(දෙහිඕවිට - සුමිත්ත තෙන්නකෝන්)
තුන්කෝරළය පැත්තේ පිටිසරබද ගමක එපා කරපු අයකු සවස් කාලයේ ඇඟ රත්කර ගැනීම සඳහා කසිප්පු පොළකට ගොඩවිය. හීන් අඩිය අඩි දෙක තුනක් දක්වා දුරදිග ගිය අතර වැනි වැනී නියරක් දිගේ ආපසු එන අතරතුරදී අපූරු කටගැස්මක් ද පෙර මගට හමුවිය. ඒ රාත්තල් කීපයක් බර තාරුකා ඉබ්බෙකි.
ප්‍රීතිය නිම්හිම් නැතිවිය. ඒ දින කීපයකින් මසක් මාළුවක් නොකා සිටි තමුන්ට දෙන දෙයියෝ ළඟටම ගෙනත් දුන් තාරුකා ඉබ්බා පිළිබඳවය.
පෝර උරයකට දමා ගත් තාරුකා ඉබ්බා පරිස්සමින් නිවෙසට ගෙන ආ මොහු ඉබ්බා අනික් පිට හරවා දොරමුල්ලේ තබා ඉබි මස් වෑංජනය පිසීම සඳහා අවශ්‍ය තුනපහ ආදිය පිළියෙල කිරීමට සූදානම් විය.
සියල්ල සූදානම් කර ඉබ්බා මස් කිරීම පිණිස පිහියක් ද රැගෙන දොරමුල්ලට පිය නැගීය. පුදුමයකි. දොරමුල්ලේ අනික් අතට හරවා සිටි තාරුකා ඉබ්බා එහි නැත. පැය ගණනක් අවට සෝදිසි කළ ද ඉබ්බා ගිය පැත්තක් සොයා ගැනීමට ඔහුට නොහැකි විය.
වෙරි මත පරදා නැගී එන ඉවසිල්ලක් නැති කුසගින්නට ද කේන්තියට ද පත් ඔහු තුනපහ සහිත ඇතිලිය ද පොළොවේ ගසා නිදන්නට විය. රාත්‍රී 12ට පමණ මහ හඬින් කිසිවෙකු දොරට ගසන හඬක් ඇසී ඔහු අවදිවිය.
“අපි පොලිසියෙන් දොර ඇරපන්....” ටී 56 ගිනිඅවි අමෝරාගත් පොලිස් නිලධාරීහු කීපදෙනෙක් ඉදිරි දොරින් ගෙට ඇතුළු වූහ.
උඹ ගෙනාපු තාරුකා ඉබ්බා දීපන්.... ඔහුගේ ඉහමොළ රත්විය. මම ඉබ්බෙක් ගෙනාපු එක ඇත්ත සර් ඒත් ඉබ්බා දොරමුල්ලේ දාලා තියෙද්දී පැනලා ගිහිල්ලා.
ඒවා අපිට වැඩක් නෑ වරෙන් යන්න පොලිසියට මහ රෑ ජීප් රථයේ දමාගෙන ඔහු පොලිසිය වෙත ගෙන ආ අතර ඉබි මස් නොකෑවද ඔහුට එළිවෙනතුරු හොඳහැටි පොලිසියෙන් කන්නට ද කූරු ගනින්නට ද සිදුවී ඇත්තේ ඉබ්බා රැගෙන එන අයුරු දුටුවෙකු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්බාගේ ටිකිරි මොලේ (බ)
දැක්කා නේද අපේ පොලිසිය කොච්චර කාර්යක්ෂමද කියලා. කාට කියන්නද මේවා? (නි)
ඉබ්බා තමන්ගේ ආරක්ෂාව තමන්ම සළසා නොගත්තා නම් මේ වෙනකොට ඉබිකට්ට නඩු භාණ්ඩයක් වෙලා (නි)
ඔත්තුව දුන් මිනිහා ඉබ්බා උස්සන්න ඇති (නි)
පොලිසියේ නම් ගල්ඉබ්බොත් තාරකා ඉබ්බොත් හරි හරියට ඉන්නවා (අ)
ඉබ්බා දොරට දාන්නේ නැතිව තිබුන එක වැරදියි (කෞ)
මොහු වරදකරුවකු වීමටත් පෙර පොලීසියෙන් දඬුවම් දී ඇති බව පෙනේ. අහිංසකයෙකුට තමයි මේවත් වෙන්නේ (නි)
පොලිසිය ලොකු වැඩක් කරලා තියෙන්නේ... (නි)
හොඳ වෙලාවට ඉබ්බා ගියේ (නි)
හරි වැරැද්ද කෙසේවෙතත් ගහන්න නම් අයිතියක් නැහැ පොලිසියට. (නි)
ඉබ්බා පැනලාගියේ ඉබ්බාගේ වගේම මේ පුද්ගලයාගෙත් වාසනාවට (නි)
හිමාල්, මෙයා අහිංසකයෙකු නම් නෙමෙයි. නමුත් පොලිසියට අයිතියක් නැහැ මෙහෙම සැරෙන කතාකරන්න. පොලිසියට තියෙන්නේ නිතිය ක්‍රියාත්මක කරන්න විතරයි (නි)
වාසනාවට හෝ අවාසනාවට ඉබ්බා පැනලා ගියේ නැත්නම් මේ මනුස්සයත් අමාරුවේ (නි)
ඉබ්බා මොළය ඇතුව වැඩකටයුතු කළ නිසා හොඳින් ගියා (නි)
ඉබ්බා දොර මුල්ලේ ඉඳලා මහා රෑ දොර ඇරගන්න ඇත්තේ කොහොමද? ඇත්තටම ඉබ්බා පැනලා ගියාද? (නි)
පොලීසිය එනකොට ඉබ්බා ගිහිල්ලා. බලන්න අපේ පොලීසියට වඩා ඉබ්බා ඉක්මන්. (බ)