වියළි කලාපයේ ප‍්‍රකට නගරයක් ආශ‍්‍රිතව ජීවත් වූ සුරාවට සූදුවට බෙහෙවින් ඇබ්බැහි වූවෙකි. සිය බිරිය හා දරුවන් තිදෙනාගේ උපදෙස් පවා නොකතා ක‍්‍රියා කිරීම නිසා ඔහු මියගියේ අක්මාව ආශ‍්‍රිතව රෝගයකිනි.
අවමගුල් දා මෙන්ම තෙමස් දානය දා ද වැඩි දෙනා කතා කළේ මේ බීමත්කමේ හා සූදුවේ ආදීනව ගැනය.
අවමගුලටත් පිංකමටත් බෙහෙවින් සම්මාදම් වූ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ තැනැත්තෙක් පිංකමේ සියලූ ආගමික කටයුතු නිමවීමෙන් පසුත් එහි රැුඳී සිටීම පවුලේ අයට ගැටලූවක් විය. මේ ගැන විමසූ විට ඔහු කීවේ මියගිය අයගේ බිරිය කීමට කිසියම් කතාවක් ඇති බවය.
මේ ගැන බිරිය විමසූ විට ඔහු කී කතාවෙන් ඇයට දෙලෝ රත්විය. ඒ මිය ගිය තැනැත්තා තමාට ගේ උගසට තබා එය සින්නවී කාලයක් ගත වූ බවය. දැනට මේ ගේ වෙනුවෙන් ඔහු බදු කුලී ගෙවන බවත් මාස තුනක බදු මුදල ගෙවා නැති නිසා එය ගෙවන ලෙසත් කීවෙන් දැන් ඇය මෙයට විසඳුමක් සොයමින් දහ අතේ දුවනවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩි සන්දියෙ මෙහෙම මහා පරිමාණයෙන් කසිප්පු පෙරපු අය ගම්වල නම් හිටියෙම නැහැ. අරක්කු වැනි රට බීම ගැමියන් අතර ඵතරම් ව්‍යාප්ත වෙලා තිබුනෙත් නැහැ. රා තමයි තිබුනෙ. රා බොන්න ලොකු මුදලක් වැයනොවූ නිසා පවුලේ ආර්ථිකයට ලොකු බලපෑමක් වුණෙත් නැහැ. බොහෝවිට රා හදාගන්නෙ තමන්මයි (නි)
කෝ මේ චන්දි,ඉන්දු,තාම නැහැනේ. (නි)
ඇත්තටම මෙහෙමත් පිරිමි ඉන්නවද? සමහරවිට මුදලාලිගේ බොරුවක්ද දන්නෙ නැහැ.මොකද ගැහැණු කෙනා ටිකක් ඇහැට කනට පෙනෙන්න හිටියොත් පිරිමි ගැට දාන්න දන්නවනේ (නි)
බොරු කියන කටුස්සෙක් එහෙම මේ පැත්තට ආවද? (නි)
කටුනායක අමිලගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)
පළමුව රජය අරක්කු තහනම් කරන්න. දේශපාළුවන්ගෙ හිතවතුන්ගෙ කසිප්පු හරියට අල්ලන්න. ඊට පස්සෙ රා අල්ලන්න (නි)
අපි කළ දේ කිවුවේ කිවුව දේ කළේ අපේ හිතේ තිබෙන සිංහලකමටයි (නි)
අමිල කටුනායක එක දවසින් වීරයෙක් වුණා එහෙනම් (නි)
රූපවති අක්කාද මේ ලියන්නේ. නැත්නම් එයාගේ නමින් වෙන කෙනෙක්ද?අපි රැවටෙයි ඔය කෝලම් වලට. දකුණේ අපිව තම්බන්න ඔයාලා ළග තිබෙන ලුණු ගොරකා මදි යාලුවා. (නි)
ඔව් චන්දි අක්කේ,මාත් ඔයාලා සියලු දෙනාට එහෙම තමා (නි)
මේ වගේ දේවල් ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා. මම හිතන්නේ නීතියෙනුත් ඒ තරම් සරණක් නෑ කියලයි. නීතියෙන් පුලුවන් වෙන්නේ මේ උගස් ගැනීම ඇත්තටම වෙලාද කියලා සොයලා වාරික වශයෙන් ගෙවන්න සහනයක් අරන් දීමයි. ඒත් ඒ කාන්තාවට එහෙම ගෙවන්නත් මුදල් නැතිනම් මොකද වෙන්නේ....? (ස)
ඉන්දු, නැතුව නැතුව .දැනෙනවා...දැනෙනවා... අනේ! පින් කරලා මදි වෙන්නැති දෙයියනේ. (නි)
ඔන්න බොලේ චන්දි, රූපා අක්ක යනවා කිව්වට ආයේ ඇවිල්ලා (නි)
