”ඩොක්ටර් මගේ මේ දකුණු ඇහැ කැවෙනවා. කඳුළුත් ගලනවා, ඇහැ ඇරගෙන ඉන්න බෑ” යැයි ඇසක රෝගී තත්ත්වයක් හටගත් අයකු නගරයේ වෛද්‍යවරයකු මුණ ගැසී පැවැසීය.
”කෝ බලන්න” යනුවෙන් පැවැසූ වෛද්‍යවරයා එම ඇස පරීක්ෂා කළේය. ”ගොඩක් කල් ඉඳලා තිබිච්ච රෝගයක්ද?” වෛද්‍යවරයාගෙන් ප‍්‍රශ්නයක් මතුවිය.
”ඔව් ඩොක්ටර් ඇස් වාට්ටුවෙනුත් බෙහෙත් ගත්තා. ඒත් ගමනින් ගමන මතුවෙනවා.”
”මම ඇහැට දාන්න බෙහෙතක් දෙන්නම් දිනකට එක් වතාවක් එක බිංදුවක් පමණක් ඇහැට දමාගන්න” යැයි පැවැසූ වෛද්‍යවරයා එම බෙහෙත ගැනීම සඳහා තුණ්ඩුවක් දුන්නේ එය ෆාමසියෙන් ලබාගත යුතු බව පවසමිනි.
රෝගියා එය රැුගෙන නගරයේ සුපිරි ෆාමසියකට ගොඩවී එම බෙහෙත ලබාගෙන ආපසු නිවසට පැමිණ තම බිරිය අමතා මෙසේ කීය.
”මෙන්න මේකෙන් හරියටම එක බිංදුවක් මේ ඇහැට දානවා” මෙය අසා එම බිරිය තම ස්වාමියාගේ රෝගී ඇහැට බෙහෙත් කුප්පියෙන් හරියටම එක බිංදුවක් දැම්මාය. රෝගියාට දෙවියන් සිහිවිය. ඇස් දෙකම තදින්ම පියාගෙන අත් දෙකෙන් ඔළුව බදාගෙන කෑ ගසන්නට විය.
”යකෝ වතුර එකක් රැුගෙන වරෙන්” යැයි කෑ මොර ගැසීය.
වහා බිරිය දුවගොස් ඇල්වතුර වීදුරුවක් රැගෙන පැමිණියාය.
”යකෝ ඇස් දෙකම දැවිල්ලයි වතුර ඉල්ලූවේ ඇස් දෙක හෝදගන්න. නැවතත් ඇය වතුර බේසමක් ගෙනත් දුන්විට හොඳින් ඇස සෝදාගත් පසු වේදනාව මදක් අඩුවිය. අදනම් ඕයි මේ බෙහෙතට මොකක් හරි වෙලා. මේකත් අරන් මම යනවා ඩොක්ටර් ගාවට යනුවෙන් පවසා ආපසු ගොස් එම වෛද්‍යවරයා හමුවී ඔහු ලබාදුන් තුණ්ඩුව හා ෆාමසියෙන් ලබාගත් බෙහෙත පෙන්විය.
මෙය දුටු වෛද්‍යවරයා වහාම සිය අසුනෙන් නැගිට එම රෝගියාද රැගෙන ඊට ආසන්නයේ ඇති එම බෙහෙත ලබාගත් ෆාමසියට ගොඩවුණේ එහි සේවය කරන අයට දෙහි කපමිනි. ”ඔහේල හැදුවේ මේ මනුස්සයගේ ඇහැ කණ කරන්නද? මේ කනට දාන බෙහෙතක්නේ දීලා තියෙන්නේ” යැයි පවසා ඔවුනට අවවාදකොට නියම බෙහෙත තමන්ම තෝරාගෙන එම ෆාමසියෙන් පිටව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් මල්ලි ,නිලූ නංගි, එඩිතරකමට ස්තුතියි.ඇත්ත කතාකරන්න මම බය නැහැ (නි)
දිසා අයියේ, කනේ ප්‍රශ්නයක් නිසා නේද කන ඇහෙන්නේ නැතුව හිටියේ. දැන් වැරදි බේත වුණත් ඒ ගැටළුව විසදිලා යන්න ඇති. (නි)
හැබෑවටම කකියනවාට වැඩිය දරාගන්න නොහැකි කට කහනකොටයි.. (නි)
තිලක්,අනේ අපිටත් දැනගන්න කියලා දෙන්නකෝ. මටත් හරියට අධික රුධිර පීඩනය (නි)
ක්‍රිස්, අපේ දේශය රැක ගන්න. වරද දුටුවිට අර අපේ ජාතික වීරවරු වගේ රට ජාතිය වෙනුවෙන් නැගී හිටින්න ඕනෑ.මමත් පිටරටක හිටියට මගේ උපන් රටට වර්ෂයකට වතාවක් යනවා.ඒත් නැවත එනකම් මර බයේ තමයි දරුවෝ, ස්වාමියා සහ මම කල්ගෙවන්නේ. අපේ දේශයේ මිනිස් සිතුවිලි පහන් වේවා ...!! ක්‍රිස්ට සත්‍යය වැටහේවා!! (නි)
ක්‍රිස් ,ඉන්නේ යුරෝපයේ කිව්වේ........කොහෙද ? ලංකාවේ නවතින්නම යන්නේ වීසා එක ඉවර වෙලාද? යුරෝපය එපා වෙලාද? (නදී)
සලාම් අබ්දුල් අයියා,ආදරයටයි කියන්නේ.. මෙතන දෙන බේත් බිව්වොත් රුධිර පීඩනය විතරක් නෙමෙයි තියෙන රුධිරයත් නැති වෙනවා.. (නි)
උපන් බිමට කිසිදා ගරහන්න එපා ..දෙමාපියන් අමතක කරලන්න එපා ...සෙවන දුන්ගසේ අතු සිදලන්න එපා ...ගස සිදුවා හිස සිදවා ගන්න එපා ...(අ)
පහන්, ඔබ ඉන්නේ කැනඩාවේ වගේ (නදී)
දිසා අයියේ, ඒවා තියාගන්න. ලස්සනයි. (නි)
පහන් මල්ලි, ඔයා දන්නවද, සමදරා කියන්නේ කව්ද කියලා? (නි)
රූපවති අක්කාගේ කතාවට මමත් එකගයි (නි)
දිසා අයියේ, මම සාමාන්‍යයෙන් කනත්තට යන්නේ රෑ 12ට. ඔයා මේ ඉරිදට එනවද? (නි)
සරත් , සතුටුයි ඔබේ ඇත්ත කතා කිරීමට (නි)
හැබැයි මටයි වයිෆ්ටයි දෙන්නටම ඔහොමවුනා.දුව පොඩිකාලේ ඩොක්ටර් ගාවට එක්කගියම ඩොක්ටර් කිව්වා ඩ්‍රොප් එක එක කනට දාන්න කියල.ආයිත් දවස් දෙකකින් ඩොක්ටර් ගාවට ගියහම කියනවා එය කිව්වේ නහයට දාන්න කියලලු.බෙහෙතේ ගහලත් තිබ්බ නහයට සහ කන්වලට දෙකටම සුදුසුයි කියල.සමහර වෛද්‍යවරුනුත් රෝගියාට හරියට පැහැදිලි කරන්නේ නැහැ. (අ)
