උත්සවයක මුදාහැරීම සඳහා විකිණූ සුදු පරෙවියන් නිරුපද්‍රිතව පසුදින පුරුදු කූඩුවටම පැමිණීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
විනෝදාංශයක් ලෙස පරෙවියන් ඇතිකරන අයකුගෙන් පුද්ගලයෙක් පරෙවියන් මිලට ගෙන ඇත්තේ උත්සවයකට පැමිණෙන ආරාධිතයෙකු අතින් මුදාහැරීම සඳහාය.
සැලසුම් කරගත් පරිදි පැවැති උත්සවයේ ආරාධිතයා පැමිණ සිටි අයගේ අත්පොළසන් හඬ මැද රටට සාමය ප‍්‍රාර්ථනා කරමින් පරෙවියන් අහසට මුදා හැර තිබේ.
මෙහිදී මිටෙන් මුදා හළ පරෙවියන් නිදහසේ ඉහළ අහසට ඉගිල ගොස් පසුව නොපෙනී ගොස් ඇත.
කලින් දිනයේ විකිණූ පරෙවියන් උදේ කූඩුව අසල ගසක වසා සිටිනු දැක උන් කූඩුව තූළට ගත් විකිිණූ අය ”ආ උඹලා මම ළඟටම නැවතත් එන බව මම දැනගෙන සිටියා” කියා නිහඬ වුණා ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේවල් පත්තරේ දාන්නා ඕනේ නැහැ හලෝ සතා උනත් පුරුදු තැනට එනවා.(නදී)
කොහොමත් පරෙවියන්ගේ හැටි එහෙම තමයි.(නදී)
ඕක සාමාන්‍ය දෙයක්නේ.(නදී)
ඕවා සාමාන්‍ය දැනීම.... අදකාලේ මිනිස්සුන්ට ඕකත් මහා මැජික් පුවතක්ද? (අ)
ඕක දෙවියෝ සාක්කි දෙන දෙයක්ද? (නි)
ඒක පුදුමයක් නෙමෙයි. මම දන්නා සිදුවීමක් මෙය. එක්තරා නිවසාක හොරා කෑම කන නිසා ගෙහිමියා සුණඛයෙක්ව කාර් එකේ දමාගෙන සැතපුම් 25 ක් පමණ දුරක ගෙනිහින් දාලා. දැන් ඉතින් ඒ කරදරේත් ඉවරයි කියලා ගෙදර ඇවිත් නිදාගෙන පහුවදා උදේ ඇහැරුනාලු. එතකොට සුනඛයා කන්පොට ගහ ගහ ගෙහමියා පිළි අරන් ස්තතෝප්පුවේ හිටියලු.(නදී)
එයා හරිම වාසනාවන්තයි අනේ....පරවියෝ දෙතුන් දෙනෙක් හිටියම හොඳටම ඇති .ආයේ එනවනේ. (නි)
බාර හාර වලට දේවාල වලදී නිදහස් කරන පරෙවියොත් ඔහොම නේ. අයිතිකාරයට පරවියෝ කීපදෙනෙක් හිටියාම ඇති ජීවිතේටම බිස්නස් එක කරගෙන යන්න. (නි)
මිනිස්සුන්ට වඩා සත්තුන්ගේ කරුණාව තියනවා,කළගුණ සළකනවා. (ත)
පරවියට උඩදී අනතුරක් නොවුනොත් ආපහු ඌ උන්නු තැනට එනවා. (නි)
තමන්ව හදපු තැනට සතා සිව්පාවත් ආදරෙයි (නි)
අයියෝ ඕක කියන්නත් දෙයක්ද (අ)
හරි ඉතින්. උන් උත්සවේට සහබාගි වෙලා ගෙදර එන්න ඇති (නි)
ගොඩක් හොඳ පරවියෝ නේද? (නි)
මරාගෙන කන්න බැරි සතාවත් විකුණගන කන තරම් මිනිසුන් ජාතියක් අපේ රටේ ජීවත් වෙන්නේ ඔබට නිවන් සුව ලැබේවා!
දයා, මමත් දන්නවා ඔය වගේම කතාවක්.දවසක් තමුන්ට ගෙදර බල්ලගෙන් කරදර නිසා නෝනගේ ඉල්ලීමට බල්ලව අරගෙන ගිහිල්ල කැලේකට දාලා ආපහු එන්න බලද්දී මිනිහට ගිය පාර අමතක වෙලා.පස්සේ රවුම් ගහලා ගහලා පාර හොයා ගන්න බැරී වෙනකොට මිනිහා දැකලා තියෙනවා බල්ලා දුවනවා කැළේ මැදින්.පස්සේ බල්ලාගේ පස්සෙන් ඇවිත් තමා ගෙදරට යන පාර හොයාගෙන තියෙන්නේ. (නි)
රටේ සාමය දිවයින පුරාම.ඔය පරෙවි රංචුව අතේ සංදේශ කීපයක්ම යවන්න තිබුණා ඒ ඒ අමාත්‍යයංශ වලට. ධීවරයින්ට,දුම්රිය,බස්රිය මගීන්ට ජීවිත ආරක්ෂක කබා දෙන්න! විදුලි බිල අඩු කරන්න! අලි,මිනිස් මරණ නවතා දෙන්න!මස්කඩ වහන්න! නිධන් හොරු,ගංජා,මත්කුඩු,වටලන්න! වකුගඩු රෝගය තුරන් කරන්න! මේ සංදේශ බෙදලා ආපසු පරණ කුඩුවට එන්න බැරි ,කොළඹ අහසේ පරෙවියෝ මේ අය රවටාගෙන ඒ අයගේ කැදලි වලට ගෙනියනවා. (නි)
අනේ ...! පව් ඒ මනුස්සයා. ඒ සත්තුන්ට කෑම ටික වතුර ටික, දෙන නිසා ඒ ගුණය සතා වුනත් දන්නවා. කොහොම හරි අනුන්ගේ වෙඩි පහරකින් මිය යනවට වඩා නැවත ආපසු පැමිණි එක හොදයි (නි)