IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උත්සවයකදී මුදාහරින්න විකුණූ පරවියෝ ආපසු පුරුදු කූඩුවටම ඇවිත්

උත්සවයක මුදාහැරීම සඳහා විකිණූ සුදු පරෙවියන් නිරුපද්‍රිතව පසුදින පුරුදු කූඩුවටම පැමිණීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
විනෝදාංශයක් ලෙස පරෙවියන් ඇතිකරන අයකුගෙන් පුද්ගලයෙක් පරෙවියන් මිලට ගෙන ඇත්තේ උත්සවයකට පැමිණෙන ආරාධිතයෙකු අතින් මුදාහැරීම සඳහාය.
සැලසුම් කරගත් පරිදි පැවැති උත්සවයේ ආරාධිතයා පැමිණ සිටි අයගේ අත්පොළසන් හඬ මැද රටට සාමය ප‍්‍රාර්ථනා කරමින් පරෙවියන් අහසට මුදා හැර තිබේ.
මෙහිදී මිටෙන් මුදා හළ පරෙවියන් නිදහසේ ඉහළ අහසට ඉගිල ගොස් පසුව නොපෙනී ගොස් ඇත.
කලින් දිනයේ විකිණූ පරෙවියන් උදේ කූඩුව අසල ගසක වසා සිටිනු දැක උන් කූඩුව තූළට ගත් විකිිණූ අය ”ආ උඹලා මම ළඟටම නැවතත් එන බව මම දැනගෙන සිටියා” කියා නිහඬ වුණා ලූ.
 



අදහස් (0)

උත්සවයකදී මුදාහරින්න විකුණූ පරවියෝ ආපසු පුරුදු කූඩුවටම ඇවිත්

ධනුෂ්ක Tuesday, 25 June 2013 11:09 AM

ඔය දේවල් පත්තරේ දාන්නා ඕනේ නැහැ හලෝ සතා උනත් පුරුදු තැනට එනවා.(නදී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 25 June 2013 11:10 AM

කොහොමත් පරෙවියන්ගේ හැටි එහෙම තමයි.(නදී)

:       0       0

සංජීව Tuesday, 25 June 2013 11:10 AM

ඕක සාමාන්‍ය දෙයක්නේ.(නදී)

:       0       0

සෑම් Wednesday, 26 June 2013 07:40 PM

ඕවා සාමාන්‍ය දැනීම.... අදකාලේ මිනිස්සුන්ට ඕකත් මහා මැජික් පුවතක්ද? (අ)

:       0       0

චන්දි Wednesday, 26 June 2013 02:15 AM

ඕක දෙවියෝ සාක්කි දෙන දෙයක්ද? (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 25 June 2013 11:19 AM

ඒක පුදුමයක් නෙමෙයි. මම දන්නා සිදුවීමක් මෙය. එක්තරා නිවසාක හොරා කෑම කන නිසා ගෙහිමියා සුණඛයෙක්ව කාර් එකේ දමාගෙන සැතපුම් 25 ක් පමණ දුරක ගෙනිහින් දාලා. දැන් ඉතින් ඒ කරදරේත් ඉවරයි කියලා ගෙදර ඇවිත් නිදාගෙන පහුවදා උදේ ඇහැරුනාලු. එතකොට සුනඛයා කන්පොට ගහ ගහ ගෙහමියා පිළි අරන් ස්තතෝප්පුවේ හිටියලු.(නදී)

:       0       0

සිතුම් Wednesday, 26 June 2013 04:07 PM

එයා හරිම වාසනාවන්තයි අනේ....පරවියෝ දෙතුන් දෙනෙක් හිටියම හොඳටම ඇති .ආයේ එනවනේ. (නි)

:       0       0

උපාලි Wednesday, 26 June 2013 07:16 AM

බාර හාර වලට දේවාල වලදී නිදහස් කරන පරෙවියොත් ඔහොම නේ. අයිතිකාරයට පරවියෝ කීපදෙනෙක් හිටියාම ඇති ජීවිතේටම බිස්නස් එක කරගෙන යන්න. (නි)

:       0       0

සුනිල් ලන්ඩන් Tuesday, 25 June 2013 12:13 PM

මිනිස්සුන්ට වඩා සත්තුන්ගේ කරුණාව තියනවා,කළගුණ සළකනවා. (ත)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 12:24 PM

පරවියට උඩදී අනතුරක් නොවුනොත් ආපහු ඌ උන්නු තැනට එනවා. (නි)

:       0       0

බමුණූආරච්චි Tuesday, 25 June 2013 12:50 PM

තමන්ව හදපු තැනට සතා සිව්පාවත් ආදරෙයි (නි)

:       0       0

අමිල Tuesday, 25 June 2013 01:03 PM

අයියෝ ඕක කියන්නත් දෙයක්ද (අ)

:       0       0

හර්ෂණ පෙරේරා Wednesday, 26 June 2013 05:26 PM

හරි ඉතින්. උන් උත්සවේට සහබාගි වෙලා ගෙදර එන්න ඇති (නි)

:       0       0

සිතුම් Wednesday, 26 June 2013 05:43 PM

ගොඩක් හොඳ පරවියෝ නේද? (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 25 June 2013 01:30 PM

මරාගෙන කන්න බැරි සතාවත් විකුණගන කන තරම් මිනිසුන් ජාතියක් අපේ රටේ ජීවත් වෙන්නේ ඔබට නිවන් සුව ලැබේවා!

:       0       0

ගුණරත්න Tuesday, 25 June 2013 05:35 PM

දයා, මමත් දන්නවා ඔය වගේම කතාවක්.දවසක් තමුන්ට ගෙදර බල්ලගෙන් කරදර නිසා නෝනගේ ඉල්ලීමට බල්ලව අරගෙන ගිහිල්ල කැලේකට දාලා ආපහු එන්න බලද්දී මිනිහට ගිය පාර අමතක වෙලා.පස්සේ රවුම් ගහලා ගහලා පාර හොයා ගන්න බැරී වෙනකොට මිනිහා දැකලා තියෙනවා බල්ලා දුවනවා කැ‍ළේ මැදින්.පස්සේ බල්ලාගේ පස්සෙන් ඇවිත් තමා ගෙදරට යන පාර හොයාගෙන තියෙන්නේ. (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 25 June 2013 01:46 PM

රටේ සාමය දිවයින පුරාම.ඔය පරෙවි රංචුව අතේ සංදේශ කීපයක්ම යවන්න තිබුණා ඒ ඒ අමාත්‍යයංශ වලට. ධීවරයින්ට,දුම්රිය,බස්රිය මගීන්ට ජීවිත ආරක්ෂක කබා දෙන්න! විදුලි බිල අඩු කරන්න! අලි,මිනිස් මරණ නවතා දෙන්න!මස්කඩ වහන්න! නිධන් හොරු,ගංජා,මත්කුඩු,වටලන්න! වකුගඩු රෝගය තුරන් කරන්න! මේ සංදේශ බෙදලා ආපසු පරණ කුඩුවට එන්න බැරි ,කොළඹ අහසේ පරෙවියෝ මේ අය රවටාගෙන ඒ අයගේ කැදලි වලට ගෙනියනවා. (නි)

:       0       0

රූපවතී Tuesday, 25 June 2013 05:40 PM

අනේ ...! පව් ඒ මනුස්සයා. ඒ සත්තුන්ට කෑම ටික වතුර ටික, දෙන නිසා ඒ ගුණය සතා වුනත් දන්නවා. කොහොම හරි අනුන්ගේ වෙඩි පහරකින් මිය යනවට වඩා නැවත ආපසු පැමිණි එක හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site