රන්ජනී වට්ටියේ මොනවද තියෙන්නේ. ගහන්න ගෙනා පොල්ද? එතකොට "එක්ක ජිවත් වන සැමියන්ට" පොල් ලෙලිද? සැමි අයිය අන්තිමටම පව් අනේ. (නදී)
චමින්ද... අපේ ක්‍රිස් ඉන්නේ? ඉතාලියේ ...? ලංකාවට යනවා පදිංචියට ...?(නදී)
රූපා නංගි/දුවේ, ඔයා කැමති ඕනෑ දෙයක් ලියන්න. අපේ පුංචි රටට ගරහන දේවල් නම් ලියන්න දෙන්නේ නැහැ (නි)
නැහැ රූපා අක්කේ, මේකයි. මමත් ලෝකයේ රටවල් 10කට විතර ගිහිල්ලා තිබෙනවා. ඒ හැම රටකම අය අපිට හිනාවෙන්න බලාගෙන ඉන්නේ. ලෝකයේ බලවත් රටවල් අපිව කොන් කරලා.මම දැන් ඉන්න රටෙත් අපි මොන උගත්කමකින් උසස් රැකියාවක් කළත් පළවෙනි පන්තියේ පුරවැසියෙක් ලෙස නොසළකන අවස්ථා තිබෙනවා.එහෙම එකේ කවුරුහරි ලංකාවට බනිනකොට මට තරහා යනවා (නි)
චමත් මිලානෝ ,ඔයා ඉන්නේ ඉතාලියේ මම ඉන්නේ ලංකාවේ .ඔබ වෙනදාට අදහස් පල කරනවිට " චමත් මිලානෝ " කියල සදහන් කරනවා. නමුත් මේ පිටුවේ ඔබ පිටිගල මිලානෝ ගැන සදහනක් කර තිබෙනවා ඔබගේ "මිලානෝ " කෑල්ල නැතුව . ඉතින් මෙය කියවන පාටකයන් සමහරවිට වැරදි වැටහීමක් මා කෙරෙහි ඇති කරගනීදෝ කියන සැකය මා හට ඇති වෙනවා. එම නිසා කරුණාවෙන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ, අදහස් පලකරන විට ඔබගේ "මිලානෝ" කොටසත් ඇතුලත් කර අදහස් පල කරන ලෙසයි.(නදී)
ෂෙරීෆ් ...ඔයාගේ කතාව ලස්සනයි මම උදේම හිනා උනා ..තැන්ක්ස් ..තවත් කතාවක් ලියන්නකෝ ..?(දිල්)
දිසා මාමේ ..මේ සමදරා ..? ඇත්තටම ගිය ආත්මේ මගේ නන්දම්මවත්ද ..? හුලුවත්තකුත් අරන් මගේ පිටි පස්සෙන් එලවනවා ...? (අ)
චන්දි, ඔයාගේ ලේ මනුස්ස ලේ නෙමෙයිද? (නි)
ශ්රී ලංකාව ගෙන සන්තෝසයි (අ)
මලිති ..? අපේ රටේ ඇත්ත තත්වය ගැන කීවාම එක රටට් ගැරහීමක් වෙන්නේ කොහොමද අනේ ..ඇත්ත කතා කරන කෙනාට සලකන්නේ අද රටට වින කටින කෙනා විදියටයි ...? ඒ කනි අපේ රටේ වරදක් කල කෙනාට ඒ වරද පෙන්නපුවම.. වරද පෙන් ඌ එකාට.. ?පොල්පිත්තක් අරන් හොදට තඩි බාන්නේ ...? ඇත්ත පෙන්වන්න බැහැ...? (අ)
අම්මෝ! කනත්තට නම් යන්න බැහැ. සමදරා, වෙන පැත්තකට යමුද? (නි)
මෙතන දිසාලා ගොඩයි. මම කැනඩාවේ දිසා. (නි)
සුභ උදෑසනක් සැමටම! හුඟ දවසකින් දෙයියෝ සාක්කි කියවන්න බැරි වුණා. අපේ බිත්තර නානාගේ මිත්‍රයා ජයදරාට තිබුනා සනීප නොවෙන ඇස් අමාරුවක්, අපේ රටේ දොස්තරලාගෙන් බෙහෙත් ගත්තට නිට්ටාවට සුවයක් නොලැබුණු නිසා නානා යෝජනා කළා ඉන්දියාවේ රෝහලකට යන්න, දවසක් දෙන්නම ඉන්දියාවට යන්න ගුවන් යානයට ගොඩවුණා. එම යානය මහල් දෙකකින් සමන්විතයි. දෙදෙනාම යානයේ උඩුමහලේ ආසනවල වාඩිවුණා. නමුත් නානා හා ජයදරා ගුවන් ටිකට් ලබාගෙන තිබුනේ පහත මහලයේ ගමන් කිරීමටයි. ටික වෙලාවකින් එහි පැමිණි ගුවන් සේවිකාවක් කියා සිටියේ දෙදෙනාට පහත මහලයේ ආසන වලට යන ලෙස කරුණු පැහැදිලි කරමින්ය. නානා හා ජයදරා කියාසිටියේ අපිට ගුවන් යානයේ ඕනෑම තැනක වාඩිවීමේ අයිතිය ඇතිබවයි. මේ වනවිට එම ආසන දෙක හිමි මගින් දෙදෙනාද ඒ අසළට පැමිණ සිටියා. අවසානයේදි මෙම ප්‍රශ්නය ගුවන් නියමුවාට යොමු කළා. එහි පැමිණි නියමුවා නානාට හා ජයදරාට යමක් කනට කොඳුරා කියූ සැනින් දෙදෙනාම ඔහුන්ගේ ගමන් මලු රැගෙන පහත මහලයේ ආසනවලට ගොස් වාඩිුවණා. පසුව ගුවන් සේවිකාව නියමුවාගෙන් අසා සිටියේ සර් අර දෙන්නට මොනවද කිවුවේ යනුවෙනි. ගුවන් නියමුවාගේ පිළිතුර වුයේ..., ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇති බැවින් පැය අටක ප්‍රමාදක් නිසා යානයේ උඩු මහල ගුවන් ගත නොවන බවයි. (නි)
පද්මිනීගේ කතා නම් හරිම රසවත්..ඒ උනාට ලංකාදීපේ තාම කතා කියන්නවත් අපට අහන්නවත් තාක්ෂනය යොදලා නැහැ. ඔයාට ඇහෙනවද මම මේ ලියනේවා.පිස්සු හැදෙන සඳ බේබි කිව්වලු?(නදී)
වෙළුම් පටිවලින් අත් කකුල් වෙලාගෙන එල්ලාගෙන රෝහල් වාට්ටුවක ප්‍රතිකාර ගන්න දෙන්නෙක් තමන්ට සිදු වූ අකරතැබ්බය එකිනෙකාට විස්තර කරලා. එක් කෙනෙක් කැමරාවකුත් බෙල්ලේ එල්ලාගෙන අත ඇති ෆොටෝ බලමින් බස් එකක යද්දී ගැස්සිලා පොටෝ එකක් බිමට වැටිලා කාන්තාවකගේ පයට පෑගී තියෙන විට කියලා තිබෙනවා එ්ක ගන්න කකුල පොඩ්ඩක් උස්සන්න කියලා, මේ මුකුත් නොදන්නා ඇය අහලා මොකෝ කකුල උස්සන්න කියන්නේ කියලා, ෆොටෝ එකක් ගන්න කියලා කියද්දී , වටේ හිටිය ඔක්කොමත් එක්ක හොදටම ගහලා අඩු කැඩෙන්නම. අනිත් යාලුවගෙනුත් අහලා උඹට මොකද වුණේ කියලා. ඒ කතාව පස්සේ කියන්නම්. (නි)
