IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


උගුලෙ වැටුණ වාහෙට ගෑනිගෙ කලිසම් කොටේ පිහිට වෙලා

(වියලු‍ව වාර්තාකර)
මතින් මුදවා ගැනීම සඳහා තම බිරිඳ යෙදූ උප්පරවැට්ටියකට හසු නොවී ඊට තවත් උප්පරවැට්ටියකින්ම පිළිතුරු දුන් සැමියකු පිළිබඳ කතාවකි.


 සිද්ධිය මෙසේය


 එය ගම්බද ප්‍රදේශයකි. දැඩි සේ මතට ඇබ්බැහි වූ හෙතෙම  තම ආදායමෙන් වැඩි කොටසක්  මත්පැන් සඳහා වැය කිරීමට පුරුදු වී සිටියේ   බිරිය ඇතුළු දරුවන්ගේ අඩුපාඩු දෙවැනි කොට සලකමිනි.


  උදේ  සවස මත්පැනට ඇබ්බැහි වී සිටින සැමියා ඉන් මුදවා ගැනීම සඳහා බිරිඳ විවිධ උපාය කීපයක්ම ක්‍රියාවට නැංවූ මූත් ඉන් ඵලක් නොවීය. අවසානයේදී ඇය සිය සැමියා නිවසේ නවතා ගැනීම සඳහා අපූරු උපායක් ක්‍රියාත්මක කළේ අසල්වැසි කාන්තාවක දුන් උපදෙසක් අකුරටම ක්‍රියාත්මක කරමිණි.


 සැමියාට නිවසින් පිට යෑමට නොහැකි වන පරිදි ඔහුගේ සියලු‍ ඇඳුම් එකතු කළ ඇය ඒවා සබන් කුඩු යෙදූ භාජනයක පෙඟෙන්නට දැමුවේ ‘‘දැන් ඉතින් පලයංකො’’ යැයි තමාටම කියා ගනිමිනි.


   සුපුරුදු පරිදි හෙතෙම ගමේ මත්පැන් තිත්පොළට යෑමට ඇඳුමක් සොයා බැලු‍වද සියලු‍ ඇඳුම් සබන් කුඩු යොදා පෙන්නට දමා  තිබෙණු දුටු ඔහු දස අතේ කල්පනා කරන්නට වූයේ නිවසින් පිටව යන්නේ කෙසේ දැයි තමාගෙන්ම ප්‍රශ්න කරමිණි.


  මද වේලාවක් කල්පනාවේ නිමග්නව සිටි ඔහුට ආවේ කදිම අදහසකි. සිය බිරිය බලා සිටියදීම ඇය නිවසට අඳින කොට කලිසමක් සොයා ගත් ඔහු එය ඇඟලාගෙන කිසිවක් නොවූ පරිද්දෙන් ගමේ කසිප්පු තිප්පොළ වෙත පියමං කළේ මාව තම්බන්න උඹට නං හම්බ වෙන්නේ නැතැයි බිරියට නෝක්කාඩුවක්ද කියමිනි.


මේ මිනිහා නම් කීයටවත් හදන්න පුලු‍වන් එකෙක් නෙවෙයි යනුවෙන් ඇය තමාට උපදේශය ලබා දුන් කාන්තාව සමග කියා සිටියේ    තම සැමියා උදෑසන නිවසින් පිටව ගිය  ආකාරය ඇයට විස්තර කරමිනි.



අදහස් (0)

උගුලෙ වැටුණ වාහෙට ගෑනිගෙ කලිසම් කොටේ පිහිට වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site