන් නොවන අයගේ මැදිහත්වීමෙන් ඔහු පහර කෑමෙන් බේරුණි.


 පිහිපාර කා මස් වැදැල්ලක්ද එල්ලෙමින් ලේ පෙරාගෙන එහාට මෙහාට දිවගිය එළදෙන දුටු පිරිසක් මේ පිළිබඳව ජංගම දුරකථනවලින් පශු වෛද්‍යවරයාට දැනුම් දුන්හ. ඒ සමගම කි‍්‍රයාත්මක වූ පශූවෛද්‍යවරයා පැමිණ එළදෙනට ප‍්‍රතිකාර කළේය. එළදෙනගේ පිහි ඇනුම් තුවාලය යථා තත්ත්වයට පත් කිරීමට පශුවෛද්‍යවරයාට මැහුම් දැමීමටද සිදුවිය. ඒ වෙනුවෙන් මැහුම් දාහතරක් දැමීමට ඔහුට සිදුවිය.



අදහස් (0)

එළදෙනට පිහියෙන් ඇන්න ‘හරකෙක්’

විදුර Tuesday, 03 March 2015 08:57 AM

අනේ වජිර මෙතන නිකන් ගොන් පාට් පෙන්වන්න එන්න එපා. ලංකාවේ කොහේ හරි ප්‍රදේශයක එක අයෙක් වරදක් කලොත් ඒ පළාතේම ඉන්න ජනතාවට අපහාස කල අමනයන් මේ සභාවේ ඕන තරම් හිටියා. එහෙම කලෙත් ඔය කියන පළාතේ අයම තමයි. රටේ වෙන කොහෙවත් ඒ වගේ මෝඩයෝ නැහැ.ඒ වපුරපු බීජවල ප්‍රතිපල තමයි ඔය. ගිය තැන විනාශයි. (නදී)

:       0       0

ශාන්ත Saturday, 28 February 2015 11:19 AM

සැම්සන් සහ විදුර යනු නූගත් පරපුරේ තවත් සතුන් දෙදෙනෙකි... (නි)

:       0       0

ලංකා Monday, 02 March 2015 11:26 AM

මේ ක්‍රියාව අනුමත කරන්න බැහැ. නමුත් අහුන්ගල්ල අම්බලන්ගොඩ පැත්තේ හරක් නිදැල්ලේ ඇරලා තියෙන එක වැරදි. මගේ වාහනේ හරකෙක් වැදිලා රුපියල් ලක්ෂ 51/2ක් හදන්න ගියා. හරක් හිමියන් වහා දැනුවත් කල යුතුයි. (ර)

:       0       0

තිලක් Saturday, 28 February 2015 11:57 AM

මිනුවන්ගොඩ මාළු ලෑල්ල ලඟට දිනපතා ලොකු කබරයෙක් එනවා. එම මුදලාලි හැමදාම එම සතාට මාළු දෙනවා. මේ "හරකට" එතුමා හොඳ ආදර්ශයක්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 28 February 2015 12:07 PM

සත්තව හිංසාව යටතේ මේ මනුස්සයව අදිකරණයට ගෙනයන්න පුළුවන්. ප්‍රශ්ණය තියෙන්නේ එතකොට එ්ක වෛරී පලිගැනීමක් කියයිද දන්නේ නැහැ ? (නදී)

:       0       0

රොකී Monday, 02 March 2015 12:26 PM

වෙළඳ සැල් හිමියාට එයා කරපු පවේ විපාක එලෙසම ලැබේවි. එ්ක ඉතින් ස්තිරයි (නදී)

:       0       0

රොෂාන් Tuesday, 03 March 2015 10:55 AM

පුදුම පව්කාරයෙක් කෙසෙල් ගෙඩි දෙක කොච්චර වටීද ? (නදී)

:       0       0

නන්දන Tuesday, 03 March 2015 11:22 AM

සමහරුන්ට තරහ ගිහින් තියන විදිහ.... (ර)

:       0       0

අශේන් Sunday, 01 March 2015 11:10 PM

අපි මෙහෙම හිතමු. හරකාට හිංසා කිරීම වැරදියි. ඒකට එකඟවෙනවා. නමුත් හරක්, බල්ලෝ, පූසෝ, කුකුළන් වගේ හැම සතෙක්ම පාරේ. ඒක හරිද? ගමගේ, ඔයා හරි (නි)