සමදරාමලු හිල් බෝට්ටු කොම්පැනියේ ලොක්කා. නගින්න පදින්න කව්රුවත් පන ඇති අය එන්නේ නැහැ.(නදී)
ලෙඩාට වන්දියක් අරගෙන දෙන්නට බැරිද දොස්තර මහත්තොයෝ (දිල්)
ගහනවා මම පොල් - කන්නේ අනේ රට දෙල් - ඇනුවොත් කළු දොදොල් - අනේ අම්මප පිපෙයි තරු මල්...(නදී)
අනේ රූපා සමාවෙන්න වැරදියට ඔබ ගැන හිතුවාට. දැන් මට පැහැදිලියි ඔබේ අදහස සහ චේතනාව (නි)
පහන්, ඔබ කියනවා වගේ විදේශ වලදී අපට ප්‍රමුඛ තැන නොලැබෙන අවස්ථා එමටයි. විශේෂයෙන් ගුවන් තොටුපොළවල් වලදී. ඒ අමිහිරි දේ මම අත්විද තිබෙනවා. එහෙත් අපේ රටට ආ විට "සුද්දෝ එක - අපි දෙක". හා බොරුද? (නි)
අලි වැටෙන් එහාටම දමලා...අම්බලන්ගොඩින් එහා මාතර හරියේද? මට බෑ ඔයත් එක්ක පෙළපාලි යන්න .ඔනී...එපා ..(දිල්)
හුඟ කාලෙකින් අද උදෙන්ම නැගිටින්න වාසනාව ලැබුනා, රූපවති අක්කාගෙයි, සරත් අයියාගෙයි විශේෂ ඉල්ලීම අනුව කතාවේ ඉතුරු ටික දැන් මම ලියන්නෙමි. බිත්තර නානායි ජයදරායි ඔහුන්ට හිමි ආසනවල වාඩිවී ආසන පටි තදකර ගත්තේ ගුවන් සේවිකාවන්ගේ ඉල්ලීම පරිදිය. යානය ගුවන් ගතවී විනාඩි දහයකින් පමණ ගුවන් සේවිකාවන් යානයේ ගමන් කරන මගීන්ට ආහාර සැපයීමට සමත්විය, නානා හා ජයදරා අසලට ආ සේවිකාවක් ඔයාලට මොනවද කන්න ඕනෑ? චිකන් බුරියානිද, ස්පැකටිද යනුවෙන් ඇසුවාය. දෙදෙනාම කෑම ප්‍රතික්ෂේප කළහ. නැවතත් ඔහුන් අසලට පැමිණි සේවිකාවක් කෝපි, තේ, සිසිල් බීම ඕනෑද? පෙර පරිදි නානා හා ජයදරා ප්‍රතික්ෂේප කළහ. යානය නියමිත ගුවන් තොටුපලට ළඟාවිය. නානා හා ජයදරා අසල සිටි මගියෙක් නනාගෙන් මෙසේ ඇසිය. ඇයි ඔයාලා දෙන්නා ගුවන් යානයේදී ලබාදුන් ආහාර ප්‍රතික්ෂේප කළේ? නානා මෙසේ පිළිතුරු දුන්නේය. අනේ මහත්තයෝ, අද කාලේ අපේ රටේ හෝටලේකින් කන්න දෙදෙනෙකුට අඩුම ගානේ රුපියල් පන්සියක්වත් ඕනෑ. ගුවන් යානේදී අපි කෑම කාලා යානෙන් බහිනකොට බිල දුන්නොත් අපි කොහොමද ඔච්චර ලොකු බිලක් ගෙවන්නේ යනුවෙන් පිළිතුරු දුන්නේය (නි)
උපන් බිමට මව සේ ආදරේ මම ...නැහැ පහනෝ බොරුවට කත් ඇද්දේ මම... ලොව කොහෙ උනත් මගේ රට ගැන හොයන මම....සිංහල ලේ කකියනවා මට ඔහොම කීවා ම ..!! (දිල්)
ධම්මිකා, ඔයාගේ අක්කට කවදාවත් වරදින්නේ නැහැ. සමාජයේ උඩටම එයි (නි)
ලංකාවේ ෆාමසිස්ට් ලා හිඟයක් තිබේ. එබැවින් හැම ෆාමසියකම සුදුසුකම් ලත් ෆාමසිස්ට් කෙනෙක් නැත. මේ නිසා ලියා පදිංචි නොකළ අනවසර ෆාමසි බොහෝ තිබේ. ලියාපදිංචි කල ඒවායේද හැම එකේම ෆාමසිස්ට් කෙනෙක් නැත. එක සුදුසුකම් ලත් ෆාමසිස්ට් කෙනෙක් ගේ නම ෆාමසි කිහිපයකම යොදා ගෙන ලියාපදිංචිය ගන්නවා. ඉතින් මෙහෙම වෙන එක ගැන පුදුම විය යුතු නෑ. (ස)
අනේ වන්නි තිලක්,මොනවද මේ අහන්නේ?කෙනෙක් දිහා බලන්නේ ඔහොමද?මමත් මනුස්ස දුවක් තමයි (නි)
ඔයගොල්ලෝ ඔක්කොමල වැරදි පෙන්නුවා මිසක් ඒ වෛද්‍යවරයා කරපු උසස් සේවය අගය කලේ නැහැනේ. සල්ලි වලටම යටවුනු බොහොම වෛද්‍ය වරු ඉන්න රටේ ඒ බෙහෙත වැරදියි කියල පෙන්වන්න ලෙඩා ෆර්මසි එකට වෙන කෙනෙක් නම් යනවද? වෙදදුරාණනි ඔබගේ සේවයට පින්! හැකි කමක් තිබේ නම් මෙවන් ෆාර්මසි ගැන තින්දුවක් ගන්න. (නදී)
අනිත් යාලුවා දුර පළාතක නිවසක් සොයා යද්දී නොදැනීම රෑ බෝවිය. ආපසු යන්නත් බස් නැතිහෙයින් කොහේ හෝ රාත්‍රිය ගත කරන්නට සිදු වෙලා. කවුරුත් මේ ආගන්තුකයාට පිහිට වුණේ නැහැ. කෙනෙකුගෙන් උපදෙසක් ලැබුනේ වැඩිවියට පත් කෙල්ලක් නොසිටින ගෙයක් සොයා බලා නවාතැන් ඉල්ලුවොත් පහසු වෙන බවයි. නිවසකට ගොස් වැඩිවියට පත් කෙල්ලක් ඉන්නවාදැයි ඇසීය. ඇයි ඒ මොකෝ එහෙම අහන්නේ යි ඇසු විට දවසක් නිදා ගන්න කියනවාත් සමග ගුටි පුජාවකින් සංග්‍රහ ලබලා අනිත් ඇදේ දැන්. (නි)
මේ වෛද්‍ය වරයා නොසිටියා නම් ලෙඩට දෙයියෝ සාක්කිම තමයි.!(නදී)