මම දැන් මගේ යහළුවෙක් හමුවෙලා මේක මම කිවුවා.ඔහු කියනවා මුද්දරයක් උඩ අත්සන් කළත් ඔප්පුව මුදලාලි ළග තිබුණත් මුදලාලිට නිවසේ කිසිම අයිතියක් නැහැ කියලා.මෙම අගතියට පත් කාන්තාවට නොමිලේ නීති සහන ලබාගතහැක. තව විස්තර හුඟක් කිව්වා (නි)
අපේ කට්ටිය බනින්න එපා මමත් පන්ඩිත කතා ලියනව කියලා. අර මෙතන අපි එලෝල මහා සමාජ කතිකාවතක් ආරම්භ කරන්න හදපු මහාචාර්ය්‍ය කට්ටියට තේරෙන්න මම මේ ලිව්වෙ අනුන්ට බැත බැන ඉන්නෙ නැතිව තමන් ලිව්වනම් බලන අය බලයි පිලිගන්න අය පිලිගනී මමත් සමාජ කතිකාවට බොහෝම කැමතියි ඒත් සමාජය එලවල දාල කතිකා පවත්වන්නෙ කාටද (නදී)
ඇයි ඔච්චර කලබල වෙන්නේ සහෝදරී? (නි)
මගේම ආදරණීය සොයුරු සොයුරියන්ටයි මේ ලියන්නේ.හිතට දුකක දැනුන නිසා නිහඩ වුණත් මම කදුළු පුරෝගෙන අදහස් කියෙවුවා.අද මගේ විභාගේ, මම පාස් ..! ඒත් මම හිතුවට වඩා අමාරුයි නිශ්ශබ්දව ඉන්න.මම වෙනුවෙන් කෑගහපු ඔයාලට මම ආදරෙයි.මේ දවස් දෙක හිටියේ පුළුවන්කමට නොවෙයි. පාඩම් පිට හිත හදාගත්තා.ඔයාලා හරි.අපි මේ ලංකාදීපේ සමග වැඩක් කළ මිනිසුන්.අපි කෙනෙක්ගේ කදුළු පිසදැමූ මිනිසුන්. ඔයාලට ස්තුතුයි මට ඒවග තේරුම් කරලා දුන්නට (නි)
රූපවති අක්කේ, විභාගයක් ලියලා ප්‍රතිපල එදාම දෙන්නේ, රියදුරු බලපතක් ගන්නකොට ලියන විභාගයද ලිව්වේ? මමත් ලියපු පහසුම විභාගය තමා ඒක. (නි)
ඔව් ඉන්දු මේ කාන්තාව කොහෙන් ගියත් අසරණයි .., පව් අනේ අපි ප්‍රාර්ථනා කරමු හොඳ විදියකින් විසඳෙන්න කියලා..!! සරෝ කොහිල දළු නැද්දෝ - කොහිල අලයක් කටු පිටින් යවන්න ..? ඕන වෙලා තියෙනවා. (ස)
මේ පෙත්තා නමින් අදහස් පළකරන්නේ ඉස්සර හිටි වරුණද ? (නි)
රූපවති අක්කේ, මේ අය බෙරිහන්දෙනවා අක්කාට පෙනෙන්නේ නැද්ද? (නි)
බොහෝ දෙනෙක් සේම මාත් පුවතට යටින් දාන නවමු අදහස් කියවන්නෙත්, යම් වෙනත් කෝණයකින් යුතු අදහසක් දාන්නෙත් දැනුම, සතුට, කදුල බෙදාහදා ගන්නයි. මෙවැනි අදහස් තීරුවක් පවත්වාගෙන යාමේ අරමුණට සාපේක්ෂව යම් පමණක හෝ ඉහළ ගුණාත්මක බවක් රදවාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් අපි හැමෝටම හොද පල ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් නේද? (නි)
ඉහල වෙලේ පෙත්තා අයියා කට ඇරියොත් කයිවාරුව.... තොප්පි දාලා ඉණිමඟකත් නැගලා හෙයියම්මාරුව... කෙසෙල් ගහට කොටලා බේරුණා වුණත් කොට්ටෝරුවා... මටත් කොටන්නට ආවොත් එදාට සෙනසුරු මාරුවා...... (නි)
මෙහෙදී මම ඉදිරිපත් උන තුන්වෙනි විභාගේ ..අපි කරන රැකියාවට අදාලව ..තමන් කැමති නම් විභාගෙට ඉදිරිපත් වෙන්න පුළුවන් නැතිනම් ..ඒත් අවුලක් නැහැ ..ඒත් ..එහි වටිනාකම අපිට රැකියාවේ යම් ඉදිරියකට ..දැනුම අතින් ..ඉහලට ඔසවා තැබීමක් වෙනවා ..? අපේ රටේ වගේ නොවේ ..කම්පියුටරය මඟින් උත්තර ලීවීමත් ..ප්‍රතිපල ..ලබාදීමට ..විනාඩි කීපයක් රැදී සිටීමත් හැරුණු කොට ..?ඒ සියල්ල අපි එදිනෙදා කරන රැකියාවේම කොටසක් නිසා පහසු උනා ...?මට තිබුනේ ඔක්සිජන් ගැන සහ ..ඒවා ..ඇසුරුම හා .මාරු කිරීම් ගැන ..? ඔයාලට ස්තුතියි ..මට සුභ පතා තිබීම ගැන ...?? (ස)
