IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උදේ පාන්දරම සැමියාට අමුතු තේ කෝප්පයක් දීලා

(දුනගහ බටේපොළ විජයසිරි)

උදෙන්ම අවදි වූ පොලිස් රාළහාමි අගනුවර රැකියාවට යාමට ලහිලහියේ සූදානම් විය.

ඔහුගේ බිරිය වතුර කේතලය උණුකොට පෙර දින සැමියා ගෙන ආ තේ පැකැට්ටුව නිදිමතේම කඩා තේ ගොට්ටට දමා තේ කෝප්පයක් සාදා එයට කිරි පිටි හැඳි දෙකක් ද දමා උණුසුම් කිරි වීදුරුවක් සකස් කළාය.

කිරි වීදුරුවේ සැර සුවඳක් දැනුණු විට ඇය සිතුවේ තේ කොළ හොඳ නැති බවයි.

‘‘ඔයා කොහෙන්ද අනේ තේ කොළ ගෙනාවේ. තේ එක ඉඟුරු තේ වගේ. පාටකුත් නෑ.”

”අනේ මන්දා තේ එක නම් හරිම බාලයි. බොන්න පුළුවන්ද මන්දා” ඒ බිරියගේ පිළිතුරය.

පොලිස් රාළහාමි තේ කෝප්පය මුවට ළං කළේය.

”අම්මෝ... ඒව නම් බොන්න බෑ” රාළහාමි තේ කෝප්පය බලූ පැටියාට දමා රාජකාරිය සඳහා පිටව ගියේය.

ඔහු පිටව ගිය පසු බිරිය තේ පැකැට්ටුව පරීක්ෂා කළාය. ඇයට සිදුවී ඇත්තේ වැරදීමකි.

තේ කුඩු පැකැට්ටුව වෙනුවට ඇය කඩා තේ ගොට්ටට හලා ඇත්තේ කෑලි මිරිස් පැකැට්ටුවේ කෑලි මිරිස් කොටසකි.

ඇය වහාම සැමියාට දුරකතනයෙන් කතා කළාය.

‘‘තේ කුඩු නරකයි කියලා කඬේට දොස් කියන්න එපා. එයා මොනව හරි කියලා දිනනවා. ඔයා සද්ද නැතුව ඉන්න” ඇය කීවාය.

ගැහැනු නුවණ ඇය එහිදී ප‍්‍රයෝජනයට ගත්තේ එසේය.



අදහස් (2)

උදේ පාන්දරම සැමියාට අමුතු තේ කෝප්පයක් දීලා

දිලාන් Thursday, 21 September 2017 05:36 AM

ඔය වගේ ගැහැණු ගැට වලට අහුවෙන්නේ ඉතින් පොලිස් රාළහාමිලා විතරයි.

:       0       67

perakum Thursday, 21 September 2017 04:07 PM

දිලාන් පේනවා නේද ඉස්සර වගේ නෙවෙයි දැන් හැඳි මිට හරි දිගයි...!

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site