දිසා අයියේ මාවත් ගන්නකො කැනඩාවට.... (ස)
පෙත්තා වැඩ කාරයා.... නාකි ඉළන්දාරියා.... (ස)
ෂෙරිෆ්, ඔබේ කතාව හරිම ශෝක් (නි)
දැන් ලංකාවේ ගොඩක් තැන්වල හොර පාමසි තියෙන්නේ ඒවා නැති කරන්න ඕනේ මුලින්ම එහෙම කෙරුවොත් අනාගතේදී ඔහොම දේවල් අහන්න ලැබෙන්නේ නැති වෙයි(දිල්)
අනේ මාමේ, ඔයාගේ නැන්දා හමුවුණේ ඔය ගමනේදී නේද? (නි)
කටා මාමා,ඔයාගේ කතා දෙකම කාලෝචිතයි.මාව හිනැස්සුවා උදේම. ඔයාට ස්තූතියි (නි)
රුපා සමව දීම දේව ගතියක් දැන් ඔබ දෙවියෝ වෙලා මට සමව දෙනවද ?? (දිල්)
අනේ ..අසෝක ..අපි මේ දුවනවා ...අපිට දොස්තරට ඉස්තුති . කරන්න වෙලාව නැහැ ..සොරි ..?මේ කස්ටිය අපි පිටිපස්සේ එලවනවා වැරැද්ද පෙන්නුවා කියල අපිට තඩි බාන්නද කොහේදෝ ...?දොස්තරට දෙවියන්ගේම පිහිටයි ...ඔහුගේ සේවය උතුම් ..!! (අ)
ෂෙරිෆ් ගොඩක් ස්තුතිය් අපිව හිනැස්සුවට (අ)
ආයුබෝවන් "ලංකාවට බනිනකොට මට තරහා යනවා" නෙවෙයි අනේ තරහ එනවා. (දිල්)
වනක්කම් අයියා. මගේ දේශය(ශ්‍රී ලංකා ) මගේ ජාතිය(සිංහල ) මගේ ආගම(බෞද්ධ ). මට ලබාදුන් ත්‍යාගයයි. ඡන්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්.(නදී)
රූපවතී අක්කේ, ඔයා අන්තිමට (රූපවති 2013-10-12 17:02:37) කියපු කතාව නම් කටේ මසුරන් දාන්න වටිනවා. දැන් ලංකාවට වෙලා තියෙන ඇත්ත තත්වය ඕක තමයි. වැරැද්ද වැරැද්ද කියලා පෙන්නපු ගමන් ඌට ගහනවා දේශදෝභී කියලා ලේබලයක්.(නදී)
සැලෙන්න එපා රන්ජනී. ඔබේ අදහසට සමීප සිතිවිලි මටත් හිතෙනවා. (නි)
සමදරා ඇන්ටි ..? ඔයාටත් හිතෙන දේවල් නේද ? අපේ දිසානායකට ඔයා අයියේ කියන්න ඔයාට මුණු පුරාලගේත් මුනුපුරෝ ඇති, අපේ දිසගේ වයසේ...? කෙල්ලක් වෙන්න හදන්න එපා සමදරා මාමේ ...? (නදී)
ෂෙරිෆ් , නියමයි.ලේ ටිකක් පිරිසිදු වුණා. ලියන්න, ලියන්න. දිගටම ලියන්න. (නි)
පොඩ්ඩක් ඉන්න රූපක්කේ ,..!! මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා . අර ඔයාගේ විභාගේ ඉවරයිද ..!!ප්‍රතිපල කොහොමද ..!!සතුටු දායකද..? (නදී)
පිපෙනා මලකට, ගලනා දොලකට, දැනෙනා මුදු ගුණ, නොදැනෙන මිනිසුනි, කොයි ලොව යන්නේ මරණින් පස්සේ. පින් පව් එනවා... අපි පසුපස්සේ... (නි)
කැනඩා දිසා වුණාට ඔය ලෝකල් දිසා මම ඔරගිනල් දිසා දැන් හරි නේද අහගත්තා(අ)
ලංකාවේ කිසිම කෙනෙක් ලංකාවට බනින්නේ නැහැ. ඇත්තටම අපේ රට ලෝකයෙන් උතුම් රටක්. රටේ සම්පතුත් ප්‍රතිරූපයයත්,නමත්, රටත් කන හොරුන්ටයි මේ හැමදෙනාම බනින්නේ.එතකොටබලන කෙනාට පෙනෙන්නේ ලංකාවට බනිනවා වගෙයි. මමත් ලංකාවට ආදරෙයි. ලංකාවට යන්න ආසයි. (නි)
අපේ චන්දි කෙල්ලටනම් මගේ පාළුව දැනෙනවා මම දන්නවා එයා හිත හොද කෙනෙක් බව (අ)
අනේ ඔව්, කකියනවා නේන්නම්? (නි)
චන්දි විභාගේ ඉවරයි.රුපගේ විභාග පරික්ෂක වරයා වහ බිල, ලියල තියෙන අණ්ඩර තේරුම් ගන්ට බැරිව..ප්‍රතිපල ප්‍රමාදයි..විභාග කැන්සල්ලු. (අ)
නිකන්ම "ඩ්‍රොප්" වෙනවා වගේ.. (නි)
ගත්තු බෙහෙත් දොස්තර මහතාට පෙන්වන්න පුළුවන් නම් හොඳයි. ටිකක් ප්‍රයෝගික නම් මදි තමා. (ස)
මේ නානා ඔයාගේ කව්ද මාමේ? ඔයා අහිංසක නානාට පද හදනවා. (නි)
පහන් මල්ලි, ඔයා කිවුවා වගේම තමා මමත් අපේ රට ගැන දුකකින් ඉන්නේ.ඒ ආදරේ නැතුවාට නොවේ.භක්තිය වැඩිකමටයි. (නි)
ස්තුතියි ෂෙරිෆ්, උදේ පාන්දරම මාව හිනැස්සුවාට. ඔබට දිර්ගායුෂ පතමි (නි)
පහන් මඩුගල්ලේ අනේ අපොයි ? (නදී)
කටා මාමේ කිවුවාට ඔය පැණි රස කතා ඔබ ඇරයුම් කරමි සවාරියක් බෝට්ටුවෙන් යන්න (දිල්)
මෙතන වට්ටි අම්මල කීප දෙනෙක් ඉන්නවා මෙලෝ රහක් නැහැ (නදී)
වට්ටි අම්මල එක්ක ජිවත් වන සැමියන්ට දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා!!!(දිල්)
අලි මදිවට කොටිත්...මෙන්නෝ රන්ජනී ඇන්ටිත් හොද්දට පැනල ලුණු නැතිලු..ඇඹුල් නැතිලු..නෙල්ලි නැතිලු...හොදිත් නැතෝ..(නදී)
තමන් කරන රැකියාව කුමක් වුවත් එයට අවංකව සිහිබුද්ධියෙන් යුතුව කළ යුතුයි.ශරීරයේ අනෙක් ස්ථාන වලට වඩා ඇසට පිළියම් කිරීමේදී ප්‍රවේශම් විය යුතුයි (නි)
