IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඉඩම පැටලී අනුන්ගේ ගේකට අත්තිවාරම් දාලා

වෙන්දේසි ඉඩමේ තමන් මිලට ගත් කොටසට යාබද අනුන්ගේ බිම් කොටසේ නිවසකට අත්තිවාරම් දැමීමේ සිද්ධියක් නිසා මහත් ගැටලූවක් ඇති විය යුතු වුවත් දෙපක්ෂය ගැටලූව විසදා ගැනීමට කතිකා කරමින් සිටින බව මීරිගමට නුදුරු ගම්මානයකින් පසුගියදා වාර්තාවිය. 

එක් බිම් කොටසක් මිලට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ හිතවතකු හමුවීමට ආවේ ඉදිරි වැඩ කටයුතුවලට සහාය ලබා ගන්නටය. ”මහත්තයා, අපිටත් නොකියාම ගෙයි වැඩ පටන් ගත්තා” දැයි ඔහු ඇසුවේ පැරණි හිතවත්කම ඇති නිසාය. 

මේ ප‍්‍රශ්නය නිසා විපිළිසර වූ මහත්තයා, ”මේ මොනවා කියනවාද ඔයාට නොකියා මං වැඩක් කරනවාද” කියද්දී ”ඇයි දැන් අත්තිවාරම් දාලා ඉවරයිනේ” හිතවතා යළිත් කීය. ”හා එහෙනම් යමු බලන්නැයි” කී දෙදෙනා ඉඩමට ගිය අවස්ථාවේ දැකගත හැකිවූයේ තම බිම් කොටසේ නිවසක් ඉදිකෙරෙමින් පවතින බවය. 

කරුණු සොයා බලද්දී හෙළිවුණේ යාබද බිම් කොටස මිලදී ගත් තැනැත්තා වැරදීමකින් මේ ඉඩමේ නිවෙසක් තැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවය. ගමේ හිතවතාගේද සහාය ඇතිව දැන් ඉඩම් හිමිකරුවන් දෙදෙනා අද සමාජයේ වැඩි දෙනෙකුට ආදර්ශයක් ගෙන දෙමින් ගැටලූව විසදා ගැනීම පිණිස සාකච්ඡුා මාර්ගයක නිරතව ඉන්නා බව සති අත්තයේදී දැන ගන්න ලැබිණි.  



අදහස් (0)

ඉඩම පැටලී අනුන්ගේ ගේකට අත්තිවාරම් දාලා

කුමාර Monday, 08 February 2016 07:12 AM

කලාතුරකින් අහන්න ලැබෙන අත් වැරැක්දක් එත් මේවගේ දේවල් තවමත් වෙනවද කියන එකඊ ප්‍රශ්නේ (හේ)

:       0       0

දිලන්ක Monday, 08 February 2016 09:58 PM

ඉඩම් දෙක මාරු කරගන්න එක තමයි හොඳම දේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 09 February 2016 06:44 AM

මගේ එහෙම විශේෂ තරහක් නැහැ, හැබැයි වෙන්න පුළුවන් දේ තමයි මම ලියන්නේ , හොඳයි බොරුද මම ලියල තියෙන්නේ ? (ර)

:       0       0

දිලිනි Wednesday, 10 February 2016 12:57 AM

පිටබැද්දර ජයා තරම් ස්ත්‍රී සංහතිය ගැන සියල්ල දන්නා පුරුෂ රත්නයක් ලංකාවේ තවත් නැත. බඳින්න ඉන්න පිරිමි උදවියත් කාන්තාවන් ගැන මෙයාගෙන් උපදෙස් ගන්න ගියා නම් ලංකාවේ සියලුම කසාද කෙළවර වෙන්නේ දික්කසාද වලින්. අනේ වාසනාවට මේ රටේ පිරිමි එච්චර මෝඩ නැහැ (නි)

:       0       0

ජෙහාන් Wednesday, 10 February 2016 01:01 AM

මට නම් හිතෙන්නේ පිටබැද්දර ජයාට බවලතුන් සම්බන්ධ මොකද්දෝ කළකිරීමක් තිබෙනවා වාගේ. අපොයි ජයෝ, හැම බවලතාම ඔය එකම මිම්මෙන් මනින්න ගියොත් අපිට නම් පවුල් කෑමක් ගැන හිතන්න බැහැ. (නි)

:       0       0

මලික් Wednesday, 10 February 2016 01:10 AM

වෙලාවකට හිනා යනවා. ජයාට බවලතුන් පටලවා ගන්නේ නැතුව දොට්ට පිලටවත් යන්න බැහැ වගේ. (නි)

