(කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත)
සිය වෙළෙඳසලේ එල්ලා තිබූ කෙසෙල් කැනක කෙසෙල් ගෙඩි දෙකක් කෑ එළදෙනෙකුට පිහි පහරවල් දෙකක් ඇන තුවාල සිදුකළ පළතුරු වෙළෙන්ඳකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ.
හේ පළතුරු වෙළෙන්දා මෙන් ජීවත්වූ අයෙකි. ඔහු සිය වෙළෙඳසලේ කෙසෙල් කැන් එල්ලා තැබුවේය. එළදෙනක එම කැනෙන් ගෙඩි දෙකක් කනවා දුටු ඔහුට මාරාවේශ ආවේය. ඔහු හනිකට කෙසෙල් කැන් කැපීමට තිබූ පිහිය ගෙන එළදෙණ කෑ කෙසෙල් ගෙඩි ගණනට සතාට පිහියෙන් ඇන්නේය.
එළදෙන කෑ කෙසෙල් ගෙඩි ගණන දෙකකි. ඔහුද එළදෙනට ඇන්න පිහි පහරවල් ගණන දෙකකි. ඔහුගෙන් පිහිපහරකෑ එළදෙන මරළතෝනි දීගෙන එතනින් එහාට මෙහාට වේගයෙන් දිවගියේ පිහිපහර ඇනීමෙන්වූ වේදනාව දරා ගැනීමට නොහැකිවය.
මේ එළදෙන ලේ පෙරාගෙන එහාට මෙහාට යනු දුටු අය මේ පිළිබඳව විමසිලිමත් වුහ. අවසානයේදී ඇයට සිදුවූ දේ දැනගත් විට බොහෝ අය පළතුරු වෙළෙන්දාට පහර දෙන්නට තැත් කළේ මේ තිරිසනාට කළ තිරිසන් කි‍්‍රයාවට පාඩමක් උගැන්වීමටය. තිරිසන් නොවන අයගේ මැදිහත්වීමෙන් ඔහු පහර කෑමෙන් බේරුණි.
පිහිපාර කා මස් වැදැල්ලක්ද එල්ලෙමින් ලේ පෙරාගෙන එහාට මෙහාට දිවගිය එළදෙන දුටු පිරිසක් මේ පිළිබඳව ජංගම දුරකථනවලින් පශු වෛද්‍යවරයාට දැනුම් දුන්හ. ඒ සමගම කි‍්‍රයාත්මක වූ පශූවෛද්‍යවරයා පැමිණ එළදෙනට ප‍්‍රතිකාර කළේය. එළදෙනගේ පිහි ඇනුම් තුවාලය යථා තත්ත්වයට පත් කිරීමට පශුවෛද්‍යවරයාට මැහුම් දැමීමටද සිදුවිය. ඒ වෙනුවෙන් මැහුම් දාහතරක් දැමීමට ඔහුට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වජිර මෙතන නිකන් ගොන් පාට් පෙන්වන්න එන්න එපා. ලංකාවේ කොහේ හරි ප්‍රදේශයක එක අයෙක් වරදක් කලොත් ඒ පළාතේම ඉන්න ජනතාවට අපහාස කල අමනයන් මේ සභාවේ ඕන තරම් හිටියා. එහෙම කලෙත් ඔය කියන පළාතේ අයම තමයි. රටේ වෙන කොහෙවත් ඒ වගේ මෝඩයෝ නැහැ.ඒ වපුරපු බීජවල ප්‍රතිපල තමයි ඔය. ගිය තැන විනාශයි. (නදී)
සැම්සන් සහ විදුර යනු නූගත් පරපුරේ තවත් සතුන් දෙදෙනෙකි... (නි)
මේ ක්‍රියාව අනුමත කරන්න බැහැ. නමුත් අහුන්ගල්ල අම්බලන්ගොඩ පැත්තේ හරක් නිදැල්ලේ ඇරලා තියෙන එක වැරදි. මගේ වාහනේ හරකෙක් වැදිලා රුපියල් ලක්ෂ 51/2ක් හදන්න ගියා. හරක් හිමියන් වහා දැනුවත් කල යුතුයි. (ර)