මේක ගැමි කතාවක්. ඉස්සර කලුවේ කියන ගැමියාට කිරා කියලා පුතෙක් හිටියා. කිරාගේ අම්මා කිව්වා කොලුවා හරියට කෑම කන්නෙත් නැහැ, මාන්දම වගේ, වෙද මහත්තයට පෙන්නලා බෙහෙත් ගෙනෙන්න කියල. කලුවේ කොල්ලත් අරගෙන බෙහෙත් ගන්න ගියා. වෙදමහත්තයා ඇහුවලු ළඟදි විරේක බෙහෙත් දුන්නේ නැද්ද කියලා. කලුවේ කිව්වලු අනේ බුදු වෙද මහත්තයෝ, කොලුවා උපන් හදවිකට බඩයන්න බීල නැහැ කියලා. එහෙනම් ඉස්සරලා විරේක කරලා බලමු කියලා බෙහෙතක් ලිව්වලු. මේ වෙදමහත්තො බෙහෙත් ලියන්නේ කවියෙන්ලු . ඉතින් කවිය මෙහෙමයි. රස පහකින් එක කලඳක් ගන්නේ. මේ ආදී වශයෙන් ලියපු කවියේ තිබුනලු කිරා බරට ජාපාලද ගන්නේ...මදටිය හතරෙන් එකකි බොලන්නේ.... කියලා කලුවා හිතුවලු ජීවිතේටම බීල නැති නිසා ඒ ඔක්කොම කුණු යන්න වෙන්න ඇති කියලා. කිරාගේ බරට සමාන ජාපාල අරන් බේත හදලා පෙව්වලු. දැන් ඔන්න කොලුවට රාමෙට බඩ යනවා. බැරිම තැන කොලුවත් කර තියාගෙන කළුවා දිව්වලු වෙදා ගාවට. වෙදා විස්තරේ අහලා දෙයියෝ සාක්කි කිව්වලු. ඉතින අපේ කට්ටිය මගෙන් අහන්න එපා කොලුවා උස්සාගෙන යනකොට කලුවගේ ඇඟේ මොනවද වැටුනේ කියලා එහෙම. (නි)
ලංකාව හොද නැහැ කියන අයට පුළුවන්නේ ලංකාවට ගිහිල්ල වරදට විරුද්දව සටන් කරන්න ඔන්න රතුපස්වලින්ම පටන්ගන්න පුළුවන් (නදී)
පහන්ගේ රේල් ගේට්ටු කතාව කාටවත් තේරුනේ නැද්ද? (නි)
රූපා අක්කා කියන්න ඕන දෙ මූනටම කියනවා, ඈත්ත තිත්තයිනෙ... අක්ක හිතෙ එකක් තියාගෙන තව එකක් කියන්නෙ නැහැ.... (දිල්)
චන්දී හදවතේ පොඩි කාර්මික දෝෂයක් ඇති බැවින් පැය අටක ඉක්මන්වීමක් ?....(දිල්)
ලන්ඩන් ඉන්න නංගිට පින් අහගන්න... වයස මොටද හොදටම පින් කර ගන්න... පව් වැඩ කරලා තුටු නම් සතුටින් ඉන්න... අක්කට හොරෙන් උණුවතුරෙන් තම්බන්න... (නි)
ඔන්න අපේ ලංකාවේ කෙරුවාව...? පිටරටක එහෙම නම් උසාවිත් දමලා. බෙහෙත් තුණ්ඩුව අතට අරගෙන බෙහෙත තෝරන ටිකටත් කොහේහරි, කාග හරි ඕපාදූපයක් කියවනවා.ඉතින් මෙහෙම දේවල් බලාපොරොත්තු වෙන්න ඕනෑ (නි)
අම්මෝ! මේ මනුස්සයාගේ ඇහැට මොකක් හරි වුණා නම් මොන දෙයියන්ට කියන්නද? මීටපස්සේ කව්රුත් ෆාමසියෙන් බෙහෙත් ගන්නා විට පුළුවන් කෙනෙකුට කියලා හරි බලා ගන්න එක කාටත් ,කොයිදේටත් හොදයි. ෆාමසි වල සේවය කරන අයත් මීට වඩා සැළකිල්ලෙන් වැඩ කරන්න. මනුස්ස ජිවිතත් සමග සෙල්ලම් කරන්න එපා (නි)
රූපවති අක්කේ, ඔයා ගැන මට හරි ආඩම්බරයි. උපන් බිමට ගරු කරන්න. නමුත් වැරැද්ද පෙන්නා දෙන්න ඕනෑ තැනට පෙන්නා දෙන්න. අපේ ගොඩක් අයට ඇත්ත තිත්තයි (නි)
අයියෝ සල්ලි දෙයියෝ සාක්කිම තමයි (දී)
කන් දෙකම පිච්චුන කාන්තාවක් දොස්තර මහතාවෙත පැමිණියේය .මොකද උනේ දොස්තර විමසීය .මම රෙදි මදිනකොට පෝන් එක වැදුණා. උනා වැරදිලා අයන් එක කනේ තියාගත්තනේ.ඉතින් අනිත් කනට මොකද උනේ දොස්තර විමසීය .ඒ හාදය ආයි කතාකලානේ .(දිල්)
ෂෙරිෆ්, කතාව ලස්සනයි. මිට සමාන දෙයක් මට වුණා දැනට කාලයකට ඉහත. එදත් ගුවන් සේවිකාවෝ මගෙන් ඇහුවා කෑමට මොනවද ඕනෑ කියලා. මට මෙලෝ දෙයක් තේරුනේ නැති නිසා "නෝ" කියලා කිවුවා. ටික වෙලාවකින් තව ගුවන් සේවිකාවක් ආයෙත් මොනවදෝ ඇහුවා. ඒත් මම " නෝ" කියලා කිවුවා. අන්තිමේ ගමන අවසන් වෙනකම්ම මට කන්නවත් බොන්නවත් ලැබුනේ නැහැ. වටේ අය දිහා බැලුවම දුකේ බැහැ. මොනවා කරන්නද? මෙය සත්‍ය සිදුවීමක්. (නි)
පහන්, ඔබ හරි. අපේ රටට ගරහන එක සමහර රට ගිය අයගේ විලාසිතාවක්. මමත් අකමැතිම දේ අපේ ලංකාවට අපහාස කරන එකටයි (නි)
රන්ජනී,මේක පොළ නොවෙයි පලා ගන්න (නි)
ඉන්දියාවේ රේල් ගේට්ටු වර්ග දෙකක් ඇත.ඉහළට විවෘත වන ගේට්ටු හා දෙපසට විවෘත වන ගේට්ටු ලෙස.ඔවුන් මේවා නම් කර ඇත්තේ මේල් ගේට්ටු සහ ෆීමේල් ගේට්ටු ලෙසය. මේකත් ඒ වගේ තමයි. ඇහැ මොකෝ? කණ මොකෝ? (නි)
කටාර් රටේ ඉන්නා කටා මාමේ, රශ්මිය නිසයි දෑම්මේ හෙල්මට් ඔලුවේ... උස බිල්ඩිමකයි ඔබ කම්කරුවකු වන්නේ... වැටිලා නොමැරෙන්න වස්තුවනේ මගේ... (නි)
සරත් මල්ලි.. චන්දි නංගි කොයි ...? (නදී)
