රාජ්‍ය ආයතනයක ප‍්‍රවාහන අංශයේ සේවකයෝ දෙදෙනෙක් පසුගිය දිනෙක කොළඹ ප‍්‍රධාන කාර්යාලයට ගියහ.
ඔවුන් එසේ ගියේ තම සේවා හැඳුනුම්පත් සකස් කරගැනීමටයි. දෙදෙනා තම කාර්යය ඉටුකර ගත් පසු ආපසු රජරට ප‍්‍රධාන නගරය බලා රාත‍්‍රී තැපැල් දුම්රියෙන් ගමන් පහසුව සලසා ගැනීමට තීරණ කළෝය.
එහෙත් ඒ දුම්රිය ගමන්වාරය රාත‍්‍රී 7.15 ට ඇරැුඹෙන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දැනගත් පසු දෙදෙනාට ඒ ගමනට තවත් පැය තුන හතරක් වේලාව ඉතිරිව ඇති බව අවබෝධ විය. ඒ කාල වේලාව ඇතුළත මී විතක රස විඳීමට ඔවුහු කතා කර ගත්හ. මේ සඳහා ඔවුන් දෙදෙනාම ආයතනයේ කනිෂ්ඨ සේවක භෝජනාගාරයෙන් තම සේවා හැඳුනුම්පතට ණය සහනයක් සැලසී තිබිණි.
ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් මෙම සේවකයෝ දෙදෙනා අරක්කු බෝතලයක් හා කට ගැස්ම ද එතැනින් ලබාගත්හ. වැසිබර සැඳෑවේ මේ දෙදෙනා පදමට රත් වූ සෙයක් පෙනිණ. රාත‍්‍රී 7.15 ට කොළඹ කොටුවේ සිට තලේමන්නාරමට යන තැපැල් දුම්රිය වේදිකාවට ළඟා විය. සේවකයෙන් දෙදෙනා ලහි ලහියේ ඒ දුම්රියට ගොඩ වූහ.
තුන් වැනි පන්තියේ මැදිරියක අසුන් ගත් දෙදෙනාට වෙරිමත වැඩිකමට නින්ද ගියේය. අනුරාධපුරයෙන් අවසන් කළයුතු ගමන තලේමන්නාරම දක්වා ගොස් ඇතැයි ඔවුනට අවබෝධ වූයේ පසුදා අලූයම් කාලයේ තැපැල් දුම්රියේ ධාවනය නිමාවට පත් වූ බැවිනි.
ආපසු ඔවුන් දෙදෙනා අනුරාධපුරයට ගමන් කළේ කුලී රථයකිනි. ඒ සඳහා වැය කිරීමට මුදල් නොතිබුණත් සේවා හැඳුනුම්පතේ පිහිටෙන් දෙදෙනා ජාම් බේරා ගැනීමට සමත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ උණු දේවල් අපේ කසුරිගෙන් අහගන්න තිබුනා. එතුමා කී පාරක් ගම්පහ කොළඹ එකම බසයේ ගිහින් ඇද්ද. (බ)
ඔය වගේ දෙයක් මා දන්නා කෙනෙකුටත් වෙලා තිබුණා මතක් වෙද්දීත් හිනා යනවා (ම)