IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


උසස් පෙළ සිසුවා සීයට ලණුවක් දීලා

ඌව පළාතේ දුෂ්කර පාසලක ඉගෙනුම ලැබූ මේ තරුණ සිසුවා පසුගියදා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නගරාසන්න ඥාති නිවසක නතර විය. මේ නිවසේ වූයේ දුප්පත් වියපත් යුවළකි. 

මේ මුණුබුරාට ඔවුන් ඉතා ආදරයෙන් සැලකූ අතර සීයා ඉඳහිට කියන මෝඩ කතාවලට මුණුබුරා ප‍්‍රිය කළේය. වැඩිහිටි සංවිධානයක මග පෙන්වීම යටතේ සීයා ස්වයං රැුකියාවක් ලෙස කොහු ඉදල් හැදුවත් ඒවා අලෙවි කිරීම ගැටලූවක් විය. දිනක් විභාගයට ගොස් නිවසට එන ගමන් ඔහු සීයාට කීවේ ග‍්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ස්වයං රැකියාවලට ආධාර දීම සඳහා පත‍්‍රිකා බෙදමින් එන බවත් තමා හැදු ඉදලක් රැගෙන ගොස් එය පෙන්වා ආධාර ඉල්ලන ලෙසත්ය.

තමා හැදු ඉදලක් රැුගෙන ගේ ඉදිරිපිටට ගිය ඔහුට මේ කණ්ඩායම හමුවිය. මොහොතකට පසු ”සීයේ ඒ ගොල්ල මොනවාද කීවේ” ඔහු සීයාගෙන් ඇසූ විට ” මම ඉදල පෙන්නුව විතරයි, මොනවද කිය කියා මට රවාගෙන ගියා” සීයා කීවේ දුකෙනි.

එදා එලෙස ගියේ මැතිවරණයේ අපේක්‍ෂක කැන්වසින් කණ්ඩායමක් බව සීයා දැනගත්තේ අල්ලපු ගෙදරින්ලූ.



අදහස් (0)

උසස් පෙළ සිසුවා සීයට ලණුවක් දීලා

දුමින්ද Thursday, 13 August 2015 04:46 AM

නොහොබිනා වැඩක් (බ)

:       0       0

රූපවතී Thursday, 13 August 2015 04:54 AM

පව් උගත් යයි කියනා තුට්ටු දෙකේ මුණුපුරා සීයට ලනුවක් දුන්න නේද ? පව් අසරණ සීයාගේ ඉදල් ටිකට විකුණා ගන්න හොද වෙළෙන්දෙකු මුණ ගැසේවා. එතෙක් සීයට දීර්ගායු වේවා..! උත්සාහ වන්තයා සැමදාම ජය ලැබුවා..!! (බ)

:       0       0

ඉනෝකා Thursday, 13 August 2015 09:15 AM

තරුණ මුණුපුරාට වත්මන් දේශ පාලුවන් ගැන කලකිරීමක් තියෙන්නට ඇති. සීයාට කියා හොඳ පාඩමක් උගන්වන්න හිතෙන්න ඇති.එත් ....මහලු සීයාව අත කොලුවක් කර ගත්ත එක නම් අනුමත කරන්න බැහැ.තමන් රැවටුන එක ගැන සීයාට මොනවා හිතෙන්න ඇද්ද? (ම)

:       0       0

සමීර Thursday, 13 August 2015 05:10 AM

ඒක ඇත්තටම හොඳ වැඩක්. ඡන්දකාරයෝ ගෙදරට එන එකට හොඳ වැඩක් ඒ කරලා තියෙන්නේ.. (නි)

:       0       0

ගයාන් Thursday, 13 August 2015 05:14 AM

සීයා මෝඩයි කියලා හිතන එක වැරදියි. (නි)

:       0       0

සරත් Thursday, 13 August 2015 05:16 AM

කොල්ලා හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඡන්දෙ ඉල්ලන්න එන හොරුන්ට සීයා ලවාම ඉලපත පෙන්නලා (නි)

:       0       0

චන්න බුවනක Thursday, 13 August 2015 05:00 PM

මුණුබුරා විභාගයට උසස්පෙළ ලිවුවට කරන්නේ පහත් පෙළේ වැඩනේ. (නි)

:       0       0

ඉෂාම් Thursday, 13 August 2015 05:36 AM

පවු අහිංසක සීයා! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 13 August 2015 05:54 AM

කැන්වසින් කණ්ඩායම ටිකක් මෝඩයි. මොකද ඒ අයට තිබුනා සීයාට කතාකරලා තමන් ආ කාරණය කියලා දෙන්න. මොකද ඉදල පෙන්නුවාට සීයා මොනවත් කිවුවේ නැහැනේ.මුණුබුරා උසස් පෙළ විභාගයට මොනවා ලිවුවාද දන්නේ නැහැ. (නි)

:       0       0

ටී සුනිල් Thursday, 13 August 2015 01:11 PM

කාලයේ තාලයට හැදුන කොලුවෙක්.එ දරුවාට ඔය කියන දුෂ්කර පළාතේ තමන් පෙනී සිටින විභාගයට අවශ්‍ය පහසුකම් තිබුණා නම් නගරයේ සීයාගේ ගෙදරට එන්නේ නැහැනේ. කොලුවාට තිබුනේ ආච්චිවත් මොන උප්පරවැටියකින් හරි කොහු මිටකුත් දීලා සීයත් එක්කම ගේ ඉස්සරහට යවන්න.ඔය දේශපාලුවෝ ඡන්දයක් ළං වෙනකොට නේ, ඡන්ද දායකයන්ව මතකයට එන්නේ. (අ)

:       0       0

දිනේෂ් Thursday, 13 August 2015 08:13 AM

අපේ මහා ලොකු සංස්කෘතියේ තරම තමයි ඒ පෙන්නුම් කළේ. දරුවන් වැඩිහිටියන්ට ගරු කරන්න ඕන බවත්, මේ වගේ වැඩිහිටියන්ට සහ ජීවත් වෙන්න අමාරුවෙන් දඟලන අයට ලනු දීම මහලොකු වැඩක් නෙවෙයි හෝ පාපයක් බවත් මේ කොලුවාට කියලා දෙන්න කෙනෙක් නැති වීමත් පාපයක්. (බ)

:       0       0

ලොකුගේ Sunday, 16 August 2015 08:24 PM

මෙයාලා නම් කවදාවත් වැඩිහිටියන්ට සළකන ළමයි නෙමෙයි (නි)

:       0       0

අල්විස් Thursday, 13 August 2015 08:15 AM

තව කෙනෙකුට කරදර හෝ විහිළු කිරීමෙන් ලබන සතුට ඉතා නරකය. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 13 August 2015 08:18 AM

මෝඩ මුණුබුරෙක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 591 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 503 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site