ඔය වගේ දෙයක් අපේ අක්කටත් වෙලා තියෙනවා අනේ (නදී)
මට ගැහුවේ පැංචිගේ තාත්තයි අයියලා දෙන්නයි. මූණට විදුලි පන්දම ගහගෙන හිටියේ අම්මා. ජනේලයෙන් එබිකම් කරමින් හිටියේ පැංචි.. (නි)
පිපෙනා මල අනේ නිදහසෙ පිපුනාවේ... ගලනා දොල අනේ නිදහසෙ ගැලුවාවේ... මුදු ගුණ අනේ අගයන අය වින්දාවේ... නොදැමුණු එකා අනේ යමයා දුටුවාවේ.... (නි)
මරණින් පස්සේ. පින් පව් එනවා... අපි පසුපස්සේ..... ඊට පෙර පස් ගල්...නැත්නම් ගිනි දැල්... (නි)
එතකොට ඩුප්ලිකේට් හැමතැනම? පපා ඔරිජිනල් ...දෙය්යෝ සාක්කි. (අ)
ලෙඩ්ඩුන්ට බෙහෙත් කරද්දී මීට වඩා සැළකිලිමත් උනොත් හොදයි නේද?(දිල්)
වැඩිය දැගලුවොත් රංජනීටත් වෙන්නේ කනත්හේ මිනි ඔලු ඇහිදින්න තාම ඇහිදිනවා කිවට ඇහිදින්නේ නැහැ ඒ වගේ ඉන්නවා(නදී)
මගේ පියාණන්ට අධි රුධිර පීඩනයට බෙහෙත් ගත්ත. බෙහෙත දෙන කෙනා මි ග්‍රෑම් 500 පෙති දීල. මට එක වරක් දුන්නු ගමන් වැටහුනා බෙහෙත් සැර වැඩියි කියල වහාම ප්‍රතිකාර නවත්වල බෙහෙත් ටිකත් අරන් වෛද්‍යවරයා හමුවීමට ගියා එතුමා ලියා තියෙන්නේ මිලි ග්‍රෑම් 50 ෆාමසියෙන් දුන්නේ 500 වාසනාවට ජීවිතේ බේරුනේ. රුධිර පීඩනය අඩුවීමෙදී පෙන්වන ලක්ෂණ හා ප්‍රථමාධාර දැන සිටි නිසා මම ඉක්මනින් ක්‍රියාත්මක වුනා. මේ රජයේ රෝහලකින් බෙහෙත් අරන්.(අ)
ක්‍රිස් මට මේ නම කියවෙන්නේ කිස් කියලයි...මොකක්ද අනේ මේ වරදට හේතුව ...දන්නවනම් රුපෝ කියල දෙනවද?(නදී)
ඔන්න රූපා පටන් ගත්තා අපේ රටට බණින්න, ළමයෝ, ලෝකයේ සෑම රටකම ඔවැනි දේ වෙනවා (නි)
සමදරා දන්නවා මගේ කනේ මයිල් කියලා (නදී)
දිනක් ඇස් නොපෙනෙන පුද්ගලයෙක් (අන්ධ) ගමනක් යන අතර මඟ දී ඔහු ඉදිරියෙන් පැමිණි ස්වාමින් වහන්සේ නමකගේ ඇගේ හැපෙනවා, අන්ධයා - කොහෙද ඕයි උඩ බලාගෙන යන්නේ? ස්වාමින් වහන්සේ - මම මේ මහන කෙනෙක්........ අන්ධයා - තමුසෙට පිස්සුද ඕයි පාරේ තියාගෙන මහන්න, ඉදිකට්ට එහෙම ඇනුනා නම්.?? (නි)
එහෙම බැලුවහම රන්ජනීලා මෙලෝ වැඩක් නැති මෙලෝ රහක් නැති ..කෙනෙක්නේ ... (අ)
මොකක්ද බට්ටෝ පැය අටක ඉක්මන් වීම ?මට තේරුනේ නැහැ.මං ඉන්න රටට පැය තුනහමාරක් අඩුයි ලංකාවට වඩා (නි)
දිසා ,දිසා, දිසා ,දිසා එන්න දිසා .., කවුරුත් එකතු වෙලා .., අදහස් ලියමු මෙයා.....!!! (ස)
සරත් ඔයා ආවද? අපි හැමතැනම හොයනවා. ඔයාට එදා එහෙම වුණාට අද ඔයා ගොඩක් දියුණුයි නේද? (නි)
කිසිම දැනුමක් නැති මේවගේ හොර පාමසි කාරයෝ රටේ ඕන තරන් ඉන්නවා (දිල්)
එතකොට රුප දන්නවා ශනි .සමදරා කිසිවක් දන්නේ නැහැ .එයාල බබාලා (නදී)
හුග දවසකින් බැලුවේ දෙවිවෝ සාක්කි. අපේ අක්කට ලගින් නෑදෑ වන කෙනෙක් පුතෙක් වෙන්නේ ගොඩක් වයසයි ඒ වගේම හරියට බොනවා එයාට තිබුනලු ඔලුවේ අමාරුවක් ඉතින් අපේ අක්කත් එක්ක කියල අක්ක ඇහුවලු පුතා බෙහෙටක් ගත්තේ නෙද්ද කියල එතාකොට එයා කිව්වලු අනේ නැන්දම්මේ හැමතැනින්ම බෙහෙත් කලා මාස ගානක්ම එත් අඩු උනේ නැ දවසක් මට තරහටම කුස්සියට ගිහින් ගත්ත ලාම්පුටෙල් බෝතලේ ඕන එකක් වෙන්න කියල හොදට ඔලුවට ගාගත්ත හොද උනානේ ආය නම් හැදුනේ නැහැ කිව්වා.(නදී)
හොඳ හා නරක දෙක සෑම රටකම තිබෙනවා. මේ සියල්ල අපි සිතන ආකාරයට සාපේක්ෂයි නේද? එක සමාජයක හොඳයි සම්මත දේ තව සමාජයක නරක යයි සළකනවා වෙන්න පුළුවන්. මේ නිසා අපි වෙන රටවල් දිහා බලලා අපේ රටට ගරහන්න හොඳ නැහැ. වැරදි හඳුනාගෙන අපි අපේ රට හදා ගනිමු. එය අප හැමෝගෙම වගකීමක්. (නි)
පෙරේරා, මට ඔයා ලියන ඒවා ඇහෙනවා විතරක් නෙමෙයි, දැනෙනවා. (නි)
රූපා, අපේ රට හොද නැහැ කියන්න බැහැ සෞඛ්‍ය අංශයෙන්. හැබැයි බාල, කල්ගිය බේත් දෙන බව නම් අහලා තිබෙනවා. මම කවදවත් රට ගිහිල්ලා නැහැ. ඕගොල්ලෝ කියන කතා අහනකොට ආසත් හිතෙනවා. (නි)
දම්මි , ඔයාටත් ලාම්පුතෙල් බෝතලයේ පිහිට ලැබේවා කියා පතමි. (නි)
චන්දි ජීවත් වන රට අනුමාන කළොත් සිංගප්පුරුව හෝ මැලේසියාව විය යුතුයි. එහෙමත් නැත්නම් ඒ අවට රටක් විය යුතුයි. ඒ මොකද දකුණු ආසියානු රටවල වෙලාව ලංකාවට වඩා පැය තුනහමාරක් ඉදිරියෙනුයි සිටිනුයේ. මම නිවැරදිද? (නි)