චන්දි නැන්දේ ...කොහිල අලයක් කටු පිටින් යවන්න ..? අනේ...තුවාල වෙනවා නේ? ඔයා අපායෙ ද වැඩ කොරන්නේ? (ස)
ඔය කොහිල කතාව මට අදාළ නැහැ.මගේ නමින් වෙන කෙනෙක් ලියා ඇතිවග මට පෙනේ (නි)
චන්දි අක්කේ, කවිය ලස්සනයි. අපිත් ඔයාට එහෙමම තමයි. මේ පෙත්තෝ,සමහර ගැහැණු වගේම පිරිමිත් ඔයා කියපු විදිය තමයි. ඒත් හැම ගැහැණියම එහෙම නැහැ. ඔයාට හොඳ මාල ගිරවියක ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා! මේ නම් ඇත්ත රූපා අක්කා වෙන්න බැහැ (නි)
වන්නි තිලක්,අපිට ඔයා තවමත් අර 21 කොලුවා වගේමයි (නි)
දෙයියෝ සාක්කි!! මේ මොන මනුස්සයෙක්ද? (නි)
විල සුන්දරයි හංසයො සැරිසරන විට..// එය බොර කරයි මී හරකුන් පැන මැදට..// සුමුදු මුදු වදන් ලිවූ මිතු කැල මැදට // කුළු මී හරක් පැන වනසයි අපෙ සතුට...// (නි)
අනේ නැහැ මගේ පැංචියේ,,,!! ඉක්මනට කේන්ති යන අයට කොහිල ගුණයිලු.! වෙදකමක් කොරන්න හිතුනා බොලං..!! (ස)
චන්දි, මේ තමයි සමගියේ බලය. අපි එකාවන්ව නැගී සිටි බැවින් බොරු පණ්ඩිතයින් පසුබැස ගොසිනි (නි)
මගෙ අම්මෝ! ඇති යන්තන් හිත ඩිංගක් හැදුණා... විහිළු කිරීමේ පුරුද්ද භයානකයි සිතුණා... එහෙම දෙයක් තව දුටුවත් කට පොපියන හින්දා.... යාළුවනේ තරහ නොවෙන් මගේ විහිළු හින්දා..... (නි)
මරු කතාව පද්මේ මාමා. මට හිතුනේ එන්න ප්‍රමාද වෙද්දි කාන්තාව තරුණයා දාලා බහිරවයත් සමග පැනලා ගියාවද්ද කියලා යහන්ගත වුණාට පස්සෙ. දැන් කාන්තාවෝ එහෙම නොකර හිටියොත් තමයි පුදුමේ, සත පහකට විශ්වාස කරන්ඩ බැහැ (නි)
ඇයට නඩු මගට යා හැකිය. (නි)
හෙහ්..එහෙනම් කමක් නෑ.නැන්දත් බොනවද? (ස)
ඇත්තෙන්ම මත්පැන් සමාජයට කරන්නේ මහා විනාශයක්. ඒවා හොරට පෙරපුවද ආණ්ඩුවේ බලපත්‍ර සහිත ඒවාද කියලා වෙනසක් නැහැ. මම නම් මත්පැන් වෙළඳාමට තදින්ම විරුද්ධයි. (නි)
මල්ලි කියලා පෙටී කිව්වෙ මගේ වයස ගැන නොදැනයි...// බොරුවක් නොව මේ කියන්නේ මට නම් දැන් හැට පැනලයි. // (නි)
දෙන්න අත මේ අතරමං වුණ පවුලට. (නි)
පිටිසර කෙනෙකුට කකුල්වල ප්‍රමාණයට ගැළපෙන සෙරෙප්පු දෙකක් කඩයකින් සාදවාගන්නට සිත් වී පා සටහන් කොළයකට ඇදගෙන දෙකට තුනට නවා ඇදසිටි කමිස සාක්කුවේ දමා ගත්තේය. නගරයට යන දිනයේ වෙනත් කමිසයක් ඇද දුරුකතර ගෙවා නගරයට පැමිණ සෙරෙප්පු කඩේ ළගදි බැලූවිට අමතක වී ආ බව වැටහී ළග කඩයකින් තේ එකක් ඉක්මනට බී නැවත ගෙදර ගොස් පා සටහන් ඇදී කොළයත් රැගෙන නගරයට ආවත් සවස් වී සෙරෙප්පු කඩේ වසා තිබුණ හෙයින් අසළ තේ කඩයට නැවත ගොස් තේ එකක් බොන්න වාඩිවී ඉන්නා විට එහි සේවකයෙකු ඇයි දෙවැනි වරටත් ගිහින් ආවේ, යි කරුණු විමසා පා සටහන් කොළය ගෙනෙන්න ගෙදරම යන්න ඕනෑද? සෙරෙප්පු කඩෙන් හෝ අපෙන් හෝ කොළයක් පැනක් ඉල්ලාගෙන පා සටහනක් ඇදගන්න තිබුනානේ කියද්දී, ඔහු කියා ඇත්තේ ඒ ගත් මිම්ම ෂුවර් නිසා , තව ඒවා අනවශ්‍ය බවයි. (නි)
පෙත්තෝ, ඔයාට "උණුසුම් පියාපතක අඩුව" දැනෙනවාද? (නි)