:       0       0

සැම්සන් Saturday, 28 February 2015 01:00 AM

මේක දකුණේ සිද්දීයෙක් නේද ? (නදී)

:       0       0

වරුණ Saturday, 28 February 2015 05:10 PM

තිරිසනුන්ටත් වඩා අන්ත තිරිසන් මිනිස්සු (නි)

:       0       0

සෙනරත් Saturday, 28 February 2015 05:11 PM

මිනිස්සු හිතාගෙන ඉන්නේ එයාලත් මිනිස්සු කියලා. (නි)

:       0       0

පතිරණ Monday, 02 March 2015 05:27 PM

හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කට්ටිය තමයි අද කාලේ ගොඩක් ඉන්නේ (නි)

:       0       0

විපුල Saturday, 28 February 2015 03:30 AM

මේ ඔක්කොටම අමු කැවිලා. මම කිව්වේ මේ සැම්සන් ටත් එක්ක (නදී)

:       0       0

ගුණවර්ධන Saturday, 28 February 2015 06:43 PM

අනේ! අපේ ලංකාවේ සතුන් මොන සත්තු හරි වේවා,මේ සතුන් බේරාදෙන්න (නි)

:       0       0

ඉෂාන් Saturday, 28 February 2015 03:30 AM

අනේ පව්.! අසරණ සතා. (ර)

:       0       0

අසෝකා Saturday, 28 February 2015 09:49 PM

මෙයාව බල්ලෙක් හපාකෑවා නම්, මෙයත් බල්ලව හපාකයිද දන්නේ නැහැ. (නි)

:       0       0

පිටිගල Saturday, 28 February 2015 04:27 AM

ඉතින් මේ පාහරයාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න නීතියක් නැද්ද? සත්ත්ව හිංසාව යටතේ ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. කවුරුහෝ පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ගව හිමියා ඒ සඳහා වහාම ක්‍රියා කළ යුතුය. (බ)

:       0       0

පිටිගල Saturday, 28 February 2015 04:27 AM

සත්ව හිංසාව යටතේ ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. කවුරුහෝ පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ගව හිමියා ඒ සඳහා වහාම ක්‍රියා කළ යුතුය.(දිල්)

:       0       0

අරවින්ද Saturday, 28 February 2015 04:37 AM

අංහිසක සතකුටවත් නිදහසේ ඉන්න නෑනේ (දිල් )

:       0       0

සුනිල් Sunday, 01 March 2015 12:38 AM

සිය සතුන් නිදැල්ලේ යවා උන්ගෙන් ලාභ ප්‍රයෝජනද ලබාගන්නා මිනිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ගමගේ Sunday, 01 March 2015 02:43 AM

අපේ රටේ ගොඩක් මිනිස්සු මේ සත්තු නිදැල්ලේ යවලා පැටව් ලැබෙන්න යද්දී ගෙනවිත් බැඳගන්නවා. කරුණකරලා මේ වගේ මිනිසුන්ගේ සත්තු රාජසන්තක කරලා හදන්න පුළුවන් අයට අඩු මුදලකට දෙන්න ඕනෑ. අනික නිදැල්ලේ යන මේ සත්තු නිසා පාරේ යන වාහන වලටත් සෑහෙන කරදරයි. මේ වැනි කාරනා වලට නීතියක් ගෙනඒම සතාටත් මහජනයාටත් විශාල සහනයක්. (නි)

:       0       0

සිතු Saturday, 28 February 2015 05:28 AM

යහපත් මිනිසුන් සැමදා දිනේවා. අයපත් මිනිසුන් යහමගට පැමිණේවා! (අ)

:       0       0

නුවන් Saturday, 28 February 2015 05:49 AM

පව්කාර මිනිස්සු! (අ)

:       0       0

ඒකනායක Saturday, 28 February 2015 07:29 AM

අම්මෝ ඔව් දකුණේ අය ගොඩක් දරුනුයි. මම වසර 2ක් ම වැඩකළා හිතාගන්ට බෑ මේ ලංකාවේ කොටසක්ද කියල (බ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 01 March 2015 08:04 AM

කුණු වෙලා කිලෝ ගණන් විසිකරද්දී, බඩ ගින්නට යමක් හොයාගෙන ආපු ඒ සතාට පිහියෙන් ඇන්නේ ඇයි. සල්ලි වලට ගුණධර්ම යටවෙලා ගිහින්. (ර)

