ඌව පළාතේ දුෂ්කර පාසලක ඉගෙනුම ලැබූ මේ තරුණ සිසුවා පසුගියදා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නගරාසන්න ඥාති නිවසක නතර විය. මේ නිවසේ වූයේ දුප්පත් වියපත් යුවළකි.
මේ මුණුබුරාට ඔවුන් ඉතා ආදරයෙන් සැලකූ අතර සීයා ඉඳහිට කියන මෝඩ කතාවලට මුණුබුරා ප‍්‍රිය කළේය. වැඩිහිටි සංවිධානයක මග පෙන්වීම යටතේ සීයා ස්වයං රැුකියාවක් ලෙස කොහු ඉදල් හැදුවත් ඒවා අලෙවි කිරීම ගැටලූවක් විය. දිනක් විභාගයට ගොස් නිවසට එන ගමන් ඔහු සීයාට කීවේ ග‍්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ස්වයං රැකියාවලට ආධාර දීම සඳහා පත‍්‍රිකා බෙදමින් එන බවත් තමා හැදු ඉදලක් රැගෙන ගොස් එය පෙන්වා ආධාර ඉල්ලන ලෙසත්ය.
තමා හැදු ඉදලක් රැුගෙන ගේ ඉදිරිපිටට ගිය ඔහුට මේ කණ්ඩායම හමුවිය. මොහොතකට පසු ”සීයේ ඒ ගොල්ල මොනවාද කීවේ” ඔහු සීයාගෙන් ඇසූ විට ” මම ඉදල පෙන්නුව විතරයි, මොනවද කිය කියා මට රවාගෙන ගියා” සීයා කීවේ දුකෙනි.
එදා එලෙස ගියේ මැතිවරණයේ අපේක්‍ෂක කැන්වසින් කණ්ඩායමක් බව සීයා දැනගත්තේ අල්ලපු ගෙදරින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොහොබිනා වැඩක් (බ)
පව් උගත් යයි කියනා තුට්ටු දෙකේ මුණුපුරා සීයට ලනුවක් දුන්න නේද ? පව් අසරණ සීයාගේ ඉදල් ටිකට විකුණා ගන්න හොද වෙළෙන්දෙකු මුණ ගැසේවා. එතෙක් සීයට දීර්ගායු වේවා..! උත්සාහ වන්තයා සැමදාම ජය ලැබුවා..!! (බ)
තරුණ මුණුපුරාට වත්මන් දේශ පාලුවන් ගැන කලකිරීමක් තියෙන්නට ඇති. සීයාට කියා හොඳ පාඩමක් උගන්වන්න හිතෙන්න ඇති.එත් ....මහලු සීයාව අත කොලුවක් කර ගත්ත එක නම් අනුමත කරන්න බැහැ.තමන් රැවටුන එක ගැන සීයාට මොනවා හිතෙන්න ඇද්ද? (ම)
ඒක ඇත්තටම හොඳ වැඩක්. ඡන්දකාරයෝ ගෙදරට එන එකට හොඳ වැඩක් ඒ කරලා තියෙන්නේ.. (නි)
සීයා මෝඩයි කියලා හිතන එක වැරදියි. (නි)
කොල්ලා හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඡන්දෙ ඉල්ලන්න එන හොරුන්ට සීයා ලවාම ඉලපත පෙන්නලා (නි)
මුණුබුරා විභාගයට උසස්පෙළ ලිවුවට කරන්නේ පහත් පෙළේ වැඩනේ. (නි)
පවු අහිංසක සීයා! (නි)
කැන්වසින් කණ්ඩායම ටිකක් මෝඩයි. මොකද ඒ අයට තිබුනා සීයාට කතාකරලා තමන් ආ කාරණය කියලා දෙන්න. මොකද ඉදල පෙන්නුවාට සීයා මොනවත් කිවුවේ නැහැනේ.මුණුබුරා උසස් පෙළ විභාගයට මොනවා ලිවුවාද දන්නේ නැහැ. (නි)
කාලයේ තාලයට හැදුන කොලුවෙක්.එ දරුවාට ඔය කියන දුෂ්කර පළාතේ තමන් පෙනී සිටින විභාගයට අවශ්‍ය පහසුකම් තිබුණා නම් නගරයේ සීයාගේ ගෙදරට එන්නේ නැහැනේ. කොලුවාට තිබුනේ ආච්චිවත් මොන උප්පරවැටියකින් හරි කොහු මිටකුත් දීලා සීයත් එක්කම ගේ ඉස්සරහට යවන්න.ඔය දේශපාලුවෝ ඡන්දයක් ළං වෙනකොට නේ, ඡන්ද දායකයන්ව මතකයට එන්නේ. (අ)
අපේ මහා ලොකු සංස්කෘතියේ තරම තමයි ඒ පෙන්නුම් කළේ. දරුවන් වැඩිහිටියන්ට ගරු කරන්න ඕන බවත්, මේ වගේ වැඩිහිටියන්ට සහ ජීවත් වෙන්න අමාරුවෙන් දඟලන අයට ලනු දීම මහලොකු වැඩක් නෙවෙයි හෝ පාපයක් බවත් මේ කොලුවාට කියලා දෙන්න කෙනෙක් නැති වීමත් පාපයක්. (බ)
මෙයාලා නම් කවදාවත් වැඩිහිටියන්ට සළකන ළමයි නෙමෙයි (නි)
තව කෙනෙකුට කරදර හෝ විහිළු කිරීමෙන් ලබන සතුට ඉතා නරකය. (බ)
මෝඩ මුණුබුරෙක්! (නි)