විහිළු නෙවෙයි පෙත්තෝ, දැන් එසැණට ලියන්න හිතෙන්නෙත් නැහැ. ඇත්තමයි පෙත්තා පුතේ, ගොඩක් හිත රිදිලා (නි)
ආ ''ශාවෙන් තමයි මේ ගැන පවසන්නේ ..!!''ද ''හසක් පැතුම් හදවත තුල තෙර පෙන්නේ ..!! ''ර ''ගනා වේදිකාවක අප රග දෙන්නේ ..!! ''ය''හතින් බලා මුලකුරු ගලපා ගන්නේ..!! මෙන්න මේ දේ නැති නිසා තමයි මේ මිනිසා මේ දරුවන් සමඟ මේ ගැහැණිය අතරමං කර මිය ගියේ හරිම කනගාටු දායක සිද්ධියක්. (ස)
අපේ වන්නි තිලක්,සාමාන්‍යයෙන් වායු ගෝලයේ තිබිය යුතු ඔක්සිජන් ප්‍රමාණය 20.946%, නයිට්‍රජන් 78.084%. වැඩි විස්තර දැනගන්න හැකියි ගූගල් තුලින්.එහෙත් මා හැදෑරුවේ තියටර් වලට සපයන ඔක්සිජන් ගැනයි (නි)
ඔන්න වැඩ. අපි නම් බොන්නේ නැහැ, නානවා විතරයි (නි)
උගසට තිබ්බෙත් බදු කුලී ගෙව්වෙත් නීතීඥයෙක් ඉදිරියේදීද කියලා හොයලා බලන්න. (නි)
ඔන්න තව සපත්තු කඩයකුත් අරිමුකෝ.පුරප්පාඩු තියෙනවද? (නි)
මට හිතෙන්නේ මුදලාලිගේ මගඩි වැඩක් වාගේයි.කාන්තා පොලීසිය,කාන්තා සංවිධාන වල පිහිට පතන්න.දුම්පානය,මත්පැන්,සුදුවට ඇබ්බැහි අය යහමගට වහාම ගත යුතුයි.නැත්නම් වෙන විනාශය පෙනෙනවා නේද?? (නි)
ආනේ අපේ රූපා අක්කා ඇවිල්ලා. ඔයාගේ විභාග ප්‍රතිඵල ගැන සතුටුයි. දැනුම විනෝදය උපකාර සපයමින් අපි හැමදාම ලංකාදීපය සමගයි. (නි)
චන්දි අක්කේ,මාල ගිරවි කෙටුවොත්? මට බයයි අනේ..මට පිහාටු නැතුවට කාරී නෑ. දෙය්යෝ සාක්කි දීල ඔය ගිරව් ගේ හදවත් අතගාන එක මට ඊට සැපයි. අනික තමයි ඔයා මට වක්‍රව සතෙකුගේ නමක් කිව්වා. ම වගේ උසස් අයටත් එහෙම කියනවද. දැන් මන් ඉන්නේ තොප්පි දාගේං ඉනිමගක..මම ආයේ ලියන්නේ නෑ..හැබැයි කොටනවා බලාගෙන. (අ)
අනේ හොදයි රූපා. (නි)
ප්‍රශ්නයක් නැහැ තිලක් අයියා,මම කියවන්නේ සාරය පමණයි. හංසයො සැරිසරන විට නෙලුම් විලේ ලස්සන නැත ගැටෙන්නෙ... මී හරකුන් පැන්න විටනේ බොර දියෙ ගඳ පැතිර යන්නෙ... සුමුදු වදන් වලින් තමයි අපෙ වයලින නාද දෙන්නෙ... ඔබෙ සතුටත් මගෙ සතුටයි ඒකයි මං කවි හදන්නෙ// (නි)
සමදරා ඔයාට එහෙම කරන්න පුළුවන් ඇති. නමුත් සමහරුන්ට එහෙම බැහැ. අදහස් දානකොට පොඩ්ඩක් හිතන්න. (නි)
ඔව් දිසා මාමේ ..මම ඊයේ ඉදල ඔයාලට ලිපි කීපයක් ලීව..? එත් වැඩ අතරින් අපේ කතෘ තුමාට සමහරක් බැරිවෙලා ..? තවත් සමහරුන් මගේ නමින් ..කෙමෙන්ට් දමල තිබුන ..? (ස)
ඉන්දු නගා සෙනග මැද්දෙ මට ගහනවා හයේ පාර ... තනිවූ විට මට දෙනවා මහා හයියෙන් සාධුකාර... කිව්වට එපා තරහ වෙන්න කන්න විටක් ගොඩක් සාර... බෙල්ලට සුරයක් දාමුද අපලය දුරු වෙන්න මාර... (නි)
චන්දි, කොහිල අල ගිල්ලුවත් ඔය ලෙඩේ නම් හොඳ වෙන්නේ නැහැ. බීමට ඇබ්බැහි උන කෙනා ගොඩ ගන්න හරිම අමාරුයි. ඒත් කොහිල වලවල් වල බහින ලෙඩේ නම් කාටවත් කරදරයකුත් නැහැ. අපරාදේ කියන්න බැහැ, දැන් නම් කොහිල වලවල් ලගින් වත් යන්නේ නැහැ ඕං. (ස)
නැහැ නිලූ .., මං ඉන්නේ මැදපෙරදිග දුරම රටේ ලංකාවට යන්න පැය8/9ක් යනවා (ස)
