බීමතින් මහ රෑ සිය නිවසට යාමට යයි කියමින් පාර මැදට පැන වැනි වැනි පාරේ යන එන වාහනවලට අත දමමින් සිටි තරුණයෙකුට විඳින්නට සිදුවූ අපූරු දඬුවමක් පිළිබඳව පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.
හේ කන පැලෙන්න බීවේය. අඩ අඳුරේ පටන්ගත් බීම මධ්‍යම රාත්‍රිය දක්වාද පැවතියේ ඔහු බීමට තිබූ කෑදරකම නිසාමය. හොඳටම රෑ බෝවී තිබිණ. හොඳටම වෙරිමතින් සිටි ඔහුට ගෙදර ගැන සිහිවූයේ මේ අතරවාරයේය. බිබී සිටි තැනින් නැගිට ගත් හේ සිය නිවසට යාමට පාරට පැමිණියේය. ඒ වන විට මගී ප්‍රවාහන සේවා බස්රථද දවසේ ගමන්වාර නිමාකොට තිබිණ.
මේ නිසාම හේ පාර මැද වැනි වැනී තමන් යාමට අපේක්ෂා කළ අන්තයට ගමන් ගත් රථවාහනවලට අත දැම්මේය. ඒ කිසිම වාහනයක් ඔහු ඉදිරියේ නොනැවතුනේ මේ බේබදු තරුණයා රැගෙන යාමෙන් තමන්ට කරදරයක් වේ යැයි එම රථවල රියදුරන් සිතූ නිසා වන්නට ඇත. මේ අල්ලපනල්ලේ ඔහු යාමට සිටි අන්තයට යන ත්‍රීරෝද රථයක් පැමිණියේය. පාර මැද වැනි වැනී සිටි ඔහු පුරුද්දට මෙන් මේ ත්‍රිරෝද රථයටද අත දැම්මේය. මෙතෙක් වේලාවක් තමන්ගේ අත වැනීමට කිසිදු වාහනයක් නතර නොකළද මේ ත්‍රිරෝද රථය පමණක් ඔහුගේ සංඥාවට නැවැත්තුවේය.
නැවැත්වූ ඒ ත්‍රිරෝද රථයේ සිටියේ තරුණ පිරිසකි. බීමතින් සිටි ඔහු “අනේ මචංලා මමත් ඉස්සරහට දාගෙන පලයල්ලා” යයි ඉල්ලුවේය. එහි සිටි තරුණයින් එවිට ““හරි හරි යමං මචං ඔබ අපි ඉස්සරහට නෙමෙයි හොඳම තැනට ගෙනියන්නම් නැගපං නැගපං” කියා කීවේය. වෙරිමරගාතේ ත්‍රිරෝදයට නැග ඔහු එහි සිටි තරුණයින්ගේ ඇඟ මතට කඩා වැටුණේය. “මචං මම අද කන පැලෙන්න බීව්වා. මේ කාලේ බොන්නෙ නැති බීම කවදද බොන්නේ නේද මචං” කීවේය. “ඔව්...ඔව් මචං මේ කාලෙ තමයි හොඳට බොන්න ඕන. බීල විතරක් මදි හොඳ බයිට් එකකුත් ගන්න ඕන. අපි මචං උඹට අපේ ගානේ බයිට් එක දෙන්නම්” යයි තරුණයෝ කීහ. “අන්න මිනිස්සු, අන්න යහළුවෝ නේද මචං” යයි ඔහු කීවේය. “අපි එහෙම තමයි සුදුසු අයට සුදුසු දේ දෙන මිනිස්සුනේ” යයි තරුණයෝ පෙරලා කීහ.
ඔහු ත්‍රිරෝද රථය නතර කරන තැන කීව ද ත්‍රිරෝද රථය එය නතර නොකෙරුණු නිසා ඔහු ඒ ගැන තරුණයින්ගෙන් විමසීය.
