අගනුවරට ආසන්න බාලිකා විදුහලක සිසුවියක වූ ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. පසුගියදා සංශෝධිත ප්‍රතිඵල ලේඛනයේ ඉසෙඞ් අගය බලාගැනීමට පාසලට යන බව කියා අයියාගේ යතුරු පැදියෙන් ඔහුත් සමග ගිය ඇය සවස් වරුවේ ගෙදරට ආවේ අඬාගෙනය. ”ඇයි දුවේ ස්කෝර් එක අඩුවෙලාද?” මව ඇසුවාය. ”නෑ” ඇය කීවේ කෝපයෙනි. ”එහෙනම්?” මව ඇසුවත් ඇය කිසිවක් නොකීවාය. සන්ධ්‍යාවේ කාර්යාලයේ වැඩ ඇරී ගෙදර ආ අයියා කීවේ අපූරු කතාවකි. ”මම එයා ඉස්කෝලෙ ළඟ බස්සලා ඔෆිස් එකට ගියා. ටික වෙලාවකට පස්සෙ යාළුවෙක් කෝල් එකක් දුන්නා. නංගී මොරටුවැල්ලෙ කොල්ලෙක් එක්ක රවුම් ගහනව කියල. ගියාම කාරනේ ඇත්ත. මම ඇහුව ඔයාගෙ ”අලූත් ස්කෝර් එක” මේකද කියලා නංගි අඬාගෙන පැන දිව්වා. මම කොල්ලට හොඳවයින් දෙකක් තුනක් කිව්වා” පුතා කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉසෙඞ් ස්කෝර් බලන්න සිසුවිය මොරටු වෙරළට ගිහින්
නුවන් Thursday, 26 July 2012 06:12 PM
ඕවනම් මොනවාද? අයියත් ඔහොම කරලා අතිනේ..?(නු)
රඛිත Thursday, 02 August 2012 10:59 AM
අයියා හොඳයි නංගී ගැන විපරම් කරපු එක. නැත්නම් ඉසෙඩ් ස්කෝර් එකට වඩා අසාධාරණයක් වෙන්න තිබුණා අලුත් ස්කෝර් එකෙන්. (නි)
සමීර Thursday, 26 July 2012 06:13 PM
ඕක ගනං ගන්න එපා.. එයා රැළි පාගන්න යන්න ඇති පව් එයා...(නු)
සමන් Sunday, 29 July 2012 10:50 AM
දැන් කාලේ ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි පස්සට තේරෙයි වැරදි කියල (දී)
පුන්චිවීර Thursday, 26 July 2012 10:40 AM
ඉස්කෝලේ ඉඩ මදි ඇති (දී)
හනීස් Sunday, 29 July 2012 11:09 AM
නංගි ඔයා වැඩ අනුමත කරන්න බැහැ (දී)
පුංචි රාල Thursday, 26 July 2012 10:41 AM
ඉසෙඞ් ස්කෝර් බලල කරන්න දෙයක් නැතුව මුහුදට පනින්න ගිහින් තියෙන්නේ
ඩීන් Thursday, 26 July 2012 07:04 PM
අයියා නංගී පිළිබදව බොහොම සෙවිල්ලෙන් සිටිය යුතුයි. (නි)
සුදේශ් Thursday, 26 July 2012 10:46 AM
" අයියා " සාක්කි.....(ස)
උපාලි Thursday, 26 July 2012 07:04 PM
නංගිගෙ පාමුල ඉර හද තියන්න ලැහැස්ති වෙන හාදයෝ ඉන්නවා එම නිසා අයියා බොහොම සෙවිල්ලෙන් ඉන්න.. තවම පොඩි ළමයිනෙ.. තේරෙන්නෙ නැහැ තවම බරපතලකම..(නු)
දර්ශන Thursday, 26 July 2012 10:52 AM
ඔය වයසට ආදරේ නොකර නාකි වුනහම ආදරේ කරන්නයෑ. හැබැයි මොරටු වැල්ල නම් එච්චරම හොද මදි නංගෝ ! (දී)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 28 July 2012 08:15 AM