කෙනෙක් අසරණ වුණහම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පිරිමි ඉන්නවා (නි)
දෙවියන්ගේ පිහිටෙන් අර විෂබීජ ටික මේ නිව්ස් එකට වැටෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා .හරි වාතයක් උනා .(නදී)
අපේ රූප නෝනට ජය වේවා. උසස්වීමක් වැටුප් වැඩිවීමක් ලැබේවා! මම පොඩි ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍ය වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය කීයද? (ස)
ඇත්තම කතාවක්ද මේක? (නි)
අනේ පෙත්තෝ, මටද ඔයා කොටනවා කිව්වේ? (නි)
සරත් අයියේ, ඔයාට පහුගිය සවස් වල හැදුණා කිව්ව ලෙඩේ දැන් හොඳයිද?? (ස)
(1) දවසින් දවස ගෙව්වත් කාලය මේ වැලි කතරේ. බැදුනා මිතු දමින් අපි පෙර පුරුද්දට සසරේ . රිදුනත් නුබේ සිත නිවටයන් දෙඩූ කට හැකරේ. එනවා නේද දවසක් රූපව දකින්න එ සැන පිටු අතරේ. (2) චන්දි, ඉන්දු, සරත්, දිසා,හේරත්.නම් කියන විට. රූපා නැති අඩුව දැනෙනවා මුලු හදවතට. නොදැනම එනවා කදුලක් මගේ නෙත් අගට. සොයුරියේ ලියනු මැන ඒ සැනට හැකි ඉක්මනට. (ස)
රූපා දෙයියෝසාක්කි මිතුරු කැල ඔයාට ආදරෙන් සුභ පතනවා. විභාගයෙන් ඉහලම ජයක් පතනවා. (අ)
පෙත්තා කියලා නම තිබුණට ගරුකටයුතු කෙනෙක් ඔන්න... තොප්පි ඉණිමගේ කතාව දන්න කෙනෙක් කියලා දෙන්න..... සාරවිටත් සුරත් එපා විහිළුව නැවතුවා මෙන්න..... හිත රිදවීමක් වුණාද එහෙනම් මට සමාවෙන්න.... (නි)
ඔයාට ස්තූතියි රූපා අක්කේ. සතුටුයි විභාගේ පාස් වුණාට (නි)
නැවකට කපිතාන්ලා දෙන්නෙක් හිටියත් එකම වෙලාවේ, කපිතාන්කෙනෙකුට නැව් දෙකක් පදවන්න බැහැ එකම වෙලාවේ (නි)
නගරයක පොත් සාප්පු විතරක් තිබිලා බැහැ නේද? බාබර් සාප්පුත් තියෙන්න ඕනෑ. තේ කඩත් තියෙන්න ඕනෑ. රටක ඔක්කොම මහාචාර්යවරු විතරක් ඉඳලා බැහැ. කසල ශෝධකයොත් ඉන්න ඕනෑ. මහාචාර්යතුමාගේ සේවයත් අවශ්‍යයි. කසලශෝධකතුමාගේ සේවයත් අවශ්‍යයි. මේකට ලියන අපි හැමෝම මහාචාර්යවරු වෙන්න ඕනෑත් නැහැ. හැමෝම ලියන්න. (නි)
චන්දි අක්කේ, ඔයා ඉන්නේ ජෝර්දාන් වලද? (නි)
ඉන්දු,සරත්,දිසා දැන් අපි මොකද කරන්නේ ..!! රූපා අක්කා අපිට නොලිවට අපි ලියන ඒවා බලනවා ඇති ..!! අනේ රූපෝ.., තවත් වැඩ නොවී වර එලියට .., යකෝ කළු යකෝ මහසොනෝ වර එලියට. (ස)
මට ඇන්ටන් චෙකොෆ් ගේ නාට්‍යයක් මතක් උනා.එක මධ්‍යම පාන්තික මහත්මයෙක් මිය ගියා. එයාගේ නෝනා එයාට කොච්චර ආදරේද කියනවා නම් කළු ඇඳගෙන කාමරයෙන් එලියට බහින්නේ නැතුව හිටියා .මහත්තයා මැරුණු බව දැනගෙන ණයකාරයෙක් ගෙදරට ආවා.වැඩකාරයා කිව්වා නෝනා එලියට එන්නේ නැහැ වෙන දවසක එන්න කියලා .ණයකාරයා කිව්වා නෝනට කියපන් කියලා .කොල්ල බයෙන් බයෙන් ගිහිල්ලා නෝනට කිව්වා .නෝනා එලියට අවේ නැහැ .ණයකාරයට කේන්ති ගිහිල්ලා කිව්වා මම අද යන්නේ නැහැ කියලා සෙටියේ වාඩි උනා. බැරිම තැන නෝනා එලියට ආවා .ණයකාරයා කියනවා කළු ඇඳගෙන හිටියට තොල් සායම් පවුඩර් ගාන්න නම් අමතක වෙලා නැහැ කියලා .නෝනා තරහ වෙනවා බනිනවා .දිග කතාවක් අන්තිමට ඉවර වෙන්නේ දෙන්න කසාඳ බැඳලා. (ස)