සමදරාවත් කැනඩාවට ගන්න පුළුවන් ...සම්මුඛ පරික්ෂණයෙන් පාස් වෙන්න ඕනේ ලබන ඉරිදා කනත්තට එන්න. (ස)
ඕක වෛද්‍යවරුන්ගෙත් වරැද්ද. අද එදා වගේ නෙමෙයි. ලංකාවෙත් සියලුම දෙනාටම වගේ ඉංග්‍රීසි භාෂාව කියවීමේ හැකියාව තියෙනවා.එම නිසා බෙහෙත් ගන්න තුන්ඩුව පැහැදිලි අකුරෙන් ලියලා දෙනවනම් රෝගියටත් පුලුවන් බෙහෙතෙ නම තුන්ඩුවෙ නමට ගැලපෙනවද කියලා බලා ගන්න. (ස)
පහන්,මට ඔබ වගේ අපේ රට හොඳයි කියන අය හමුවෙලා තිබෙනවා. හැබැයි ඒ අය නැවත ලංකාවට යන්නේ නැහැ. පිටරටමයි ඉන්නේ. මොකද ඒ? (නි)
රන්ජනී, එතකොට ඔයා මොන අම්මද...? නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ ඔයාටත්.. (නි)
මෙය සුළුකොට තැකිය හැකි දෙයියෝ සාක්කියක් නොවේ. මේ ෆාමසියට විරුද්ධව කටයුතු කළ යුතුය. (නි)
රන්ජනී, ලියන අයට ලියන්න දෙන්න. ඔයා නිකන් මැද්දට පනින්න එපා (නි)
වරද දොස්තරගේ ලියන එක කාටවත් කියවා ගන්න බැහැ.(නදී)
අයියේ, ඔබේ කවියට මම හොඳ කිවුවේ.... එය නොදැණුනේ වැටිලද ඔබ මුලාවේ..... පවු වැඩ නොකරමි ඉන්නා තුරු මෙලොවේ.... වයසක් මොටද නිවනට යන වෙලාවේ....!! (නි)
දිසා මාමත්.. අල්ලසක් ගන්න නේද සැරසෙන්නේ ...?මාමල... මාමල එකතු වෙලා...? (ස)
ඔන්න නෝනයි මහත්තයයි දෙන්නාම හොද බෝට්ටුවක හබල් ගගා ගඟක එහා පැත්තට යනවලු. දෙයියනේ පසුපස හැරිලා බලනකොට නෝනා ගගට වැටිලා ගහගෙන යනවලු. මහත්තයා මෙගොඩට බැහැලා මහා හයියෙන් අඩනවාලු. මහා රෑ උදව්වට කව්රුවත් නැතිලු. මේක දැකපු දෙවියෝ ඇහුවලු මොකද වුණේ කියලා...කතාව අහලා දෙයියන්ට හිත උණුවෙලා ගඟට පැනලා කාන්තාවක් අල්ලාගෙන ආවලු.එයා හරි (රූ) මත්. මෙයාද උඹේ නෝනා කියො ඇහුවලු. මිනිහා කිවුවලු අනේ,මෙයා මගේ නෙමෙයි කියලා. දෙයියෝ නැවතත් වතුරට පැනලා ඒ ගමන ගෙන ආවලු තව කාන්තාවක්. බොහෝම සම්පත් තිබෙනවලු එයාට. මෙයාද නුඹේ නෝනා කියලා ඇහුවලු. මිනිහ කිවුවලු මෙයා මගේ නෙමෙයි කියලා.දෙයියෝ නැවතත් ගිහින් තව එකියක් උස්සාගෙන ආවලු. එකම ප්‍රශ්නය ඇහුවලු. මේකත් මගේ නෙමෙයි කිව්වලු. දෙයියෝ කේන්තියෙන් මහා රෑ වතුරේ තව සැරයක් ගිලිලා තව ගැහැනියෙක් අරගෙන ආවලු. අර මිනිසා ඒ ගෑනි දැක්කම හරි සන්තෝෂයෙන් අනේ මේ මගේ රත්තරන් කියලා නාකි ගැහැනුකෙනා බදා ගත්තලු. දෙයියෝ ඒ පාර කිව්වලු උඹ නම් හරි අවංක සැමියෙක්. එනිසා මේ පහම උඹේ කියලා. මොනවා හරි කරදරයක් වුණොත් මෙතෙනට ඇවිල්ලා මාව මතක් කරපන්කෝ කියලා නොපෙනී ගියාලු. සුමානයක් ගියේ නැතිලු. මේ ගෑනු රණ්ඩු වෙනවා බලාගෙන ඉන්න නොහැකිව මිනිහා දෙයියන්ට කියන්න ගියා. දෙයියෝ ආවාලු.ඒ එන හැම සැරේම එක එක්කෙනා අරගෙන ගියාලු. සති ගානක් ඔහොම ගියාලු. මිනිහා දෙවියන්ට ආයෙමත් කියලා අනේ දෙයියනේ මට උඹේ උදව් එපා. මම ගඟේ පැනලා මැරෙනවා. ඒක සැපයි කියලා ගඟට පැනලා මරුනලු.දැන් ඉතින් මේ ගෑනු පහම බලාගන්නේ දෙයියෝලු.දවසක් දෙවියෝ රෑ එනකොට පොලීසියෙන් පැනලලු.ඒ පාර පටස් ගාලා දෙවියෝ මනුස්ස ලෝකෙන් චුත වුණා වුණාමයි ආයෙත් ආවේ නැතිලු. කාලයක් හිරේ හිටිය ගැහැනු කසාද බැන්දම හිරේ ගියා කියන්නේ ඒකලු.අනේ අපට දෙයියොත් නැහැ...මිනිස්සුත් නැහැ. උණුවතුර විතරයි. (නි)
සමදරා , ඔයා හරි .රූපා හැම දේම දන්නවා වැඩි. (ස)
සරත් ඔබගේ අවංකකමට, මම ඔබට ස්තුතිවන්ත වෙනවා පළමුවෙන්ම. කාලයකට ඉහතදී ගුවන්යානයක් තුල ඔබට සිදුවූ අකරතැබ්බය ඒ අයුරින්ම කියා සිටීම ගැන. ගොඩක් අය තමන්ට සිදුවූ මෙවැනි දේවල් කිසිදා කිසිකෙනෙකුට කියන්නේ නැහැ. මොකද කට්ටිය හිනාවෙන්න බලාගෙන ඉන්න නිසා. ෂෙරිෆ් ගේ කතාව නම් , විහිළුවක් කියලා හොදටම තේරෙනවා. (නි)
ලංකාවේ ඉතා හොඳ වෛද්‍යවරු ඉන්නවා. එසේම අපට හොඳ රජයේ සෞඛ්‍ය පහසුකම් තිබෙනවා. ඉන්දියාව, පකිස්තානය, අරාබි රටවල්, අප්‍රිකාවේ බොහෝ රටවල්, කාම්බෝජය වගේ රටවල හොඳ දක්ෂ වෛද්‍යවරු අඩුයි. ඊට මා සතු උදාහරණ බොහොමයි. (නි)
ඔව් ඔයා වැරදියි චමිත් මල්ලි, මං ඉන්නේ මැදපෙරදිග රටක. කොහේ හිටියත් මම ශ්‍රී ලාංකික සිංහ ලේ තිබෙන උදාර මාතාවක් (නි)