:       0       0

දුල්මි Wednesday, 10 February 2016 01:22 AM

ඉඩකඩම් අවුල් ගැන සාකච්ඡා කරන්න සුදුසු නුවණැති සැමියන්ද ඇත. නිතරම ගෙදර නෝනාගේ වැරදි දකින මහත්වරුන්ට ඕනෑ දෙයක් කරගෙන අමාරුවේ වැටෙන්න කියා නිහඬවීම යහපති. (නි)

:       0       0

වික්‍රම Monday, 08 February 2016 08:41 AM

කටගැස්ම දීසි දෙක තුනක් එක්ක මද පමනට අනුමත වෙලා සිංදුවක් දෙකක් කිව්වම අපිට ඕනම ප්‍රශ්නයක් විසදගෙන හිත සැහැල්ලු කරගන්න පුලුවන්.නැද්ද ජයා? (අ)

:       0       0

ජනහිත Thursday, 11 February 2016 12:49 AM

ඔය අනුන්ගේ ඉඩම් වල මායිම් බලන්න යනවට වැඩිය හොඳයි තමන්ගේ වැඩක් බලගත්තහම. පේනවනේ එක එක්කෙනා ලියන ඒවා. (නි)

:       0       0

සමන්ති Tuesday, 09 February 2016 12:03 AM

ඉඩම් කට්ටිය මාරුකර ගත්තහම ඉවරයිනේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 February 2016 09:01 AM

ප්‍රශ්න , ගැටළු , පැටලවිලි , අභියෝග මේ ඔක්කොම මිනිසුන් අපට වන අපටමයි නේද ? ඒ නිසා මේ මහත්තුරු දෙන්න තුන්දෙනාම බොහොම බුද්දීමත්ව වැඩ කරන බව මේ ලිපියෙන් පේනවා , බොහොම සතුටුයි අහනත් අද කාලේ වෙන දේවල් බැලුවම , කොස් ගෙඩියට පොල් ගෙඩියටත් මරා ගන්න රටේ හොඳ ආදර්ශයක් දීල තියෙන්නේ , හැබැයි මහත්තුරුනේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න වැරදිලාවත් නෝනලා දෙන්නව එහෙම ගාව ගන්න එපා එහෙම වුණොත් වැඩේ පටන් ගත තහනම් ලොප් , එක නෝනා කෙනක් , ඔයානම් හරිම මෝඩ මනුස්සයෙක් බලන්න අපේ ඉඩම හරි හතරැස් පලදාවත් එහෙමයි කියල , අනිත් නෝනා කියාවි ඔයානම් මහා ගොන් බඳින කණුවක් අනේ ඔයාව මොඩය කරලා හොඳම ඉඩම් කෑල්ල ඒ මිනිස්සු ගත්ත කියල , (අ)

:       0       0

ලසිත් Wednesday, 10 February 2016 02:18 AM

පුදුමය කියන්නේ පිටබැද්දරට මේ පත්‍රයේම අන්ධ පෙම්වතාට ඉගෙනගන්න උදව් කරන තරුණ බවලතියගේ පුවත පෙනිලාම නැහැනේ. මේ මනුස්සයාට ගැහැණුන්ගේ වැරදිමනේ පේන්නෙ. (නි)

:       0       0

ජයරත්න Monday, 08 February 2016 09:15 AM

ඒ නම් පිස්සු වැඩක්නේ.(හේ)

:       0       0

රාජා Tuesday, 09 February 2016 01:34 AM

මොකද ජයා ඔච්චරටම ගැහැණු එක්ක තරහා? නරියට මිදි තිත්ත වෙලාද? (නි)

:       0       0

අජිත් Monday, 08 February 2016 02:47 PM

ඇත්තටම අනුන්ගේ ඉඩමක ගේ හදන්න පටන් ගත්තු මිනිහ යවන්න ඕනේ අංගොඩට. (අ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 09 February 2016 02:27 AM

මෙවැනි ප්‍රශ්නයක් ඔබට ඇතිවුණොත් මිනින්දෝරු මහතෙකුගේ සේවය ලබාගන්න. (නි)

:       0       0

චතුරි Monday, 08 February 2016 03:00 PM

කියන්න වදන් නැහැ හැගුම් සිතේ ගුලිවෙලා ,,,(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 320 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 627 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 304 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 807 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 891 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 699 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 840 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site