ඉන්දු - ලන්ඩන් එක හොදටම හොදයි. දැන් මම කොහිල තියන පැත්ත පළාතක යන්නේ නැහැ වෙන වැඩක් තියන දාට. (දිල්)
කලිමන්තන් ., අපිට අපේ රුප අක්ක හදුනාගන්න පුළුවන් , ඔය වෙන අය ඇගේ නමින් ,ලිවට අපි රැවටෙන්නේ නැහැ .ඔය ඉහලින් ලියපු කොහිල වලේ කතාව නම් ඔර්ජිනල් රුපගේ වෙන්න බැහැ..!! අපි රැවටෙයි ඕවට - අපි ද ද ද දකුණේ (නදී)
වන්නි තිලක් . මන් ඔයාගේ අදහසට සියයට /සීයක් එකයි ..!! ජයවේවා.. ලංකාදීපයට (නදී)
චන්දි අක්කේ,,,, ඔහොම කිව්වට එන එකක් නෑ. මෙහෙමයි කියන්න ඕන........!!! දිගුවන් කලු වරල සුලඟේ සැලෙන්නේ..... පුන් සඳ වුවන දුටුවන් මත් කරන්නේ..... කන්කලු පිය තෙපුල් සැමවිට බෙදන්නේ.... රූපා දේවියේ දැන් මෙහි වරෙන්නේ....!!! (ස)
මේ ගෑණු කෙනාට තියෙන්නේ මුදලාලිත් එක්ක පවුල් කන්න. ඒ මනුස්සයා එතකොට සලකයි, ඉන්න දෙයි. (ස)
සමදරා වැරැද්ද නිවැරදි කරන හදන ඔයාගේ කෙටි ක්‍රමය සමහර කාන්තාවන්ට හොඳයි.ඔය කාන්තාවක්ද කියාත් සැකයි.ඔයා කාන්තාවක් නම් මෙවැනි දෙයක් වුනොත් හිතට එකඟව දරුවන් සිටින කාන්තාවකට කළ හැකි දෙයක්ද? නීතියේ සහය පැතීම හොඳම දෙය. (ස)
මගේ කතාව මෙසේ සම්පුර්ණ විය යුතුය.බහිරවයා කිව්වලු "ඔයගොල්ලෝ තාමත් බෝතල් ඇතුලේ ඉන්න බුතයෝ, බහිරවයෝ සහ "වර" ගැන විශ්වාස කරනවද"" කියලා. (ස)
සමදරා හරි, නීතිඥයන්ගේ සහය පතනවට වඩා මුදලාලිගේ සහය පතන එක තමයි හොඳ.. (ස)
ඉන්දු නගෝ .... තොප්පි දාගෙන ඉනිමගක ඉන්න මන් වගේ උසස් අය ඔයාලට කොටා වී ද අනේ. හින තමා .. කෙසෙල් ගහේ කොට්ටෝරුව වගේ නේද මන්...
මම මේ කල්පනා කලේ අර සමදරා කියපු කතාව. හාපෝයි අපේ ලෝකේ විපරීත වෙලා තියෙන තරමක්. සමදරාට එහෙම උනොත් එක තමයි සමදරා ගන්න තීරණය. ඒ ? නැත්නම් එහෙම කියයිද (දිල්)
ඉන්දු නගෝ , අද එයාගේ විභාගේ. රූපා අක්කා හෙට විතර ලියාවි. අපි ගැන දුක හිතිලා නේද සරෝ .., දිසෝ .., පෙත්ත බත් කාල .., කුඩුවේ බුදි....!!! (නදී)
සමදරා ඔයා සරමදා ගත්ත කෙනෙක් නේද?හරි හොරා.... (ස)
සමදරා සරමදා. දුවයි...නියමයි දුමින්ද. (ස)
අවස්ථානුකූලව තීරණ නොගෙන දැඩිව තම මතයේම සිට විසදුම් සොයන්න තනන කෙනෙකුගේ හැසිරීම නිසා සිදුවන පාඩුව මගේ සෙරෙප්පු කතාවේ හරයයි. වරක් ගත් පා සලකුණේ මිම්ම හරියටම නිවැරදි බැවින් නැවත තව එකක් ගන්න අනවශ්‍යයි කියා සිතන්නා සේ... (නි)
ලොක්කට අපරාදේ දානේ දුන්නේ . මිනිහට පින් දීලා නැවත මනු ලොව ඉප දෙනවට වැඩිය හොඳයි අවීචි මහා නරකදියේම තියන එක. (ස)
ඉන්දු,නිලූ,මගේ කවියේ මුලකුරු ටික ගලපලා ගත්තද ...? මමත් ඔයාලට එහෙමයි හොදේ ., දිසාටත් , සරත්ටත් එසේමයි,එසේමයි හොදේ...!!!(නදී)
චන්දි නගෝ..... පියුමෙහි පැණි බොති වන බඹරෝ - මලමත නොරදයි කළු දෙබරූ... අවරින් නොනැගෙයි නැගෙන හිරූ - හිනැහෙන්නකෝ අනෙ නැතුව බොරු.//(අ)
