ඔහු රජයේ කාර්යාලයක සුළු සේවකයකු ලෙස සේවය කර විශ්‍රාම ලැබූ පුද්ගලයෙකි. බිරිඳ පෞද්ගලික ආයතනයක සේවය කළාය. ඔවුන්ට දරුවන් පස්දෙනෙකු සිටි අතර ඔවුහු ප්‍රදේශයේ උසස් විදුහලක අධ්‍යාපනය ලැබූහ.
ඔහුගේ නිවසට නුදුරින් පුවත්පත් වෙළෙඳසල පවත්වාගෙන ගිය වෙළෙඳසල් හිමියා ඔහු තරමක් දුරට හඳුනයි. ඒ වෙන කිසිවක් නිසා නොව සෑම ඉරිදා දිනකම පුවත්පත් මිලදී ගැනීමට වෙළෙඳසලට පැමිණෙන බැවිනි.

එතරම් උගත් පුද්ගලයකු නොවූ වෙළඳසල් හිමියා මොහු ගැන විශාල පැහැදීමකින් සිටියේය. ඒ වෙන කිසිවක් නිසා නොව ප්‍රදේශයේ දැන උගත් පුද්ගලයකු බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් තිබූ බැවිනි.
දිනක් වෙළෙඳසල් හිමියාගේ දියණියකට පෞද්ගලික ආයතනයක රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් ලියවා ගැනීමට අවශ්‍ය විය.
ඒ සඳහා සුදුසුම පුද්ගලයා මෙම ඉංග්‍රීසි පුවත්පත මිලදී ගන්නා අය බව තහවුරු කරගත් වෙළෙඳසල් හිමියා සන්ධ්‍යා භාගයේ බිස්කට් පැකැට්ටුවක්ද රැගෙන දියණිය ද කැටුව ඔහුගේ නිවෙසට ගියේ ලිපිය ඉතා හොඳින් සකස්කර ගත හැකි බවට දැඩි විශ්වාසයෙන් යුක්තවය.
නිවසට ගොස් කාරණය පැහැදිලි කළ විට මෙම විශ්‍රාමික පුද්ගලයාට හීන් දාඩිය දැම්මේය. “අනේ මුදලාලි හරිම කනගාටුයි. මට ඉංග්‍රීසි බෑ. මම ඉංග්‍රීසි පත්තරේ ගත්තෙ ඒකෙ වැඩිම පිටු ගණනක් තියෙන හින්දා. දරුවන්ට හා බිරිඳට බත් ඔතන්න කඩදාසි ගොඩක් ඕන නිසයි. ඒ පත්තරේ සතියටම ඇති. අනේ තරහා වෙන්න එපා. මේ ගැන කාටවත් කියන්නත් එපා. යැයි බැගෑපත් විය. කෙසේ වුවද ඔහුගේ දියණියගෙන් මෙය පැතිර ගියේය.
ඔහු සේවය කළ ආයතනයේ හිතවතුන්ට ද කනින් කොනින් මෙය කන වැකුණි. කාර්යාලයේ මිතුරන් ඔහුට ඇමතුමක් ගෙන ඉංග්‍රීසි ලිපියක් ලියාගන්න තියෙනවා. හවසට එන්නදැයි අසන විට දුරකථනය විසන්ධි කරන්නේ ඔහුගේ දරුවන්ගේ ද සිනා හඬ මධ්‍යයේ ය. පසුව සති කිහිපයක් යන තෙක් දුරකතනය විසන්ධි කර තිබුණි.
(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංග්‍රීසි ඉගෙන ගැනීම අපට 3 වසරේ සිට පාසලේදී කරන වැඩක්..!! අපේ ළමයින්ට සිංහලවලට අමතරව ඉංග්‍රීසි උගන්වනවා. පාසලේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරයා ඉංග්‍රීසි ව්‍යාකරණ උගන්වන විට හොඳින් අසා සිටින්න. ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් හොයාගෙන පුළුවන් තරම් වචන ඉගෙන ගන්න.. ගෙදරට බඩු ඔතාගෙන ගෙනෙන ඉංග්‍රීසි පත්තර කෑල්ලක් වුණත් හොයාගෙන කියවන්න උත්සාහ කරන්න...
ඕකට ඉතින් ඔච්චර වෙට්ටු දාන්න ඕනේ නැහැනේ.. ".ඕක තියලා යන්න, මම පසුව පුරවලා දෙන්නම් " කියලා කියන්න තිබුණනේ... දරුවන් පස් දෙනාම උසස් පාසලක අධ්‍යාපනය ලබපු අය නම් ඉංග්‍රීසි දන්නවා ඇතිනේ... දරුවෙකුට කියලා, පුරවලා දීලා ජාම බේර ගන්න තිබුනා..ඔව්වට ඉතින් තැනට සුදුසු නුවණත් තියෙන්න ඕනේ... නැද්ද මන් කියන්නේ.
ඉංග්‍රීසි නොදන්නාකම ලැජ්ජාවට හේතුවක් වෙන්නේ සිරිලංකාවේ විතරයි.
ලංකාවේ 3 වසරේ සිට 13 වසර දක්වා ඉංග්‍රීසි ඉගෙනුවත් විශ්ව විද්‍යාලයෙන් පිටවුණත් ඇති බහුතරයකට ඉංග්‍රීසි ලියන්නත්, කියවන්නත්, කතා කරන්නත් බැහැ. එ්කට හේතුව ඉංග්‍රීසි ගුරුවරුන්ගේ නොහැකියාව මිසක ළමයින්ගේ වැරැද්ද නෙවෙයි. කෙසේවෙතත් අනවශ්‍ය විෂය කරුණුවලට වැඩ වසර 2ක් හෝ මහන්සි වෙලා ඉංග්‍රීසි විතරක් ඉගැන්නුවත් ලංකාවට වටිනවා. 7 සහ 8 වසර දෙක ඉංග්‍රීසි පමණක් උගන්වලා හරි මේ වැඩේට බය නැතිව අත ගැහුවොත් ලංකාවේ ළමා වෘත්තීය අධ්‍යාපනයක් ලබලා යුරෝපා රටකට යැව්වොත් මේ රටේ ආර්ථිකය අවුරුදු 10කින් ගොඩ දාන්න පුළුවන්. කිසිම වැඩකට නැති සමහර විෂයන් ඉවත් කරලා දැමීම සුදුසුයි.