ඒ ළමයා කවදාවත්ම මුහුද දැකලා නැහැ.ඉතින් අනේ අංකල් මාව මුහුද බලන්න එක්ක යන්න කියපු නිසා ඒ ලමයගේ වදෙන් බේරෙන්න බැරිව එක්ක ගියේ.නැතිනම් වරදවා ගිය ගමනක් නෙවෙයි.ඒත් කරුමෙටම මේ ලමයගේ අයියා ආවනේ වෙලාවටම.ඉහ නිකට ගැන බලලා සමාව දෙනවා කියලා තමයි ඒ ලමයගේ අය්ය ආපහු ඒ ලමයව එක්කගෙන ගියේ. හොඳ වැඩක් කරන්න ගිහිල්ලත් ඕන්න බලමුකෝ අනුන්ගෙන් බැනුම් ඇහුව හැටි.ඒක නරක වැඩක් නෙවෙයිනේ.මුහුද දැකලා නැති කෙනෙකුට මුහුද පෙන්නන එක.අනික කතාබහ කලේ නරක දේවල් නෙවෙයිනේ.අනික ආදරය කරන එක නරක දෙයක්ද?එහෙම නම් ආදරය ගැන මේ තරම් කවි,නිසඳැස්,ගීත සාහිත්‍යයක් ලියවෙන්නේ කොහොමද? (දී)
මාරසිංහ Thursday, 02 August 2012 07:35 PM
අයියන්ඩියෙ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුන දිනේ(නු)
අරුණ ශාන්ත කුමාර Thursday, 26 July 2012 07:56 PM
අනුවර්ථ නමින් එවන ප්‍රතිචාර පළ නොකරමි
රුවන් Thursday, 26 July 2012 11:30 AM
මුහුදට පනින්න ගියාද දන්නේ නෑ...(ස)
සුසන්ත Friday, 27 July 2012 12:10 PM
බලධාරීන් මොකද කියන්නේ.....(ස)
ප්‍රවීන් Thursday, 26 July 2012 12:14 PM
ඉසෙඩ් කෝ බලල එනකොට ඒ ටික මුහුදට වැටිලා හොයන්න ගිහින් (දී)
සහන් දසනායක Saturday, 28 July 2012 09:33 PM
ලකුණු බලලා ජීවිතේ එපා වෙලා මුහුදට පනින්න යද්දි වෙන්නඅඇති අර කොලුවා එන්න ඇත්තෙ.. කොල්ලා නිසා කෙල්ලගේ ජීවිතේ බේරුණා.. අයියා හරිනම කොල්ලට ස්තුති කරන්න ඕන..(නු)
අමිල කටුනායක Thursday, 26 July 2012 10:45 PM
ඔව් නංගි , අපි ඉතින් වැඩකට බැස්සොත් පුවක් ගහෙත් දෙබලක් (දී)
ජීවා Friday, 27 July 2012 12:40 AM
ඕවා ඔහොම තමයි.අපිටත් මුහුදක් ළගටවත් යන්න බැරිවුණා අයියලා හින්දා.අයියලා කෙල්ලන්ට විතරක් නෙමෙයි, කොල්ලන්ටත් වදයක්... (නි)
හේවගේ Saturday, 28 July 2012 10:29 AM
එයාල මුහුදට ගියාම කාටවත් අමාරුද? එයාලට ඕන නිසානේ එයාල ගියේ. (ස)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 27 July 2012 08:24 PM
මේවා කවුද පත්තර වලට ලියන්නේ? ඒ ළමයා රැල්ල පාගන්න ගියාම මොකද වෙන්නේ? කාටවත් මොකක්ද තියෙන අමාරුව ඒකට? (නි)
ක්‍රිෂාන් පෙරේරා Tuesday, 31 July 2012 09:34 AM
ඕක බනින්න තරම් ලොකු සිද්දියක්ද ????(දී)
දනුශ්ක Sunday, 29 July 2012 09:41 PM