අද නම් හරි සතුටුයි කට්ටියම රස කවි ලියා තියෙනවා .., දකින දකින හැම දෙනාගේ ඇස් දෙක සතුටින් පිරෙන්න .., එය කියවන අප කාගේත් හදවත සතුටින් පිරෙන්න .., සතුට සමඟ විනෝදයත් අප සැමටම ලබා ගන්න .., ඔන්න ඔහොම හැමදෙනා ලස්සන කවි ගී ලියන්න..!! (ස)
මේ වගේ පිරිමි නිසා ගොඩක් ගැහැණුන් දරුවන් එක්ක මොන තරම් අසරණ වෙනවද...? හොඳම ක්‍රමය නීතියේ පිහිට පැතීමය., මුදලාලි එක්ක ගිහින් ටික දවසකින් තව බබාලා හදන් කබලෙන් ලිපට වැටෙයි, ඒ නිසා සොයුරියේ හිතෙන් නොව මොලෙන් වැඩ කරන්න. (ස)
රූපා අක්කේ, සතුටුයි, සතුටුයි සමත් වුව නිසා විභාගේ.// සතුටුයි සතුටුයි ඔබේ කුරුටු ගෑමට මෙතිරේ.// හරි මිහිරියි තිලක් අයියේ ලියනා ඔබේ පද පේලි.// ඇතොත් අනේ කල වෙලාව අපි ඉන්නම් මග බලන// (ස)
ඔන්න මෑතකදී විවාහ වුණ තරුණයෙකුයි තරුණියකුයි ටෙනිස් ගසමින් සිටියාලු.තරුණය වේගයෙන් ගසපු පහරක් ටෙනිස් පිටියෙන් එහා තියෙන පාළු නිවසක ජනේලයකුත් බිඳගෙන ඇතුළට ගියාලු.මේ තරුණ ජෝඩුව බෝලය ගන්න හිතාගෙන බයෙන් බයෙන් ගේ ඇතුළට ගියාලු.ගේ ඇතුළට ගියහම කට්ට කරුවළලු. සාලයේ බෝතලයකුත් බිඳිලා තිබ්බලු.වයසක මනුස්සයෙක් පුටුවක මහා හඬින් හිනාවෙවී මෙහෙම කිව්වලු."මම අවුරුදු ගණනාවක් මේ බෝතලයේ හිරවෙලා හිටි බහිරවයෙක්. ඕගොල්ලෝ මාව එළියට දාපු සතුටට ඔයගොල්ලෝ ඉල්ලන ඕනෑම වර 3ක් ලබාදෙනවා. හැබැයි මම ඔයගොල්ලන්ගෙන් එක දෙයක් බලාපොරොත්තු වෙනවා. කැමතිද කියලා. "ඉතින් තරුණය කල්පනා කරනකොට තරුණිය කිව්වලු මොනවා කල්පනා කරන්නද කැමතියි කියන්න කියලා.තරුණය කිව්වලු අපි කැමතියි කියලා.බහිරවයා කිව්වලු හොදයි ඔයගොල්ලෝ වර තුන ඉල්ලන්න කියලා.තරුණ ජෝඩුව ඉල්ලුවලු ලෝකයේ ලස්සනම ජෝඩුව වීම,හොඳ ගෙවල් දොරවල් සහ හොඳම යාන වාහන.බහිරවයා කිව්වලු ඔයගොල්ලන්ගේ පැතුම් ඉෂ්ට වුණා කියලා හිතාගන්න කියලා.හැබැයි මගේ ඉල්ලීමත් ඉෂ්ට කරන්න කියලා.ඉතින් බහිරවය ඉල්ලුවලු තරුණිය සමග යහන්ගත වෙන්න ඕනෑ කියලා.දැන් මේ ජෝඩුවට හරිම ප්‍රශ්නයලු.තරුණය තරුණියගෙන් අහනවලු අපරාදේ අතට අපු වාසනාව ඔයාට පුලුවන්ද කියලා.තරුණියත් වාසනාවට පයින් ගහන්න අකමැති නිස යෝජනාවට කැමති වුණාලු.ඔන්න දැන් ඉතින් තරුණයා කාලය ගණන් කර කර ඉන්නවලු තරුණිය දැන් එයි දැන් එයි කියලා.ඔන්න අන්තිමේදී තරුණිය බහිරවයත් එක්ක ආවලු.තරුණය තරුණිය සමග අහනවලු කෝ දැන් අපේ වර 3 ඉෂ්ට වෙන්නේ නැද්ද කියලා.බහිරවය මහා හඬින් හිනාවෙලා කියනවලු ඔය දෙන්නා තාමත් සුරංගනා කතා විශ්වාස කරනවද කියලා (නි)
රූපට මම කියනවා එන්න කියලා අපි මේ තරම් එයා වෙනුවෙන් ඉඳලා, එයා ඔය වෙනස් කම කරන්නේ අපිටද?? එයාගේ නිහැඩියාව අසරණ කරන්නේ අපිව. (ස)
වන්නි තිලක් මල්ලි, පොත් සාප්පු බාබර් සාප්පුත් තේ කඩත් තියෙන්න ඕනෑ. රෙදි සාප්පු නැතිනම් වැඩක්ම නෑ. හෙළුව වහ ගන්න එපායැ. මහාචාර්යවරු, දොස්තරලා, කසල ශෝධක වගේම සමාජ සේවයත් ලංකාදීපෙත් අවශ්‍යයි. මොකේද පුරප්පාඩු තියෙන්නේ කියනවද.?(නදී)