:       0       0

වජිර Tuesday, 03 March 2015 03:37 AM

සැම්සන් සහ විදුර යන දෙදෙනාද එලවලු වෙලෙන්දා හා සමානය. මේ වගේ කාලයකත් පලාත් බේද ඇදගෙන ජාතිය බේද බින්න කරන්න උත්සාහ ගන්නා මොවුන්ට රජකාලේ දඩුවම් දියයුතුයි. (නදී)

:       0       0

අනුරාධ Saturday, 28 February 2015 08:00 AM

මේ වගේ හරක් මිනිස්සු නෙමේ.වෙන දෙයක් ගත්තානම් ජීවිත හානියක් කරන්න පුළුවන්. (අ)

:       0       0

රුවන් Saturday, 28 February 2015 08:07 AM

මනුස්සයෙක් මොනවහරි හොරෙන් කෑවොත් [බඩගින්නට හෝ විහිලුවට වගේ] මේ මෝඩ වෙළෙන්දා ඒ කෙනාටත් පිහියෙන් අනීද දන්නේ නැහැ? (අ)

:       0       0

වත්සලා Sunday, 01 March 2015 11:05 AM

මේ නගරයේ ඔහුට වෙලදාම් කිරීමට තවදුරටත් ඉඩ දිය යුතු නැත.(නදී)

:       0       0

මල්ලිකා Saturday, 28 February 2015 08:37 AM

හරකෙකුටත් වඩා හරකෙක්. පව් කාරයා. (නදී)

:       0       0

රේණු Tuesday, 03 March 2015 04:48 AM

අනේ ඒ සතා ගෙඩි දෙකක් විතරනේ කාලා තියෙන්නේ. ඉස්සර අපේ ගමේ හැමදාම කඩ මණ්ඩිය පහුකරගෙන යන අලියෙක් ඉන්නවා. හැමදාම කෙහෙල් අැවරියක් කඩැ ගන්නවා. මුදලාලි මුකුත් කියන්නේ නැහැ. බොහොම සානුකම්පිතව බලා ඉන්නවා. දකින අයත් එහෙමයි. (නදි)

:       0       0

නන්දන Saturday, 28 February 2015 09:00 AM

සමහර මිනිස්සුන්ට තියෙන්නේ මහා තිරිසන් ගති ගුණ. මහා අමුතු මන්ද මානසිකත්වයක් තිබෙන පිරිසක් ඉන්නවා. (නදී)

:       0       0

විදුර Saturday, 28 February 2015 09:34 AM

ඔව්, සැම්සන් මේක දකුණේ සුළු සිද්ධියක්. ඒ පළාතේ සිද්ධියක් නම් ඉතින් වර්චස්ම තමයි. (අ)

:       0       0

නුවන් Tuesday, 03 March 2015 07:02 AM

මේ වගේ වෙලාවට කට්ටියම බොරුවට පින්වන්තයෝ වෙන්න හදනවා. පිහියෙන් අනපු එක නම් වැරදියි. පොලු පාරක් නම් දුන්නට කමක් නෑ. නැත්නම් හැමදාම කඩේ තියෙන කෙසෙල් ගෙඩි ටික කාල ගියාම වෙළෙදාම් කරන්නේ මොනාද.? (ර)

:       0       0

අනුරාධ Saturday, 28 February 2015 09:38 AM

මේවගේ මිනිස්සු මනුස්සයෝ නොවේ තිරිසන් ජාතිය මේවගේ මෙයාලගේ පව්කාරකම් කවදද මේ රටෙන් තුරන් වෙන්නේ?..(අ)

:       0       0

නාරද Saturday, 28 February 2015 09:58 AM

මේ සම්බන්ධව නීති මගින් ක්‍රියා කළ හැකියි. අදාළ පොලිසියට වගකීම?(දිල්)

:       0       0

සිරා Saturday, 28 February 2015 10:18 AM

"තිරිසන් නොවන අයගේ මැදිහත්වීමෙන් ඔහු පහර කෑමෙන් බේරුණි". මෙන්න මේ අය නිසා තමයි මේ වගේ නරුමයෝ යහතින් ඉන්නේ (නදී)

:       0       0

සුසිර Saturday, 28 February 2015 10:31 AM

එතකොට සෙල්ලම් පිහියකින් නෙමේද ඇනල තියෙන්නේ. අහිංසක සත්තුන්ට පිහිවලින් කොටන මිනිස්සුත් අපේ සමාජයේ තවමත් ඉන්නවනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 451 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site