ඉංග්‍රීසි නොදන්නාකම... "අයි ඩ්‍රොප්" සහ "ඉයර් ඩ්‍රොප්" නොදන්නාකම.උගත් කෙනෙක් ඔතන හිටියා නම් ඕක වෙන්නේ නැහැ (නි)
මොනවා උනත් ඔය ෆාමසියේ නම ප්‍රසිද්ධ කරන්න පුලුවන් නම් ඒක ජනතාවට කරන මහඟු සේවයක් කියලයි මම නම් හිතන්නේ ....මොකද නැවත කවුරු උනත් ඒ ෆාමසියෙන් බෙහෙත් ගද්දි කල්පනාකාරී වෙයිනෙ එතකොට ......අඩුතරමේ ෆාමසියෙන් ගත් බෙහෙත වෛද්‍යවරයාට පෙන්නලා නියම බෙහෙතද කියල සහ සුද්දෙන්ම දැනගන්න හරි උනන්න්දු වෙයි. (ස)
පහන්ගේ නෝනා රෙදි මැදපු කතාව නම් ලස්සනයි. (ස)
සදුන්, මම ඔයා කියන වර්ගයේ කෙනෙක් නෙමෙයි.අනිත් අය ගැන මම දන්නේ නැහැ (නි)
කෝ අපේ පිටිගල මිලානෝ, නිවාඩුද? (නි)
රන්ජනී,පොඩ්ඩක් හිතලා බලලා ලියන්නකෝ නෝනා. (නි)
ආදරණීය ෂෙරිෆ් !! මුස්ලිම් ශ්‍රී ලාංකිකයන්ට අපි නානා කියා කියනවා. තම්බි කියලත් කියනවා. මම හිතනවා තම්බි කියන්නේ දෙමල වචනයක්.නානා කියන වචනයේ තේරුම (ඔරිජින් ) එක මොකක්ද? (ස)
ෂෙරීෆ් ..කතාව ලස්සනයි ...බිත්තර නානා කරගෙන තියන තරමක් කරලා තියෙන්නේ ජීවිතේටම අමතක නොවෙන වැඩමයි ...?(දිල්)
රූපා, අපිත් ඉන්නේ යුරෝපයේ. දැන් අවුරුදු 8ක් වෙනවා. හැම දෙසැම්බර් වලම යනවා ලංකාවට. ලංකාවේ නවතින්නම යනවා මේ පාර. ඔයා යුරෝපයටම වෙලා ඉන්න (නි)
චන්දි නංගියෝ, මේ මාසේ 21 වැනිදාට මෙහි වේලාවෙන් උදේ 9.ට තියෙන්නේ (නි)
සමදරාත්, ශානිත් කියන්න කලින් මට උදේම ඕක මතක් උනා. රූප අක්කා ලංකාවට ගරහනවා වැඩියි. මටත් රටවල් ගණනාවක අත්දැකීම් තියනවා.ඒත් මම ඒ රටවල් මගේ රටත් එක්ක සසඳන්න යන්නේ නැහැ. (ස)
මගේ දේශය(ශ්‍රී ලංකා ) මගේ ජාතිය(සිංහල ) මගේ ආගම(බෞද්ධ )මට ලබාදුන් ත්‍යාගයයි.චන්ද මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් .(දිල්)
ඇත්තටම මම හරිම ආසාවෙන් එසැණට විහිළුවක් හෝ කවියක් හෝ කතාවක් හෝ ,ආදර්ශයක් ලියන්නේ.වගකීමෙන් ... එකක් තමයි මම ආසයි තර්ක වලට හා අතීතයේ කතාන්තර වලට. අනික මම හැමවෙලේම හිතන දෙයක් තමයි මේ තීරයේ ඉන්නේ බුද්ධිමතුන් පිරිසක් කියන එක. හැබැයි මෙතන සිටින සමහරු ගල් යුගයේවත් නොවුණ දේවල් අනුමත කරනවා දුටුවහම නම් පුංචි කලකිරීමක් දැනෙනවා (නි)
මටත් නිකන් කන් කැක්කුම වගේ. මේවා අහල.පහන්, කටා මාමා, ෂෙරිෆ්, ඔයාලගේ කතා නම් හරිම රසවත්. (නදී)
රූපවතී අක්කාගේ කතාව වැරදියි කියන අය පොඩ්ඩක් ගිහිල්ලාම බලන්නකෝ ෆාමසියකට (නි)
යාළුවනේ, මම නම් හිතන්නේ සමහර රටවල නීති රීති සහ ආර්ථික දියුණුව මගින් ජීවන තත්වය යහපත් කර තියෙනවා. හැබැයි හොඳ නරක කොයි රටෙත් තියෙනවා. අපි හොඳ නරක, හරි වැරැද්ද දැකීමට පුරුදුවෙන්න ඕන. තමන්ගේ රටේ වුනත්, අම්ම තාත්තගේ වුණත්, තමන්ගේම වුණත් "වැරැද්ද වැරැද්දම තමයි". හැබැයි ඒක කියන්න ඕනද, කා සමගද, කොයි වෙලාවටද කියලා අපි නුවණින් තේරුම් ගන්න ඕන. අපි අපේ පවුලේ අයගේ වැරදි පවුල ඇතුලෙ කතා කරාට පිට අය එක්ක ඒවා කියන්නේ නෑ නේද??? (අ)
මේ පැංචිව අර මාළු ගෙනියන පකිස් පෙට්ටියක බැදලා අරගෙන ගිහින්, අර අලි වැටෙන් එහාටම දමලා එන්න ඇත්නම් මට ...? (නි)
මම නම් රූපා අක්කා වැරදියි කියලා කියන්නේ නැහැ. පහන්, ලංකාවෙන් පැමිණියාට පස්සේ අපිට ලංකාවේ ලැබූ හැමදේම බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඔය අත්දැකීම් මමත් ලබා තිබෙනවා. එහෙත් අඩුපාඩු තිබුණත් අර රූපා අක්කා කිව්වා වගේ මර බියක් නැතුව අපිට මේ රටවල ඉන්න පුළුවන්. (නි)
රූපවතීගේ අදහසේ මුලින් කොටස අගට දාලා කිව්වා නම් සැර බාල වෙනවා. (නි)
අනේ පව්! රන්ජනිට වට්ටි අම්මා කෙනෙක් වෙන්න හිතිලා වගෙයි (නි)
කියනකොට එහෙමයි,කරනකොට මෙහෙමයි... මේක හරි වැරදියි කියන අය නම් බොහොම සුලබයි...... වරදක් දුටුව විට විසදුමක් හනිකට.... ලබාදෙන්නට ගියවිට...... ජීවිතෙත් අහිමියි සකි මට..... (නි)
ෆාමසි වලට බොරුවට තුණ්ඩු ලියනවට වඩා ගන්න ගානක් අරගෙන තමන්ම බෙහෙත් දුන්නොත් නරකද? (නි)
ඉන්දුට තේරුණා.(දිල්)