මෙන්න දිසා මාමා කතා කරනවා... දැන් නම් ඔයාට එන්නම වෙනවා රූපා නැන්දේ... (ස)
මේ මනුස්සයා පුදුම මනුස්සයෙක්නේ...!!! මේවට තමා කියන්නේ පෙර කරුම කියලා.ඒ අහිංසක බිරිදට, දරුවන්ට, මේ මනුස්සයගෙන් මැරිලාවත් සැනසීමක් නෑ.ජීවත් උනාට වැඩිය ප්‍රශ්නයක් දැන්.බීමටම ඇබ්බැහි වෙලා දෙලොවම නැති කර ගන්නා මනුස්සයෝ...! (ස)
ඉඟිය දන්න කෙනා තමයි විහිළුවෙ හොඳ රස විදින්නෙ... කොහොම මොළෙන් තඩිබෑවත් නොදැන බැහැනෙ රස මැවෙන්නෙ... විනෝදෙටයි විහිලුවටයි අපි මේ එසැණට ලියන්නෙ... කරුමය අහවර වුණහම ලියුම හෙමින් නතර වෙන්නෙ.// (නි)
රූපා අක්කේ. ඔන්න ඔහේ ඇවිල්ලා මොනවා හරි කියලා යන්න අක්කේ. හිරු නොබසින රාජ්‍යයේ නේද ඉන්නේ? (නි)
ලොකු ප්‍රශ්නයක් තියෙන බව නම් පෙනෙනවා. ණයට ගැනීම සහ උකස් කිරීම යන දෙකම ටිකක් භයානක වැඩ. නීතිය හමුවට ගියත් මුදලාලි ළගට ගියත් අසරණ වෙන්නේ අර කාන්තාවමයි. (නි)
රුපවති අක්කේ මගෙනුත් උණුසුම් සුබ පැතුම්....!!!(නදී)
මම බැනුම් අහගෙන හරි ලියුවා රූපා වෙනුවෙන් ....රූපා දැක්කද දන්නේ නැහැ මට සමහරු බැනපුවා..මොනවා උනත් උත්සාහය අපතේ ගියේ නැහැ .විභාගෙට සුබ පතන ගමන් මම එක දෙයක් ලියන්න ඕනේ. අපේ අදහස් සංස්කාරක හිතවතුන් දමන කම් අපි ලියමු .සැලෙන්න එපා .ඕවට උත්තර දෙන්නේ නැතුව අපි ඉමු .ඒ අතර රට තොට වෙන දේවල් ගැනත් බලන්න. (ස)
අයිස් ක්‍රීම් හැම් බර්ගර් කන්නට බැහැ අනේ යන්න - සාර විටක් කමුකො කිව්වෙ සිංහල සිරිතටය ඔන්න - ඉන්දු නගෝ නැත කහටක් මගේ හිතේ රිදුම් දෙන්න - සමා වෙන්න දොසක් නැතේ හයියෙන් දැන් හිනා වෙන්න.(නදී)
රූපවති නමින් අදහස් දැමූ කෙනා කවුද කියලා ලියපු එයාම තමයි දන්නේ. ඒ වුණාට අපිට දුකයි එයා ගැන. මොකද අපි දන්නවා ඔර්ජිනල් එක මොකක්ද ඩුබ්ලිකේට් එක මොකක්ද කියලා (නි)
මම කොහිල ගැන කතා කරන්නවත් කැමති නැහැ, ඒතරම් එපා වෙලා. එන්ගලන්තේ හිටියට මටත් කොහිල වළක් තිබෙනවා (නි)
සමදරා තමුන් ඔය වෙස් මූණ ගලවලා වැදගත් විදිහට අදහස් ප්‍රකාශ කෙරුවොත් හොඳයි. ඔහේ සෙල්ලම් බඩුවක් වෙන්න පුළුවන්, තමන්ගේ අම්මට එහෙම දෙයක් උනොත් එයාට දෙන්නෙත් ඔය කලින් දීපු උපදෙසද?? (ස)
තම බේබදු සැමියා ඉන් මුදවා ගැනීමට කල්පනා කළ බිරිදක් තම සැමියා රාත්‍රී බීමතින් නිවසට ඒමට පෙර නිවසේ සියලු කටයුතු නිමාකර ගෙදර වතුර පයිප්පයේ ප්‍රධාන කරාමය තදින් වසා තැබුවා. දැන් එළියේ සගවා තැබූ වතුර බාල්දිය හැර මුළු ගෙදර පුරාවට වතුර බිදක්වත් නැත.ඊට පසු බීමතින් වැනි වැනී ගෙදර ආ සැමියාට හරිම සතුටුයි. හේතුව ඔහුගේ ප්‍රියතම කෑම වන රසවත් කරෝල බැදුම කෑම මේසය උඩ තිබුන නිසා. එය සාදා තිබුනේ සැරම සැර කොච්චි මිරිස් සමග බව නොදැන ඔලුව වනවනා රස කරකර හොදට බත් කෑවලු. ටික වෙලාවක් ගිහින් ඇස් රතුකරගෙන වතුර ඉල්ලනවලු. එවිට බිරිද කිවුවලු අද උදේ ඉදලා වතුර නැහැ කියලා. මේක දඩුවමක් කියලා තේරුණ නිසා මිනිහා දැන් බීලා ගෙදර එන්නේ කලාතුරකින්ලු. (නි)