“ඇයි මචං උඹට අමතකද අපි කිව්වනේ අපේ ගානේ හොඳ බයිට් එකක් අරන් දෙනවා කියලා. ඒක අරන් දෙන්නයි යන්නේ”
“හා... ඒකත් එහෙමද? උඹලා නම් යහළුවෝ නෙමෙයි දෙවියෝ. අන්න මිනිස්සු, අන්න යහළුවෝ” යයි කියමින් දොඩව දොඩවා පැමිණියේය. තමන් පැමිණි ත්‍රිරෝද රථය අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට හැරවෙනු දුටු ඔහු ඒ ගැන විමසීය.
“කොහේද මචං මේ පොලිසියට යන්නේ” යැයි ඇසීය. “අපි අර දෙනවයි කිව්ව බයිට් එක දෙන්නනේ එක්ක යන්නේ” තරුණයින් කීවේය. වැඬේ වැරදුණු බව දැනගත් ඔහුගේ වෙරි හිඳී ගියේය. තමන් මේ පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරින් සමග බව ඔහුට ඒත්තු ගියේය. කරන්නට කියන්නට කිසිවක් නැති ඔහුට එදා රාත්‍රියේම පොලිස් කූඩුවේ ළඟින්නට සිදුවූයේය. ඔහු අත දමා ඇත්තේ ත්‍රිරෝද රථයකින් සිවිල් ඇඳුමෙන් වැටලීමකට ගොස් එන නිලධාරින් පිරිසකට ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න ඕස්ට්‍රේලියා වල. බීමතින් පාරේ කෙනෙක් සිටියොත් ඔහුව ආරක්ෂා ඇතුව නිවසට හෝ නැත්නම් පසුදා පහන් වනතුරු පොලිසියේ ආරක්‍ෂිත තැනක හෝ තබා ඔහුගේ ආරක්ෂාව සපයනවා මිසක් ඔහුට දඬුවමක් හෝ වෙනයම් කරදරයක් නොවීමට වග බලාගන්නවා (නි)
මා පදිංචි මෙරටේ මහමග බීමතින් ඇවිදින කෙනෙක් රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිසියට හමුවුනොත් ඔහුව පොලිසියට ගෙන ගොස් වෙරි සිඳෙන තුරු පොලිසියේ රඳවාගෙන පසුව මුදා හරිනවා. මෙය ඔහුගේත්, රට වැසියගෙත්, දේපල ආරක්ෂාවත් සඳහා කරන දෙයක්. (හේ)
මේ වගේ අයට හොද පාඩමක්.(හේ)
මෙවැනි දේවල් දිහා හරි විදියට නොබලන උදවියගේ මොළවල් හදලා ඉන්න ඕනෑ මුලින්ම. බීමතින් මහමඟ නොමනා ලෙස හැසිරීම තහනම් බවත් අනෙකුත් අයට කරදර වන ලෙස හැසිරීම අයුතු දෙයක් බවත් ඔවුන් නොදන්නවා ඇති. හොරෙකුට, මංකොල්ලකාරයෙකුට හෝ මිනීමරුවෙකුට හසු නොවී පොලිස් නිලධාරීන්ට පමණක් නෙත ගැටුණු නිසා මොහුගේ ජීවිතය රැකුණු බව ඔවුන් නොදැනීම අභාග්‍යයට කරුණක් (නි)
ජමල්දීන්, බීලා පාරේ ඇවිදින එක තහනම් (නි)
ඇත්තටම පොලිසියට ගෙනියන්න තරමට වුණ වැරැද්ද මොකක්ද? (නි)
ජම්ල්දින් සහ උපුල්, ඔබ දෙපල හරියට හරි. අද අපේ රටේ වැඩිහරියක් කිසිම තේරුමක් නැතිව වාචාලකමට කෑගන්න විතරයි දන්නේ. ඒක තමයි මේ රටට මේ විනාශය වෙලා තියෙන්නේ. බීමතින් මහමඟ හැසිරීම තනනම් කියලා ගොඩක් අය දන්නේ නැහැ. නමුත් බොරුවට අදහස් පළකරන්න ඉන්නවා. (නි)
