(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
කුලී කාමරයේ නවාතැන් ගෙන සිටි මිතුරා කාමරයේ නැති අවස්ථාවල ඔහුගේ බැංකු කාඞ්පතින් හොරෙන් සල්ලි ඇද්ද මිතුරෙකුගේ හොරකම අසුවීම නිසා ඔහුට පොලිස් කූඩුවේ තපින්නට වූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
දෙදෙනාම දුර බැහැර ප‍්‍රදේශයක සිට කොළඹට රැුකියාවන් සඳහා පැමිණ හඳුනා ගැනීමෙන් පසු කොළඹට කිට්ටු ප‍්‍රදේශයක කාමරයක් කුලියට ගෙන නවාතැන්ගෙන ඇත.
එකිනෙකා කෙරෙහි විශ්වාසයක් ඇති කරගත් නිසා අවුලක් නැතිව කාමරයේ නැවතී රැුකියාවට යාමට පුරුදුව සිටි අතරේ එක් අයකුගේ බැංකු කාඞ්පතේ තැන්පත් මුදල් ටික ටික අඩුවෙන බව දැනගෙන ඒ ගැන සොයා බලා ඇත. තම මිතුරා තමන්ගේ බැංකු කාඞ්පත සොරාගෙන මුදල් ගන්නවා ද යන්න සොයා බැලීමට දිනක් ඔහු යෙ¥ උපක‍්‍රමය සාර්ථකවී ඇත. තමන් එහි ලාච්චුවක දමා තිබූ බැංකු කාඞ්පත සොරාගෙන මෙම මුදල් වංචාව කරන බව තහවුරු කරගත් පසු තවදුරටත් මේ මිතුරුකමින් වැඩක් නැති බව වටහාගෙන රහසේම පොලිසියට පැමිණිලි කර ඇත්තේ දුර සිටින සතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් පරෙස්සම් වෙනු කියන කියමන සිහියට නගා ගනිමින් බවත් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතුරා අනිවාර්යයෙන්ම බැංකු කාඩ් පතේ රහස්‍ය අංකය දැනගෙන ඉන්න ඇති. එක්කෝ මේ පුද්ගලයා ඒක වෙනත් කෙනෙකුට සොයා ගන්න හැකි වන තැනක ලියා තියන්න ඇති. එහෙම නැතිව බැංකු කාඩ් පත විතරක් පාවිච්චි කරලා මුදල් ගන්න බැහැග ඔහු තාක්ෂණයෙන් අග තැන් පත් සොරෙක් නොවන්න. හැබැයි ඉතින් බොහොම දෙනා පුරුද්දක් ව්දියට බැංකු කාඩ් පත තමන් ලඟම තමයි තියා ගන්නේ. මෙහෙම ලාච්චු වල තියල යාවිද කියල නම් හිතා ගන්න බැහැ. ඒ මොකද අවශ්‍ය වෙලාවට හිටි ගමන් බැංකුවට නොයා සල්ලි ගන්න පුළුවන් මෙවලමක් හැමදාම ගෙදර දාලා යන එක හිතා ගන්න අමාරුයි. (නදී)
රටේ වර්තමාන තත්වය මෙයයි. (නි)
බැංකු කාඩ් පතක් වගේ දෙයක් ආරක්ෂා කරගන්න තමන් දැනගන්න ඕනේ.විශේෂයෙන් රහස්‍ය අංකය.මේවා නොදැන කවදාවත් ඔය වගේ වැඩක් කරන්න බැහැ ජිල්මාට් කාරයෙකුට ඇරෙන්න.(දිල්)
එකට කෑවාට බොක්ක වෙනස් (නදී)
ඒ වැඩේ අපි දන්නා කාන්තාවකටත් වුණා. එයාට ඒ අලාභය සිදුකරලා තියෙන්නේ එකම කාමරේ සිටි සරසවි ශිෂ්‍යාවක්. අතටම අසුවෙලා පොලිසි යන්න හැදුවම කියලා තියෙන්නේ තමන්ගේ අනාගතේම ඉවරයි, වඳින්නම් පොලිසි යන්න එපා කියලා. ඒ කාන්තාව කියලා තියෙන්නේ "නංගි, මම ඔයා තරම් ඉගෙනගෙන නැහැ, නමුත් ඔයාට වගේ හැදියාවක් නැති උගත්කමක් මට කීයටවත් එපා" කියලා. (නි)