මිනුවන්ගොඩ මාළු ලෑල්ල ලඟට දිනපතා ලොකු කබරයෙක් එනවා. එම මුදලාලි හැමදාම එම සතාට මාළු දෙනවා. මේ "හරකට" එතුමා හොඳ ආදර්ශයක්. (නදී)
සත්තව හිංසාව යටතේ මේ මනුස්සයව අදිකරණයට ගෙනයන්න පුළුවන්. ප්‍රශ්ණය තියෙන්නේ එතකොට එ්ක වෛරී පලිගැනීමක් කියයිද දන්නේ නැහැ ? (නදී)
වෙළඳ සැල් හිමියාට එයා කරපු පවේ විපාක එලෙසම ලැබේවි. එ්ක ඉතින් ස්තිරයි (නදී)
පුදුම පව්කාරයෙක් කෙසෙල් ගෙඩි දෙක කොච්චර වටීද ? (නදී)
සමහරුන්ට තරහ ගිහින් තියන විදිහ.... (ර)
අපි මෙහෙම හිතමු. හරකාට හිංසා කිරීම වැරදියි. ඒකට එකඟවෙනවා. නමුත් හරක්, බල්ලෝ, පූසෝ, කුකුළන් වගේ හැම සතෙක්ම පාරේ. ඒක හරිද? ගමගේ, ඔයා හරි (නි)
මේක දකුණේ සිද්දීයෙක් නේද ? (නදී)
තිරිසනුන්ටත් වඩා අන්ත තිරිසන් මිනිස්සු (නි)
මිනිස්සු හිතාගෙන ඉන්නේ එයාලත් මිනිස්සු කියලා. (නි)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කට්ටිය තමයි අද කාලේ ගොඩක් ඉන්නේ (නි)
මේ ඔක්කොටම අමු කැවිලා. මම කිව්වේ මේ සැම්සන් ටත් එක්ක (නදී)
අනේ! අපේ ලංකාවේ සතුන් මොන සත්තු හරි වේවා,මේ සතුන් බේරාදෙන්න (නි)
අනේ පව්.! අසරණ සතා. (ර)
මෙයාව බල්ලෙක් හපාකෑවා නම්, මෙයත් බල්ලව හපාකයිද දන්නේ නැහැ. (නි)
ඉතින් මේ පාහරයාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න නීතියක් නැද්ද? සත්ත්ව හිංසාව යටතේ ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. කවුරුහෝ පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ගව හිමියා ඒ සඳහා වහාම ක්‍රියා කළ යුතුය. (බ)
සත්ව හිංසාව යටතේ ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. කවුරුහෝ පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ගව හිමියා ඒ සඳහා වහාම ක්‍රියා කළ යුතුය.(දිල්)
අංහිසක සතකුටවත් නිදහසේ ඉන්න නෑනේ (දිල් )
සිය සතුන් නිදැල්ලේ යවා උන්ගෙන් ලාභ ප්‍රයෝජනද ලබාගන්නා මිනිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
අපේ රටේ ගොඩක් මිනිස්සු මේ සත්තු නිදැල්ලේ යවලා පැටව් ලැබෙන්න යද්දී ගෙනවිත් බැඳගන්නවා. කරුණකරලා මේ වගේ මිනිසුන්ගේ සත්තු රාජසන්තක කරලා හදන්න පුළුවන් අයට අඩු මුදලකට දෙන්න ඕනෑ. අනික නිදැල්ලේ යන මේ සත්තු නිසා පාරේ යන වාහන වලටත් සෑහෙන කරදරයි. මේ වැනි කාරනා වලට නීතියක් ගෙනඒම සතාටත් මහජනයාටත් විශාල සහනයක්. (නි)