පොලිසිය ඔහු ගෙනියන්නේ ඔහුගේ ආරක්ෂාවට. ඒක නීතිය. කොහොමද වෙන අය ගෙන ගිහිල්ලා අපරාධයක් කළා නම්. මේකට ලියන අය ධනාත්මකව ලියන්න පුරුදුවෙනවා නම් හොඳයි. (නි)
මංකොල්ල කන හොරු අතේ ආයුධ තියන හින්ද,මේ වගේ අහිංසයකුට වීර ක්‍රියා කරන්න පුළුවන් (කෞ)
ඔය කියන සිවිල් නීතියේ හැටියට මත්පැන් බීල පාරේ නොයා, වෙරි හිඳෙනතුරු එක්තැන්වී ඉන්න අය කී දෙනෙක් විතර ලංකාවේ ඉන්නවද? (නි)
ජනක,මනෝජ්, ඔබගේ ප්‍රතිචාර හරියට හරි. සමහර අය නොදන්නාකමට පටළවා ගන්නවා. (නි)
සමාවෙන්න. මම හිතන්නේ මම හරියට තේරුම්ගෙන නැහැ. ඔහුව ගෙනිහින් තියෙන්නේ ඔහුගේ සහ පාරේ යන අනෙක් අයගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔහුට දඬුවමක් හෝ හිරිහැරයක් කළ බව මේ පුවතේ කියවෙන්නේ නැහැනේ. උදේ කරදයක් නැතුව ගෙදර යන්න ඇති (නි)
ලංකාවේ පොලිසිය දැන් යන්නේ ත්‍රීරෝද වලද? (නි)
ඒවා හොද වැඩ (කෞ)
බොහෝ දෙනෙක් අපේ රටේ මූලික සිවිල් නීතියවත් දන්නේ නැහැ.(හේ)
අහිංසක රියදුරෙක් අමාරුවේ වැටෙන්න ඉස්සර මෙයාව මෙහෙම අරන් ගිය එක හොදයි.(හේ)
පොලිසියට ගෙනගිය එක වරදක් නෙමෙයි. එහෙත් ආරක්ෂා සහිතව ගෙදරින් බස්සන්න තිබුනා. (නි)
ඒත් ඉතින් බීමතින් පාරේ ගිය වාහනයකට අත දැමීම නීතිමය වරදක්ද? (නි)
මෙතන කිසිම වරදක් කරලා නැහැනේ පොලිස් කූඩුවේ දාන්න (නි)
අහිංසක මිනිහෙක් හිතේ සතුටට පොඩි අඩියක් ගැහුවොත් තමයි ඔක්කොම නිතී (හේ)
කාටවත් කරදරයක් නොකර අහිංසක විදිහට සතුටක් ලබපු මේ මනුස්සයව පොලිසියට අරගෙන ගියේ අැයි? (නි)
අබය, ජනක, නන්දලාල් ඔබ හරියටම හරි (නි)
නීතියෙන් වැරදි බවට පත්කළ යුතු වනුයේ තවකෙකුට හෝ සමාජයට පීඩාවක් දෙන ක්‍රියාවන්ය. හැම හන්දියක් ගානෙම බාර් දාලා තියෙන රටේ ධනපති නීතිය ක්‍රියාත්මක වන්නේ මේ වගේ අහිංසකයන්ට පමණයි. (නි)
ඔය මනුස්සය බීල නිසා වාහනයකටවත් අහුඋනානම්. පොලිසියට ගෙනිච්ච එක හොඳයි,(කෞ)
මේවගේ රඟපාල වාහන නතර කරලා රියදුරා මරල වාහන උස්සන,මිනිසුන් මංකොල්ල කන,පොදු වාහනයකට නැග්ගනම්.එතනදී කරන කරදර ..කොහොම වෙතත් වාහනයකට යට වී තැලී පොඩිවී යන සතෙකුට වගේ වෙන්න නොදී ජීවිතය බේරාගෙන රැගෙනවිත් වෙරි හින්දෙනතුරු ආරක්ෂා කිරීම ගැන..එම පොලිස් නිලධාරීන්ට ස්තුති කිරීමට තරම්වත් යුතුකම් නොදත් කීප දෙනෙක්..(කෞ)
බීලා වෙරිමරගාතේ පාරේ ඇවිදීමත් තහනම් (නි)
බීලා පයින් යන්න නොහැකිද? (නි)