IMG-LOGO

උදව්වට අමක නොවන උදව්වක්

තරුණයෙක් පාරේ තිබූ සිම්පතක් අහුලා තම ජංගම දුරකතනයේ අමතර සිම්පත් රදවනයට දැමීය. මොහොතකින් දුරකථනය නාද විය. ඇමතුම පැමිණියේ අහුලාගත් සිම්පතටය.


“කවුද කතා කරන්නේ”? තරුණයා විමසීය.“මේක මගේ ගර්ගේ සිම්එක. මාත් එක්ක තරහාවෙලා එයා සිම් එක විසි කරලා. ප්ලිස් සිම් එක අරන් තියන්න. ඔයා ඉන්නේ කොහේද කියන්න මම එන්නම්” අනෙක් පසින් ඇසුණේ තරුණයා තමා සිටිනා ස්ථානය හා තම ඇඳුමේ වර්ණය පවසා “සිම් එක පරෙස්සම් කළාට මටත් උදව්වක් කරන්න” යැයි කීය. “හරි හරි ඔයාට මොනවද ඕනේ?”  යනුවෙන් විමසූ විට “ මට රුපියල් සීයක  රීලෝඞ් එකක් දාන්න” තරුණයා ලැජ්ජාවෙන් පැවසීය.


මට නම්බර් එක එස්.එම්.එස්. කරන්න”යැයි කී විට “මගේ ෆෝන් එකෙන් එස්.එම්.එස්. ගහන්න  අමාරුයි” මේ නොම්බරේ ලියා ගන්නැයි” කියමින් තම අංකය පැවසීය. 


විනාඩි කිහිපයකින් නව මාදිලියේ මෝටර් රථයක් තරුණයා ඉදිරිපිට නැවැත්විය. එහි සිටියේ අව් කණ්ණාඩියක් පැළඳි කඩවසම් තරුණයෙකි. සිම්පත ලබාගත් හෙතෙම “මල්ලි සිම් එක අරන් තිබ්බාට ගොඩක් ස්තුතියි. රීලෝඞ් එක ඇවිල්ලා ඇති  බලන්න” යැයි පැවසීය. රුපියල් සියයේ රිලෝඩය වෙනුවට රුපියල් දහසක් තිබිණි.


“ආ මට අමතක උනා ඔයාගේ ෆෝන් එකෙන් එස්.එම්.එස්. ගහන්න බැහැ කිවානේ. මේ ෆෝන් එක තියාගන්න. මේකේ බිලත් ඇති” කියමින් අලුත්ම ස්මාර්ට් ජංගම දුරකථනයක් තරුණායට දී නොපෙනි ගියේ තරුණයා පුදුමයෙන් බලා සිටිද්දීය.
 ක්‍රිස්ටෝපටර් සිපියන්. අනුරාධපුර 

 



අදහස් (0)

උදව්වට අමක නොවන උදව්වක්

ඉඳුනිල් Wednesday, 20 April 2016 03:30 AM

මෙහෙම මිනිස්සු දැන් හරි අඩුයි (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 12:41 PM

හොඳ හදවතක් ඇති නියම කොල්ලෙක්. අද කාලේ මෙහෙම හොඳ කොල්ලො බෙහෙතකටවත් හොයා ගන්න බැහැනේ. ඒ අතින් මේ කොල්ලව අදහන්න වටිනවා. (බ)

:       0       0

කාශ්‍යප Wednesday, 20 April 2016 05:29 AM

මොන්ටේ ක්‍රිස්ටෝ සිටුවරයා වගේ ආශ්චර්යමත් කෙනෙක්! (නි)

:       0       0

ජයරත්න Wednesday, 20 April 2016 05:36 AM

මතුපිටින් පෙනෙන දෙයට වඩා යමක් තිබෙන පාටයි. විනාඩි කිහිපයක් තුළ සිදුවන සියල්ල හොඳින් සැළසුම් කර ඇති හැඩයි. (නි)

:       0       0

ජුවන් අප්පු Wednesday, 20 April 2016 01:17 PM

අගය කළ යුතු ක්‍රියාවක් මොහු සැබවින්ම ආදරවන්තයෙක් නම්. ඒත් මෙම සිදුවීමේ සැඟවුන සත්‍යය වෙනකක් විය හැකියි (අ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 06:02 AM

හරිම හොඳ කොල්ලෙක් වගෙයි. ඒ වගේ හොඳ කොල්ලෝ දැන් කාලේ හොයා ගන්න අමාරුයි (නි)

:       0       0

සමන් Wednesday, 20 April 2016 06:21 AM

මෙච්චර හොඳ කොල්ලගේ කෙල්ල ඔච්චර තරහ ගත්තේ ඇයි? (නි)

:       0       0

නිලංග Friday, 22 April 2016 08:43 AM

මේ වගේ චාන්ස් අපිට එන්නේ නෑනේ.(හේ)

:       0       0

ආශා Wednesday, 20 April 2016 07:43 AM

මොහු නම් සැබෑ ආදරවන්තයෙක් (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 20 April 2016 08:54 AM

ෂා........... මරුනේ, අදහන්න ඕන ආදරවන්තයෙක්.....(හේ)

:       0       0

සරත් Tuesday, 19 April 2016 10:51 PM

හිත හොඳ තරුණයෙක්. වරදින්නේ නැහැ දෙන්නටම. (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 20 April 2016 06:36 PM

මෙහෙම මිනිස්සු අද කාලේ හරි අඩුයි (නි)

:       0       0

කේ. ක්‍රිස් Wednesday, 20 April 2016 06:36 PM

මතුපිටින් පෙනෙන දෙය බලා මම නම් හදිසි නිගමනයකට නොඑළඹෙමි. අද කාලේ සිදුවෙන දේවල් දිහා බැලුවිට මෙහි කිසියම් ගුප්ත දෙයක් සැඟවී ඇතැයි මට සිතේ. සිම් එක අහුලාගත් කෙනා බාලවයස්කාරයෙක් නම් කෝකටත් කියා පරිස්සම් වීම වටී. (නි)

:       0       0

කුමාර Wednesday, 20 April 2016 12:21 AM

නියම මහත්මයෙක් (නි)

:       0       0

චින්තක Wednesday, 20 April 2016 10:12 AM

නියම මනුස්සයෙක් . මෙහෙම කෙනෙක් එක්කත් තරහ වෙන ආදරවන්තියෝ ඉන්නවාද? (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 April 2016 01:01 AM

ඒ මනුස්සයට සිම් එක හුඟක් වටිනවා වගේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 496 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site