(දුනගහ බටේපොළ විජයසිරි)
උදෙන්ම අවදි වූ පොලිස් රාළහාමි අගනුවර රැකියාවට යාමට ලහිලහියේ සූදානම් විය.
ඔහුගේ බිරිය වතුර කේතලය උණුකොට පෙර දින සැමියා ගෙන ආ තේ පැකැට්ටුව නිදිමතේම කඩා තේ ගොට්ටට දමා තේ කෝප්පයක් සාදා එයට කිරි පිටි හැඳි දෙකක් ද දමා උණුසුම් කිරි වීදුරුවක් සකස් කළාය.
කිරි වීදුරුවේ සැර සුවඳක් දැනුණු විට ඇය සිතුවේ තේ කොළ හොඳ නැති බවයි.
‘‘ඔයා කොහෙන්ද අනේ තේ කොළ ගෙනාවේ. තේ එක ඉඟුරු තේ වගේ. පාටකුත් නෑ.”
”අනේ මන්දා තේ එක නම් හරිම බාලයි. බොන්න පුළුවන්ද මන්දා” ඒ බිරියගේ පිළිතුරය.
පොලිස් රාළහාමි තේ කෝප්පය මුවට ළං කළේය.
”අම්මෝ... ඒව නම් බොන්න බෑ” රාළහාමි තේ කෝප්පය බලූ පැටියාට දමා රාජකාරිය සඳහා පිටව ගියේය.
ඔහු පිටව ගිය පසු බිරිය තේ පැකැට්ටුව පරීක්ෂා කළාය. ඇයට සිදුවී ඇත්තේ වැරදීමකි.
තේ කුඩු පැකැට්ටුව වෙනුවට ඇය කඩා තේ ගොට්ටට හලා ඇත්තේ කෑලි මිරිස් පැකැට්ටුවේ කෑලි මිරිස් කොටසකි.
ඇය වහාම සැමියාට දුරකතනයෙන් කතා කළාය.
‘‘තේ කුඩු නරකයි කියලා කඬේට දොස් කියන්න එපා. එයා මොනව හරි කියලා දිනනවා. ඔයා සද්ද නැතුව ඉන්න” ඇය කීවාය.
ගැහැනු නුවණ ඇය එහිදී ප‍්‍රයෝජනයට ගත්තේ එසේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ ගැහැණු ගැට වලට අහුවෙන්නේ ඉතින් පොලිස් රාළහාමිලා විතරයි.
දිලාන් පේනවා නේද ඉස්සර වගේ නෙවෙයි දැන් හැඳි මිට හරි දිගයි...!