තරුණයෙක් පාරේ තිබූ සිම්පතක් අහුලා තම ජංගම දුරකතනයේ අමතර සිම්පත් රදවනයට දැමීය. මොහොතකින් දුරකථනය නාද විය. ඇමතුම පැමිණියේ අහුලාගත් සිම්පතටය.
“කවුද කතා කරන්නේ”? තරුණයා විමසීය.“මේක මගේ ගර්ගේ සිම්එක. මාත් එක්ක තරහාවෙලා එයා සිම් එක විසි කරලා. ප්ලිස් සිම් එක අරන් තියන්න. ඔයා ඉන්නේ කොහේද කියන්න මම එන්නම්” අනෙක් පසින් ඇසුණේ තරුණයා තමා සිටිනා ස්ථානය හා තම ඇඳුමේ වර්ණය පවසා “සිම් එක පරෙස්සම් කළාට මටත් උදව්වක් කරන්න” යැයි කීය. “හරි හරි ඔයාට මොනවද ඕනේ?” යනුවෙන් විමසූ විට “ මට රුපියල් සීයක රීලෝඞ් එකක් දාන්න” තරුණයා ලැජ්ජාවෙන් පැවසීය.
මට නම්බර් එක එස්.එම්.එස්. කරන්න”යැයි කී විට “මගේ ෆෝන් එකෙන් එස්.එම්.එස්. ගහන්න අමාරුයි” මේ නොම්බරේ ලියා ගන්නැයි” කියමින් තම අංකය පැවසීය.
විනාඩි කිහිපයකින් නව මාදිලියේ මෝටර් රථයක් තරුණයා ඉදිරිපිට නැවැත්විය. එහි සිටියේ අව් කණ්ණාඩියක් පැළඳි කඩවසම් තරුණයෙකි. සිම්පත ලබාගත් හෙතෙම “මල්ලි සිම් එක අරන් තිබ්බාට ගොඩක් ස්තුතියි. රීලෝඞ් එක ඇවිල්ලා ඇති බලන්න” යැයි පැවසීය. රුපියල් සියයේ රිලෝඩය වෙනුවට රුපියල් දහසක් තිබිණි.
“ආ මට අමතක උනා ඔයාගේ ෆෝන් එකෙන් එස්.එම්.එස්. ගහන්න බැහැ කිවානේ. මේ ෆෝන් එක තියාගන්න. මේකේ බිලත් ඇති” කියමින් අලුත්ම ස්මාර්ට් ජංගම දුරකථනයක් තරුණායට දී නොපෙනි ගියේ තරුණයා පුදුමයෙන් බලා සිටිද්දීය.
ක්‍රිස්ටෝපටර් සිපියන්. අනුරාධපුර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මිනිස්සු දැන් හරි අඩුයි (නි)
හොඳ හදවතක් ඇති නියම කොල්ලෙක්. අද කාලේ මෙහෙම හොඳ කොල්ලො බෙහෙතකටවත් හොයා ගන්න බැහැනේ. ඒ අතින් මේ කොල්ලව අදහන්න වටිනවා. (බ)
මොන්ටේ ක්‍රිස්ටෝ සිටුවරයා වගේ ආශ්චර්යමත් කෙනෙක්! (නි)
මතුපිටින් පෙනෙන දෙයට වඩා යමක් තිබෙන පාටයි. විනාඩි කිහිපයක් තුළ සිදුවන සියල්ල හොඳින් සැළසුම් කර ඇති හැඩයි. (නි)
අගය කළ යුතු ක්‍රියාවක් මොහු සැබවින්ම ආදරවන්තයෙක් නම්. ඒත් මෙම සිදුවීමේ සැඟවුන සත්‍යය වෙනකක් විය හැකියි (අ)
හරිම හොඳ කොල්ලෙක් වගෙයි. ඒ වගේ හොඳ කොල්ලෝ දැන් කාලේ හොයා ගන්න අමාරුයි (නි)
මෙච්චර හොඳ කොල්ලගේ කෙල්ල ඔච්චර තරහ ගත්තේ ඇයි? (නි)
මේ වගේ චාන්ස් අපිට එන්නේ නෑනේ.(හේ)
මොහු නම් සැබෑ ආදරවන්තයෙක් (නි)
ෂා........... මරුනේ, අදහන්න ඕන ආදරවන්තයෙක්.....(හේ)
හිත හොඳ තරුණයෙක්. වරදින්නේ නැහැ දෙන්නටම. (නි)
මෙහෙම මිනිස්සු අද කාලේ හරි අඩුයි (නි)
මතුපිටින් පෙනෙන දෙය බලා මම නම් හදිසි නිගමනයකට නොඑළඹෙමි. අද කාලේ සිදුවෙන දේවල් දිහා බැලුවිට මෙහි කිසියම් ගුප්ත දෙයක් සැඟවී ඇතැයි මට සිතේ. සිම් එක අහුලාගත් කෙනා බාලවයස්කාරයෙක් නම් කෝකටත් කියා පරිස්සම් වීම වටී. (නි)
නියම මහත්මයෙක් (නි)
නියම මනුස්සයෙක් . මෙහෙම කෙනෙක් එක්කත් තරහ වෙන ආදරවන්තියෝ ඉන්නවාද? (ම)
ඒ මනුස්සයට සිම් එක හුඟක් වටිනවා වගේ! (නි)