පොඩි ආතල් එකක් ගන්න වෙන්න ඇති...(ස)
ජනක Tuesday, 31 July 2012 09:51 AM
අයියා මොරටුව වැල්ල පැත්තට ගිහිල්ලම නැද්ද ??(ස)
නිශ් Tuesday, 31 July 2012 09:49 AM
හරි ශෝක් ස්කීම් එකටනේ ආඩම්බර ( (දී)
නිශ් Tuesday, 31 July 2012 09:52 AM
අයිය මොරටු වේල්ලේ ගිහිල්ලම නැද්ද ? (දී)
ගුණරත්න Thursday, 26 July 2012 02:12 PM
පෙම්කල වරදට මට වද දෙන්නේ පෙම්කල හිතකින් නොවන නිසා............ අයියන්ඩියේ මට සමාව දුන මැන පෙම්වතියක මුණගැසුනු දිනේ.....// (ස)
ලලිත් කටාර් Thursday, 26 July 2012 02:14 PM
අයියට විතරයි හොද මුහුදුවෙරළට යන්න එයාගෙ ගැහැණු ළමයත් එක්ක..?(නු)
දුෂන්ත Sunday, 29 July 2012 01:14 AM
මුහුදෙ පනින්න ගියාද දන්නෙ නැහැනෙ....?(නු)
උදාරි Wednesday, 01 August 2012 11:56 AM
මමත් කොල්ලෙක් එක්ක මුහුදු වෙරළට ගිහින් ඉදිද්දී අපේ අයියගේ අතටම අහුවුණා..ඒ කොල්ලා අයියගේ යාලුවෙක් හින්දා එදා නම් මම අපේ අයියගෙන් ගුටි නොකා බේරුණා.හැබැයි අයියගේ යාලුවා කියන මගේ පෙම්වතා නම් පහුවෙනිදා අයියගෙන් ලොකු බැණුමක් ඇහුවා කියලා එයා මට පස්සේ කිව්වා.අයියා බැණලා තියෙන්නේ මගේ නංගි එක්ක යාලුයි කියාලා එයා කිව්වෙ නැත්තෙ ඇයි කියලයි.දැන් නම් අයියා මට බණින්නේ නැහැ.මම හැම ඉරිදාටම කොල්ලා එක්ක මුහුදු වෙරළට යනවා.අයියා අපිව දැක්කත් මුකුත් කියන්නේ නැහැ. (නි)
ෆාරු Thursday, 26 July 2012 03:11 PM
හානේ.....කොලොප්පන් කිව්වලු....(ස)
ෂෙරීෆ් Thursday, 26 July 2012 03:12 PM
නංගි කෙසේ වෙතත් අයියනම් ටිකක් වැදගත් පාටයි....(ස)
මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 26 July 2012 03:36 PM
මේකනම් බොරුවක් නේද...(ස)
සම්පත් Friday, 27 July 2012 09:07 AM
මේක ගොතාපු කතාවක් ......(ස)
ආනන්ද Sunday, 29 July 2012 05:31 AM
සාධාරණයි. විභාගෙත් ඉවරනේ (දී)
සරත් Friday, 27 July 2012 09:15 AM
ඉසෙඩ් ස්කෝර් එක හොද හන්දා සන්තෝෂයට යන්න ඇති.පවු. (නි)
දයානන්ද Friday, 27 July 2012 03:09 PM
ඔව් ඉතිං.... ඔය වයසට කොල්ලෙක් එක්ක, රැල්ල පාගන්න ගියට කමක් නැහැ.., දැන් විභාගේත් ඉවරයිනේ... (ස)
රාවණ Tuesday, 31 July 2012 11:39 AM
ඒ ළමයටත් ස්වභාවික හෑඟීම් දෑනීම් තියෙනවා. ඔය වයසේ ගෑනු ළමයින්ව කසාද බන්දලා දුන්නානම් මේ වගේ ප්‍රශ්න නෑ.(ස)
පුලස්ති Friday, 27 July 2012 10:30 AM
නංගියේ නොහොබිනා වැඩ කරන්න එපා (දී)