වසරක් තුළදී සිය පෙම්වතා ලවා උපන්දින තෑගි දෙකක් ගන්නට උත්සාහ කළ යුවතියකට උපන්දිනතෑග්ගත් පෙම්වතාත් අහිමිවීමේ පුවතක් වියලුවේ ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඇය කාගේත් නෙත් සිත් ඇද බැඳ ගන්නා යුවතියකි. ඒ නිසාම ගමේ තරුණයන්ද ඇගේ ආදරය සොයා පැමිණියේ මල් සොයා එන බඹරුන් පරිද්දෙනි.
මේ තරුණයින් අතර සිටි එක් තරුණයකු ඇගේ ආදරය දිනා ගත්තේ ඔහු සතුව තිබූ කඩවසම් බවටත් රජයේ රස්සාවටත් පින්සිදු වන්නටය.
සැබැවින්ම ඇයට ආදරය කළ හෙතෙම හැකි උපරිමයෙන් ඇගේ බොහෝ අවශ්‍යතාවන් සපුරන්නට කටයුතු කළේ ඇය කෙදිනක හෝ තම නිවසට කැන්දාගෙන ඒමට තිබූ බලාපොරොත්තුව නිසාය.
‘අයියේ ලබන අට වෙනිදා මගේ උපන්දිනේ. ඔයා මට මොනවද දෙන්නේ’ දෙදෙනා මුණගැසුණු විටෙක තොදොල්වෙමින් ඇය විමසා සිටියේ තරුණයාට වඩාත් ළංවෙමිනි.
සිය පෙම්වතියගේ ඉල්ලීමෙන් තිගැස්සුණු ඔහුට සිහිපත් වූයේ තමුන් මීට මාස හත අටකට පෙරද ඇයගේ උපන් දිනය වෙනුවෙන් වටිනා තෑග්ගක් ලබාදීමේ සිද්ධිය ගැනය.
එය සිහිපත් වුවද කිසිවක් නොකියූ තරුණයා ඇගෙන් සමුගත්තේ අටවන දිනට යෙදෙන උපන්දිනයට ඇය හමුවී වටිනා තෑග්ගක් ලබා දීමේ පෙරොන්දුවද ඇයට ලබා දෙමිනි.
කෙසේ වෙතත් සියලු වැඩ අත්හැර දමා ආපසු නිවසට ගිය හෙතෙම තම දිනපොත පෙරළා බැලුවේ තමන්ගේ සිහියේ යම් අඩුවක් වී ඇද්දැයි සැක හැර දැන ගැනීමේ අටියෙනි.
මීට මාස අටකට පෙර තම පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් වටිනා කරාබු කුට්ටමක් මිලදී ගෙන තිබූ බව එහි සටහන්ව තිබෙනු දුටු ඔහුට ඇය ගැන ඇතිවුයේ දැඩි කේන්තියකි, පිළිකුලකි.
ඒ මොහොතේ කඩදාසියක් අතට ගත් හෙතෙම පිටු ගණනක දිගු ලිපියක් ලියා ‘උපන් දින දෙකක් ඇති ගෑනියෙක් මට වැඩක් නැහැ’ යනුවෙන් එය අවසන් කළේ වසරකට ආසන්න කාලයක් පැවැති ප්‍රේමයට තිත තබමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙම්වතාට විහිලුවක්වත් නොතේරෙන කෙනෙක් වගේ... පිටු ගානක් පරණ කුණු අවුස්සන්ට ඇති... හොඳ වෙලාවට කලින්ම වෙන් උනේ... (ර)
නියම බුද්ධිමත් පෙම්වතෙක් (නි)
මෝඩ පෙම්වතෙක්. කලබල නොවී මේක ටිකක් මීට වඩා හොයලා බලන්න තිබුනා. සමහර අයගේ උප්පැන්න සහතිකේ ඇති දිනය නොවෙයි සැබෑ උපන් දිනය. එය නිවැරදිව ඇත්තේ කේන්දරේ. (ර)
ගැහැණු මායම් වලට අසු නොවුණු බුද්දිමත් පෙම්වතෙක්. නුතන බොලද පෙම්වතුන්ට කදිම ආදර්ශයක්. (ර)
කාලෙකින් මොළයක් ඇති තරුණයෙක් ගැන අහන්න ලැබුනා. සල්ලි, තෑගි වලට ළංවෙලා ඉන්න හොර වංචනික සිත් ඇති පෙම්වතියකගෙන් මේ ළමයා බේරුනා. (නි)
අවුරුද්දට දින ගණන වෙනස්වෙනවා. බුද්ධ වර්ෂයට තියෙන්නේ දින ආසන්න වශයෙන් 360ක් පමණ. (පෝය 12කි). රෝමන් දින දර්ශනයට දින 365ක් පමණ. මෙයාගේ කැලැන්ඩරයත් වසරකට දින ගණන වෙනස්වෙන එකක් වෙන්න ඇති (නි)
මේ විදියට බදින්න කලින් බොරු කලානම් බැන්දට පස්සේ කොල්ලට යන්න වෙන්නේ කටු ඉබුලේ. (ර)
එල කොල්ලෙක්. "උපන් දින දෙකක් ඇති ගෑනියෙක් මට වැඩක් නැහැ " පට්ට. (බ)
බුද්ධිමත් නපුරු පෙම්වතෙක්.... මේ වගේ අයට හොඳ පාඩමක් (ම)
අර පාස් පොට් දෙකක් හදාගෙන හිටපු අයගේ දුවද දන්නේ නැහැ. ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැහැනේ (අ)
ඒ උපන් දිනේ ඇයව විවාහ කර ගත්තානම් ඉවරනේ. මොකටද ඔච්චර කල් උන්නේ. අපරාදේ කරාඹු කුට්ටම. මට හිතෙන්නේ තරුණියත් කරන්න ඇත්තේ මතකය පිළිබද පරීක්ෂණයක්. අපරාදේ දැන් වෙන කෙනෙක් අල්ලාගෙන ඇති. ප්‍රමාද නැහැ වහාම ක්‍රියාත්මක වෙන්න. (ම)
දුමින්ද එයා මෝඩ දුරදිග නොහිතන පෙම්වතෙක්. හරිනම් එවෙලේම බේරුම් කරගන්න තිබුණා (ම)
හොද වැඩේ.(හේ)
නියමයි කොල්ලෙක් කොල්ලන්ගේ දත් ගලවන මෙිවගේ කෙල්ලෝන්ට නියම දඩුවම සුපිරිම වැඩෙි (අ)