යහපත් මිනිසුන් සැමදා දිනේවා. අයපත් මිනිසුන් යහමගට පැමිණේවා! (අ)
පව්කාර මිනිස්සු! (අ)
අම්මෝ ඔව් දකුණේ අය ගොඩක් දරුනුයි. මම වසර 2ක් ම වැඩකළා හිතාගන්ට බෑ මේ ලංකාවේ කොටසක්ද කියල (බ)
කුණු වෙලා කිලෝ ගණන් විසිකරද්දී, බඩ ගින්නට යමක් හොයාගෙන ආපු ඒ සතාට පිහියෙන් ඇන්නේ ඇයි. සල්ලි වලට ගුණධර්ම යටවෙලා ගිහින්. (ර)
සැම්සන් සහ විදුර යන දෙදෙනාද එලවලු වෙලෙන්දා හා සමානය. මේ වගේ කාලයකත් පලාත් බේද ඇදගෙන ජාතිය බේද බින්න කරන්න උත්සාහ ගන්නා මොවුන්ට රජකාලේ දඩුවම් දියයුතුයි. (නදී)
මේ වගේ හරක් මිනිස්සු නෙමේ.වෙන දෙයක් ගත්තානම් ජීවිත හානියක් කරන්න පුළුවන්. (අ)
මනුස්සයෙක් මොනවහරි හොරෙන් කෑවොත් [බඩගින්නට හෝ විහිලුවට වගේ] මේ මෝඩ වෙළෙන්දා ඒ කෙනාටත් පිහියෙන් අනීද දන්නේ නැහැ? (අ)
මේ නගරයේ ඔහුට වෙලදාම් කිරීමට තවදුරටත් ඉඩ දිය යුතු නැත.(නදී)
හරකෙකුටත් වඩා හරකෙක්. පව් කාරයා. (නදී)
අනේ ඒ සතා ගෙඩි දෙකක් විතරනේ කාලා තියෙන්නේ. ඉස්සර අපේ ගමේ හැමදාම කඩ මණ්ඩිය පහුකරගෙන යන අලියෙක් ඉන්නවා. හැමදාම කෙහෙල් අැවරියක් කඩැ ගන්නවා. මුදලාලි මුකුත් කියන්නේ නැහැ. බොහොම සානුකම්පිතව බලා ඉන්නවා. දකින අයත් එහෙමයි. (නදි)
සමහර මිනිස්සුන්ට තියෙන්නේ මහා තිරිසන් ගති ගුණ. මහා අමුතු මන්ද මානසිකත්වයක් තිබෙන පිරිසක් ඉන්නවා. (නදී)
ඔව්, සැම්සන් මේක දකුණේ සුළු සිද්ධියක්. ඒ පළාතේ සිද්ධියක් නම් ඉතින් වර්චස්ම තමයි. (අ)
මේ වගේ වෙලාවට කට්ටියම බොරුවට පින්වන්තයෝ වෙන්න හදනවා. පිහියෙන් අනපු එක නම් වැරදියි. පොලු පාරක් නම් දුන්නට කමක් නෑ. නැත්නම් හැමදාම කඩේ තියෙන කෙසෙල් ගෙඩි ටික කාල ගියාම වෙළෙදාම් කරන්නේ මොනාද.? (ර)
මේවගේ මිනිස්සු මනුස්සයෝ නොවේ තිරිසන් ජාතිය මේවගේ මෙයාලගේ පව්කාරකම් කවදද මේ රටෙන් තුරන් වෙන්නේ?..(අ)
මේ සම්බන්ධව නීති මගින් ක්‍රියා කළ හැකියි. අදාළ පොලිසියට වගකීම?(දිල්)
"තිරිසන් නොවන අයගේ මැදිහත්වීමෙන් ඔහු පහර කෑමෙන් බේරුණි". මෙන්න මේ අය නිසා තමයි මේ වගේ නරුමයෝ යහතින් ඉන්නේ (නදී)
එතකොට සෙල්ලම් පිහියකින් නෙමේද ඇනල තියෙන්නේ. අහිංසක සත්තුන්ට පිහිවලින් කොටන මිනිස්සුත් අපේ සමාජයේ තවමත් ඉන්නවනේ. (නදී)